Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජංගම දුරකතනයෙන් තිළිණ වූ ආබාධය – සෙල්ෆි එල්බෝ

අද සමාජයේ ජංගම දුරකතනයක් අතේ නැති තරුණ පරපුරේ කෙනෙක් හෝ වැඩිහිටියෙක් දැකිය හැක්කේ කලාතුරකිනි. අතීතයේ ජංගම දුරකතනයේ ප්‍රධාන පහසුකම වූයේ ඇමතුම් ලබාගැනීම හා කෙටි පණිවිඩ යැවීමයි. නමුත් නවීන තාක්ෂණය එක් වී වෙළඳපොළට පැමිණෙන ජංගම දුරකතනකින් කළ හැකි කාර්යයන් බොහොමයක් ඇත. අන්තර්ජාලය භාවිතය හා ඡායාරූප ගැනීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී. පැරණි ජංගම දුරකතනවල කැමරාවක් තිබුණේ දුරකතනයේ පසුපස පමණි. මේ නිසා ඡායාරූප ගැනීමට තවත් අයෙකුගේ උදව් ලබාගත යුතු විය. වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමඟ සෑම ජංගම දුරකතනයකම ඉදිරිපසටද කැමරාවක් ඇති නිසා තමාගේ ඡායාරූප තමාටම ගැනීමේ හැකියාවක් පවතී.

womenshealthmag.com

මෙලෙස ඉදිරිපස කැමරාව භාවිතයෙන් තමා විසින්ම ලබා ගන්නා ඡායාරූප “සෙල්ෆි” නමින් හඳුන්වයි. මෑත කාලයේ සෙල්ෆි නිසා බොහෝ තරුණයින්ට තම ජීවිත අහිමි වූයේ ඡායාරූප ගැනීමේදී අවට සිදුවන දේ පිළිබඳව අවධානයෙන් නොසිටීම නිසයි.

අලුත් ආබාධයක්?

සෙල්ෆි හේතුවෙන් ඇති වන රෝග තත්වයක් වන “සෙල්ෆි එල්බෝ” මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්වී ඇත. මීට වසර ගණනාවකට පෙර තරුණ පරපුර තුළ වැඩියෙන්ම දක්නට හැකි වූයේ පාපැදි හා යතුරුපැදි වලින් වැටීම නිසා සිදුවූ අස්ථි බිඳීම් වැනි ආබාධයි. ඉන් පසු තරුණ පරපුරට මුහුණ දීමට සිදු වූයේ ගොල්ෆ් හා ටෙනිස් නිසා ඇති වූ ගොල්ෆ් එල්බෝ හා ටෙනිස් එල්බෝ ආබාධවලටය.

නමුත් අද වනවිට තරුණ පරපුර මුහුණදී ඇති ප්‍රධාන ගැටළුවක් ලෙස සෙල්ෆි එල්බෝ තත්ත්වය සැලකිය හැක. මෙම ලිපිය තුළින් සෙල්ෆි එල්බෝ තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

රෝගය ඇති වන ආකාරය

spymasterpro.com

සෙල්ෆි එල්බෝ තත්ත්වය ටෙනිස් ක්‍රීඩාව නිසා ඇතිවන “ටෙනිස් එල්බෝ” හා ගොල්ෆ් ක්‍රීඩාව නිසා ඇතිවන “ගොල්ෆ් එල්බෝ” තත්ත්වයන්ට සමාන වේ. තනි අතින් ජංගම දුරකතනය තමා දෙසට එල්ල කරමින් දිගින් දිගටම සෙල්ෆි ඡායාරූප ගැනීමේදී ඒ සඳහා භාවිත කරන අතේ වැලමිට ඉදිමී වේදනාවට පත්වන බව ඇමරිකාවේ නිව්යෝක් විශ්ව විද්‍යාලයේ ලැන්ගුන් වෛද්‍ය මධ්‍යස්ථානයේ පේශි හා කොඳු ඇට පේළිය ආශ්‍රිත ගැටළු පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරයෙකු වන චාර්ල්ස් කිම් ප්‍රකාශ කර ඇත. මෙහිදී වැලමිට සන්ධියේ මාංශ පේශි ඇරඹීමට ලක්වන අතර පසුව මාංශපේශි සෙලවිය නොහැකි තත්වයට පත්වේ. මැණික් කටුව ආශ්‍රිත ක්‍රියාකාරකම්වල යෙදීමේදී මෙම තත්ත්වය තවත් උත්සන්න වේ.

ටෙනිස් එල්බෝවලදී මෙන්ම සෙල්ෆි එල්බෝවලදීත් වෙදැඟිල්ල හා මැදඟිල්ලත්, දබරඟිල්ලත් සම්බන්ධ පේශිය හරහා ආබාධය ඇති වේ. මෙහිදී ඇඟිලිවල ක්‍රියාකාරිත්වයේ විවිධ වෙනස්කම් සිදුවිය හැක.

වැඩියෙන්ම මෙයට ගොදුරු විය හැකි පුද්ගලයින්

sauceink.com

ස්මාට් දුරකතන භාවිත කරන බොහෝ දෙනා මෙම රෝගයට ගොදුරු වේ. වර්තමානයේ ස්මාට් දුරකතන වැඩියෙන්ම භාවිත කරන්නේ තරුණ පරපුර නිසා වැඩියෙන්ම රෝගයට ගොදුරු වන්නේ තරුණ පරම්පරාවයි. වැඩිහිටියන් ස්මාට් දුරකතනයක් භාවිත කළත් එය තමාගේ අතවශ්‍ය කටයුතු සඳහා පමණි. නමුත් තරුණ තරුණියන් බොහෝ දෙනා උදෑසන අවදි වූ වෙලාවේ සිට රාත්‍රී නින්ද දක්වා ජංගම දුරකතනයේ විවිධ ක්‍රියාකාරකම් වල යෙදී සිටි. ජංගම දුරකතනයෙන් ගේම්ස් සෙල්ලම් කිරීම, ඡායාරූප මගින් සංවාද පැවැත්වීම, සෙල්ෆි ගැනීම, කෙටි පණිවිඩ යැවීම වැනි ක්‍රියා දිගු කාලයක් කිරීමේදී එය සෙල්ෆි එල්බෝ රෝගය ඇතිවීමට මග පාදයි.

ප්‍රතිකාර කිරීම

මෙම තත්ත්වය වැලැක්වීම සඳහා මුලින්ම කළ යුත්තේ දුරකතනය භාවිතය අවම කිරීමයි. වර්තමානයේ නවීන තාක්ෂණයත් සමඟ දුරකතනය භාවිතය නවතා දැමීම කළ යුතු යයි ප්‍රකාශ කළහොත් එය විහිලුවක් බවට පත්වේ. ඒ තරමට දුරකතනය අපගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් වී හමාරය. මේ නිසා කළ හැකි වන්නේ එය භාවිතය අවම කිරීම පමණි. ජන මාධ්‍ය, පුවත් පත්, අන්තර්ජාලය තුළින් සෙල්ෆි එල්බෝ රෝගය හා දුරකතනය අනවශ්‍ය ලෙස භාවිතයේ අයහපත් ප්‍රතිඵල ගැන මිනිසුන් දැනුවත් කිරීම කළ හැක. නමුත් මෙම තත්ත්වය දැනටමත් ඇති වී තිබේ නම් ඒ සඳහා වෙනත් ප්‍රතිකර්මවලට යොමු වීම කළ යුතු වේ.

travelandleisure.com

මෙම තත්ත්වයට ප්‍රතිකාර ලෙස බොහෝ දෙනා තාවකාලික සහනය සඳහා වේදනා නාශක ඖෂධ භාවිත කිරීම හෝ අත්වල යට භාහුවේ පේශි තදවන සේ බැන්ඩේජ් කිරීම සිදුකරයි. නමුත් මෙමගින් දිගුකාලින සහනයක් ලබාගත නොහැක. ඔබට දැනටමත් වැලමිට සන්ධිය හා මහපට ඇඟිල්ල ආශ්‍රිත වේදනාවක් ඇත් නම් එක්ස්රේ පරීක්ෂාවකින් ආබාධය හඳුනාගෙන බටහිර හෝ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවිය හැක.

ටෙනිස් එල්බෝ, ගොල්ෆ් එල්බෝ හා සෙල්ෆි එල්බෝ සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන නිසා මෙම තත්ත්වය ඉතා පහසුවෙන් හඳුනාගත හැක. ආයුර්වේදයේ ඇති තෙල් බෙහෙත් හා පත්තු බැඳීම් මගින් ඉක්මන් හා දිගුකාලින සුවයක් ලබාගැනීමට හැකියාව ඇත.

ඇමරිකාවේ නිව්යෝක් විශ්ව විද්‍යාලයේ ලැන්ගුන් වෛද්‍ය මධ්‍යස්ථානයේ පේශි හා කොඳු ඇට පේළිය ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වන චාර්ල්ස් කිම් මහතාට අනුව සෙල්ෆි ගැනීමේදී යෂ්ටියක් සහිත කැමරාවක් භාවිත කිරීමෙන් සෙල්ෆි එල්බෝ රෝගයෙන් මිදීමට හැක.

කවරයේ පින්තුරය : blog.nosesecret.com

මූලාශ්‍ර:

  1. දියණිය පුවත්පත, 05 වන කාණ්ඩය 2  වැනි පත්‍රය, වර්ෂ 2016 නොවැම්බර් මස 9 වැනි බදාදා

Related Articles