Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාභිමාන්‍ය හා මැග්සේසේ යන සම්මාන දෙකම ලද ලාංකිකයෝ

ලංකාව, සිය රටවැසියන්ට සහ සුදුසු විදේශිකයින්ට දේශමාන්‍ය, වීර චූඩාමණී, විද්‍යාජෝති, කලා කීර්ති, ශ්‍රී ලංකා ශික්‌ෂාමණී, විද්‍යානිධි, කලා සූරී, ශ්‍රී ලංකා තිලක, වීර ප්‍රතාප, ශ්‍රී ලංකාභිමාන්‍ය, ශ්‍රී ලංකා රත්න, හා පරම වීරවිභූෂණ ලෙස සම්මානයන් රැසක් ප්‍රදානය කරනවා. ඒවා ප්‍රදානය කරන්නේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් රාජ්‍ය නායකයා වන මෙරට ජනාධිපතිවරයා විසිනි.

ඒ සම්මාන අතරින් ශ්‍රී ලංකා රජය විසින් මෙරට සිවිල් පුරවැසියෙකුට ලබාදෙන ඉහළම සම්මානය වන්නේ ශ්‍රී ලංකාභිමාන්‍ය හෙවත් ශ්‍රී ලංකා අභිමානී සම්මානය යි. 1986 වසරේ සිට මේ දක්වා ප්‍රදානය කරන ශ්‍රී ලංකාවේ ඉහළම සිවිල් ජාතික ගෞරව අභිධානය වන්නේ එය යි.

 

ශ්‍රී ලංකාභිමාන්‍ය දිනාගත් ලාංකිකයන් 

 

රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් මෙම සම්මානය ප්‍රදානය කෙරෙනවා. මෙම ගෞරවාභිධානය සමකාලීනව දැරිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකුට පමණ යි. ඒ කියන්නේ එම සම්මානය ලබා සිටින පස් දෙනෙකු ජීවතුන් අතර සිටී නම්, එම සම්මානය සයවෙනියෙකුට ලබාදිය නොහැකි යි. පුද්ගලයෙකුගේ මරණයෙන් අනතුරුව ද මෙම අභිධානය පිරිනැමිය හැකියි. මෙරට අවසාන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය හිමි වෙන්නේ 2017 වසරේ දී W.D. අමරදේව ශූරීන්ට යි. ඒ වන විටත්, එම කලාකරුවා ජීවතුන් අතර සිටියේ නෑ. 

මෙම සම්මානය ලබා ගත් ශ්‍රී ලංකාවේ ගෞරවනීය පුරවැසින් අට දෙනෙක් සිටිනවා.

රාමෝන් මැග්සේසේ සම්මානය 

මැග්සේසේ (wprt)

ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස හඳුන්වන්නේ රමෝන් මැග්සේසේ සම්මානය යි. එය පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයෙක් වන රමෝන් මැග්සේසේ සිහිවීම පිණිස එම පදනම හා පිලිපීන රජය විසින් ලබාදෙන සම්මානයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්.

මැග්සේසේ සම්මානය ලබාගැනීමට ආසියාතික රටක් නියෝජනය කරන ඕනෑම ජාතිකයෙකුට හැකියාව තිබෙනවා.  ඒ වගේ ම ආසියාවේ සේවය කරන අන්‍ය ජාතිකයන්ට ද මේ සම්මානය හිමිකර ගැනීමට බාධාවක් නෑ.

එය 1957 වසරේ දී ආරම්භ කරන අතර, 1958 සිට මේ වන තුරු වාර්ෂික ව සම්මාන ලබාදීමේ කටයුත්ත සිදුවෙනවා. එය ආසියාවේ විශාලතම සම්මාන උළෙල ලෙස ද හැඳින්විය හැකි යි.

මැග්සේසේ සම්මානය අංශ 5ක් ඔස්සේ ප්‍රදානය කළ අතර, 2008 වසරේ සිට එය ප්‍රදානය කරන්නේ නව අංශ දෙකකට පමණ යි. පැරණි අංශ 5 කමිටුව විසින් නවත්වා තිබෙනවා.

රමෝන් මැග්සේසේ සම්මානය මේ වන විට ලංකාවේ 10 දෙනෙකුට හිමි වී ඇති අතර, ඉන් එක් අයෙක් මෙරට සේවය කළ ප්‍රංශ පුරවැසියෙකු වෙනවා. අනෙක් 9 දෙනා ශ්‍රී ලාංකිකයනුයි.

පිලිපීන රජය මේ සම්මානය දීම ආරම්භ කර තිබෙන්නේ, 1958 එම ප්‍රථම සම්මාන උළෙලේ දී ම ලාංකික කාන්තාවක් විසින් එම සම්මානය ලබා ගන්නවා. ඒ, මේරි රත්නම් නම් වෛද්‍යවරියක්. ලංකාවට අවසන් වතාවට රමෝන් මැග්සේසේ සම්මානයක් හිමි වී තිබෙන්නේ, 2017 වසරේ දී ගෙත්සි ෂන්මුගම් නම් ගුරුවරියට යි.

රාමෝන් මැග්සේසේ සම්මානය හා ශ්‍රී ලංකා අභිමානි

මැග්සේසේ සම්මානය මෙන්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට ලබාගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලංකා අභිමානි යන සම්මාන දෙකම අත්කර ගත් පුද්ගලයන් දෙදෙනෙක් මේ වන විට බිහි වී තිබෙනවා.

ඒ සර්වෝදය ව්‍යාපාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකාවට ඉමහත් සේවයක් කළ A.T. ආරියරත්න හා ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණ වන පණ්ඩිත් W.D. අමරදේව යන ගෞරවණිය පුරවැසියන් යුගලය යි.

පණ්ඩිත් W D අමරදේව ශූරීන් 

පණ්ඩිත් W.D. අමරදේව ශූරීන් (nimwalala)

චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර ආදී විශිෂ්ටයන්ගේ ඇසුර ලබන අමරදේවයන් සිංහල සරල සංගීතය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් කරන්නේ තමන්ගේ භාරතීය රාගධාරී සංගීත දැනුම හා සිංහල සංගීතය පිළිබඳ පෘථුල දැනුමෙන් මෙන්ම විවෘත මනසකින්. හෙළහවුල සහ කුමාරතුංග මුනිදාස වැනි මහා පඬිවරුන් ළඟින් ආශ්‍රය කරමින් සිංහල භාෂාව පිළිබඳව ද ඉහළ දැනුමක් ලබා සිටි අමරදේවයන් 2010 දී පිලිපීන රමෝන් මැග්සේසේ සම්මානය, ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986) සහ 1998 දී දේශමාන්‍ය සම්මානය ඇතුළු ගරු බුහුමන් රැසකට හිමිකම් කියන්නට සමත් වෙනවා.

“හෙළයේ මහා ගාන්ධර්වයා” ලෙසින් කීර්තිනාම ලැබූ, තම විෂයය පරතෙරට උගත්, සිංහල සංගීතය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකළ ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේවයන්ගේ නමට ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය හිමි වෙන්නේ 2017 වසරේ දී යි. එය දැනට ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයක් ලබාදුන් අවසන් අවස්ථාව ලෙස ද සඳහන් කළ හැකි යි. වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඒ සම්මානය පිරිනැමෙන විට අමරදේවයන් මෙලොව හැරගොස් සිටි අතර, ඔහු වෙනුවෙන් ඒ සම්මානය ලබා ගන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ යි.

A. T. ආරියරත්න 

A. T. ආරියරත්න  (News.lk)

ආචාර්ය ඒ. ටී. ආරියරත්න හෙවත් අහංගමගේ ටියුඩර් ආරියරත්න, කොළඹ නාලන්දා විද්‍යාලයයේ හිටපු ගුරුවරයෙක්. වර්තමානයේ සර්වෝදය විධායක අධ්‍යක්ෂක වෛද්‍ය වින්‍ය ආරියරත්න මොහුගේ පුත්‍රයෙක්. 

මෙතුමා 1958 වර්ෂයේ දී කොළඹ නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍යයින් හතළිහක් සහ ගුරුවරුන් දොළසක් සමග ගාල්ල කතලුව ගම්මානයේ කළ ශ්‍රමදාන ව්‍යාපාරයකින් සර්වෝදය ආරම්භ වෙනවා. සර්වෝදය අද වන විට ශ්‍රී ලංකාවේ විශාල බහුජන සංවිධානක් බවට පත් වී තිබෙනවා. පසුගිය අවුරුදු 60 තුළ ගම්මාන 15,000කට අධික ප්‍රමාණයක මෙහි කාර්යයන් ව්‍යාප්තව පවතින අතර, යුද්ධයෙන් විනාශ වූ උතුරේ සහන සංවර්ධන කටයුතුවල ද ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ නියැලී සිටිනවා.

අමරදේවයන්ට අමතරව ඉහත සම්මාන දෙකම ලබාගැනීමට සමත් වූ අනෙක් එකම ලාංකිකයා වන්නේ ඒ.ටී. ආරියරත්න යි.

කවරයේ පින්තූරය- ශ්‍රී ලංකාභිමාන්‍ය දිනාගත් ලාංකිකයන් 8 දෙනා 

මූලාශ්‍රයයන්:

www.sarvodaya.org

www.rmaward.asia

Related Articles