Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනයන් මේවා යි

ශ්‍රී ලංකාව සිය විදේශ විනිමය උපයා ගැනීම සඳහා කෘෂිකාර්මික, කාර්මික, හා ඛණිජ අපනයන භාණ්ඩ වර්ග කිහිපයක් ප්‍රධාන අපනයනික ගමනාන්ත කරා යවනු ලබනවා. මෙවර නිකුත් වූ මහ බැංකු වාර්තාවට අනුව 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ ගොස් ඇති බව අපට නිරීක්ෂණය කළ හැකි යි. 

ඉතින් මේ ලිපිය ලියවෙන්නේ 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන පිළිබඳව හා ප්‍රධාන අපනයනික අන්ත පිළිබඳව යි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ භාණ්ඩ අපනයන 

මෙරට වෙළඳ හිගය වසරින් වසර වෙනස් වී ඇති අන්දම (cbsl)

ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඒ කාර්මික, කෘෂිකාර්මික, හා ඛනිජ අපනයනය ලෙස යි.  2019 වසර සලකන විට 2018 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ ගොස් තිබෙනවා. 2018 වසරේ වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 11 890ක ආදායමක් ලැබෙන අතර 2019 වසරේ දී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 11 940ක් ලෙස සටහන් වෙනවා. 2019 වසරේ දී සම්පූර්ණ වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ යාමට බලපා තිබෙන්නේ කාර්මික නිෂ්පාදන අපනයනයෙන් ලද ආදායම ඉහළ යාම පමණක් වීම විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැකි යි. 2019 වසරේ දී කෘෂිකාර්මික හා ඛනිජ අපනයනයෙන් ලද ආදායම 2018 වසරට සාපේක්ෂව තවත් පහළ ගොස් තිබෙනවා.

පළමුවෙන්ම අප ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික අපනයන බෝග මොනවාදැ යි බලමු. 

2019 වසර සලකන විට මුළු වෙළඳ භාණ්ඩ අපනයන වටිනාකමින්  කෘෂිකාර්මික අපනයන සඳහා හිමිව තිබෙන්නේ 20.6% වැනි කුඩා අගයක්. 

දිගින් දිගටම පහළ යන ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයනය 

 ශ්‍රී ලංකාව කෘෂිකාර්මික අපනයනයෙන් ලබා ගන්නා ආදායම් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා (elpitiya.)

 

2019 වසර සලකන කළ 2018 වසරට සාපේක්ෂව කෘෂිකාර්මික අපනයන වලින් ලද ආදායම තවදුරටත් අඩු වී තිබෙනවා. ඒ අඩුවීම සඳහා වැඩිපුරම බලපා තිබෙන්නේ තේ හා කුළුබඩු අපනයනය පහත යාම යි.

ඇඟලුම් අපනයනය හැරුණුකොට ශ්‍රී ලංකාව වැඩිපුරම ආදායමක් උපයන්නේ කෘෂිකාර්මික අපනයනට අයත් තේවලින්. තේ අපනයනයෙන් ද 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ ලද ආදායම අඩු වී තිබෙනවා. අපනයන කළ තේ පරිමාව ඉහළ අගයක් ගත්තද අපනයන මිල පහළ බැස තිබීම තේ අපනයනයෙන් ලද ආදායම පහත වැටීම සඳහා හේතු වී තිබෙනවා. කෘෂිකාර්මික අංශයෙන් ප්‍රධාන අපනයනය වන තේවලට අමතරව ඊළගට වැඩි වටිනාකමක් ඇති අපනයන බෝගය ලෙස නම් කර තිබෙන්නේ රබර්. පොල්, කුළුබඩු, එළවලු, දුම්කොළ, සුළු කෘෂිකාර්මික බෝග, හා මුහුදු මාළු කෘෂිකාර්මික අපනයන්ගෙන් ඉහළ අපනයන වටිනාකමක් ගෙන දෙන අනෙක් භාණ්ඩ ලෙස පිළිවෙලින් නම් කළ හැකි යි. 

ප්‍රධාන කෘෂිකාර්මික අපනයන ලෙස තේ, රබර්, හා පොල් සැලකීමේ දී 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ වැඩි ආදායමක් උපයා තිබෙන්නේ පොල් අපනයනෙයන් පමණ යි. අනෙක් දෙකෙන්ම 2018 වසරට වඩා අපනයන ආදායම අඩු වී තිබෙනවා.

ඉහළ යන කාර්මික අපනයන 

මෙරට ප්‍රධාන කාර්මික අපනයනය වන්නේ ඇගලුම් ය (globalpressjournal)

2019 වසරේ දී මෙරට අපනයන ආදායමෙන් 78.9%ක ප්‍රතිශතයක අගයක් ගැනීමට කාර්මික අපනයන ක්ෂේත්‍රය සමත් වී තිබෙනවා. 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ දී ශ්‍රී ලංකාව කාර්මික භාණ්ඩ අපනයනය කිරීමෙන් ලද ආදායම ඉහළ ගොස් තිබෙනවා. ලංකාවේ අංක එකේ අපනයන භාණ්ඩය මෙන්ම කාර්මික ක්ෂේත්‍රයේ ඉහළින්ම ඇති අපනයන භාණ්ඩය වන රෙදිපිළි හා ඇඟලුම් අපනයනය 2019 දී ඉතා ඉහළ අගයක් ගැනීම ඒ සඳහා හේතු වී තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රධාන රෙදිපිළි හා ඇගලුම් ගැනුම්කරුවා ලෙස 2019 වසරේ දී ක්‍රියා කර තිබෙන අතර, GSP ප්ලස් බදු සහනය ඔස්සේ යුරෝපා රටවලට ද ඇගලුම් අපනයනය කිරීම තුළින් ඉහළ ආදායමක් උපයාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

රබර් නිෂ්පාදන, ඛනිජ තෙල් නිෂ්පාදන, ආහාරපාන වර්ග හා දුම්කොළ, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ, මැණික් දියමන්ති හා ස්වර්ණාභරණ,සම්භාණ්ඩ වැනි අපනයන පිළිවෙළින් අපනයනයෙන් මෙරටට වැඩිම අදායම් ගෙන එන කාර්මික භාණ්ඩ ලෙස පෙලගැස්විය හැකි යි.

ඉහත ක්ෂේත්‍රයන් දෙකට අමතරව මෙරට අනෙක් අපනයන ඛාණ්ඩය ලෙස ඛනිජ ද්‍රව්‍ය නම් කළ හැකි යි. 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ ඛනිජ ද්‍රව්‍ය අපනයනයෙන් ලද ආදායම ද පහළ ගොස් තිබෙනවා. ලෝපස්, ලෝබර, ටයිටේනියම් අපනයනයෙන් ලද ආදායම ඉහළ ගියත් පාෂාණ හා ගල්වර්ග අපනයනයෙන් ලද ආදායම පහළ අගයක් ගැනීම මේ සදහා හේතු වී තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ අපනයනික ගමනාන්ත 

2019 වසරේ ප්‍රධාන අපනයනික ගමනාන්ත (cbsl)

තනි රටවල් අතින් ගත් කළ ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයනකරුවා ලෙස 2019 වසරේ දී ද සුපුරුදු ලෙසම ක්‍රියා කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. එම වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයට පමණක් දෙවැනි වන මෙරට අපනයන ගමනාන්තය ලෙස ක්‍රියා කරන්නේ එක්සත් රාජධානිය යි. තෙවැනි, සිව්වැනි, හා පස්වැනි අපනයන ගමනාන්තයන් ලෙස පිළිවෙලින් ක්‍රියාකරන්නේ ඉන්දියාව, ජර්මනිය, හා ඉතාලිය යි. 

ඇමෙරිකා එක්සත් ජනපදය වෙත 2019 වසරේ කළ අපනයනයන්වල වටිනාකම 2018 වසරේ අපනයන වටිනාකම ඉක්මවා ගොස් තිබෙනවා. 2019 වසරේ දී මෙරට මුළු ඇගලුම් අපනයනයෙන් 45% ප්‍රතිශතයක් ගමන් කර තිබෙන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයට යි. ඊට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කරන ලද රබර් නිෂ්පාදන, මූල ලෝහ, තේ, ආහාරපාන හා දුම්කොළවලින් ද සැලකිය යුතු ආදායමක් ලැබීමට හැකියාව ලැබී තිබෙනවා. 

Related Articles