බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන්​ ශ්‍රී මහා බෝධිය

මිනිස් අතකින් සිටවූ සහ එසේ සිට‍වූ කාලය දන්නා ලෝකයේ පැරණිම වෘක්ෂය ලෙස අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය හැදින්විය හැක. මෙය බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන්, ඉන්දියාවේ බුද්ධගයාවේ තිබූ මහ බෝධියේ දකුණු අංකුර පැලයකි. මෙය පැල කරන ලද්දේ ක්‍රි.පූ 288 දී බව සඳහන් ය​. දඹදිව් තලයේ සිට ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක්  වැඩම කරවා ගෙන සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ මේ ලක් දිවට වැඩම කළේ  උතුම් වූ උඳුවප් පුන් පොහෝ දිනයේ දීය.

straitstimes.com

ශ්‍රී මහා බෝධිය පිළිබද සාකච්ඡා කිරීමට පෙර බෝධිය යන සංකල්පය ගොඩනැගුණු ආකාරය විමසා බැලිය යුතුය. බුදුරදුන් සැවැත් නුවර ජේතවනාරාමයේ බොහෝ කාලයක් වැඩ වසන ලදී. එකල  කාලයේ බුදුරජාණන් වහන්සේ දැක බලා වන්දනා කර ගැනීම පිණිස බොහෝ දුර බැහැර සිට සැවැත් නුවර කරා ජනයා පැමිනුණි.  මෙසේ ජනයා පැමිණෙන ඇතැම් අවස්ථා වල ශාස්තෘන් වහන්සේ වෙනත් ප්‍රදේශයකට වැඩම කොට සිටීම නිසා ඒ ජනයා බුදුන් දැක ගැනීමට නොහැකිව ආපසු හැරී යන්නට විය. ආනන්ද ස්වාමින් වහන්සේ මෙසේ බුදුන් දැකීමට පැමිණ ආපසු හැරී යන ජනයා පිළිබද බුදුරජාණන් වහන්සේට දන්වන ලදී. පසුව බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම මත ජේතවනාරාමය ඉදිරිපිට බෝධියක් රෝපණය කරන ලදී. එතැන් පටන් ජේතවනාරාමයට පැමිණෙන ජනයා බුදුන් වැඩ නොසිටි අවස්ථා වලදී  බුදුරජාණන් වහන්සේ හට දක්වන ගරු බුහුමන් වන්දනාවන් බෝධීන් වහන්සේට දක්වන ලදී. මෙම බෝධිය තමන් වහන්සේ දෙව්රමෙහි නිබඳ වැඩ සිටීමක්‌ වනබව බුදුරජාණන්වහන්සේ විසින් ද දේශනා කර තිබේ.

ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවීම

pastceylon.blogspot.com

ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවීමට මූලික හේතුව වන්නට ඇත්තේ අනුලා දේවිය ප්‍රධාන කාන්තා පාර්ශ්වය පැවිදි වීමට අවසර ඉල්ලා සිටීමයි. මේ කාලයේ ඉන්දියාවේ විසු ධර්මාශෝක රජු රට රටවලට ධර්මය ව්‍යාප්ත කිරීමේ කාර්යයේ නියැලී සිටින ලදී. එහි පියවරක්‌ ලෙස අසල්වැසි රට වූ ශ්‍රී ලංකාවට ධර්මාශෝක රජුගේ පුත්‍ර​ මහින්ද (මිහිඳු) තෙරුන් එවන ලදී. එහි ප්‍රධාන පරමාර්ථය වූයේ බුදුරදුන්ගේ දහමත් ඒ හා බැඳුණු සංස්‌කෘතියත් මෙහි පිහිටුවීමයි. ඒ අනුව දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලයේ මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණිය වූ සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩමකරවන ලදී.

ශ්‍රී මහා බෝධිය වැඩම කිරීමෙන් පසු වූ ආගමික හා සමාජ වෙනස්කම්

ශ්‍රී මහා බෝධිය වැඩමකරවිමත් සමග ලාංකික ජන සමාජයේ වැදගත් පරිවර්තන රාශියක් සිදුවිය. එයින් ප්‍රමුඛ​ වන්නේ ලංකාවේ භික්ෂුණි ශාසනය ආරම්භ වීමයි. සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩමවීමේ ප්‍රධාන පරමාර්ථය ලෙස එය දැක්විය හැක. සංඝමිත්තා තෙරණිය සමග උත්තරා, හේමා, පදුමා, පසදමාලා, අග්ගිමිත්තා, මල්ලා, සුමා, මහාදේවී, ඇතුළු තෙරණින් වහන්සේලා 11 නමක් වැඩම කරවූ බව පොත් පත් වල සදහන් වේ. මෙහිදී දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරා වූ මහානාග යුවරජුගේ බිසව වන අනුලා දේවිය ඇතුළු 500ක් කන්තොවෝ බුදු සසුනේ පැවදි වූහ​. භික්ෂුණි සාසනය ආරම්භයත් සමගම බ්‍රාහ්මණ, ජෛන ආදී ආගම්වල මිත්‍යා මත මගින් බැඳ​ තැබූ කාන්තාවට නිසි ගෞරවය ලැබෙන්නට විය.

cyriltours.com

ශ්‍රී මහා බෝධිය වැඩමවීමත් සමග සිදුවූ තවත් වැදගත් සිද්ධියක් වුයේ 18ට කුලයක ජනයා බෝධියත් සමග ඉන්දියාවේ සිට පැමිණීමයි. වංශ කතා වලට අනුව ධර්මාශෝක රජු මෙම පිරිස ඒවා ඇත්තේ බෝධීන් වහන්සේගේ තේවාව සදහා වේ. මිට හේතුව වන්නේ පෙර තමා නොදුටු පූජනීය​ වස්තුවකට පුද පූජා කිරීමට දේශීය ජනයාට අවබෝධයක් නැති වීමයි. මෙසේ පැමිණි 18ට කුලයක ජනයා ගොවිතැනේ සිට වඩු වැඩ, යකඩ වැඩ, කුබල් කර්මාන්තය, ආයුධ තැනීම, රෙදි විවීම, අහාර පිසීම, රන් රිදී වැඩ ඇතුළු ඕනෑම ජන සමාජයකට අවශ්‍ය කරන කර්මාන්ත වල නියැලුණු පුද්ගලයන් විය. එමගින් ධර්මාශෝක රජු ලංකා සමාජය තුල තිබු කර්මාන්ත වලට නව ජීවයක් ලබාදීම සිදුකර ඇත.

මිහිදු හිමියන් ලංකාවට වැඩමවීමත් සමග එවකට ලංකාවේ රාජ්‍ය නායකයා වූ දේවානම් පියතිස්ස රජු බුදුදහම වැළද ගන්නා ලදී. ඉන්පසු ශ්‍රී මහා බෝධිය වැඩම වීම මගින් ලක්දිව බුදුසසුන තවදුරටත් වර්ධනය විය. මෙලෙස ස්ථාපිත වූ බුදු දහම රටේ නායකයා සමග ඇති සම්බන්ධතාවය වර්තමානයේ පවා දක්නට ලැබේ. ලංකාවේ ජනපති ලෙස පත්වූ රාජ්‍ය නායකින් බෞද්ධයන් වීම මගින් එය තහවුරු වේ. පොත්පත් වල සදහන් ආකාරයට ධර්මාශෝක අධිරාජ්‍යයා තම මිතුරා වන දේවානම්පියතිස්ස රජුට සිය රාජ්‍යයෙන් බෝධිය පුදන ලෙස කල ඉල්ලීමක් කර ඇත. මේ  සමගම ශ්‍රී මහා බෝධීන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත්වීමද සිදුවිය. අනුරාධපුර රාජධානිය නිමාවන තෙක් සියවස් 13ක කාලයක් ශ්‍රී මහා බෝධිය ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත්වී තිබේ.

ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ තනතුරු

dailymirror.lk

ඉහතින් සදහන් කල 18කුලයට අයත් ජනතාව සමග රාජකුමාරවරුන්  පැමිණෙන ලදී. ඔවුනට පහත සදහන් කාර්යන් පැවරී තිබුණි.

කුමාරයාගේ නම

පැවරුණු කාර්ය

බෝධිගුප්ත

ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව

සුමිත්ත

බෝධීන් වහන්සේට පෙරහැර කරවීම

චන්ද්‍රගුප්ත

මලය රජ තනතුර

විරභාහු

විල්බා දනව්වේ භාරකාරීත්වය

දේවගුප්ත

චතුරස්සිය භුමියේ භාරකාරීත්වය

ධර්මගුප්ත

මහ බෝ මගුලෙහි සක් පිබිම

ධම්මගුප්ත

මෝරිය දනව්වේ භාරකාරීත්වය

සුරියගුප්ත

මහ බෝ මගුලෙහි පිරිත් පැනින් බෝධීන් වහන්සේ නෑවීම

ගෝතම

මහ බෝධීන් වහන්සේ මුදුනෙහි ධවල ඡත්‍ර දැමීම

ජුතින්දර

මහ බෝ මගුලෙහි ආරක්ෂාවට

රාජධානි නිරිත දෙසට මාරුවීමෙන් පසු ශ්‍රී මහා බෝධීන් වහන්සේ

අනුරාධපුර හා පොළොන්නරු යුග වලින් පසු රාජධානි නිරිත දෙසට සංක්‍රමණය වීම දක්නට ලැබේ. මේ සමගම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැදගත්කම ක්‍රමයෙන් අඩුවන්නට විය. ඊට හේතුව වූයේ ධන්ත ධාතුන් වහන්සේගේ වැඩමවීමයි. මෙහිදී අගනගරය මාරු වීමත් සමඟ, රාජධානි නගරයට ගෙන යා හැකි දන්තධාතුන් වහන්සේගේ වටිනාකම ආගමික වශයෙන් පමණක්‌ නොව දේශපාලනමය වශයෙන් ද වැදගත් වීය. මහනුවර යුගය වන විට ස්‌ථීර මන්දිරයක දළදාවහන්සේ තැන්පත් කිරීමෙන් අනතුරුව සියලු දෙනාගේ අවධානය ඒ දෙසට යොමු විය.

කවරයේ පින්තුරය – picture.lk

Related Articles