Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ උසේන් බෝල්ට්- සිරිනිවාස් ගවුඩා

ඔලිම්පික් කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් හට සමාන කළ හැකි ධාවකයෙකු අසල්වැසි ඉන්දියාවෙන් බිහි වී ඇති බවට ජාත්‍යන්තර පුවත් වාර්තා කර තිබෙනවා. ඒ කර්ණාටක ප්‍රාන්තයේ මී ගව ධාවකයෙක්. ඔහු, 28 හැවිරිදි වියේ පසුවන සිරිනිවාස් ගවුඩා යි. 

කම්බාලා (Kambala) යනු වාර්ෂිකව ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පැවැත්වෙන මී ගව ධාවන තරගය යි. මේ වසරේ පැවති කම්බාලා සඳහා මී ගව ධාවකයෙක් ලෙස සිරිනිවාස් ගවුඩා සහභාගී වෙනවා. මෙහි දී මී හරකුන් සමග මඩ කුඹුරක මීටර් 142ක් දුර දිව යාමක් ලෙස තරගය පැවැත්වෙනවා. එහි දී ඔහු තත්පර 13.42කින් එම තරගය අවසන් කළ බව සඳහන් වෙනවා. වර්තමානය වන විට මීටර් 100 ලෝක ශූරතා වාර්තාව තබා තිබෙන්නේ හුසේන් බෝල්ට්. ඒ තත්පර 9.58ක කාලයක් තුළ මීටර් 100 අවසන් කරමින්. මෙලෙස බෝල්ට්ගේ වාර්තාව ගවුඩා විසින් ඉක්මවා යෑම ඉන්දීය ක්‍රීඩා බලධාරීන් විසින් නිල වාර්තාවලට එක්කර නොමැති නමුත්, ඔහුගේ ඓතිහාසික ධාවනය මේ වන විට ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

කම්බාලා 

කම්බාලා (zafigo)

කම්බාලා යනු; වී වගා කරන කුඹුරු යායක මඩ සහිත බිමක කරන කර්නාටක වෙරළ තීරයෙන් ආරම්භ වූ සාම්ප්‍රදායික ක්‍රීඩාවක්. මේ සඳහා සහභාගි වන්නන් සඳහා ක්‍රීඩා වර්ග දෙකක් ඇති අතර, එය මීටර් 132ක් හා මීටර 142ක් මඩ සහිත භූමියේ දිවයාම යි. මඩ සහිත භූමිය හරහා මීටර් 132 හෝ මීටර් 142 වේගයෙන් දිවයාම සිදුකළ යුතු වන්නේ එකිනෙකා ඈදා ඇති මී ගවයන් දෙදෙනෙකු ද පාලනය කර ගනිමින්.

මෙම ක්‍රීඩා තරගාවලිය මේ වන සිට සත්ත්ව අවිහිංසාවාදීන්ගේ දැඩි විවේචන එල්ල වී තිබෙනවා. මේ ආකාරයට ගවයන් එකිනෙකා සටන් වැදීමට යොමු කර වන ගව පොර තරග මිට පෙර තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති අතර, 2014 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ගව පොර තරග තහනම් කරනු ලබනවා. එවැනි තරග 2014 වසරට ප්‍රථම අසල්වැසි තමිල්නාඩු ප්‍රාන්තයේ ද පැවති අතර ඒවා ජල්ලිකට්ටු (Jallikattu) නමින් නම් කර තිබෙනවා.

තරගය (tosshub)

මිට වසර දෙකකට ප්‍රථම කර්ණාට ප්‍රාන්ත අධිකරණය විසින් සියලු කම්බාලා තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් ගෙන එනු ලබනවා. නමුත් පසුගිය වසරේ එනම්, 2018 වසරේ කම්බාලා පැවැත්වීමට අධිකරණයෙන් අවසර ලැබෙනවා. ඒ දැඩි කොන්දේසි කිහිපයක් මත යි. මෙම තරගවල දී මී ගවයන් සඳහා කස පහර ලබාදීම කිසිම ආකාරයකින් සිදුනොවිය යුතු බවත්, සත්ත්වයන් කෙරෙහි උපරිම කරුණාවෙන් කටයුතු කළ යුතු බවත් එම කොන්දේසිවල සඳහන් වෙනවා. එම කොන්දේසිවලට සංවිධායක මණ්ඩල විසින් එකඟ වීම මත වර්තමානය වන විට කම්බාලා පැවැත්වෙනවා. 

නමුත්, කර්ණාටකයේ පැවැත්වෙන මේ කම්බාලා උත්සව මඟින් මී ගවයින්ට හිරිහැරයක් වන බව පවසමින් මේ වන විටත් ජාත්‍යන්තර සත්ත්ව අයිතිවාසිකම් කණ්ඩායමක් වන PETA (People for the Ethical Treatment of Animals) ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

සිරිනිවාස් ගවුඩා 

සිරිනිවාස්  ගවුඩා (deccanherald)

28 හැවිරිදි ශ්‍රිනිවාස් ගවුඩා, කම්බාලා හි වාර්තාවක් තබන්නේ මී ගවයන් දෙදෙනෙකු සමග මඩ සහිත කුඹුරු යායේ මීටර් 142ක් වේගයෙන් දිවයාමේ ක්‍රීඩා ඉසව්වෙනුයි. ඒ සඳහා ඔහුට වැය වී තිබෙන්නේ තත්පර 9.55ක කාලයක් පමණ යි. මීටර් 100 ලෝක ශූරතා වාර්තාව තබා තිබෙන්නේ හුසේන් බෝල්ට්. ඒ සඳහා තත්පර 9.58ක කාලයක් වැය කර තිබෙනවා.

ඔහුගේ මෙම ජයග්‍රහණය පිළිබඳ මෙම ප්‍රවෘත්තිය ප්‍රාදේශීය ප්‍රවෘත්ති හා සමාජ මාධ්‍ය ජාලා හරහා වේගයෙන් පැතිර යනවා. ඒ පිළිබඳව ඉන්දියානු ක්‍රීඩා බලධාරීන්ට දැනගැනීමට හැකියාව ලැබෙන්නේ සමාජ මාධ්‍ය ජලා තුළ වයිරල් වූ වීඩියෝ පට හේතුවෙන්. සිරිනිවාස් ගවුඩා පිළිබඳව මධ්‍යම රජයේ ක්‍රීඩා අමාත්‍යවරයාට ද දැනගැනීමට ලැබෙන අතර, ඔහු ඒ පිළිබඳව විමසා බැලීමෙන් අනතුරුව අපූරු යෝජනාවක් ද කර තිබෙනවා.

ජාතික මට්ටමේ කෙටි දුර ධාවන පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙස ආරාධනා ලැබීම 

සිරිනිවාස් ගවුඩා තරගයේ දී (assettype)

ඉන්දියානු මධ්‍යම රජයේ ක්‍රීඩා ඇමතිවරයා විසින් සිරිනිවාස් ගවුඩා හට ජාතික මට්ටමේ කෙටි දුර ධාවන පරීක්ෂණ සඳහා පෙනී සිටින ලෙස ආරාධනා කරනු ලබනවා. බැංගලෝරයට පැමිණ රජයේ අනුග්‍රහය යටතේ පුහුණුවීම්වලට සහභාගි වන ලෙසට ද ඔහුගෙන් ඉල්ලීම් කර තිබෙනවා. නමුත්, මේ වන විට එම ඉල්ලීම් සිරිනිවාස් ගවුඩා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙනවා. 

“මගේ පාදයක් අබාධයකට ලක් වී තිබෙනවා. ඒ වගේම, මම පුහුණු වෙලා තියෙන්නේ කම්බලා එකට දුවන්න. මී ගවයන් එක්ක මඩේ දුවන්න. මගේ අවධානය යොමු වෙලා තියෙන්නෙත් එම ක්‍රීඩා සඳහා පමණයි.” යනුවෙන් BBC පුවත් සේවයට තම අදහස් ප්‍රකාශ කර ඇති සිරිනිවාස් ගවුඩා, තමාට නුහුරු පරිසරයකට යෑමට අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කරමින් ජාතික මට්ටමේ කෙටි දුර ධාවන පරීක්ෂණ සඳහා පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

ජයග්‍රාහී සිරිනිවාස් කවුඩා (citytoday)

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය කිරන් රිජිජු (Kiren Rijiju) පසුගිය දා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ, සිරිනිවාස් ගවුඩා ගෙන්වා ගැනීමට සියලු පහසුකම් සලසා ඇති බව යි. ඒ අනුව ඔහුට ඉන්දියානු ක්‍රීඩා අධිකාරිය (Sports Authority of India) යටතේ ඇති ඕනෑම මධ්‍යස්ථානයට ගොස් නිල පරීක්ෂාවන්ට සම්බන්ධ විය හැකි බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

කවරයේ පින්තූරය- assettype

මූලාශ්‍රය:

Bbc.com

Related Articles