Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගින්දරේ උපත ගැන දන්නවා ද?

පැරන්නන්ට අනුව ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ මූලධාතු හතරක් එකට එකතු වීමෙන්. වාතය, පොළව, ගින්දර, සහ ජලය ඒ මූලධාතු හතර යි. වාතය, පොළව, සහ ජලය යන තුනම පදාර්ථයේ ස්වරූපයන් නමුත්, ගින්දර කියන්නේ පදාර්ථයේ ස්වරූපය වෙනස් කරන රසායනික ක්‍රියාවලියක්. ගින්දරේ විද්‍යාව කොහොම වුණත් ඒ පිළිබඳව අපේ පැරැන්නන් අතරේ විවිධ මිත්‍යා කතන්දර, විශ්වාසයන් වගේම ඇදහීම් සිරිත් විරිත් පවා ගොඩ නැගී තිබුණා. මේ 21 වෙනි සියවස වෙද්දීත් ඇතැම් රටවල සාම්ප්‍රදායිකව එවැනි චාරිත්‍රයන් වාරිත්‍රයන් පැවතෙනවා. 

මේ ගින්දර මිනිසා සොයා ගැනුණු ආකාරය සහ භාවිතය ආරම්භ වීම පිළිබඳව වගේම කාලවකවානුවක් පිළිබඳව විවිධ මත ගැටුම්  පවතිනවා. ග්‍රීක පුරවෘතයන්ට අනුව මෙලොව මුලින්ම ජීවත්ව ඇත්තේ යෝධ පුරුෂයන් කොට්ඨාශයක් වන ටයිටන්වරුන් පමණ යි. නිතරම දෙවි වුරුන් සමග යුධ වැදුණු මොවුන් අතරේ දූරදර්ශීභාවයේ ටයිටන්වරයා ලේසින් හඳුන්වන ප්‍රොමිතියස් ද වුණා. ඒ කාලයේ ගින්දර කියන්නේ දෙවිවරුන් සතුව පැවති වටිනාම සම්පතක්. මෙය මිනිසුන් මැවිමෙන් අනතරුව මිනිසුන් වෙත ලබා දිය යුතු ත්‍යාගයක් වුවත්, පොළොවේ ජීවත් වන මිනිසුන්ගේ ක්‍රියාකලාපය ගැන අපැහැදුණු දෙවිවරු මෙය මිනිසුන් වෙත ලබා නොදී සිටින්න තීරණය කළා. මේ මහඟු සම්පත මිනිසාගෙන් සඟවා තබාගැනීමට විරුද්ධ වුණු ප්‍රොමිතියස් දෙවියන්ගෙන් ගින්දර සොරාගෙන මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙලොවට රැගෙන ආවා. 

කුතුහලෙන්  පිරුණු පැන්ඩෝරා – thoughtco.com 

මෙයින් දැඩි ලෙස කිපුණු මහා දෙවි සීයුස් මිනිසුන්ට දඬුවම් කිරීමට තීරණය කළා. පොළොවේ පස් සහ වතුරවලින් තමන්ට මනුෂ්‍ය දියණියක් නිර්මාණය කර දෙන ලෙස ශිල්ප කර්මාන්තයන්ට අධිපති හෙෆීස්ටස්ට නියෝග කළා. ඇයට පැන්ඩෝරා යනුවෙන් නම් තැබුණා (ඇයගේ නමේ අරුත “සියළු තෑගි” ගෙනෙන්නා යනු යි). මේ පැන්ඩෝරාට එක එක දෙවිවරුන්ගෙන් විවිධාකාර ගුණාංග ලැබුණා. ආදරයට සහ රූපයට අධිපති ඇෆ්රොඩයිට් ඇයව ලස්සන කළා. කලාවට අධිපති ඇපොලෝ ඇයට සංගීතමය හැකියාව ලබා දුන්නා. ඒ වගේම දෙවියන්ගේ පණිවිඩකරුවා හර්මිස් ඇයට ඕනෑම කෙනෙකු තමන්ගේ මතයට නම්මා ගැනීමේ හැකියාව තිලිණ කළා. අනතුරුව දෙවිවරු හැමෝම එකතු වෙලා ඇයට ‘කුතුහලය ‘ කියන ගුණාංගය උරුම කළා. 

ප්‍රොමිතියස් පැන්ඩෝරාව විවාහ කරගන්නට සිහින දකින බව දැනගත් සියුස් කළේ, ඇයව ප්‍රොමිතියස්ගේ සහෝදරයා එපිමීතියස්ට විවාහ කරලා දුන්න එක යි. මේ දෙන්නව මහ පොළොවේ ජීවත් වෙන්න පිටත් කළා. එහෙම යද්දී මේ දෙන්නට අරන් යන්න රහසිගත පෙට්ටගමක් ලබා දුන්නා. හැබැයි එය කිසිම දවසක විවෘත කරලා බලන්න තහනම් වුණා. මාස ගණනක් යනතුරු පැන්ඩෝරා මෙම පෙට්ටිය ගැන සිතුවේ නැහැ. කාලයක් ගත වෙද්දී, පැන්ඩෝරාට උරුම වෙලා තිබුණ කුතුහලය කියන ගුණාංගය නිසාම, මේ පෙට්ටගම ඇරලා බලන්න ඇය පෙළඹුණා. ඇය පෙට්ටගම විවර කරද්දීම ජීවිතයේ නරක නපුරු දේවල් සියල්ලම – ඒ කියන්නේ ලෙඩ රෝග, අපරාධ, ඉරිසියාව, වෛරය, සහ දුක් දොම්නස් පෙට්ටගම තුළින් එළියට පැනලා මහ පොළොවට නිදහස් වුණා. ඇය පෙට්ටගම ආපසු වහද්දි ඉතිරි වෙලා තිබුනේ බලාපොරොත්තුව විතර යි. අදටත් ලෝකයේ සියලු කරදර මධ්‍යයේ ජිවත් වෙන්න ඔබට ශක්තිය ලෙසින් බලාපොරොත්තු ඉතිරිවන්නේ එනිස යි. 

තාත්තා පෙට්ටගම ඇරලා බලන්න තහනම් කලේ ඇයි කියල ඇයට තේරුම් ගියා. තමන් මේ පෙට්ටගම විවර කළ බව තාත්තා දැන ගනීවි කියලා ඇය හොදටෝම බය වුණා. ඒ වුනත් මේක සියුස් කල් තියා සැලසුම් කළ උගුලක් බව ඇය දැනගෙන හිටියේ නැහැ. කොහොම වෙතත් දෙවියන්ගෙන් ගින්දර සොරාගත් ප්‍රොමිතියස්ට තවත් දඬුවමක් හිමිවුණා. ඔහුව පණපිටින් ගිජුලිහිණියන්ට ආහාරය පිණිස ලබා දුන්නා. ඔහුට මිය යාමත් තහනම් වුණා. මිය යන වාරක් පාසා නැවත පණ එන ලෙසත්, ඒ පණ එන හැම වාරයකම නැවතත් පෙර ලෙසම ලිහිණියන්ගේ ආහාරය වන ලෙසත් ඒ දඬුවම ක්‍රියාත්මක වුණා.

ප්‍රොමිතියස් වෙත දුන් දඬුවම – uwgbcommons.org 

කෙසේ වෙතත් ගින්දර සොරාගත් ප්‍රොමිතියස් මානව ශිෂ්ටාචාරයේ ආරම්භකයා ලෙසින් පැරැන්නන් සලකනවා. දෙවියන් මිනිසාට ගින්දර ලබා නොදුන්නේ මිනිසා ගින්දරෙන් කුමක් කරාවි ද යන්නට තිබූ බිය නිසා බවයි කියවෙන්නේ. මිනිසුන් අද වෙද්දී ඒ බිය සාධාරණ බව ඔප්පු කරලා හමාර යි. ගින්දර කියන්නෙ මානව ශිෂ්ඨාචාරය හැඩගස්වපු “දෙවියන්ගේ හස්තය” යි. මිනිස් අවි ආයුධ සියල්ලම පාහේ උපන්නේ ගින්නෙන්. තාක්ෂණය උපදින්නේ ගින්නෙන්.

ගින්දර මිනිසා වෙත ලැබුණු ආකාරය පිළිබඳව විවිධ ශිෂ්ටාචාරයන් සහ විවිධ සංස්කෘතිවල බොහෝ කතාන්දර නිර්මාණය වී තිබෙනවා. ඒ පිළිබඳව අප ඉදිරි ලිපිවලදී ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේ දී ලියවෙන්න ඕනේ පුරාවෘත්තයන් ගැනත් ඔබේ අදහස් අපට කියන්න අමතක කරන්න එපා. 

මූලාශ්‍රයයන්: 

Masterthyself.com 

Uwgbcommons.org 

Wasithaya.blogspot.com 

Thathu.com 

Arunishapiro.wordpress.com 

thoughtco.com

Savindi Ariyathilaka

Rezor kenway

ASK A SCIENCE TEACHER: 250 Answers to Questions

Youtube.com 

Related Articles