Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රසබර කතාවක් – චොක්ලට්

චොක්ලට් යන වචනය ඇසු පමණින් ඔබේ මුහුණටත් සිනාවක් එනවද? පැණි රසට අකමැති බොහෝ අය පවා මේ මිහිරි රසට ලොකු ඇල්මක් දක්වනවා. ඒ වගේම තවත් විශේෂතම හේතුවක් වන්නේ මේ මිහිරි රස අත්හදා බලන්න කිසිදු වයස් භේදයක් නොමැති වීමයි. තෑගි ලබා දෙන්නටත්, ප්‍රීතිමත් අවස්ථා සැමරීම සඳහාත්, ආදරවන්තයින් තම ආදරය ප්‍රකාශ කරන්නටත් මේ මිහිරි රස යොදා ගනු ලබනවා.

මේ ලිපිය කියවන ඔබත් චොක්ලට් වලට ප්‍රිය කරන්නෙකු බවට Roarහි අපිට හොඳට ම විශ්වාස යි. එහෙනම් අපි මේ මිහිරි රසයත් එක්ක රසබර චොක්ලට් ගැන කතාබහ ආරම්භ කරමු.

කොහෙන්ද මේ චොක්ලට් ආවේ?

චොක්ලට් පිළිබඳව ලිපි ලේඛන හමු වන්නේ ක්‍රි.පූ.1100 දී පමණ සිට බව වාර්තා වේ. ක්‍රි.පූ. 1600 දී පමණ චොක්ලට් යන වචනය ඉංග්‍රීසි භාෂාවට පැමිණ ඇත්තේ ස්පාඤ්ඤයෙන්ය. එසේ පැමිණි චොක්ලට් යන ආහාරය නිෂ්පාදනය කරනු ලබන්නේ කොකෝවා යන ශාකයේ ඇට වලින්. මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ තියබ්‍රොමා කොකෝවා ලෙසයි. මීසෝ ඇමරිකානුවන් චොක්ලට් පානයක් ලෙස ආහාරයට ගත් බවත් වාර්තා වේ. එමෙන්ම මායා සහ ඇස්ටෙක් යන ශිෂ්ටාචාර වලදී චෝක්ලට් රාජකීය හා ආගමික උත්සව වලදී භාවිතා කර ඇත.එමෙන්ම ඇස්ටෙක් ජනයා මෙය xocolatl ලෙස හදුන්වා ඇත. එහි අර්ථය “තිත්ත පානය” බවත් එසේ හඳුන්වන්නට හේතුව ඔවුන් කොකෝවා හා ජලය පමණක් භාවිතා කිරීම බවත් වාර්තා වනවා.

මෙම රසවත් පානය පිළිබඳව 16 වන සියවස තෙක්ම යුරෝපියන් මධ්‍යම හා දකුණු ඇමරිකානුවන්ගෙන් අසා තිබුණේ නැත.1502 අගෝස්තු 02 වන දින දී කොලොම්බස් ඔහුගේ හතරවන මෙහෙයුම ඇමරිකාවට දියත් කරන ලදී.එහි දී  ක්‍රිස්ටෝපර් කොලොම්බස්ට  හා ඔහුගේ පුත් ෆර්ඩිනන්ඩ්ට කොකෝවා ඇට හමු වෙන ලද බව ඉතිහාසය වාර්තා කරයි. ඝන චොක්ලට් මුල්ම වරට නිෂ්පාදනය කර තිබෙන්නේ 1847 දී ලන්ඩන් වල බවද වාර්තා වනවා.

දහ අට වන ශතවර්ෂයේ වැනිසියේ විසු පියෙත්‍රෝ ලෝන්ගි (Pietro Longhi) චිත්‍ර ශිල්පියා විසින් නිර්මිත “උදැසන චොක්ලට් පානය කරමින්” (theepochtimes.com)

වෙළඳපොළේ ඇති චොක්ලට් වර්ග

කොකෝවා ප්‍රතිශතය මත වෙන් වූ විවිධ වර්ගයේ චොකලට් (http://thedarkchocolatier.com)

අද වන විට විවිධ චොක්ලට් වර්ග වෙළඳසල්වල විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමේ හැකියාවක් තිබේ.ඒ අතර ඇති චොක්ලට් වර්ග වනුයේ Milk chocolate, White chocolate, Dark chocolate හා Unsweetened chocolate වශයෙනි.

මිලක් චෝකොලට් (Milk chocolate)

මිල්ක් චොක්ලට් වල කිරි පිටි හෝ උකු කිරි අඩංගු වේ. එක්සත් රාජධානිය හා අයර්ලන්තයට අනුව සමස්තයක් අනුව Milk chocolate වල අවම වශයෙන් 20% ක් පමණ වියළි ඝන කොකෝවා  අඩංගු විය යුතුය.එමෙන්ම යුරෝපයේ එය 25% ක් ලෙස වාර්තා වේ.

වයිට් චොකලට් (White chocolate)

වයිට් චොකලට් ස්වභාවයෙන් මිල්ක් සහ ඩාර්ක් චොකලට් වලට සමාන වුවත් එහි ඝන කොකෝවා අඩංගු වන්නේ නැත. මෙහි කොකෝවා අඩංගු නොවන නිසා බොහෝ රටවල් white chocolate, චොක්ලට් ලෙස සලකන්නේ නැත.

ඩාක් චොකලට් (Dark chocolate)

ඩාර්ක් චොක්ලට් නිෂ්පාදනය කරනු ලබන්නේ කොකෝවා මිශ්‍රණයට මේද සහ සීනි එකතු කරමින්ය.  U.S. Food and Drug Administration මේ සදහා “sweet chocolate” ලෙස හඳුන්වන අතරම 15% පමණ චොක්ලට් මත්පැන් සාන්ද්‍රණය අවශ්‍ය බව සඳහන් කරයි. යුරෝපීය නීති වලට අනුව අවම වශයෙන් 35% පමණ ඝන කොකෝවා අන්තර්ගත විය යුතු බවයි.

පිළිවෙලින් ඩාක්, මිලක් හා වයිට් චොකලට් වර්ග (gorgechocolates.com.au)

Dark Chocolate කාගේත් කතා බහට ලක්වුණු වැඩි අවධානයක් යොමු වූ චොක්ලට් වර්ගයක්.මෙහෙම සඳහන් කරන්න හේතුව ලෙස දැක්විය හැක්කේ කොකෝවා ප්‍රතිශතයෙන් ඉහළ මේ කළු චොක්ලට් දිනපතා ආහාරයට ගැනීම මගින් අධි රුධිර පීඩනය අවම කර ගැනීමටත්, හෘදයේ මනා ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමටත් හේතු වන බවට ඇතැම් පෝෂණ වේදීන් සඳහන් කරන නිසා යි.

අන්ස්වීටන්ඩ් චොකලට් (Unsweetened chocolate)

ඉවීමට ගන්නා බේකින් චොකලට් (hausse.info)

අන්ස්වීටන්ඩ් චොක්ලට් යනුවෙන් අදහස් වන්නේ පිරිසිදු චොක්ලට් මත්පැන් වේ. මේවා bitter හෝ baking chocolate ලෙසද හදුන්වනු ලැබේ.

මතක ශක්තිය වැඩි කරන චොක්ලට්

බොහෝ දෙනා චොක්ලට් හඳුන්වන්නේ ඉතා රසවත් ආහාරයක් ලෙසයි. නමුත් විද්‍යාඥයන් කියන විදිහට චොක්ලට් වැඩිපුර කන පුද්ගලයන්ගේ දෘශ්‍ය මතකය (Visual memory) වර්ධනය වන බවත් මතක ශක්තිය වැඩි වර්ධනය වන බවත් වියුක්ත චින්තන (Abstract thinking) හැකියාව වැඩි දියුණු වන බවත් මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමටත් මෙම චොක්ලට් උපකාරී වන බවට විද්‍යාඥයන් මත පළ කර තිබෙන බවත් සදහන් වනවා.

මෙයට හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ 2001 වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමි කර ගත් එරික් කෝනෙල් ප්‍රකාශ කරන්නේ ඔහුගේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ චොක්ලට් ආහාරයට ගැනීම බවත්, එසේ ආහාරයට ගැනීමේදී චොක්ලට් වල සංයුතිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කල යුතු බවත් කොකෝවා ප්‍රතිශතයෙන් වැඩි කළු චොක්ලට් තෝරා ගැනීම තුලින් චොක්ලට් මගින් අත් කර ගත හැකි වාසි ලබා ගත හැකි බවත්ය.

මිට අමතරව චොක්ලට් මතක ශක්තිය වර්ධනය කරනවාද යන ප්‍රශ්නය සදහා පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටින සමීක්ෂණ කණ්ඩායමක් වයස අවුරුදු පනහත් හැට නමයත් අතර වයසේ සෞඛ්‍යමත් පුද්ගලයන්ගේ මතක ශක්තිය හීන වීම අවම කර ගැනීමට කොකෝවා සහ චොක්ලට් උපකාරී වන  බව දක්වයි. එමෙන්ම මතක ශක්තිය හීන වීම අවම කිරීමටත්, ලේ ගමනාගමනය වර්ධනය කිරීමේ උපායක් ලෙසත් චොක්ලට් හඳුන්වා දීමේ ඉඩකඩක් පවතින බවත් වාර්තා වේ.

ඔබ මේ ගැන අසා තිබේද?

කොකෝවා ගෙඩි (aduna.com)

චොක්ලට් වල අඩංගු තියොබ්‍රොමීන් හේතුවෙන් පූසන්, බල්ලන් වැනි ඇතැම් සතුන් මත් බවට පැමිණෙන බවත් අනාවරණය කරගෙන ඇත. එමෙන්ම කොකෝවා වලට සමාන උත්තේජක සංඝටක කෝපි ඇට, අබිං, මත්පැන් සහ ගංජා වල අන්තර්ගත වන බව වාර්තා වන බව සදහන් වේ. එමෙන්ම කොකෝවා තුල අඩංගු වන උත්තේජක සංඝටක නීත්‍යනුකූල ඖෂධ සහ නීති විරෝධී ඇතැම් මත් ද්‍රව්‍ය වල අඩංගු වන බව පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන බව සඳහන් වනවා. 2007 වසරේදී ඩොමිනික් පර්සෝන් චොක්ලට් වල අඩංගු මෙම උත්තේජන ගුණාංගය ඉස්මතු කරමින් වියළි කොකෝවා පිටි යොදා ගෙන මත්ද්‍රව්‍යකට සමාන ආහාරයක් නිපදවීමටද සමත් වී ඇති බවත් වාර්තා වනවා.

අලුත් වැඩක්

නවතම වාර්තා වලට අනුව දැනගන්නට ලැබෙන්නේ Amaury Guichon විසින් සුරුට්ටුවක් නිර්මාණය කර ඇති බවත් එහි චොක්ලට් ආවරණය මිල්ක් චොක්ලට්, හේසල්නට් ආදියෙන් පුරවා සිල්වර් පවුඩර් වලින් අළු විධියට ඉදිරියෙන් ද සකසනු ලබනවා. මෙය බීමට තිබෙන දෙයක් නොවන අතර ආහාරයට ගැනීමට තිබෙන දෙයක් බවත් වාර්තා වනවා.

ඔබ චොක්ලට් ආහාරයට ගන්නවා වගේම අපි සඳහන් කළ කරුණු ගැනත් සැලකිලිමත් වන්න අමතක කරන්න එපා.

මුලාශ්‍ර:

  1. rasingdragon.blogspot.com
  2. www.bbc.com
  3. en.wikipedia.org

කවරයේ පින්තුරය: justviral.eu

Related Articles