Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොබෙල් ත්‍යාගයට යෝජනා වූ දහසය හැවිරිදි දැරිය

2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ග්‍රේටා තුන්බර් නම් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ නම යෝජනා වී  තිබෙනවා. මෙම කුඩා දැරියගේ නම නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා කර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් විසින්. යම් කිසි ආකාරයකින් ඇය ජයග්‍රහණය කළහොත් නොබෙල් ත්‍යාගයක් ලබාගත් ලාබාලතමයා බවට පත්වීමට දැරියට අවස්ථාව ලබෙනවා.

ග්‍රේටා තුන්බර් යනු ස්වීඩන ජාතික දැරියක් වන අතර මුළු ලෝකය පුරා ඇය ප්‍රසිද්ධ වන්නේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සම්බන්ධයෙන් ඊට විරෝධතාවය පල කරන දැරියක් ලෙස යි. ඇය වරක් එරට පාර්ලිමේන්තුව ඉදිරියේ ද මීට විරුද්ධව විරෝධතාවල යෙදෙනවා. 2019 වසරේ ජනවාරි මාසයේ දී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳව සමුළුව ඇමතීමට ද ඇයට අවස්ථාව ලැබෙනවා.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධයෙන් ඇමෙරිකාව වැනි රටක රාජ්‍ය නායකයා ද කිසිඳු තැකීමක් නොකරන අවස්ථාවක ඒ පිළිබඳව ඉතා උනන්දුවෙන් කටයුතු කරන ලොව ලාබාලතමයා ලෙස ලෝකය විසින් ඇයව හඳුන්වා තිබෙනවා.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා ඉන් ඇතිවන තර්ජනය

ග්‍රියෙතා තුන්බරි (BBC)

මේවන විට ගෝලීය උෂ්ණත්වය පෘථිවියේ පැවැත්මට ඉතාමත් තර්ජනයක් වී ඇති අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යනු ලබන්නේ පෘථිවිය මතට වැටෙන හිරු රැස් පොළවට වැටී නැවත පරාවර්තනය වීමට ඇති නොහැකියාව හේතුවෙනු යි. එසේ නැවත හිරු රැස් පරාවර්තනය නොවන්නේ වායුගෝලයේ ප්‍රධාන වශයෙන් ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව හා අනෙකුත් හරිතාගාර වායුන් හේතුවෙන්.

වර්තමානය වන විට ලෝකයට කාබන්ඩයොක්සයිඩ් වායුව ඉතා ප්‍රබල තර්ජනයක් වී ඇති අතර එය පරිසරයට මුදා හැරීම වැලක්වීමට රටවල් වල මූලිකත්වයෙන් පැරිස් සම්මුතියට අත්සන් තබෙනවා.

මේවන විට ලෝකයට ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු කරන ඇමෙරිකා එක්සත් ජනපදය එම සම්මුතියෙන් ඉවත් වීමට කටයුතු සිදු කර තිබෙනවා. මෙලෙස සිදු වූවොත් තව වසර කිහිපයකින් පසු පෘථිවි උෂ්ණත්වය අධික ලෙස ඉහළ යනු ඇත. ඒ හේතුවෙන් ග්ලැසියර දිය වීමෙන් මාලදිවයින ඇතුළු දූපත් රාශියක් ලෝක සිතියමින් ඉවත් වනු ඇතැයි විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳව අවධානය දක්වන කුඩා දැරිය

තනියම විරෝධතාවයේ යෙදීම (The Guardian)

ග්‍රේටා තුන්බර් උපත ලබන්නේ 2003 වසරේ ජූනි මාසයේ යි. ස්වීඩනයේ වෙසෙන කලා පවුලක උපත ලබන ඇයගේ පරම්පාරවම එරට කලාකරුවන් ලෙස ප්‍රසිද්ධ යි. 2018 වසරේ ඇය පසුවන්නේ ස්වීඩනයේ පාසලක නව වන ශ්‍රේණියේ යි.

2018 වසරේ දිනක ඇය පාසල් යාම ප්‍රතික්ෂේප කරන අතර ස්වීඩනය විසින් පරිසරයට නිකුත් කාරණා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පැරිස් සම්මුතියට අනුකූලව අඩු කළ යුතු බව පවසමින් විරෝධතාවයක නිරත වෙනවා. ඇය එලෙස විරෝධතාවයක නිරත වන්නේ ස්වීඩන පාර්ලිමේන්තුව අසල යි. පැරිස් සම්මුතිය අනුව එයට අත්සන් තැබූ ලෝකයේ සියලුම රටවල් තම රට විසින් පරිසරයට නිකුත් කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කළ යුතු වෙනවා.

දිගින් දිගටම විරෝධතා

ඇය සමග විරෝධතාවයේ යෙදෙන පාසල් දරුවන් (Evening Standard)

සතියේ දින කීපයකුත් අනතුරුව සතියකට එක් දිනක් බැගිනුත් ඇය මෙලෙස පාසල් නොයා විරෝධතාවල නිරත වෙනවා. සෑම සතියකම සිකුරාදාට කෙරෙන මෙම විරෝධතාවය #FridaysForFuture හෑෂ් ටැගය යටතේ සමාජ මාධ්‍ය ජාලාවල අතිශය ජනප්‍රිය වෙනවා. ඒ ඔස්සේ ආරම්භවෙන “Fridays For The Future” ව්‍යාපාරය මඟින් එම පන්ති වර්ජනය දිගින් දිගටම සංවිධානය කෙරෙනවා.

ඇය මේ ආකාරයෙන් විරෝධතා ව්‍යාපාරයක නිරත වීම අනෙකුත් පාසල් සිසුන් ද මේ සම්බන්ධව උද්යෝගමත් කිරීමට සමත් වෙනවා. පළමුව ඇය ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීම පිළිබඳව හා ඊට එරෙහිව කටයුතු කළ යුතු බවට ස්වීඩන ශිෂ්‍ය ප්‍රජාවගේ අවධානය දිනා ගන්නවා. ටික දිනකින් අනතුරුව ලෝක ශිෂ්‍ය ප්‍රජාවගේ අවධානය ඇය වෙතට යොමුවන අතර බොහෝ රටවල ශිෂ්‍යයන් ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීමේ ගැටලුව පිළිබඳව සොයා බලනවා.

මේ අනුව 2018 වසරේ දෙසැම්බර් මාසයේ පමණක් ලොව වටා 20000ක පමණ ශිෂ්‍ය ප්‍රජාවක් ස්ථාන 270 ක ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීම පිළිබඳව ඒ ඒ රජයන් සොයා නොබැලීම පිළිබඳව සිය විරෝධතාවය පල කරනවා. ඒ සියලුම පාසල් හි විරෝධතාවයන්ට හේතු වන්නේ කුඩා ග්‍රේටාගේ විරෝධතාව යි.

ඇයගේ ක්‍රියා කලාපය

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අමතමින් (YouTube)

මින් නොනවතින ඇය දේශගුණික විපර්යාස හා ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වීමට අවස්ථාවක් උදා කර ගන්නවා. ඇය වඩාත් ලෝකය පුරා ජනප්‍රිය වන්නේ එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස පිළිබඳව 2018 වසරේ පැවති සමුළුවෙන් පසුව යි.

2018 වසරේ දෙසැම්බර් 4 වන දා පැවති මෙම සමුළුවේ දී එහි නියෝජිතයන් අමතා කතා කිරීමට ඇයට අවස්ථාව ලැබෙනවා. එහිදී දේශගුණික වෙනස් වීම් හා ගෝලීය උෂ්ණත්වය පිළිබඳවත් පාසල් සිසුන් ඊට විරුද්ධව කටයුතු කරන බවත් ඇය විසින් ප්‍රකාශ කරනවා.

එහිදී ලබාගත් ජනප්‍රියත්වය හේතුවෙන් 2019 වසරේ ජනවාරි මාසයේ දී ඇයට ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගී වීමට අවස්ථාව ලැබෙනවා

ලෝක ආර්ථික සමුළුව අමතමින් (The Guardian)

2019 වසරේ නොබෙල් ත්‍යාගයේ ජයග්‍රාහකයා මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ප්‍රසිද්ධියට පත්කරන අතර යම් හෙයකින් මෙම කුඩා දැරියට නොබෙල් ත්‍යාගය ලැබුනොත් එය ලබාගත් ලාබාලතමයා ලෙස, ඇය ඉතිහාස ගතවනු ඇත.

කවරයේ පින්තූරය - Wired

මූලාශ්‍රයයන් -

bbc.com

theguardian.com

lifegate.com

Related Articles