Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාව හා පාකිස්ථානය අතර ස්වභාවික දේශ සීමාවක් සාදන ථාර් කාන්තාරය

Great Indian Desert නමින් හැඳින්වෙන ථාර් කාන්තාරය වර්ග සැතපුම් 77 000ක පුරා පැතිර පවතී. මෙය ඉන්දියාව හා පකිස්ථානය අතර ස්වභාවික දේශ සීමාවක් නිර්මාණය කරයි. මෙම ප්‍රදේශය කඳු බහුල ප්‍රදේශයක් වන අතර එම වැලි කඳු අඩි 52 ත් අඩි 498 ත් අතර ප්‍රමාණවලින් පවතී. ථාර් කාන්තාරය බිහි වූ කාලය මතවාදයට ලක් වී ඇති කරුණකි. බොහෝ භූගෝල විද්‍යාඥයින්ගේ මතය වන්නේ ථාර් කාන්තාරය වසර 4000 – 10 000ත් අතර කාලයක් පැරණි බවයි. මෙම කාන්තාරය ලෝකයේ වැඩිම ජන ඝනත්වයකින් යුතු කාන්තාරය ලෙසද හැඳින්විය හැක. මෙහි ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයකට මිනිසුන් 83කි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ එවන් වැදගත් කමකින් යුතු ථාර් කාන්තාරය පිළිබඳ කරුණු ඔබ වෙත ගෙන ඒමටයි.

පිහිටීම

wikipedia.org

මෙම කාන්තාරයේ කොටසක් වයඹ දිග ඉන්දියාවේ රාජස්ථාන් වල පිහිටා ඇති අතර තවත් කොටසක් නැගෙනහිර පකිස්ථානයේ පළාත් දෙකක පිහිටා තිබේ. මෙහි මායිම් ලෙස

  • බටහිරින් – වගා කර ඇති ඉන්දු ගංගා තැන්න
  • උතුරින් හා ඊසාන දෙසින්  – පන්ජාබ් තැන්න
  • ගිනිකොනින් – aravalli කන්ද
  • දකුණින් – rann of kachchh දැක්විය හැක.

මෙම කාන්තාරයේ දිග සැතපුම් 500ක් පමණ වන අතර පළල සැතපුම් 250ක් පමණ වේ. කාන්තාරය පුරාම දැකිය හැකි භූ රූප වන්නේ වැලි කඳු හා කැඩුණු ගල් පර්වත වේ.

කාලගුණය

tripoto.com

ථාර් කාන්තාරය ගිම්හාන කාලයේදී අධික උෂ්ණත්වයකින් යුතු වේ. මෙය දවල් කාලයේදී අධික උෂ්ණත්වයකින් යුතු වුවත් රාත්‍රී කාලයේදී සිසිල් කාලගුණයක් දැකිය හැක. ගිම්හාන කාලයේදී දැවෙන හිරු රශ්මිය නිසා මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 ක් දක්වා ඉහළ යයි. රාත්‍රී කාලයේදී නැවත එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ට වඩා අඩු මට්ටමක් දක්වා පහත වැටේ. ශීත කාලයේදී මෙහි උෂ්ණත්වය හිම මිදෙන තත්වය වන සෙල්සියස් අංශක බින්දුව දක්වා පහත වැටීම දැකිය හැක. ථාර් කාන්තාරයේ ශීත සෘතුව ඉතාම කෙටි වන අතර මෙය දෙසැම්බර් සිට ජනවාරි දක්වා මාස දෙකක පමණ කෙටි කාලයකට සිමා වේ. ථාර් කාන්තාරයේ වාර්ෂික වර්ෂාපතනය සෙන්ටිමීටර් 25 ට වඩා අඩු අගයක් ගනී.

ශාක හා සතුන්

tripoto.com

ලෝකයේ අනෙකුත් කාන්තාර සමඟ සංසන්දනය කර බලන විට ථාර් කාන්තාරය තුළ ශාක, සතුන් හා මිනිස් වාසස්ථාන බොහෝ ප්‍රමාණයක් දැකිය හැක. මෙහි කටුසු වර්ග 23ක් පමණ ජීවත් වන අතර සර්ප වර්ග 25 ක් පමණ දැකිය හැකි වේ. මොවුන්ගෙන් ඇතැමෙක් මෙම ප්‍රදේශයටම ආවේණික සත්ව කොට්ඨාස වේ. ඇතැම් කැලෑ සත්වයින් ඉන්දියාවේ අනෙකුත් කොටස් වලින් ශීඝ්‍රයෙන් වඳවීගෙන ගියත් ථාර් කාන්තාරය තුළ දැකගත හැකි වේ. මොවුන් සඳහා උදාහරණ ලෙස blackbuck, chinkara, ඉන්දියානු කැලෑ බුරුවා දැක්විය හැක. ථාර් කාන්තාරයේ මොවුන් ආරක්ෂා වීම සඳහා හේතු ගණනාවක් පවතී.

එයට එක් හේතුවක් ලෙස මෙහි කාලගුණය අධික උෂ්ණත්වයකින් යුතු නිසා තිබෙන වගා බිම් හැරෙන්නට කුඩා තණබිම් කපා ඒවා වගා භූමි බවට පරිවර්තනය කරන්නේ ඉතාමත් කලාතුරකිනි. එම නිසා මෙම සත්වයින්ට මිනිසාගෙන් ආරක්ෂා වී සිටීමට හැකියාව මෙහිදී සැලසේ.  ථාර් කාන්තාරයේ දක්නට ලැබෙන අනෙකුත් සත්වයින් ලෙස රතු නරියා, කැලෑ පූසා හා caracal දැක්විය හැක. ථාර් කාන්තාරය තුළ කුරුළු වර්ග 141ක් පමණ දැකගත හැකි වේ. ඒ අතර harriers, උකුස්සන්, කුරුළුගොයා, kestrel, vulture ආදී කුරුල්ලන් ප්‍රධාන වේ.

ථාර් කාන්තාරයේ උෂ්ණත්වය අධික වුවත් විවිධ ශාක, පඳුරු හා ලඳු කැලෑ, ඖෂධ පැළෑටි ආදිය දැකිය හැක. මෙහි ඇති කුඩා ශාක හා පඳුරු ලෙස calligonum polygonide, balantes roxburghii, ziziphus ආදිය දැක්විය හැක. මෙහි දැකිය හැකි ඖෂධ පැළෑටි කීපයක් ලෙස lasiurus scindicus, cynodon dactylon, compressa ආදිය දැක්විය හැක.

මිනිස් වාසස්ථාන හා ජලය

remotetraveler.com

ථාර් කාන්තාරයේ ජීවත් වන බොහෝ පිරිසක් අහිකුණ්ඨක ජනයා මෙන් තැනින් තැනට මාරු වීමේ  ජීවිකාවක් ගෙන යයි. මෙහි මිනිස් වාසස්ථාන වැඩිපුරම දැකිය හැකි වන්නේ සෘතුමය දිය පහරවල් දෙකක් ගලා යන Karon Jhar කඳු අසලයි. 1980 වාර්තා වලට අනුව ථාර් කාන්තාරය තුළ නිවාස ඒකක 241 326ක් පමණ පැවත ඇත. මෙම නිවාස වල කාමර එකක් හෝ දෙකක් තිබී ඇති අතර එක කාමරයක 3 දෙනෙකු පමණ ජීවත් වී ඇත. මෙහි ඇති බොහෝ නිවාස ඒකක වල පිටත සාදා ඇත්තේ නොපිළිස්සූ ගඩොල් වලින් වන අතර ඇතැම් විට ලී ද මේ සඳහා යොදා ගනී.

ථාර් කාන්තාරය තුළ ජලය වැදගත් භූමිකාවක් නිරූපණය කරයි. මෙහි ජීවත් වන ජනතාව Tobas නමැති කුඩා පොකුණු වල ජලය භාවිතා කරයි. සේදීමට, නෑමට, ඉවුම් පිහුම් ආදී සෑම කටයුත්තක් සඳහාම යොදා ගන්නේ මෙම පොකුණු වල ඇති ජලයයි. ඔවුන් සිටින ප්‍රදේශයේ Tobas සිඳුණු විට ජලය ඇති වෙනත් ස්ථානයක් කරා මොවුන් සංක්‍රමණය වේ.

ආර්ථික කටයුතු

ercotravels.com

ථාර් කලාපයේ දැකිය හැකි ප්‍රධාන රැකියාවන් වන්නේ ලී කර්මාන්තය, ආභරණ නිර්මාණය, වූල් විවීම, ලෙදර් කර්මාන්තය, සර්පයින් නැටවීම, කෘෂි කර්මාන්තය ආදියයි.

සංරක්ෂණය

ථාර් කාන්තාර ප්‍රදේශය ආශ්‍රිතව ජාතික උද්‍යාන 11ක් පමණ දැකිය හැක. මෙයින් විශාලම ජාතික උද්‍යාන වන්නේ Nara desert wildlife santuary හා rann of kutch ය. වර්තමානය වන විට මෙම සියලුම ජාතික උද්‍යාන සංරක්ෂණය සඳහා රජය විසින් පියවර ගෙන ඇත.

කවරයේ පින්තුරය – travelplanet.in

Related Articles