Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවන්ගමන් ඉතිහාසයේ වාර්තා හිමි කොග්ගල ගුවන් තොටුපොළ

අපේ රටේ තියන සීමිත ගුවන්තොටුපළවල් වලින් එකක් තමයි කොග්ගල ගුවන් තොටුපල, මේ ගුවන් තොටුපල පිහිටා තියෙන්නේ ගාලු නගරයට ආසන්නව, ගාලු නගරයේ සිට මාතර දෙසට කිලෝමීටර 14 ක් පමණ මාතර දෙසට පිහිටා ඇති ගුවන් තොටුපල වඩාත් මිනිසුන්ගේ ආකර්ෂණයට යොමු වන්නේ එක් සුවිශේෂී දෙයක් නිසා, ඒ තමයි මේ ස්ථානයේ මුහුදූ ප්‍රවාහනය ,ගොඩබිම් ප්‍රවාහනය, දුම්රිය මාර්ගය සහ ගුවන් තොටුපල යන සියලු ප්‍රවාහන අවස්ථා එකම වෙලාවක දැකිය හැකි ලංකාවේ එකම ස්ථානය වීම.

මීට අමතරව ගුවන් තොටුපලද ආකාර දෙකකින් ක්‍රියාත්මක වනවා. ඒ කියන්නේ ගොඩබිම් සහ ජලජ යන ආකාර දෙකෙන්ම මෙහෙයුම් කිරීමේ හැකියාව ලැබිලා තියන මේ ගුවන් තොටුපළ දෙවැනි ලෝක යුද්ධයට මුලස්ථානයක් ලෙසද ක්‍රියාකර තිබෙනවා. ඒ වගේම ඇතට දිවයන ඉතිහාසක් ඇති මේ ගුවන්තොටුපළ, ඉතිහාසයේ නොමැකෙන උරුමකම් වලට පවා හිමිකම් කියයි කියල තමයි අපි නම් හිතන්නේ.

කොග්ගල ගුවන් තොටුපළේ ඉතිහාසය

කොග්ගල ගුවන් තොටුපළේ අතීතයේ සිටි සේවකයන් පිරිසක්. (commons.wikimedia.org)

කොග්ගල ගුවන් තොටුපළේ අතීතයේ සිටි සේවකයන් පිරිසක්. (commons.wikimedia.org)

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කොග්ගල ගුවන්තොටුපළ දෙවන ලෝක යුද සමයේ සිටම විශේෂ සේවාවක් සිදුකල ස්ථානයක්. දෙවන ලෝක යුද සමයේ පෙරදිග පැවතී විශාලතම ෆ්ලයින් බෝට් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස  කොග්ගල කලපුව පවත්වාගෙන ගොස් තිබෙනවා.

දෙවන ලෝක යුධ සමයේදී රාජකීය ගුවන් හමුදාවට ඉමහත් සේවයක් සැපයු කොග්ගල ගුවන්තොටුපල ඔවුන්ගේ 202, 204, 205 සහ 230 භට ඛණ්ඩ ස්ථානගත කරන්නට සුදුසු ස්ථානයක් ලෙස පත්වීමට හැකියාවක් ලැබී ඇත. මෙහි ඉතිහාසයට අනුව එකල ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා යන ගුවන් යානා සදහා ඉන්ධන සපයන මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාකර ඇත. මීට අමතරව සිංගප්පුරුව හරහා යෙදී තිබු ගුවන් ගමන් මාර්ගය යුධ සමයේ අවහිර වීමත් සමග අපරදිග සිට පහසුවෙන්ම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ පර්ත් වෙත ගුවනින් ගමන් කල හැකි මාර්ගය ශ්‍රීලංකාව හරහා වැටි තිබු හෙයින් ඒ සදහාද කොග්ගල ගුවන් තොටුපල විශාල මෙහෙයක් සිදුකර ඇත.

නොනවතින ගුවන් ගමනේ එක් අන්තයක් කොග්ගල  කියලා දන්නවද?

කොග්ගල ගුවන්තොටුපළ ඉහලට දිස්වෙන ආකාරය. (bookings.lk)

කොග්ගල ගුවන්තොටුපළ ඉහලට දිස්වෙන ආකාරය. (bookings.lk)

නොනවතින ගුවන් ගමන කියන්නේ මොකක්ද? මේ ගුවන් ගමන තමයි අතීතයේ තිබුණ දිගම ගුවන් ගමන, මේ ගුවන් ගමන ඕස්ට්‍රේලියාවේ සිට කොග්ගල දක්වා ගමන් කරලා තියෙන්නේ, ක්‍රියාත්මක කරේ ඕස්ට්‍රේලියානු ක්වන්ටාස් ගුවන් සමාගම සහ ඉම්පීරියල් කියන ගුවන් සමාගම් දෙක එකතු වීමෙන්, කොහොම උනත් මේ ගමනට පැය 28ක් ගතවෙලා තියනවා. තවමත් මේ ගුවන් ගමන ගුවන් ගමන් ඉතිහාසයේ වාර්තාවකට පවා හිමිකම් කියනවා.

මේ ගුවන් ගමනේ තවත් සුවිශේෂී සිද්ධියක් තමයි මෙම ගමනට පැය 28ක් ගතවීම නිසා මෙහි ගමන් ගත් මගීන්ට එක් ගමනකදී හිරු උදාවෙනවා දෙවතාවක් දැකීමට හැකියාවක් ලැබීම. මේ නිසා තාමත් මිනිස්සු මේ ගුවන් ගමන හදුන්වන්නේ දෙවරක් හිරු පැයු ගුවන් ගමන හෙවත් The Double Sunrise එහෙම නැත්තම් නොනවතින ගුවන් ගමන ලෙසයි. මේ ගුවන් ගමන 1943 මාර්තු 30 ආරම්භ කරන අතර 1945 ජුලීමාස 18 දින දක්වා ක්‍රියාත්මක වෙලා තියනවා.

කොග්ගල ගුවන්තොටුපළ එයාර් සිලෝන් ගුවන් සේවයන් ගුවන් හමුදාවට

1947 සිට රාජකීය ගුවන් හමුදාව කොග්ගල ගුවන් කටයුතු අත්හැර දැමු අතර, 1964 දි එයාර් සිලෝන් ගුවන් සේවය මගින් කොග්ගල ගුවන්තොටුපළ කටයුතු ආරම්භ කරන්නට කටයුතු කළා. එම ආරම්භයත් සමග Dakota ගුවන් යනා යොදාගනිමින් ගුවන් ගමන් ක්‍රියාත්මක වූ අතර පසුව Avro 748 ගුවන්යානා සහ Nord aviation 262 ගුවන්යනා යොදාගනිමින් ගුවන් ගමන් කටයුතු සිදු කරන්නට විය.

අනතුරුව 1978 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කොග්ගල ගුවන් තොටුපළේ කටයුතු පවරන ලදී. ඒ අනුව මේ වනවිටත් කොග්ගල ගුවන් තොටුපළේ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සිදුකරගෙන යයි.

කොග්ගල ගුවන් තොටුපළේ පිහිටීම

කොග්ගල මෙහෙයුම් කරන ජලචර ගුවන් සේවය. (My Travel Affairs)

කොග්ගල මෙහෙයුම් කරන ජලචර ගුවන් සේවය. (My Travel Affairs)

කොග්ගල ගුවන්තොටුපළේ පිහිටීම ගැන බැලුවහම, එය එක් ගුවන් යානා ධාවන පථයකින් සහ ජලචර ගුවන් යානා මෙහෙයුම් කල හැකි ජලජ ගුවන් තොටුපලකින්ද යුක්ත වනවා. අතීතයේ වැඩිපුර ජලචර ගුවන් යානා මෙහෙයුම් දියත් කලද, මේ වනවිට ජලචර හා  ගොඩබිම් යන දෙඅංශයෙන්ම ගුවන් මෙහෙයුම් සිදු කරනු ලබනවා. කොග්ගල කලපුවේ පිහිටීම නිසා ජලචර ගුවන් මෙහෙයුම් පහසුවෙන් කළහැකි වීමෙන් මෙහි පිහිටීම ගුවන් ගමන් සදහා ඉතා වැදගත් වූ ගුවන් තොටුපලකි.

මුහුදු මට්ටමේ සිට අඩි 10ක් උසින් පවතින කොග්ගල ගුවන්තොටුපොළ එක් ධාවන පථයකින් සමන්විතය. ගුවන් ධාවන පථයේ එක අන්තයක් කොග්ගල කලපුවට සහ අනෙක් අන්තය දකුණු දුම්රිය මාර්ගයට අවසන් වී ඇත. ධාවන පථය දිගින් අඩි 3,319 හා පළලින් අඩි 150කින් යුක්ත වන අතර ධාවන පථය අංශක 07/25 දිශානතියකින් පිහිටා ඇත. මෙය කොන්ක්‍රීට් මගින් සදා ඇති අතර නඩත්තු කටයුතු කොග්ගල, රත්මලාන හෝ කටුනායක ගුවන් හමුදා කදවුරුවල සහයෝගයෙන් සිදුකරනු ලබයි.

කොග්ගල ගුවන්තොටුපළ සතු පහසුකම් මොනවද?

කොග්ගල ගුවන් තොටුපළේ තියන භෝජනාගාරයක්. (roystonellis.com)

කොග්ගල ගුවන් තොටුපළේ තියන භෝජනාගාරයක්. (roystonellis.com)

ගුවන්තොටුපළක තිබිය යුතු සියලු පහසුකම් වලින් සමන්විත කොග්ගල ගුවන්තොටුපළ හෙක්ටයාර 90ක් වූ භුමි ප්‍රදේශයක පැතිරී ඇත. මෙහි ඇති පහසුකම් අතර ගිනිනිවීමේ ඒකකයක්, ගුවන්යානා ඉන්ධන සැපයුම් මධ්‍යස්ථානයක්, කාලගුණික තොරතුරු මධ්‍යස්ථානයක් සහ වෛද්‍ය ඒකකයක්ද අඩංගුය. ගුවන් ගමන් පාලන කුළුණේ උස අඩි 30ක් වන අතර, VHF තරංග උපයෝගී කරගනිමින් සැතපුම් 5ක පමණ දුරක් සහ අඩි 4000ක පමණ උසකට සන්නිවේදනය කල හැකී උපකරණවලින් යුක්ත වේ.

ඒ වගේම ගුවන්තොටුපොළ සතුව ගුවන්යානා සංචිතයක් නොමැති වුවත් සේවය ලබා ගැනීමට පැමිණෙන ගුවන් යානා සදහා විශේෂ සේවයක් සපයන බව කිව යුතුය. මිට අමතරව නව ඉදිකිරීමක් ලෙස මාර්ගයේ අනිත් පස ඇති භෝජනාගාරයක් නඩත්තු වෙමින් පවතින්නේ ගුවන් හමුදාව විසින් වන අතර එයට ඕනෑම අයෙකුට යාමට හැකියාවක් ඇත.

සිවිල් ගුවන් සේවාව සදහා දක්වන දායකත්වය

ගුවන් පුහුණුවීම් කරන අවස්ථාවක්. (Aeronomadas.com)

ගුවන් පුහුණුවීම් කරන අවස්ථාවක්. (Aeronomadas.com)

කොග්ගල ගුවන්තොටුපළ සිවිල් ගුවන් සේවාවට දක්වන දායකත්වය සුළුපටු නොවේ. මෙහිදී මගී ප්‍රවාහන ගුවන් යානා සහ ගුවන් නියමුවන් පුහුණු කටයුතු සිදු කරන ගුවන් යානා සදහා පහසුකම් සපයන කොග්ගල ගුවන්තොටුපළ විශේෂයෙන්ම දේශීය ප්‍රභූවරුන්ගේ ගුවන් කටයුතුද මෙහෙයවනු ලබයි.

කොග්ගල කලපුව ශ්‍රී ලංකාව තුල අභ්‍යන්තර ජලචර ගුවන් ගමන් සේවා සපයන ප්‍රධානතම ගුවන් සමාගම වන සිනමන් එයාර් ගුවන් සමාගමේ විශේෂිත ගමනාන්තයකි. මීට අමතරව පෞද්ගලික ගුවන් නියමු පාසල් සදහා ගුවන් පුහුණු කටයුතු කිරීම සදහාද කොග්ගල ගුවන් තොටුපළ දායකත්වය සපයයි. ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන පෞද්ගලික අභ්‍යන්තර ගුවන් සමාගම් අවශ්‍ය අවස්ථාවලදී සිය කුලී ගමන් සේවා සදහාද යොදාගන්නේ කොග්ගල ගුවන්තොටුපළයි.

කොග්ගල ගුවන්තොටුපළෙහි නිලධාරීන් සහ සෙබළුන් 700 කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන අතර, කලපුව ආසන්නයෙහි නිමවා ඇති ගොල්ෆ් ක්‍රීඩාංගනය නිසාත් කලපුව නිසාත් සිත්ගන්නා සුළු පරිසරයක් එකතු කරයි.

නමුත් මේ සුන්දරත්වය දකුණුලකට පමණක් සිමාවී ඇත. මේ නිසාවෙන් එහි සුන්දරත්ය හා මනරම් පරිසරයේ ආශ්වාදය විදීමට එකතු වී සුවිශේෂී අත්දැකීමක් ලබාගත හැකිය. මීට අමතරව කොග්ගල ප්‍රදේශයේ අපි කවුරුත් දන්නා මඩොල්දුව, වැල්ලේ දේවාලය සහ රූමස්සල වැනි වටිනා ස්ථානයන් පිහිටීම නිසා කොග්ගලට යන ඕනෑම කෙනෙකුට තම අතීතයට එකතුවන්නේ වටිනා මතකයන් එකතුවකි.

මූලාශ්‍ර (ගුවන්සර)

Related Articles