Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රාජකීය මෙහෙසියන්ගේ රාජ්‍යය- බංගලාදේශය

රාජකීය මෙහෙසියන්ගේ රාජ්‍ය, රැජිනියන්ගේ රාජ්‍ය එහෙම නැත්නම් කුමාරිකාවන්ගේ රාජ්‍ය කියා හඳුන්වන්නේ අප කලාපයේ සාර්ක් රටක් වන බංගලාදේශය යි. එයට හේතුව වන්නේ 1991 වසරේ සිට නීත්‍යනුකූලව මාරුවෙන් මාරුවට එරට පාලනය කරන්නේ මෙම නායිකාවන් දෙදෙනා වීම යි.

බංගලාදේශය නම් රාජ්‍ය බිහි වීම 

බංගලාදේශය (ousweb)

1947 වසරේ දී ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබනවා. ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන්න හරියටම දවසකට කලින්, ඒ කියන්නේ 1947 වසරේ අගෝස්තු 14 වන දා ඉන්දියාවෙන් කොටසක් මුස්ලිම් වැසියන්ට වෙන් කර දීමට බ්‍රිතාන්‍යයන් තීරණය කරනවා. ඒ අනුව 1947 වසරේ අගෝස්තු 14 වන දා මොහොමඩ් අලි ජින්නගේ මෙහෙයවීම මත මුස්ලිම්වරුන් වෙනුවෙන් වෙනම ම රාජ්‍යක් නිර්මාණය වෙනවා. එය පාකිස්ථානය ලෙස නම් වෙනවා. පාකිස්ථානය කොටස් දෙකකට බෙදන අතර, ඒවා නැගෙනහිර පාකිස්ථානය හා බටහිර පාකිස්ථානය ලෙස නම් කරනවා.

බටහිර පාකිස්ථානයට (වර්තමානයේ පාකිස්ථානය ලෙස හඳුන්වන්නේ මෙම ප්‍රදේශය යි​.) පංජාබයේ කොටසක්, සින්ධ් යනාදී ප්‍රදේශ කිහිපයක් ඇතුළත් වූ අතර නැගෙනහිර පාකිස්ථානයට බෙංගාලයේ නැගෙනහිර ප්‍රදේශය ද අයත් වෙනවා. මුල් කාලයේ දී පාකිස්ථානය පාලනය කරන්නේ පන්ජාබ් ජාතික මුස්ලිම්වරුන්. ජනගහනයෙන් වැඩි වුව ද, නැගෙනහිර පාකිස්තානයේ බෙංගාලි වැසියන්ට දේශපාලනමය වශයෙන් බලයක් තිබුණේ නෑ. එමෙන්ම ඔවුනගේ භාෂාව යටපත් කිරීමේ උත්සාහයක් ද දියත් වෙමින් පවතිනවා. 1960 දශකයේ දෙවන භාගයේ පන්ජාබි දේශපාලන නායකත්වයට එරෙහිව නැගෙනහිර පාකිස්ථානයේ විශාල උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙනවා.

1970 දී පාකිස්ථානයේ මහ මැතිවරණයක් පැවති අතර එහි දී ආසන 300කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 160ක් නැගෙනහිර පාකිස්ථානයේ ක්‍රියාත්මක වූ අවාමි ලීගය දිනා ගන්නවා. එහි නායකයා වූයේ ශෙයික් මුජිබර් රහ්මාන්. කෙසේ නමුත්, බටහිර පාකිස්ථානයේ පාලන අධිකාරිය මෙම පාර්ලිමේන්තුව රැස් කරන්නේ නෑ. ඒ සමගම 1971 මාර්තු 26 වන දා බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යයක් ලෙස බුජිබර් රහ්මාන් විසින් ප්‍රකාශයට පත් කරනවා. නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් නම් වෙනවා. එහි පළමු ජනාධිපතිවරයා වන්නේ ශෙයික් මුජිබර් රහ්මානු යි.

ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දියණිය- ෂෙයික් හසීනා 

ෂෙයික් හසීනා (dnaindia)

1947 වසරේ උපත ලබන ෂෙයික් හසීනා, එරට පළමු ජනාධිපති වන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ වැඩිමහල් දියණිය යි. 1986 සිට1990 කාල සිමාවේ දී ඇය බංගලාදේශයේ විපක්ෂ නායිකාව ලෙස කටයුතු කරනවා. 1991 සිට නැවතත් 1995 දක්වා ද විපක්ෂ නායිකාව ලෙස කටයුතු කරන්නේ ඇය යි. වර්තමානයේ ද බංගලාදේශයේ අගමැතිවරිය වන ඇය, පළමුවෙන්ම බංගලාදේශයේ අගමැති ධූරයට පත් වෙන්නේ 1996 වසරේ දී යි. 1996 වසරේ සිට 2001 දක්වා වූ කාල සීමාව තුළ එරට පැරණිම පක්ෂය වන බංගලාදේශ අවාමි ලීගය නියෝජනය කරමින් ඇය අගමැතිවරිය ලෙස කටයුතු කරනවා.

නැවතත් ඇය අගමැති ධූරයට පත් වෙන්නේ 2009 වසරේ ජනවාරි මාසයේ දී යි. ඒ අවස්ථාවේ සිට මේ දක්වා ඇය එරට අගමැති ධුරය උසුලනු ලබනවා. මේ වන විට වැඩිම කාලයක් බංගලාදේශයේ අගමැති ධුරය දරා තිබෙන්නේ ෂෙයික් හසීනා යි. ඇයගේ මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලි ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී බවත්, විපක්ෂ ක්‍රියාකාරිකයන් දැඩි සේ මර්දනය කරන බවත් ඇයට විරුද්ධව නැගෙන ප්‍රබල චෝදනා යි. හසීනා ප්‍රමුඛ අවාමි ලීගය 2018 වසරේ දෙසැම්බර් මාසයේ එරට පැවති අවසන් මහා මැතිවරණය ද ෂෙයික් හසීනා නායකත්වය සපයන අවාමි ලීගය විසින් ජයග්‍රහණය කරනවා. ඔවුන් එරට පාර්ලිමේන්තුවේ ආසන 298න් 287ක් ජයග්‍රහණය කරන අතර, ප්‍රධාන විපක්ෂය වන බංගලාදේශ ජාතික පෙරමුණට රැක ගැනීමට හැකි වෙන්නේ ආසන හතක් පමණයි.

මැතිවරණය තුළ දී දකින්නට ලැබුණු රාජ්‍ය මර්දනය හා දූෂණ පිළිබඳ ව ප්‍රධාන විපක්ෂයේ නායකයා ලෙස දැනට ක්‍රියාකරන කමල් හුසේන් අවධාරණය කරන නමුත්, නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවති බව නව අගමැති ලෙස නැවත පත්වෙන ෂෙයික් හසීනා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනවා.

මෙම ජයග්‍රහණයත් සමග තෙවන වරට නැවතත් එරට අගමැති ධුරයට පත්වෙන ඇය, බංගලාදේශ ආර්ථිකය වර්ධනය කිරීමෙහිලා ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම, මාධ්‍ය නිදහස සීමා කිරීම, හා විරුද්ධ පාක්ෂිකයන් මර්දනය කරමින් ඒකාධිපති ස්වරූපයේ පාලනයක් රැගෙන යාම වැනි චෝදනා රාශියක් ද, මේ වන විට ඇයට එල්ල වී තිබෙනවා. ෆෝබ්ස් සඟරාවට අනුව 2018 වසරේ ලෝකයේ බලවත් කාන්තාවන් අතර 26 වන ස්ථානයේ රැඳී සිටින්නේත් ෂෙයික් හසීනා යි.

සිරගත වී සිටින කලීඩා ෂියා 

කලීඩා ෂියා (athavannews)

1947 දී උපත ලබන කලීඩා ෂියා, හිටපු බංගලාදේශ ජනපතිවරයෙකු වන ෂියාඋර් රහමන්ගේ බිරිඳ යි. මුස්ලිම් බහුතරයක් ඇති රටක රාජ්‍ය නායිකාවක් වශයෙන් පත් වූ ලෝකයේ දෙවැන්නිය වන්නේ ඇය යි. (මුස්ලිම් බහුතරක් ඇති රටක පළමු රාජ්‍ය නායිකාව වන්නේ බෙනාසීර් භූතෝ යි.) 

බංගලාදේශ ජාතික පක්ෂය නියෝජනය කරමින් අගමැතිනියක හා විපක්ෂ නායිකාවක ලෙස අවස්ථා කීපයක කටයුතු කරන ඇය, 1991 සිට 1996 දක්වා ප්‍රථම වරට එරට අගමැති ධුරය උසුලනවා. 2001 සිට 2006 වසර දක්වා ද එරට අගමැති ධුරය ඉසිලීමට ඇය සමත් වෙනවා. 2018 වසරේ පෙබරවාරි මාසයේ පැරණි දූෂණ චෝදනා කිහිපයකට වැරදිකාරිය කරමින් කලීඩා ෂියා ව වසර පහකට සිරගත කරනවා. ඒ හේතුවෙන් 2019 මැතිවරණය බංගලාදේශ ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ කලිඩා ෂියාගේ සමීපතමයෙකු වන කමල් හුසේනු යි.

වසර ගණනාවක් තිස්සේ මෙම කාන්තාවන් දෙදෙනා අතර පවතින දේශපාලන පොරය “රාජකීය මෙහෙසියන්ගේ සටන” ලෙස හඳුන්වනවා.

කවරයේ පින්තූරය- Roar Media 

මූලාශ්‍රයයන්- 

Bbc.com

Bnews.com

Related Articles