Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සංචාරකයින්ට ආශ්වාදය ගෙන එන දකුණු කොරියාවේ කෞතුකාගාර 7ක්

2018 ශිත ඍතු ඔලිම්පික් උළෙල දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිතයි. මෙය ක්‍රීඩකයන් හා සංචාරකයන් සඳහා පාරාදීසයක් වනු නොඅනුමානයි. දකුණු කොරියාව කියන්නෙ ඉතා කුඩා ඕනෑම ස්ථානයකට පැය හතරක කාලයක් ඇතුලත ලඟා විය හැකි ඉතා කුඩා රටක්. එබැවින් ඔලිම්පික් ගම්මානයට යාමට පෙර මෙම කෞතුකාගාර 07 නැරඹීමෙන් ඔබට දකුණු කොරියාවේ ඉතිහාසය, විද්‍යාව, කලාව, වගේම සංස්කෘතිය ගැනත් ඉතා හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්.

කිම්චිකන් (Kimchikan) කෞතුකාගාරය – Seoul

(කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති විවිධ වර්ගයේ කිම්චිකන්) Ecodallaluna/Flickr

ඔබ ‘කිම්චි’ (kimchi) වලට කැමති නම්, මෙම කෞතුකාගාරය ඔබා පාරාදීසයක් වනු ඇත. මෙම මුළු කෞතුකාගාරයම කැප වී ඇත්තේ දකුණු කොරියාවේ ඉතා ජනප්‍රිය ආහාරයක් වන ‘කිම්චි’ සහ එය නිර්මාණය කිරීමට භාවිතා කරන ‘කිම්ජන්’ (kimjang) යන ක්‍රියාවලිය සඳහායි.  මෙම කෞතුකාගාරය 1986 සිට පවත්වාගෙන එන අතර 2013 වසරේදී මෙම ආහාරය නිර්මාණය කිරීමට යන ක්‍රියාවලිය, ‘කිම්ජන්’ (kimjang) යුනෙස්කෝහි ඉතා සියුම් සංස්කෘතික උරුම සම්ප්‍රදායක් ලෙස නම් කරනු ලැබීය. කෞතුගාරයේ ඇති ස්ථිර ප්‍රදර්ශන කුටි තුළ මෙම ආහාරයේ වසර 1500ක ඉතිහාසය නිරූපණය කරන අතර විවධ වර්ගයේ ‘කිම්චි’ (kimchi) 80 කට වැඩි ගණනක් මෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා. තවද මෙහි විශේෂත්වයක් වන්නේ ඔබට අවශ්‍ය සාම්පල 04ක් ලබා ගැනීමට හෝ ඔබට අවශ්‍ය ආකාරයකට ‘කිම්චි’ සකසා ගැනීමට ඇති හැකියාවයි. ඔබ විසින් සකසා ගන්නා නිර්මාණය කෞතුකාගාර බලධාරීන් ආරක්‍ෂිත බහලුම් වල දමා නිවෙස් වලට ගෙන යාමට ද පහසුකම් සලසා ඇත.

කොරියානු ජාතික කෞතුකාගාරය – Seoul

කොරියානු ජාතික කෞතුකාගාරය – Ecodallaluna/Flickr

කොරියානු ජාතික කෞතුකාගාරය එරටෙහි විශාලතම කෞතුගාරය වන අතර, එය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්වා ඇති ඉතිහාසය නිරූපනය කරයි. මහල් තුනකින් සමන්විත මෙම කෞතුගාරයේ 320,000 කට අධික කලා කෘති රැසක් ප්‍රදර්ශනය කරනු ලබයි. මෙම මුළු ගැලරියම වෙන් කර ඇත්තේ කැටයම් චිත්‍ර සහ විවිධ කලා චිත්‍ර ප්‍රදර්ශනය කිරීම සඳහායි. මෙය කෞතුගාරයක් ලෙස පමණක්‌ ම ක්‍රියා නොකරයි; මෙහි ඇති පහසුකම් මගීන් මෙය සංස්කෘතික මාධ්‍යස්ථානයක් වනවා සේම ගැලරිය තුල අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් සඳහා ද ඉඩ වෙන්ව ඇත.

මෙහිදී ඔබ නැරඹිය යුතුම විශේෂාංග ලෙස සේද මාවත නිර්මිත ප්‍රදර්ශන භාණ්ඩය (The in-depth Silk Road) සහ තට්ටු 10ක්  දක්වා උසට කැටයම් කළ ‘පාගොඩා සහ බෙයික්ජි සුවඳ උඳුන’ (Pagoda and Baekji Incense Burner) මග හැර යා නොහැකිය.

ජාතික විද්‍යා කෞතුකාගාරය, Deajeon  

ජාතික විද්‍යා කෞතුකාගාරය Morning Calm Weekly Newspaper/Flickr

ජාතික විද්‍යා කෞතුකාගාරය ස්ථාවර හා භ්‍රමණය වන විද්‍යාත්මක ප්‍රදර්ශන භාණ්ඩ හා ග්‍රහ  ලෝකාගරයකින් සමන්විත වේ. මෙහි ඇති තාරකා විද්‍යා ශාලාව ප්‍රධාන අංගය වන අතර එය දකුණු කොරියාවේ ඇති එකම අභ්‍යවකාශ රංගශාලාව වේ. මෙමගින් තාරකා ශාස්ත්‍රය පිලිබඳ විවිධ වැඩසටහන් සහ මිනිස් අභ්‍යවකාශ සංචාර (human space travel) සඳහා අවකාශ සලසා දී තිබෙනවා. මෙහි ඇති  විද්‍යා හා තාක්ෂණික ශාලාව මගින් කොරියානු නව නිපැයුම් සඳහා වැඩි ඉඩක් ලබාදෙන අතර ඒ තුල ලොව පැරණිතම වර්ෂා මානය හා ලොව ප්‍රථම යකඩින් සෑදුනු යුධ නැව ඇතුලත් වෙනවා. එමෙන්ම මෙහි තිබෙන “greedy cup” ලෙස හැදින්වෙන නිර්මාණය මගින් මිනිසුන්ට හොඳ  පුරුද්දක් කියා දෙනු ලබයි. එනම් එම නිර්මාණය භාවිතා කරන්නෙකු එය 70% දක්වා පිරවුව හොත් එහි ඇති කෝප්පය පිරි ඉතිරි යයි. මෙම කෞතුකාගාරයේ ඇති මුළු නිර්මාණ ගණන 4000 කට ආසන්න වන අතර එයට ඓතිහාසික ආයුධ, මෙවලම්, කාලගුණ යන්ත්‍ර හා ඩයිනොසරයන්ගේ ෆොසිල අයත් වේ. විශේෂම කාරණය වන්නේ මෙම කෞතුකාගාරයට නොමිලේ ඇතුල් විය හැකි නමුත් සමහර ප්‍රදර්ශන කුටි වලට යාමේදී අමතර ගාස්තුවක් ගෙවිය යුතු වේ.

නෙක්සෝන් (Nexon) පරිගණක කෞතුකාගාරය – Jeju දුපත

නෙක්සෝන් (Nexon) පරිගණක කෞතුකාගාරය (Flickr, Jinho Jung)

මෙම කෞතුකාගාරය නෙක්සෝන් (Nexon) පරිගණක ක්‍රීඩා ආයතනය මගින් පවත්වා ගෙන යන අතර මෙය පරිගණක ක්‍රීඩා සඳහාම වෙන් වූ ස්ථානයකි. මෙම කෞතුකාගාරය එහි එන අමුත්තන්ව පරිගණක ඉතිහාසය දක්වා ගෙන යනවා මෙන්ම විවිධාකාරයේ පරිගණක ක්‍රීඩාවන්හී නියැලීමට ද අවකාශ සලසා ඇත. එම ක්‍රීඩා අතර Dance Dance Revolution, Super Nintendo සහ තවත් සම්භාවනීය පරිගණක ක්‍රීඩා රැසක නියැලීමට හැකියාව ඇත. මෙහි අනාගත තාක්ෂණය සම්බන්ධව ද ඇතුලත්ව ඇත. ඒ අතර Oculus Rift වැනි තාත්වික යථාර්තවාදී ක්‍රමවේදයන් (Virtual Reality Systems) භාවිතා කිරීමට ඇති හැකියාව සුවිශේෂ වේ.

මුළු කෞතුකාගාරයම පරිගණකයක හැඩයට නිර්මාණය කර ඇත.උදාහරණයක් ලෙස මෙහි ඇති කුඩා සේප්පු පරිගණකයේ යතුරු පුවරුවේ හැඩයට සකසා ඇත, එය Caps lock සහ F බොත්තම් වලින් සමන්විත වේ. එමෙන්ම මෙය නැරඹීමට යන්නේ නම් මෙහි ආපනශාලාවට යාමට අමතක නොකරන්න, මන්ද එහි ඇති පරගණක යතුරු පුවරු තේමාවට සකසා ඇති waffles සහ පරිගණක මුසිකයේ හැඩයට සකසා ඇති පැණිරස පාන් වර්ග වලට සුවිශේෂ තැනක් හිමිවන නිසාය.

Haenyeo කෞතුකාගාරය – Jeju දුපත

Haenyeo කෞතුකාගාරය

ජපානයේ ‘ආමර් පර්ල්’ (Ama pearl) කිම්දුම්කරුවන් මෙන්, Haenyeo ලෙස හැඳින්වෙන්නේ වෘත්තියමය කිමිදුම් උපකරණ නොමැතිව සිප්පි බෙල්ලන් එකතු කිරීමට සහ මුහුදු ජීවිතය ගත කළ කාන්තාවන් පිරිසකි. මොවුන් ‘Jeju දුපතේ අම්මාවරුන්’ ලෙස හඳුන්වන අතර දූපත තුල අද පවතින සංස්කෘතිය මොවුන් තුලින් ගොඩ නැගී ඇත. මෙම කුඩා Haenyeo කෞතුකාගාරය ඔවුනට ගෞරවයක් පිණිස ගොඩ නගා ඇති අතර මෙය Haenyeo කාන්තාවන් ජිවන රටාව පිලිබඳ මානවකෘති රැසක් නිරූපණය කරයි.

කෞතුකාගාරය ප්‍රදර්ශන ශාලා තුනකින් සමන්විත වේ. පළමු ශාලාව මූලික වන්නේ මොවුන්ගේ දිනපතා ගෘහ ජීවිතය, ආහාර, උත්සව හා ආගමික කටයුතු නිරූපනය කිරීමටය. දෙවන ශාලාව තුල ප්‍රදර්ශනය වන්නේ මෙම කාන්තාවන් කිමිදුම්කරණයේදී යොදා ගත් ආයුධ හා මෙවලම්, එනම් ආරක්ෂක කණ්නාඩි සහ ඉපිලුම් උපකරණ වැනි දේවල්ය. තුන්වන ශාලාව තුලදී අමුත්තන්ට මත්ස්‍ය කර්මාන්තය පිලිබඳ පුළුල් දැනුමක් ලබාගත හැක. එමෙන්ම මෙහි කුඩා ළමුන් සඳහාද වෙන් වූ කෞතුකාගාරයක් ඇති අතර එහිදී ඔවුන්ට Haenyeo ජන ජීවිතය හා බැඳුනු ක්‍රීඩා වල නිරත විය හැක.

ඇස් බැන්දුම් කෞතුකාගාරය – Seoul

ඇස් බැන්දුම් කෞතුකාගාරය,(Flickr, Jirka Matousek)

මෙම කෞතුකාගාරය තුල ‘trompe l’oeil’ නැමති විනෝදාත්මක උත්සවය සමරයි. මෙය Seoul හී වින්දනය පිරි ස්ථානයකි. මෙහි ඇති සෑම දෙයක්ම 2D හා 3D තාක්ෂණයේ සංකලනයක් වනවා සේම ඒ සියලුම කලා කෘති එකිනෙකට සම්බන්ධ වේ. ඒ නිසාම මෙහි එන අමුත්තන්ට ඔවුන් විසින්ම මෙම කලා කෘති වලට සහභාගී විය හැක. හිතන්න, ඔබව වතුරේ ඉන්නා සර්පයෙක් කෑමට ආවොත්? ඔබට එම සතාගේ පිට මතට නැග ඔහු අයාගෙන සිටින කටට මුවා විය හැක. හිතන්න, ඇතැම් විට ඇලිස්ගේ පුදුම ලන්තයේ සිටිනා සුදු හාවා සමග තේ කෝප්පයක් රස විඳීමට හැකි වුවහොත්? තේ පෝච්චිය අතට ගෙන චිත්‍රයට තේ වත් කිරීමට ඔබට හැක.

මෙහි දෙවන කෞතුකාගාරයක් ලෙස අයිස් නිමැවුම් ඇති ස්ථානයක් ද ඇත. එය Seoul වල අවුරුද්දක් පාසා පවත්වාගෙන එන විශාල අයිස් කැටයම් එකතුවකින් සෑදී ඇත. එමෙන්ම අතිරේක වියදමකින් තොරව, අයිස් ස්ලයිඩයක් පහළට නැංවීමට අවස්ථාව සලසා දීම සහ යෝධ ආලෝකවත් කරන ලද අයිස් තටු ඉදිරිපස සිටීමට අවස්ථාවක් ලබා දෙයි. මෙයින් පිටවීම සඳහා වාසනාව ලබා ගැනීමට, පැටලී ඇති දර්පන සහිත මාර්ගයේ ගොස් ඔබේ මාර්ගය සොයා ගත යුතුය.

Amsa-dong ප්‍රාග් ඓතිහාසික ජනාවාස – Seoul      

Amsa-dong (ප්‍රාග් ඓතිහාසික ජනාවාස)

මෙම නවශිලා යුගයට අයත් ජනාවාස 1925 දී මහා ගංවතුරකින් පසු ඉතිරි වූ පස් වලට වැසී තිබූ මැටි බදුන් සොයා ගැනීම තුලින් හෙළිදරව් වූවකි. මෙම සොයාගැනීම් වල ප්‍රමාණය නිසාම, ඒවා සිදු කිරීමට කැනීම් රාශියක් සිදු කළ අතර එම කැනීම් 1960 වන තුරුත් පටන් ගෙන තිබුනේ නැත. දැනට වසර 6000ක් පමණ පැරණි හැනෝ (Han) ගඟේ මඩ මඩම් නවයක් ප්‍රතිනිර්මාණය කර මේ වන විට පුරාවිද්‍යාඥයින් විසින් සාක්ෂි 30ක් පමණ සොයාගෙන ඇත. මෙම කෞතුකාගාරයේ ඇති ප්‍රදර්ශන ශාලා දෙක තුළන් නව ශිලා යුගයේ කොරියානු ජන ජීවිතය නිරූපණය කරයි. මැටි බඳුන් වලට අමතරව ආයුධ සහ ඊතල ඇතුලුව සැලකිය යුතු මානවකෘති සංඛ්‍යාවක් Amsa-dong තුලින් සොයාගෙන තිබේ.

ප්‍රධාන පින්තූරය : කොරියානු ජාතික කෞතුකාගාරයේ ඇති බෞද්ධ කැටයම් ගැලරිය, (H.B. Kang)

මූලාශ්‍රය: https://www.smithsonianmag.com/travel/7-must-see-museums-south-korea-180967800

Related Articles