Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වේල්සයේ හදවත – කැම්බ්‍රියන් කඳු පන්තිය

ලෝකයේ දක්නට ලැබෙන බොහොමයක් කඳුවල ඒවාට ආවේණික වූ ලක්ෂණ දක්නට ලැබේ.  උතුරු හා දකුණු අර්ධ ගෝලයේ දක්නට ලැබෙන බොහෝ කඳු ග්ලැසියර හෝ හිමෙන් වැසි පවතී. නිවර්තන කලාපයට වන්නට පිහිටා ඇති කඳු පන්ති වල ඉහළ ජෛව විවිධත්වයක් දැකිය හැක්කේ එම ප්‍රදේශ වල පවතින සෞම්‍ය කාලගුණය හේතුවෙනි. කැම්බ්‍රියන් යනු බ්‍රිතාන්‍යයේ පිහිටි එවැනි ඉතා සුන්දර කඳු පන්තියකි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ කැම්බ්‍රියන් කඳු පන්තිය පිළිබඳ කරුණු ඔබට ගෙන ඒමටයි.

පිහිටීම

wikipedia.org

වේල්සයේ හදවත ලෙස හඳුන්වන මෙය උතුරේ Machynlleth සිට බටහිර Rhayader දක්වා හා දකුණින් carmarthen දක්වා දිව යයි. බ්‍රිතාන්‍යයේ දිගම ගංගා දෙකක් මෙම කඳු මුදුනින් ආරම්භ වේ. බ්‍රිතාන්‍යයේ කුඩාම නගරය වන Llanwrtyd Wells පිහිටා ඇත්තේද කැම්බ්‍රියන් කඳු පන්තිය තුළ යි. මෙම කඳු පන්තියේ දක්නට ලැබෙන ඇතැම් කඳු මුදුන් මීටර් 700කට වඩා උසින් යුතු වේ. කැම්බ්‍රියන් කඳු පන්තිය snowdonia හා black mountain වලින් වෙන් කිරීම සිදු වන්නේ dovy හා tywi නිම්න මගිනි.

කඳු පන්තියේ රක්ෂිත භුමි

thousandwonders.net

කැම්බ්‍රියන් කඳු පන්තිය අතීතයේ දී “වේල්සයේ කොළ කාන්තාරය (green desert of wales)” ලෙසද හඳුන්වා ඇත. මෙහි ජාතික උද්‍යානයක් කරවීමේ වැඩපිළිවෙල 1965 වසරේදී ආරම්භ කරන ලද නමුත් 1973 වසරේදී එය අසාර්ථකත්වයට පත් විය. මෙම වැඩපිළිවෙල නිමා කර වසර 50 කට ආසන්න වුවද කැම්බ්‍රියන් කඳු පන්තිය තවමත් එම පාරිසරික ලක්ෂණ වලින් යුතු වේ.

කෙසේ හෝ වර්තමානය වන විට මෙම කඳු පන්තිය තුළ සංරක්ෂණය කර ඇති ප්‍රදේශ 8ක් දැකිය හැක. එම ප්‍රදේශ හෙක්ටයාර 42 සිට හෙක්ටයාර 4122ක් දක්වා ප්‍රමාණ වලින් පැතිර පවතී. ඉන් කුඩාම සංරක්ෂිත ප්‍රදේශය Grogwynion වන අතර විශාලම ප්‍රදේශය Cwm Doethie – Mynydd Mallaen ලෙස දැක්විය හැක. මීට අමතරව කැම්බ්‍රියන් කඳු පන්තිය තුළ විශේෂ සංරක්ෂිත ප්‍රදේශයක්ද දැකිය හැක. Elenydd – Mallaen ලෙස හඳුන්වන මෙය හෙක්ටයාර 30022ක් පුරා පැතිර පවතී.

කාලගුණය, ශාක හා සත්ව ප්‍රජාව

thousandwonders.net

කැම්බ්‍රියන් කඳු පන්තියේ බොහෝ ශාක හා සතුන් දැකිය හැක. තෘණ භුමි, සානු ප්‍රදේශ, කුඩා වන ලැහැබ්, නිම්න, තෙත් බිම් ආදියෙන් සමන්විත මෙම කඳු පන්තියේ, සතුන්ට වාසය කිරීමට නිවහන් බොහොමයක් ඇත. වාර්තා වලට අනුව මෙහි කුරුළු වර්ග 100ක් පමණ දැකිය හැකි වන අතර, ක්ෂීරපායින් වර්ග 35ක්, සමනළයින් වර්ග 30ක් හා මැස්සන් වැනි පියාඹන සතුන් වර්ග 40ක් පමණ දැකගත හැකි වේ.

මෙම කඳු පන්තියේ ඊට ආවේණික වූ පැළෑටි, පාසි හා මීවණ වර්ග දැකිය හැක. ඒ අතර ලයිකන වර්ග 350ක්, පාසි වර්ග 300ක්, මීවන වර්ග 30ක්, මල් දරණ පැළෑටි වර්ග 450ක් පමණ ඇත. මේවා අතරින් ඇතැම් ශාක අන්තර්ජාතික වටිනාකමින් යුතු වේ. පරීක්ෂකයන් පවසන ආකාරයට මෙහි දඬු ලේන් ජනාවාසද කීපයක් ඇත. බටහිර වේල්ස් වල දැඩි අනතුරට පත් පක්ෂීන් වර්ගයක් ලෙස සැලකෙන රතු උකුස්සාද මෙහි ජිවත් වී ඇත.

කඳු පන්තියෙන් ආරම්භ වන ගංගා

trekearth.com

කැම්බ්‍රියන් කඳු පන්තියෙන් ඇති විල් හා ජලාශ ගංගා රාශියක ආරම්භක මූලය ලෙස සැලකේ. මෙයින් ආරම්භ වන ගංගා ලෙස

  • කැම්බ්‍රියන් වල පිහිටා ඇති Telfi පොකුණෙන් telfi ගංගාව ආරම්භ වේ.
  • කැම්බ්‍රියන් වල පිහිටා ඇති Elan ජලාශය Wye ගංගාව පෝෂණය කරයි.
  • කැම්බ්‍රියන් වල පිහිටා ඇති Brianne ජලාශය Cothi ගංගාව පෝෂණය කරයි.
  • කැම්බ්‍රියන් වල පිහිටා ඇති Clywedog පොකුණෙන් Severn ගංගාව පෝෂණය කරයි.

කැම්බ්‍රියන් කඳු පන්තියේ ප්‍රධාන කොටස්

කැම්බ්‍රියන් කඳු පන්තිය ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වයි. ඒවා නම්

  • Pumlumon
  • Elenydd
  • Mynydd Mallaen ය.

Pumlumon ප්‍රදේශය යනු කැම්බ්‍රියන් කඳු පන්තියේ ඈත උතුරු කොටසයි. මෙම ප්‍රදේශය Nant y Moch ජලාශයෙන් වට වී පවතී. කැම්බ්‍රියන් කඳු පන්තියට අයත් වැඩිම කඳු මුදුන් ප්‍රමාණයක් දැකිය හැක්කේ මෙම කොටස තුළ යි. මෙහි උසම ස්ථානය වන්නේ Pumlumon Fawr කඳු මුදුන යි. මෙහි උස මීටර් 752 ක් පමණ වේ. මෙයට උප කඳු මුදුන් 5ක් පවතී. ඒවා පහත ලෙස දැක්විය හැක

  • Pen pumlumon arwystli – උස මීටර් 741කි.
  • Pen pumlumon llygad –bychan – උස මීටර් 724 කි.
  • Y garan – උස මීටර් 684 කි.
  • pumlumon cwmbiga – උස මීටර් 622 කි.
  • pumlumon fash – උස මීටර් 657කි.

discoverceredigion.co.uk

Elenydd යනු කැම්බ්‍රියන් කඳු පන්තියේ විශාලම හා දුෂ්කරම කොටසයි. මෙම ප්‍රදේශය උස් සානු බොහොමයකින් සමන්විත වන අතර ඒවා අධික බෑවුම් ඇති නිම්න මඟින් වෙන් වී පවතී. මෙම කොටසේ ඇති උසම කන්ද වන්නේ Drygarn Fawr ය. මෙහි උස මීටර් 645ක් වේ. මෙය වේල්ස් වල ඇති සුන්දරම කඳු පන්තියක් ලෙස සැලකේ.  කැම්බ්‍රියන් වල ඇති විශාලම කඳු තරණය කිරීමේ ප්‍රදේශය වන්නේ upper tywi valley ය. මෙම ප්‍රදේශය Llyn Brianne වේල්ලෙන් වටවී පවතී.

කැම්බ්‍රියන් කඳු පන්තියේ තවත් කොටසක් වන Mynydd Mallaen පිහිටා ඇත්තේ Llyn Brianne වේල්ලට දකුණින් ය. මෙම ප්‍රදේශය කඳු ගණනාවකින් සමන්විත වන අතර අධික බෑවුම් සහිත නිම්න වලින්ද සමන්විත වේ. කැම්බ්‍රියන් කඳු පන්තියේ සිටින කුරල්ලන් නැරඹීමට එන පුද්ගලයෙකුට වඩාත් සුදුසුම ප්‍රදේශය මෙය ලෙස දැක්විය හැක. මෙහි නිම්න ආශ්‍රිතව තෘණ භුමි දැකිය හැකි අතර අතරින් පතර කුඩා වනාන්තරද පවතී.

කවරයේ පින්තුරය – thousandwonders.net

Related Articles