Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැනීසි නගරයේ සවාරියක්

වැනීසිය යනු ඉතාලියේ පිහිටා ඇති සුන්දර නගරයකි. මෙම නගරය පාලම් වලින් එකිනෙකට යා කර ඇති දූපත් සමූහයකින් සමන්විත වේ. ඉතාලියේ veneto ප්‍රාන්තයේ අග නගරය වන මෙය කාගේත් අවධානයට ලක් වී ඇත්තේ එහි ඇති සුන්දරත්වය නිසාවෙනි. මෙම නගරය සෘජුවම භූමිය මත නිර්මාණය කළ  නගරයක් නොවන අතර එය ගොඩනගා ඇත්තේ ලී කණු මතයි. ලී කණු මුලින්ම යොදා ගන්නා ලද්දේ ධීවරයින්ගේ ගෙවල් සඳහා අත්තිවාරම් දැමීමටයි. නමුත් අද වන විට වැනීසි නගරයම තම ඉදි කිරීම් සඳහා මෙම තාක්ෂණය භාවිතා කරයි. වැනීසිය සඳහා සංචාරක ආකර්ෂණය ලැබීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ නගරය වටා පවතින ඇල මාර්ග ඔස්සේ සංචාරය කිරීමට පවතින gondola නමැති ඔරු විශේෂයේ ගමන් කරමින් සංචාරකයින්ට නගරය නැරඹීමට හැකි වීම හේතුවෙනි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ සුන්දරත්වයෙන් ඉහළ වැනීසිය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමටයි.

භූගෝලීය පිහිටීම

twitter.com

වැනීසිය කොදෙව් දුපත් 100 කට අධික ප්‍රමාණයකින් සමන්විත වේ. මේ සියල්ලම ඇල මාර්ග වටා එකිනෙකට යාබදව පිහිටා ඇත. වැනීසි නගරය පිහිටා ඇත්තේ කලපුවක් තුළයි. මෙය මුහුදින් ආරක්ෂා වී ඇත්තේ Lido නමැති දිග භුමි කොටසකිනි. වැනීසිය දිනෙන් දින ගිලෙමින් පවතින නගරයකි. සෑම වසරකම ඉහළ යන ජල මට්ටම නගරයේ සැලැස්මට බාධා ඇති කරයි. බොහෝ දෙනෙකු තුළ පවතින බියක් වන්නේ මේ සුන්දර නගරය කෙදිනක හෝ දිය යට සැඟවේවිද යන්නයි.

ඉතිහාසය

lonelyplanet.com

වැනීසි නගරය පිහිටුවන ලද්දේ රෝමානුවන් විසිනි. වැනිසියේ ඇති laguna venetia ප්‍රදේශයේ විවිධ දූපත් වල හුදකලා ධීවරයින් ජීවත් වූ බවටද සාක්ෂි හමු වී ඇතත් වැනීසිය සත්‍ය වශයෙන්ම පිහිටුවා ඇත්තේ 452 වසරේදී ය. මේ කාලයේදී huns නමැති ජාතිය තම නායකයා වන Attila සමඟ උතුරු ඉතාලියට පැමිණ මෙම ප්‍රදේශයට සංක්‍රමණය වී මෙහි ජනවාස පිහිටුවා ගන්නා ලදි. Attila ගේ ම්ලේච්ඡ බියෙන් එවකට   වගුරු බිමක්ව තිබූ මෙම ස්ථානය පසුව නගරයක් බවට පත් කළ බවද පැවසෙනවා. තවද උතුරු ඉතාලියට පැමිණෙන ආක්‍රමණිකයන් හේතුවෙන් ඇතැම් පිරිස් වැනිසියට පැමිණ එහි පදිංචි වී නිවාස හා පාලම් තනන ලදි.

13 වන සියවස වන විට වැනීසිය ඉතාමත් ජනාකීර්ණ නගරයක් බවට පත් වූ අතර ගොඩනැගිලි රාශියක් මෙහි ඉදි කර තීබීම දැකිය හැකි විය. කාලයත් සමඟ විශාල වෙළඳ නගරයක් බවට පත් වූ වැනීසිය හැදින්වුණේ “queen of the adria”. ඉතාලියේ සංසරණය වන භාණ්ඩ විශාල ප්‍රමාණයක පාලනය වැනීසිය සතුව තිබූ අතර මධ්‍යධරණී මුහුදේ ප්‍රධාන වෙළඳ මාර්ග කීපයක්ද මොවුන්ගේ පාලනය යටතේ පැවතිණි. 15 වන සියවස දක්වා වැනිසියට තම බලය පවත්වාගෙන යාමට හැකි විය. නමුත් පසුව ඔටෝමන්වරුන් තමා උපයාගත් දේ සමඟ වැනීසිය අතහැර දැමීමත් සමඟ එහි බලය ක්‍රමයෙන් අඩු වන්නට විය. 1866 වසරේදී වැනීසිය ඉතාලියේ කොටසක් බවට පත් විය.

සංචාරය කළ හැකි බෝට්ටු හා පාලම්

europeanbestdestinations.com

වැනීසි නගරය නැරඹීම සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ බෝට්ටු සවාරි යාමයි. බෝට්ටු ගමන් අතරින් gondola නමැති බෝට්ටු වර්ගය සංචාරය කිරීම සඳහා බහුලවම භාවිතා කරයි. වර්තමානය වන විට නියම gondola බෝට්ටු ඇත්තේ අඩු ප්‍රමාණයකි. gondola වෙනුවට වෙනත් බෝට්ටු භාවිත කිරීමට ජනයා පුරුදුව සිටි. නමුත් නියම gondola බෝට්ටු වල හැඩය, කළු තීන්ත ආලේපය ආදී ලක්ෂණ වැනිසියේ ඉතිහාසය විදහා දක්වයි. බොහෝ රචකයින් වැනිසියේ සුන්දරත්වය වැඩි කිරීමට භාවිතා කර ඇති උපක්‍රමයක් වන්නේ gondola බෝට්ටු පිළිබඳ විස්තර කිරීමයි. සංචාරකයින් අධික මුදලක් ගෙවා වුවද අඩ අඳුරේ gondola බෝට්ටු වල ගීත ගායනා කරමින් සංචාරය කිරීමට බොහෝ කැමැත්තක් දක්වයි.

වර්තමානය වන විට වැනිසියේ ඇල මාර්ග විවිධ මෝටර් බෝට්ටු වලින් පිරී පවතින ආකාරය දැකිය හැක. මේ අතර වැනීසි නගර සභාව විසින් පවත්වාගෙන යන පොදු ප්‍රවාහන බෝට්ටු හා විවිධ පුද්ගලික බෝට්ටු දැකිය හැක. මීට අමතරව එළවළු හා පලතුරු ප්‍රවාහනය කරන පාරු, කුණු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා පාරු, ගිලන්රථ හා පොලිස් නැව් සේවාවන්, සංචාරක බෝට්ටු, ආදිය දැකිය හැක.

thomascook.com

Rome square හා lido වලදී හැර වැනීසි නගරයේ කිසිදු පුද්ගලයෙකුට මෝටර් රථ භාවිතා කිරීමට නොහැක. ඕනෑම පුද්ගලයෙකුට නගරය තුළ තමා කැමති ස්ථානයකට පයින් ගමන් කළ හැක. මෙහි ජනයා වඩාත් ප්‍රිය කරන්නේ ඇල ඉවුරු හරහා පයින් ඇවිද යාමට යි. මෙලෙස ගමන් කිරීමේදී සුන්දර පාලම් 400ක් පමණ දැක ගත හැක. අතීතයේ පැවතී ගල් පාලම් අදටත් වැනීසිය තුළ දැක ගත හැක. නමුත් 19 වන සියවසේ දී මේවා බොහොමයක් වානේ යොදා නැවත නිර්මාණය කිරීම සිදු කර ඇත.

වෙනත් රසවත් කරුණු

වැනීසිය තුළ ඓතිහාසික ගොඩනැගිලි රාශියක් දැකගත හැක. මේවා නවීන හා පැරණි ගෘහ නිර්මාණ ශිල්පයන්ගෙන් අලංකාර කර ඇත. වැනීසිය යුරෝපයට වැදගත් වන තවත් කරුණක් වන්නේ murano දූපත් වල සිදු කරන වීදුරු නිෂ්පාදනයි. යුරෝපයේ විශාලතම වීදුරු නිපදවන්නෙක් ලෙස වැනීසිය දැක්විය හැක. මෙම වීදුරු වඩා ජනප්‍රිය වීමට හේතුව වන්නේ ඒවා සඳහා යොදා ගන්නා උසස් තත්වයේ අමු ද්‍රව්‍ය හා ඉහළ නිමාවක් පැවතීමයි.

tripsavvy.com

මීට අමතරව වැනීසියේ ඝණ්ඨාර කුළුණු 170 ක් පවතී. මෙයින් San marco කුළුණ ඉතාලියේ පස් වනුවට උසම ඝණ්ඨාර කුළුණ ලෙස දැක්වේ. 12 වන සියවසේ ඉදි කර ඇති මෙය 1902 වසරේදී කඩා වැටුණි. නමුත් වර්තමානය වන විට එය තිබුණු තත්වයෙන්ම නැවත ගොඩ නංවා ඇත. වැනීසිය නැරඹීමට වසරකට සංචාරකයින් මිලියන 18ක් පමණ පැමිණෙන අතර එක් දිනක සංචාරකයින් ප්‍රමාණය 50 000ක් පමණ වේ.

ආර්ථිකය

18 වන සියවසෙන් පසු වැනීසියේ ප්‍රධාන ආර්ථික කටයුත්ත බවට පත් වී ඇත්තේ සංචාරක කර්මාන්තයයි. 19 වන සියවසේදී ඉදි වූ අධි සුඛෝපභෝගී නවාතැන් වන danieli හෝටලය හා caffe florian ආදිය ධනවත් සංචාරකයින් සඳහා වෙන් විය. බොහොමයක් සේවා හා කර්මාන්ත වල පදනම ලෙස පවතින්නේ සංචාරක කර්මාන්තයයි.

කවරයේ පින්තුරය – telegraph.co.uk

Related Articles