Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෝපි කෝප්පයකට එහා තෘප්තියක් ලබා දෙන කෝපි අවන්හල

huffingtonpost.com

යම් පුද්ගලයෙකු ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කරනු ලබන්නේ ඒ මගින් ලාභ උපයා ගනිමින් තමන්ගේ යහපත සලසා ගැනීම පිණිස ය. එහිදී සේවකයන් එම ව්‍යාපාරය සඳහා යොදාගනු ලබන්නේ නම් අදාළ ව්‍යාපාරයට ගැලපෙන ආකාරයේ මානසික සහ කායික යහපැවැත්මෙන් සමන්විත සේවකයන් තෝරා බේරා ගැනීමට කටයුතු කරනු ලබයි. නමුත් නිසි ලෙස මොළය වර්ධනය වී නොමැති ඔටිසම් වැනි තත්ත්වයන් සහිත සහ අවම බුද්ධි මට්ටමක සිටින සේවකයන් බඳවා ගැනීම සඳහා කිසිදු ව්‍යාපාර හිමිකරුවෙකු කැමති වන්නේ නැත. නමුත් ඉහත සියළුම සුදුසුකම් ප්‍රතික්ෂේප කරමින්, ඉහතින් දැක්වූ ආකාරයේ බුද්ධි මට්ටම අවම, බුද්ධිය හා බැඳුණු රෝගවලින් පෙළෙන පුද්ගලයන් තම රැකියා ස්ථානයේ සේවකයන් බවට පත් කරගැනීමට එක් ව්‍යාපාරිකයෙකු කැමැත්ත පළ කර ඇත. මෙම ව්‍යාපාරික කාන්තාව උතුරු කැරොලිනාවේ ජිවත්වන ව්‍යාපාරික කාන්තාවක වන අතර ඇය 2017 වර්ෂයේ CNN නාලිකාව මගින් පවත්වන වීරවරයන් දසදෙනා අතරට ඇතුළත් කාන්තාවක් වේ. ඇය නමින්  Amy Wright ය.

ව්‍යාපාරික පසුබිම

southernliving.timeinc.net

මෙම ව්‍යාපාරික කාන්තාවට දරුවන් සිව් දෙනෙකු සිටින අතර බාල දරුවන් දෙදෙනෙකු බුද්ධි මට්ටම අවම දරුවන් වේ. ඔවුන් දෙදෙනා වන්නේ Bitty සහ Beau වේ. ඇය තම මෙම අපූරු කෝපි අවන්හලේ  ව්‍යාපාරික නාමය ලෙස යොදාගෙන ඇත්තේ ද මෙම දරුවන් දෙදෙනාගේ නම් දෙකෙහි එකතුවකි. Bitty සහ Beau දෙදෙනා බිහි වීමෙන් පසුව Wright යුවළ දරුවන් දෙදෙනාගේ අනාගතය පිළිබදව කණගාටුවෙන් පසු වූ අතර, බුද්ධිය අවම මට්ටමක පවතින හෝ නිසි ලෙස ශරීර වර්ධනය නොවූ පුද්ගලයන් කුමන අංශයේ රැකියාවන්හි නිරත වනවාද, රැකියා වෙළඳපොළ තුළ ඔවුන්ට හිමිවන ස්ථානය පිළිබඳව සොයා බලන ලදි.

ආබාධ සහිත පුද්ගලයන්ගෙන් සියයට හැත්තෑවක් පමණ පිරිස් විරැකියාවෙන් පීඩාවට පත්වන බව  සහ සමාජය තුළ පවතින සම්ප්‍රදායික මතය හේතුවෙන් මෙවැනි පුද්ගලයන්ට පිළිගැනීමක් හෝ නිසි තැන ලැබීමක් සිදු නොවන බව ඔවුන් වටහා ගන්නා ලදි.

www.rachaelrayshow.com (Wright යුවළ  සහ බාල දරුවන් දෙදෙනා)

ඒ සමඟ මෙවැනි පුද්ගලයන්ට රැකියා ලබා දෙමින් යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. කෝපි පානය සඳහා පවතින අවන්හල් ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉතාම සුලභව දක්නට ලැබේ. නමුත් මෙම ව්‍යාපාරික කාන්තාව පවත්වාගෙන යනු ලබන කෝපි අවන්හල ප්‍රසිද්ධ අවන්හලක් බවට පත් වී ඇත්තේ එහි සේවය කරනු ලබන සුවිශේෂී සේවකයන් හේතුවෙනි. මොවුන් මෙම කෝපි අවන්හල ආරම්භ කරන ලද්දේ වෙමිල්ටන්හි අඩි පන්සියයක පමණ කුඩා ප්‍රමාණයක ඉඩකඩක ය. මෙහි සියළුම සේවකයන් බුද්ධිමය වශයෙන් හෝ වර්ධනය අතින් විවිධ ආබාධ පවතින සේවකයන්ය. එපමණක් නොව මෙවැනි තත්ත්වයන්ගෙන් පිඩා විදින පුද්ගලයන් රැකියාවන් සඳහා බඳවා ගැනීමට බොහෝ ව්‍යාපාරිකයන් මැලිවීම හේතුවෙන් මෙහි රැකියාවේ නියුතු සේවකයන්ගෙන් බොහෝ දෙනෙකුගේ ප්‍රථම රැකියාව මෙය වේ.

2017 වනවිට මෙම කෝපිහල සාර්ථක අරමුණක් බවට පත්ව ඇති අතර, Amy පවසන ආකාරයට යම් ආබාධයක් ඔවුන්ට පැවතියත් ඔවුන්ට බොහෝ දේ කිරීමට හැකි බව ඔප්පු කිරීම සඳහා මෙම ව්‍යාපාරය යහපත් පසුබිමක් සපයා ඇත. මෙම ව්‍යාපාරය 2016 වසරේ ජනවාරි මස ආරම්භ කෙරුණු කුඩා ව්‍යාපාර ස්ථානයෙන් සාර්ථක වීම හේතුවෙන් වැඩි ඉඩ පහසුකම් පවතින ව්‍යාපාරික ස්ථානයක් කරා මාස හයක් ඇතුළත යාමට සිදු විය .

කෝපි කෝප්පයකට ඔබ්බෙන් යමක්

cdn.cnn.com

මෙම ව්‍යාපාරික ස්ථානයේ එවැනි විශේෂිත පුද්ගලයන් හතළිස් දෙනෙකු සහ මෙම පුද්ගලයන් පිළිබඳ විශේෂ අධ්‍යයනයන් සිදු කරමින් උසස් අධ්‍යාපනය ලැබූ උපාධිධාරී පුද්ගලයන් දෙදෙනෙකු කළමනාකරුවන් දෙදෙනෙකු ලෙස යොදාගෙන ඇත. ව්‍යාපාරික ස්ථානය තුළ සේවකයන් කඩිසර ලෙස සේවයේ නිරත වන අතර, මෙම කෝපිහල මගින් ලැබෙන සියළුම ලාභ බැර වන්නේද මෙවැනි පුද්ගලයන් සඳහා පවතින අරමුදලක් සඳහාය.

එමෙන්ම සාමාන්‍ය තැනැත්තන් මෙවැනි තැනැත්තන් වෙනස් කොට සළකනු ලබන හෙයින් මෙම සොඳුරු ව්‍යාපාරික ස්ථානය මගින් ඔවුන්ද අප හා සමාන බවට වටහා ගැනීමේ හැකියාව ලැබේ. සාමාන්‍ය මිනිසුන්ට වඩා සාර්ථක ලෙස මෙම ව්‍යාපාරය ගෙන යාමට හැකියාව ලැබී ඇත්තේ ඔවුන් සතු ආත්ම ශක්තිය හේතුවෙනි. සාමාන්‍ය පුද්ගලයන්ට රැකියාවක් මගින්  ලැබෙන ආත්ම තෘප්තියට වඩා වැඩියෙන් තෘප්තියක් මෙම සේවකයන්ට ලැබෙන අතර, සමාජය මගින් ඔවුන් කොන් කරනු ලබන පිරිසක් නොව සමාජයට යම් සේවයක් සිදු කරනු ලබන පිරිසක් ලෙස ආත්ම අභිමානයක් මේ මගින් හිමිවීමත් සුවිශේෂී කරුණකි. එමෙන්ම අනෙකුත් සාමාන්‍ය කෝපිහල් වලට වඩා විශේෂ වන්නේ Bitty&Beau කෝපි අවන්හලෙහි මුදලට කෝපි කෝප්පයක් විකිණීමට ඔබ්බෙන් මිනිස් අයිතිවාසිකම් පිළිබඳව ඉදිරි පියවරක් තබා ඇති හෙයිනි. එපමණක් නොව මෙම කෝපි අවන්හලට පැමිණෙන සියළුම දෙනාම පාහේ ඉන් පිටව යන්නේ ‘’ඔබ මගේ දවස ප්‍රබෝධමත් කළා’’ යනුවෙන් පවසමින් ස්තූති කරමිනි.

එමෙන්ම මෙම කෝපි අවන්හලින් නොනැවතී රට පුරාම මෙවැනිම සේවකයන් යොදා ගනිමින් ඔවුන්ගේ ජිවිත ආර්ථිකමය, සාමාජීය සහ මානසික වශයෙන් දිරි ගැන්වීම සඳහා සැලසුම් කරමින් සිටී. එමෙන්ම විදේශීය ආකර්ෂණය ඉහළ ප්‍රදේශයක් වන දකුණු කැරලිනාවේ චාල්ස්ටන් හි සංචාරක ආකර්ෂණය දිනාගනු ලැබූ ප්‍රදේශයක දෙවන ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කිරීමට ඇය බලාපොරොත්තු වන අතර ඒ සඳහා සේවකයන් විසි දෙනෙකු බඳවා ගැනීමට නියමිතය. මෙම ඉදිරි පියවර මගින් මිනිසුන්ගේ හදවත සහ මනස වෙනස් කිරීමට හැකියාව ලැබේවි. සංචාරකයන් සමඟ කටයුතු කිරීම Amy ආරම්භ කරන ලැබූ මෙම අදහස තවත් ව්‍යාපාරිකයන් ආදර්ශයට ගැනීමට ඉඩකඩ ඇත.

Cover Image: starnewsonline.com

මූලාශ්‍ර

1.www.cnn.com

2.www.bittyandbeauscoffee.com

3.www.charlestoncitypaper.com

Related Articles