Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු ඇමරිකාවේ සිව්වන කුඩාම රට – ඉක්වදෝරය

ලෝකයේ ස්වභාව සෞන්දර්ය අතින් පොහොසත් රටවල් බොහොමයක් ඇත. ඉක්වදෝරය යනු එවැනි පාරිසරික වටිනාකමකින් යුතු විවිධ වූ පරිසර පද්ධතියන්ගෙන් පිරුණු රටකි. බොහෝ පාරිසරික විද්‍යාඥයින්ට පරීක්ෂණ භූමින් සපයන රටක් බවටද ඉක්වදෝරය පත් වී ඇත. ලෝකයේ වටප්‍රමාණය පිළිබඳව කළ පළමු පරීක්ෂණය සඳහා පාදක රට ලෙස තෝරා ගන්නා ලද්දේ ඉක්වදෝරයයි.  මෙම පරීක්ෂණය සිදු කරන ලද්දේ ප්‍රංශයේ Charls Marie de la විසිනි.

මිට අමතරව Alexander von හා Chares Darwin විසින් ඉක්වදෝරයේ සිදු කළ පරීක්ෂණ මඟින් නවීන භූගෝල විද්‍යාවේ, පරිසර විද්‍යාවේ න්‍යායන් බොහොමයකට අඩිතාලම සකසන ලදී. මිට අමතරව සාරවත් අතීත සංස්කෘතියකට උරුමකම් කීමටද ඉක්වදෝරය සමත් ව තිබේ. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ඉක්වදෝරය පිලිබඳ කරුණු ඔබ වෙත ගෙන ඒමටයි.

පිහිටීම

intrepidtravel.com

දකුණු ඇමරිකාවේ බටහිර කොටසේ පිහිටා ඇති ඉක්වදෝරය හරහා සමකය ගමන් කරයි. පැසිෆික් සාගරයෙන් සිමා වූ මෙය කොලොම්බියා හා පේරු රාජ්‍යයන් මධ්‍යයේ පිහිටා ඇත. මෙහි සම්පූර්ණ දේශ සීමාවේ දිග කිලෝමීටර් 4247කි. මෙයින් කිලෝමීටර් 2237ක්ම වෙරළ තීර දේශ සීමාව වේ. ඉක්වදෝර රාජ්‍යයේ සමස්ථ භූමියේ දිග කිලෝමීටර් 714ක් වන අතර පළල කිලෝමීටර් 658ක් වේ. රටේ සම්පූර්ණ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 283, 560ක් ලෙස දැක්වේ.

ඉතිහාසය

විව්ධත්වයෙන් යුතු විචිත්‍ර සංස්කෘතියකට උරුමකම් කියන ඉක්වදෝරයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 10, 000 ක් පමණ ඈතට දිව යයි. බොහෝ ඉතිහාසඥයින්ගේ මතය අනුව මෙහි තිබූ බොහෝ සංස්කෘතීන් පරිණාමය වී ඇත්තේ ක්‍රිස්තු පුර්ව 500ත් ක්‍රිස්තු වර්ෂ 500 ත් අතර කාලය තුළයි. ඉන්කා වරුන් විසින් ඉක්වදෝරයේ වර්තමාන අගනුවර වන Quito නගරය 1492 වසරේදී අල්ලා ගන්නා ලදී. නමුත් 1534 වර්ෂයේදී ස්පාඤ්ඤ ආක්‍රමණිකයින් පිරිසක් වන Pizarro වරුන් විසින් Quito නගරය අල්ලාගෙන තිබෙනවා. මෙයින් පසුව ඉක්වදෝරය වසර 300ක් පමණ ස්පාඤ්ඤ පාලනය යටතේ පාලනය වී තිබෙනවා.

remezcla.com

මේ හේතූන් බොහෝ ඉක්වදෝර ස්වදේශිකයන් ස්පාඤ්ඤ ඉඩම් හිමියන්ගේ වහලුන් බවට පත් විය. මෙම වැඩවසම් ක්‍රමය 1964 වසරේ ප්‍රතිසංස්කරණ සිදුවන තුරුම පැවතුණි. ඉක්වදෝරය නිදහස ලබා ගනු ලැබුවේ අදියර කීපයක් යටතේය. මෙය ආරම්භ වූයේ 1809 වසරේදීය. 1800 ගණන් වල අවසානයේ රැඩිකල් ලිබරල් වාදීන් විසින් පල්ලියේ බලය අඩු කරන ලදි. පසුව දිගුකාලීන දේශපාලන අස්ථාවරත්වයකින් පසු ඉක්වදෝරය කෙසෙල් අපනයනය කිරීම පදනම් කරගත් ආර්ථික ප්‍රසාරණයක් කරා යොමු වී ඇත. 1979 වසරේදී ඉක්වදෝරය ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් විය.

කාලගුණය

tripsavvy.com

ඉක්වදෝරය සමකයේ පිහිටා ඇති රටක් බැවින් මෙහි නිවර්තන කලාපීය කාලගුණයක් දක්නට ලැබේ. වෙරළ තීරයන් ආශ්‍රිතව තෙත් නිවර්තන කලාපීය වනාන්තර දැකිය හැක. Guayaquli නමැති ප්‍රදේශයේ සෘතු දෙකක් දක්නට ලැබේ. එනම් ජනවාරි සිට මැයි දක්වා පවතින උෂ්ණ කාලයක්ද, වර්ෂයේ ඉතිරි කාලය ශිත කාලගුණයක්ද සහිත වේ. Oriente ප්‍රදේශයේ පවතින නිවර්තන වනාන්තර වෙරළබඩ ප්‍රදේශයේ පවතින ඒවාට වඩා තෙත් සහිත බවින් වැඩි වේ. මෙම ප්‍රදේශයට වසර පුරා වර්ෂාව ලැබේ. අග නගරය වන Quito නගරයේ වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 13ක් පමණ වන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 127ක් පමණ වේ.

භාෂා ජනවර්ග හා ආගම්

ecuador.travel

ඉක්වදෝරයේ සිටින ජනතාවගෙන් 10%ක පමණ ප්‍රතිශතයක් යුරෝපීය ජාතිකයන්ගෙන් පැවත එන්නන් වේ. 25% ක් පමණ පිරිසක් දේශීය ජනවර්ග වලට අයත් වන අතර අනෙක් පිරිස කලවම් ජාතීන් ලෙස දැක්විය හැක. මෙහි වාසය කරන ජන කොට්ටාශ පහත ලෙස දැක්විය හැක.

  • Mestizo ( ඇමරින්දියානුවන් හා සුදු ජාතිකයින්ගෙන් සැකසුනු ජන කොට්ටශයක්) – 71.9%  පමණ සිටි.
  • Montubio – 7.4%ක් පමණ සිටි
  • ඇමරින්දියානුවන්  – 7%ක් පමණ සිටී.
  • සුදු ජාතිකයින් – 6.1%ක් පමණ සිටී.
  • Afroecuadorian – 4.3%ක් පමණ සිටී.
  • Mulatto – 1.9ක් පමණ සිටී.
  • කළු ජාතිකයින් – 1% පමණ සිටි.

ඉක්වදෝරයේ භාවිතා කරන භාෂාවන් ලෙස ස්පාඤ්ඤ, quechua, හා ස්වදේශීය භාෂා දැක්විය හැක.

ඉක්වදෝරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එහි ජනයාට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ලබා දී ඇත. මෙරට වැසියන් බොහෝ දෙනෙක් අදහන්නේ කතෝලික ආගමයි. රෝමානු කතෝලික පල්ලි ඉක්වදෝර සමාජය හා දේශපාලනය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. කෙසේ හෝ ඉක්වදෝර ආණ්ඩුව විසින් ධර්මදූත කටයුතු හා ප්‍රසිද්ධ ආගමික උත්සව පැවැත්වීම සඳහා ඉඩ ලබා දී ඇත. නමුත් මහජන පාසල් වල ආගමික අධ්‍යාපනය ලබා දීමට රජය ඉඩ ලබා නොදේ.

ආර්ථිකය

czechcollege.cz

ඉක්වදෝරයේ ආර්ථිකය බොහෝ විට රඳා පවතින්නේ පෙට්‍රෝලියම් සම්පත් මතයි. රටේ අපනයන අදායම් වලින් භාගයක පමණ ප්‍රමාණයක් මේවා මඟින් ලැබේ. 2012 වසරේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 134.7කි.  2011 වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන ප්‍රතිශතය 7.8% කි. 2010 වසරේ වාර්තා වලට අනුව දළ දේශීය නිෂ්පාදිතය සඳහා ආර්ථිකයේ විවිධ අංශවල දායකත්වය පහත පරිදි දැක්විය හැක.

  • කෘෂිකර්මාන්තය – 11%
  • කර්මාන්ත – 33%
  • සේවා – 56% .

ඉක්වදෝරයේ ශ්‍රම බලකාය මිලියන 4 682කි.  රැකියා විරහිත ප්‍රතිශතය 4.2%කි. මෙරට ආර්ථිකයේ ප්‍රධාන කර්මාන්ත ලෙස තෙල්, පතල් කැනීම්, ආහාර නිෂ්පාදනය, රෙදිපිළි නිෂ්පාදනය, ලෝහ කර්මාන්තය, ලී කර්මාන්තය, කඩදාසි නිපදවීම, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්ලාස්ටික් නිෂ්පාදනය, මත්ස්‍ය කර්මාන්තය හා සංචාරක කර්මාන්තය දැක්විය හැක. මෙහි ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන වන්නේ කෙසෙල්, කෝපි, සහල්, කොකෝවා, අල, මඤ්ඤාක්කා, උක්, ගවමස්, ඌරු මස්, කුනිස්සන් ආදිය යි.

පරිපාලනය

ඉක්වදෝරය යනු ජනරජයකි. මෙහිදී තේරී පත් වන ජනාධිපති වරයාගේ ධුර කාලය අවුරුදු 4කි. මෙම ජනපති තෝරා ගනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වන ඡන්දයකිනි. මෙහි විධායකය සඳහා අමාත්‍යංශ 25ක් ඇතුලත් වේ. පළාත් ආණ්ඩුකාර වරයින් හා මන්ත්‍රණ සභිකයින් සෘජුවම තෝරා පත් කර ගනු ලබයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කරන්නේ කොන්ග්‍රසය විසිනි.

කවරයේ පින්තුරය – i-to-i.com

Related Articles