Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනී මස් කන බිහිසුණු මත්ස්‍යයා – පිරන්හා

ලෝකයේ විවිධ මත්ස්‍ය වර්ග ජීවත් වේ. ඒ සෑම මත්ස්‍ය වර්ගයකටම අනෙක් මත්ස්‍ය වර්ග වලින් වෙනස් වන විවිධ වූ ලක්ෂණ පවතී. ඒ අතරින් ඇතැම් මසුන් අපගේ ආහාර වේල සඳහා පෝෂණය ලබා දේ. ඇතැම් මසුන් විෂ සහිත වන අතර මිනිසුන්ගේ මාංශ පවා ආහාරයට ගැනීමට තරම් දරුණු මත්ස්‍යයින්ද සිටී. පිරන්හා යනු ලෝකයේ ජීවත් වන එවැනි බිහිසුණු මත්ස්‍ය කොට්ඨාශයකි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ පිරන්හා මසුන් පිළිබඳ ඔබව දැනුවත් කිරීමටයි.

පිරන්හා මසුන් යනු කවුරුන්ද

kids.nationalgeographic.com

පිරන්හා යනු දැළිපිහියක් වැනි තියුණු දත් ඇති දකුණු ඇමරිකාවේ ජීවත් වන දරුණු මත්ස්‍ය විශේෂයකි. බ්‍රසීලියානුවන්ට අනුව පිරන්හා යන වචනයේ තේරුම වන්නේ “දත් මාළුවා” යන්නයි. නමුත් සියලුම පිරන්හා මසුන් රුධිරය සඳහා කැමැත්තක් දක්වන්නේ නැත. ඇතැම් පිරන්හා වර්ග ශාක භක්ෂක මත්ස්‍යයින් වේ. දැනට ලෝකයේ පිරන්හා මත්ස්‍ය විශේෂ 40 ත් 60ත් අතර  ප්‍රමාණයක් ජීවත් වන බව වාර්තා වේ.

ශරීර ලක්ෂණ

බොහෝ පිරන්හා මත්ස්‍ය විශේෂ සෙන්ටිමීටර් 60කට (අඩි 2) වඩා වර්ධනය නොවේ. මොවුන්ගේ පාට රිදීවන් පැහයක් ගන්නා අතර  සිරුරේ යට ප්‍රදේශය තැඹිලි පැහැයේ සිට තනි කළු වර්ණය දක්වා වෙනස් වේ. මෙම මසුන්ගේ සිරුර ගැඹුරු ස්වභාවයක් ගන්නා අතර උදරය විශාල වේ. හිස එතරම් මුවහත් ස්වරුපයක් නොගන්නා අතර දත් ඉතා තියුණු උල් ත්‍රිකෝණාකාර හැඩයක් ගනී.

ජීවත් වන ප්‍රදේශ

cbs987ampradio.files.wordpress.com

පිරන්හා මසුන් ජීවත් වන්නේ මිරිදිය තුළයි. මොවුන් වැඩි වශයෙන් සොයාගත හැක්කේ දකුණු ඇමරිකාවේ ඇති ඇමසන් ද්‍රෝනිකා වල, orinoco ගංගාව හා ඇන්ඩිස් කඳු වල නැගෙනහිර ප්‍රදේශ වලයි. ඔවුන්ට විල්, අතු ගංගා, තෙත් බිම් ආදී විවධ වූ ස්ථාන වල ජීවත් වීමේ හැකියාව පවතී. මොවුන් ඇතැම් විට ගංවතුර වලට හසුවූ වනාන්තර වල පවා දැකිය හැක.  පිරන්හා මසුන් වැඩි කැමැත්තක් දක්වන්නේ ගලා යන ජලයේ ජිවත් වීමටයි. මොවුන් ජීවත් වන ජලයේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 75 – 86 අතර වේ.

ආහාර

මාංශ භක්ෂක සත්ව කොට්ඨාශයක් ලෙස හැඳින්වුවද පිරන්හා මත්ස්‍යයින් සර්ව භක්ෂක වේ. ඔවුන් තමාට හසු වන සෑම දෙයක්ම ආහාරයට ගනී. ඔවුන්ගේ ප්‍රියතම ආහාර වර්ග කීපයක් වන්නේ කෘමින්, පණුවන්, ශාක වර්ග හා කවච මත්ස්‍යයින් වේ. නමුත් ඇතැම් පිරන්හා වර්ග තනිකරම ශාක භක්ෂක සත්වයින් වේ.

red – bellied පිරන්හා යනු භයානකම පිරන්හා මත්ස්‍ය වර්ගයකි. මෙම වර්ගය ආහාර සොයා ගැනීමේදී විසිර යයි. එක් මත්ස්‍යකුට ගොදුරක් ලැබුණු විට ඔහු අනෙක් මත්ස්‍යයින්ට සංඥාවක් ලබා දීම සිදු කරයි. එවිට සියලුම මසුන් එම ගොදුර වට කර ගනී. එක් red – bellied පිරන්හා මත්ස්‍යකුට දිනකට ග්රෑම් 2.26ක පමණ ප්‍රමාණයක් ආහාරයට ගත හැක. එය ඔවුන්ගේ ශරීර ප්‍රමාණයෙන් අටෙන් එකක් පමණ වේ.  wimpel පිරන්හාවන් ගොදුරක් දුටු විට ඉතා ක්ෂණයකින් ඒ දෙසට ඇදී ගොස් ගොදුර අල්ලා ගැනීම සිදු කරයි.

static3.evz.ro

1972 වසරේදී red – bellied පිරන්හා මසුන් යොදාගෙන කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ ගොදුරක් අල්ලා ගැනීමේදී මොවුන් මුලින්ම පහර දීමට පටන් ගන්නේ ගොදුරේ නැට්ටේ හෝ ඇස් දෙකේ සිටයි. විද්‍යාඥයන්ට අනුව මෙමගින් ගොදුර ඉක්මනින් අඩපණ වන නිසා ඔවුන්ගේ ආහාරය මග හැරෙන්නේ නැත.

පිරන්හා මසුන්ගේ දත්

පිරන්හා මසුන් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ඔවුන්ගේ තියුණු දත් නිසාවෙනි. වර්ධනය වූ පිරන්හා මත්ස්‍යයෙකුගේ ති‍්‍රතුණ්ඩ දත් දැකගත හැක. මෙම දත් මිලිමීටර් 4ක පමණ දිගකින් යුතු වේ. පිරන්හා මසුන්ගේ දත් තියුණු ලෙස කැපෙන තල ලෙසට සැකසී ඇත්තේ ඔවුන්ගේ ආහාර ඉරා ගැනීමට පහසු වීමටයි. මොවුන්ගේ දත් පිහිටා ඇති ආකාරය මෝර මසුන්ගේ දත් පිහිටා ඇති ආකාරයට සමාන වේ. පිරන්හා මසුන්ගේ දත් වැටීම සිදු වේ. නමුත් ජීවිත කාලය තුළ කීප වරක්ම අලුත් දත් නැවත වර්ධනය වීම සිදු වන නිසා ඔවුන්ගේ ආහාර රටාවන්ට බාධා ඇති නොවේ.

පිරන්හා මසුන් පණ ඇති මිනිසුන් ආහාරයට ගන්නවාද?

බොහෝ දෙනෙක්ට පිරන්හා යන නම ඇසූ පමණින් මතක් වන්නේ මිනිසුන් කෑලි වලට ඉරා තම අහාරයට ගන්නා මසුන් විශේෂයකි. නමුත් මෙම කතාව බොහෝවිට මිථ්‍යාවකි. විද්‍යාඥයන්ගේ මතය අනුව රාත්තල් 150ක් බර මිනිසෙකු විනාඩි 5ක් වැනි කාලයක් තුළ ඉරා කෑම සඳහා පිරන්හා මසුන් 300ත් 500ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. මෙම මසුන් මිනිසුන්ගේ මස් කෑමට ගත් අවස්ථා වාර්තා වේ. නමුත් එලෙස අහාරයට ගන්නා අවස්ථාව වන විටත් එම මිනිසුන් මරණයට පත් වී සිට ඇත. උදාහරණයක් ලෙස දකුණු ඇමරිකානු ගංගාවක පිරන්හා මසුන් ආහාරයට ගත් මළමිනී දක්නට ලැබුණි. නමුත් මසුන් අහාරයට ගන්නා අවස්ථාව වන විට එම පුද්ගලයින් හෘදයාබාධ හා අපස්මාරය වැනි තත්වයන් නිසා ජලයේදීම මියගොස් සිට ඇත. දරුණු ලෙස මරණාසන්න තුවාල ලබා සිටින පුද්ගලයින්ද පිරන්හා මසුන් විසින් ආහාරයට ගත හැක.

වර්ගයා බෝ කිරීම

wir.skyrock.net

පිරන්හා මත්ස්‍යයින් බිත්තර දමන ආකාරය දැක ගැනීම තරමක් අපහසු කාරණයක් වේ. මොවුන් ගල් අතර, මුහුදු පැළෑටි හා ගිලුණු ලී කොට අතර ප්‍රදේශ බිත්තර දැමීම සඳහා තෝරා ගනී. කුඩා පැටවුන් බලා ගැනීමේ වගකීම පැවරෙන්නේ පිරිමි පිරන්හා මත්ස්‍යයින්ට වේ. ගැහැණු පිරන්හා සත්වයින් වරකට බිත්තර දහස් ගණනක් දැමීම සිදු කරයි. සාමාන්‍ය පිරන්හා මත්ස්‍යයෙක් වසර අටක් පමණ ජිවත් වේ.

පිරන්හා මසුන් ගොදුරක් වන්නේ කාගේද?

පිරන්හා මසුන්ද ඔවුන්ට වඩා බලවත් මසුන්ගේ ගොදුරක් බවට පත්වේ. විශේෂයෙන්ම මෙලෙස ගොදුරු බවට පත් වන්නේ කුඩා පිරන්හා මසුන්ය. පිරන්හා මසුන් ආහාරයට ගන්නා අනෙකුත් සත්ව වර්ග ලෙස Ciamans, ජලජ සර්පයින්, කැස්බෑවන්, විශාල කුරුල්ලන් හා දිය බල්ලන් දැක්විය හැක.

කවරයේ පින්තුරය – www.barnyrevill.com

Related Articles