Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාවික සීල් නිල සුනඛයෝ

අපි ඔබට විටින් විට විවිධ බලු සුරතලුන්, බලු වීරයන් ආදී සුනඛයන් පිළිබඳව විවිධ තොරතුරු රාශියක් ගෙන ආවා. අද අපි ඔබට තොරතුරු ගෙන එන්න යන්නේ තවත් රාජකාරීමය වශයෙන් විශේෂ තැනක් ගන්නා නිල සුනඛයන් පිරිසක් ගැන තොරතුරුයි.

ලොව දැනට තිබෙන භයානකම විශේෂ බලකායක් ලෙස ද ඇමරිකාවේ නාවික සීල් බලකාය සැලකෙනවා. අද අපි කියන්න යන්නේ අන්න ඒ සීල් බලකායේ ඉන්න නිල සුනඛයන් ගැන තොරතුරු කිහිපයක්.

ඇමරිකානු නාවික සීල් සුනඛයෙක් වෙන එක එතරම් ලේසී වැඩක් නෙමෙයි. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව ඇමරිකානු හමුදාව තමන්ගේ මෙහෙයුම් වලට වැඩි වශයෙන් සුනඛයන් යොදා ගැනීම ආරම්භ කළා. නමුත් ඇමරිකානු නාවික සීල් බලකාය නම් තමන්ගේ සුනඛයන් තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ ටිකක් විශේෂ විදියකටයි. හැම වර්ගයකම සුනඛයන් ඔවුන් විසින් බඳවා ගන්නේ නෑ. නමුත් මේ වන විට ඇමරිකානු නාවික සීල් බලකාය යට‍තේ සිටින බොහෝමයක් සුනඛයන් බෙල්ජියමේ මැලන්වාහ්  (Belgian Malinois) යන වර්ගයේ සුනඛයන්. ඊට අමතරව ලැබ්රඩො රිට්රිවර් (Labrador Retriever), ජර්මන් ෂෙපඩ්  (German Shepherd) යන සුනඛයන්ද ඔවුන් සතුයි. ලැබ්රඩො රිට්රිවර්, ජර්මන් ෂෙපඩ් යන සුනඛ වර්ග තරමක් ජනප්‍රිය නිසා අපි ඔබට Belgian Malinois සුනඛයන් පිළිබඳව තොරතුරු ටිකක් ගෙන එන්න හිතුවා.

pinimg.com

Belgian Malinois සුනඛයන්

මොවුන්ව සලකනු ලබන්නේ ඉතාමත්ම බුද්ධිමත් හා ඉතාමත්ම ක්‍රියාශීලි සුනඛයන් වර්ගයක් ලෙසයි. ඔවුන් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයන්ට සමානතා පෙන්වනවා. ඔවුන්ව වෙනම වංශයක් ලෙස 1959 සිට එක්සත් ජනපදයේ සැලකෙනවා. නමුත් මෙම සුනඛයන්ව වෙනම වර්ගයක් ලෙස මුලින්ම නිර්මාණය කරනු ලැබුවේ බෙල්ජියමේ මැලන්වාහ් හිදීයි. Malinois සුනඛයන් පිළිබඳ නොදන්නා බොහෝ දෙනෙක් මොවුන්ව ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයන් හා සමාන කරනවා. නමුත් මෙම දෙවර්ගයේම සැලකිය යුතු වෙනස්කම් දක්නට ලැබෙනවා. ඒ ශරීර හැඩයේ හා ඉරියව්වලයි. Malinois සුනඛයින් තරමක් කුඩා හා සැහැල්ලු අස්ථින් වලින් යුතුයි. පාඟිල්ලට බර තබා හිටගත් විට ඔවුන්ගේ ශරීරය චතුරශ්‍රයක හැඩයක් ගනු ලබනවා.  Malinois සුනඛයන් මුව පැටවුන්ගේ වර්ණයට, රතු හෝ දුඹුරු පැහැයට හුරු වෙනවා.

තවද මෙම සුනඛයන් ඇති කිරීමට පෙර පෙර සුනඛයන් පිළිබඳ ඇති දැනුම ඉතා අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔබේ පළමු සුනඛයා Malinois සුනඛයෙක් වෙන එක නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි. එමෙන්ම තමන් නිතරම නිවසේ රැඳෙන්නේ නැත්නම්, නිතරම සංචාරවල නිරත වෙන කෙනෙක් නම් ඔබට එතරම්ම මේ සුනඛයන් යෝග්‍ය වෙන්නේ නෑ. තමන්ගේ පවුල සමඟ නිතරම සිටීමට කැමති සුනඛ වර්ගයක් ලෙස මොවුන් සැලකීම එයට ලොකුම හේතුව වෙනවා. මෙම සුනඛ වර්ගය ඉතාම සෙවිල්ලකින් සිටින සුනඛයන් පිරිසක් ලෙස ද සැලකෙනවා. එමෙන්ම ඔවුන් ඉතා හොඳ සවන් දීමකින් ද යුතුයි. පිරිමි සතුන් සාමාන්‍යයෙන් අඟල් 24 – 26 දක්වා උසකින් යුතු වෙනවා. එමෙන්ම බරින් කිලෝ  25 – 30ත් අතර වෙනවා. ගැහැණු සතුන් සාමාන්‍යයෙන් උසින් අඟල් 22 – 24 දක්වා වන අතර බරින් කිලෝග්‍රෑම් 20 -25 ත් අතර වෙනවා.

earthtouchnews.com

මොනවා ද කරන්නේ ?

නාවික සීල් සුනඛයන්  සුනඛයන් බොහෝ විට පැරෂුට පැනුම් හා නාවික සීල් කණ්ඩායම විසින් බාරගනු ලබන මෙහෙයුම් වෙනුවෙන් යොදා ගැනෙනවා. සීල් කණ්ඩායම් සාමාජිකයන් මෙන්ම මෙම සුනඛයන් ඉහළ පුහුණුවකින්, ඉහළ කුසලතාවයකින්, ඉහළ කැපවීමකින් දිය,ගොඩ, අහසේ ඕනෑම මෙහෙයුමකට පුහුණු වෙනවා. එමෙන්ම මෙම සුනඛයන් සතු මිනිසාට වඩා 40 ගුණයකින් සුවඳක් දැනීමේ හැකියාව මත පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම, සතුරන් සොයා ගැනීම, සැඟවී සිටින අය සොයා ගැනීමේ හැකියාවක් පවතිනවා. එමෙන්ම සෞඛ්‍ය සම්පන්න සුනඛයෙක්ට මනුෂ්‍යයෙකුට වඩා දෙගුණයක් වේගයෙන් දිවීමද කළ හැකි නිසා මොවුන්ගෙන් බේරීම නම් එතරම් පහසු වෙන්නේ නෑ.

මොවුන්ට ලබා දෙන පුහුණුවද ඉතාම අසීරු එකක්. මෙම පුහුණුව මගින්  ඔවුන් සතුව පවතින ස්වභාවික ඥානය හා තම සගයා සමඟ තිබෙන විශ්වාසය තවත් ඉහළ නංවනවා. පුහුණු කාලය තුළ සුනඛයා හා ස්වාමියා අතර පවතින බැඳීම ඉහළ දැමීමට ද විශේෂ පුහුණුවක් ලබා දෙනවා. එමෙන්ම තම සුනඛයාගේ පියා ලෙස එම සුනඛයාව පාලනය කරන ස්වාමියාව හඳුන්වනවා. එමෙන්ම ශබ්ද වලට අනුගත වීමද මෙම සුනඛයන් ප්‍රගුණ කළ යුතු වෙනවා. ඔවුන් යුද අවි වල ශබ්ද වලට ඉතා හොඳින් හුරු විය යුතුයි. සියලුම සුනඛයන් විසින් ඔවුන්ට පවත්වනු ලබන ශරීර යෝග්‍යතා පරීක්ෂණයද සමත් විය යුතුයි. මෙම සුනඛයන් තමන්ගේ ස්වාමියා සමඟ පුහුණු කාලයේදී සතියකට පැය 15ක් පමණ ගත කරනවා. තවද සුනඛ බලකාය මිනිසුන්ට හා යන්ත්‍ර වලට වඩා පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීමෙන් ඉහළ තැනක සිටිනවා. අවසානයේදී එක මොහොතක පණිවිඩයකින් පසුව මෙහෙයුම් වලට පිටත් වීමට මොවුන් සුදානම් කෙරෙනවා.

ඔසාමා බින්ලාඩන් සොයා නාවික සීල් බලකාය හා ගිය කයිරෝ – (workingdogmagazine.com)

නාවික සීල් සුනඛයන් සතු උපාංග කිහිපයක්

මෙම නාවික සීල් සුනඛයන් පුහුණුවෙන් පමණක් නොව තාක්ෂණයෙන් ද පරිපූර්ණ කිරීමට මොවුන් කටයුතු කරනු ලබනවා. මොවුන් සාමාන්‍යයෙන් දින 60 – 90ක පුහුණුවකට ලක් වෙනවා. එමෙන්ම මොවුන්ට සැතපුම් දෙකක් පමණ දුරක සිට තම බලකාය හඳුනා ගත හැකි අතර හදිසි අවස්ථාවක තමන්ගේ ස්වාමියාව ආරක්ෂා කර ගැනීමත් ඔවුන් පුහුණුව ලබා සිටිනවා.

ටයිටේනියම් දත්

මෙම දත් ඔවුනට සවි කරනු ලබන්නේ ඔවුන්ගේ තියෙන දත් ගලවලා නම් නෙමෙයි. එහෙම ටයිටේනියම් දත් සවි කරන්නේ මෙහෙයුම් වලදී ඔවුන්ගේ තුවාල වෙන හෝ කඩෙන දත් වෙනුවෙනුයි. මේ මගින් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ සේවාව තව දුරත් ලබා ගැනීමටයි. සාමාන්‍යයෙන් එවැනි එක දතක මිළ ඇමරිකානු ඩොලර් 600 – 2000ත් අතර වෙනවා. එමෙන්ම මෙම සුනඛයන් පිළිබඳ විශේෂඥයන් පවසන්නේ මෙම දත් ස්වාභාවික දත් තරම් කාලයක් භාවිතා කළ නොහැකි බවයි.

යුද ඇඳුම් කට්ටලය

යුද සෙබළුන්ට මෙන්ම යුද සුනඛයන් වෙනුවෙනුත් විශේෂ ඇඳුම් නිර්මාණය වෙනවා. ඒවා තරමක් සැහැල්ලු අතර විශේෂයෙන් ම සුනඛයන් වෙනුවෙන් නිර්මාණය වෙනවා. ඒවා වෙඩි නොවදින අයුරින් හා විවිධ ආරක්ෂක උපාංග වලින්ද සමන්විතයි.

වයර් රහිත කැමරා හා රේඩියෝ සන්නිවේදන උපාංග

මෙම ඇඳුම සමඟම මෙම සුනඛයන් ඉන්ෆර්රෙඩ් හා රාත්‍රීයට සංවේදී වයර් රහිත කැමරාද සවි කරනු ලබනවා. ඒවා මගින් යාර 1000ක පමණ දුරක් බැලිය හැකියි. එමෙන්ම සමහරක් සන්නිවේදන උපාංග වලින් කොන්ක්‍රීට් බිත්ති හරහා ද නැරඹිය හැකි වෙනවා. එමෙන්ම  සුනඛයන්ව මේ හරහා දුර සිටද හැසිරවිය හැකි වෙනවා.

ඇමරිකානු සමස්ත හමුදාව සතුවම සුනඛයන් 2,800 ක් පමණ සිටින අතර ඉන් 600ක් පමණ ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ සේවය කරනවා.

pinimg.com

කවරය – www.blackfive.net

මූලාශ්‍ර

www.mnn.com

Navyseals.com

dogtime.com

Related Articles