Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Class W1 ශ්‍රි ලංකාවේ ප්‍රථම ඩීසල් හයිඩ්‍රොලික් දුම්රිය එන්ජිම

W1 හි ඉතිහාසය ඇරඹෙන්නේ 1969 දී ය. W1 එන්ජින් 45ක් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද අතර, එමඟින් W1 එවකට ශ්‍රී ලංකා දුම්රිය සේවයේ (Sri Lanka Railway) දුම්රිය එන්ජින් වැඩිම පන්තිය බවට පත් විය. එකල ක්‍රියාත්මක වූයේ M1 පංතියේ සහ M2 පංතියේ දුම්රිය එන්ජින් පමණි. වෙනත් බොහෝ සේවාවන් සිදුකරනු ලැබුවේ වාෂ්ප දුම්රිය එන්ජින් මඟිනි. නමුත් W1 හඳුන්වාදීමත් සමග බොහෝ වාෂ්ප දුම්රිය එන්ජින් සේවයෙන් ඉවත් කරන ලද අතර, එම සේවාවන් W1 එන්ජින් විසින් ගනු ලැබීය. මෙම දුම්රිය එන්ජිම වසර 25ක් පමණ SLR හි සුප්‍රසිද්ධ “උඩරට මැණිකේ” දුම්රිය සඳහා භාවිතා කර ඇත. එසේම මෙම දුම්රිය එන්ජිම ශ්‍රී ලංකාවේ ඕනෑම දුම්රිය මාර්ගයක ක්‍රියාත්මක කළ හැකිය.

Class W1 657 දුම්රිය (Pix by: Ashan Wijekoon)

පෙනුමෙන් සමාන M6

මෙම එන්ජිම නිපද වූ සමාගම විසින් M6 එන්ජිම ද නිපද වූ අතර හැඩයෙන් මඳක් සමාන වුව ද, ගති ලක්ෂණ බොහෝ දුරට වෙනස් විය.

පෙනුමෙන් සමාන M6 එන්ජිම (Pix by: Gehan Chandika)

මෙම එන්ජිම නිපදවිම සඳහා අතිශයින්ම සාර්ථක සැලසුමක් වූ DHG-1200 නම් වූ සැලසුම යොදාගෙන ඇත. ඉතා සුමට ධාවනයක් හා ඉතා අඩු ශබ්දයක් සහිතව ධාවනය වූ මේ එන්ජින් කෙරෙහි රියදුරන් ද හොඳ ආකල්පයක් දැරූ බව ද සඳහන් වේ.

Class W1 657 දුම්රිය ගාල්ලේ දී (Pix by: Primal Madhusanka)

ධාවනය ආරම්භ කර වසර 10කින් පසු නියමිත අලුත්වැඩියාවක් සිදුකළ යුතු බවට නිෂ්පාදකයා සඳහන් කර තිබුණත්, 1980 දී පමණ එම සේවා කටයුතු සිදුකර නොතිබුණ අතර, ඒ වන විට ධාවනය ආරම්භකර වසර 20ක් ගෙවී අවසන් වී තිබිණි. මෙහි දී පැරණි බල සැපයුම් එන්ජින් වෙනුවට, අලුත් බල සැපයුම් එන්ජින් සවි කිරිමට නියමිත වී තිබුණ ද එය ඉතා සංකීර්ණ හා විශාල මුදලක් වැය වන හෙයින් බොහෝ විට එම මුදලින් අලුත් දුම්රියක් වුවත් මිල දී ගැනිමට හැකියාව පැවතිණි. අදාළ අලුත්වැඩියාව නියමිත පරිදි සිදුනොවීමත්, කෙටි දුර ධාවනයෙ දී සිදුවන නිරන්තර ත්වරණ හා මන්දන නිසාත්, මෙම එන්ජිමේ RPM අගය 1500 RMP වැනි ඉහළ අගයක් නිසාත් එන්ජිමේ කොටස් ඉක්මනින් ගෙවි යාමට ලක් විය.

අතැරදැමූ Class W1 642 දුම්රිය රත්මලාන අංගනයේ දී (Pix by: Primal Madhusanka) 

සේවයෙන් ඉවත් වීම

මෙසේ එන්ජින් දැඩි ලෙස අබලන් වීම නිසා 1990 පමණ වන විට ධාවනයෙන් ඉවත් කරනු ලැබුණි. තව ද, W1 674 එන්ජිම 1996 රඹුක්කන දී අනතුරට පත්වීමත්, W1 663 මාතර දී 1993 වසරේ දී අනතුරට පත්වීමත්, W1 664 එන්ජිම 1994 දී කපුවත්තෙ දී අනතුරට පත්වීමත් නිසා එම එන්ජින් විනාශ වී නැවත භාවිතයට නොහැකි වීම හේතුවෙන් රත්මලාන අංගනයේ අතහැර දැමුණා.

 Class W1 650 දුම්රිය (Pix by: Haleef Ismail You tube)

නැවත පණ ලැබිම

W1 හා S2 එන්ජින් පරිහානියත් සමග දුම්රිය එන්ජින් (650 සහ 657) නව Paxman VEGA SE/RP 160 බල සැපයුම් එන්ජින් (1250 RPM) යොදා අලුත්වැඩියා කරන ලදී. 2011 වන විට ධාවන තත්ත්වයේ තිබුණේ ඉන් 2ක් පමණි. ඒවා සැහැල්ලු රාජකාරි සඳහා භාවිතා කරන අතර මන්දගාමී දුම්රිය සඳහා සමහරක් අවස්ථාවල දී ඒවා භවිතා කෙරේ. මෑතක දී කොළඹ-නුවර “රාජධානි එක්ස්ප්‍රෙස්” නගරාන්තර දුම්රිය සඳහා මෙවැනි එන්ජිමක් යොදා තිබුණ ද, දැනට මාස කිපයක සිට W1 වෙනුවට M9 වර්ගයෙ එන්ජිමක් යොදා ගැනිණි.

W3 හි ආගමනය

1997 දී Adtranz සමාගම සමග එක් වී එන්ජින් 10ක් සඳහා නව බල සැපයුම් එන්ජින් යොදා අලුත්වැඩියා කළ අතර, මෙම අලුත්වැඩියා කටයුතු සිදුකිරීමේ දී දුම්රිය එන්ජින්වලට නව බලසැපයුම් එන්ජින්, විදුලි සම්ප්‍රේෂණ පද්ධති සහ විද්‍යුත් එන්ජින් පාලන පද්ධති සවි කර ඇත. මුල් වර්ණය නිල් සහ රිදී ලෙස වෙනස් කරන ලදී. එම එන්ජින් W3 ලෙස නාමකරණය කරන ලදී.

ප්‍රතිසංස්කරණය කළ පසු W3 ලෙස (Photo by: Flicker)

වර්ගය සහ සම්භවය

බල වර්ගය: ඩීසල්

නිෂ්පාදක: රයින්ස්ටාල් හෙන්ෂල්

සැලසුම: DHG-1200

ගොඩනැගීමේ දිනය: 1969

මුළු නිෂ්පාදනය: 45

ප්‍රතිසංස්කරණ කටයුතු: ශ්‍රී ලංකා දුම්රිය සේවය

පිරිවිතර

රෝද සැකසුම: B-B

රෝද පරතරය: මි.මී. 1,676 (අඩි 5 අඟල් 6)

දිග: මීටර් 12.8 (අඩි 41 අඩි 7⁄8)

බර: ටොන් 60.5

බලසැපයුම් එන්ජිම: PAXMAN 12YJXL

RPM පරාසය: 1500

එන්ජින් වර්ගය V12- 4 Stroke ඩීසල්

සම්ප්‍රේෂණ: Voith L 520 R U2

දුම්රිය තිරිංග: Vacuum

ක්‍රියාකාරිත්වය 

උපරිම වේගය: පැයට කි.මී. 80 (පැයට සැතපුම් 50)

බල ප්‍රතිදානය: 1,150 hp (860 kW)

මූලාශ්‍රය: https://slrailinfo.wordpress.com/class-w1/

ස්තුතිය: slrailinfo, Sri Lanka Railways, Mr. Primal Madhusanka, Mr. Gehan Chandika, Mr. Haleef Ismail, Mr. Ashan Wijekoon

කවරයේ පින්තුරය: Flicker

Related Articles