Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආත්ම ඝාතනයේ වනාන්තරය: අඕකිගහරා

කොයි කාටත් භේදයකින් තොර ව ජීවිතේට දුක් කරදර පැමිණෙන එක පොදු දෙයක්. මේ විදියට ප්‍රශ්න මතු වෙනකොට උපේක්ෂා සහගත ව ඒවා විඳ දරාගෙන ඒ ප්‍රශ්නවලට පිළියම් සෙවීම යි කළ යුත්තේ. ඇතැම් පිරිසක් බොහෝම ධෛර්යවන්ත ව ජීවිත ගමනේ දී පැමිණෙන දුක් කරදරවලට මුහුණ දෙන විට හිත දැඩි කර ගන්න අපොහොසත් වෙන තවත් පිරිසක් ප්‍රශ්නවලින් පැන යන්නට උත්සාහ කරනවා.

ප්‍රශ්නවලින් පැන යන බොහෝ දෙනෙක් ඒ සඳහා තෝරා ගන්නේ සිය දිවි නසා ගැනීම යි. ඒ සඳහා ම වෙන් කරපු වනාන්තරයක් ජපානයේ පිහිටා තිබෙන බව ඇසුවොත් ඔබ පුදුම වේවි. ආත්ම ඝාතනයේ වනාන්තරය හෙවත් ‘අඕකිගහරා’ ගැන තොරතුරු යි මේ.

සිය දිවි නසා ගැනීම සඳහා ඇති ලෝකයේ ජනප්‍රිය ම ස්ථානයක්

(en.wikipedia.org)

ජපානයේ ෆූජි ගිනි කන්ද පාමුල වයඹ දෙසට වන්නට පිහිටා ඇති ආත්ම ඝාතනයේ වනාන්තරය (Suicide Forest) හෙවත් රුක්ලතා සයුර (Sea of Trees) ජපන් බසින් හඳුන්වනු ලබන්නේ ‘අඕකිගහරා’ ලෙස යි. වනාන්තරයේ බිම සම්පූර්ණයෙන් ම පාහේ යමහල් පාෂාණයන්ගෙන් ආවරණය වී ඇති අතර මනා ව වැඩුණු වෘක්ෂයන්ගෙන් ගහන එහි දී වන සතුන් දකින්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. මේ නිසා දවස පුරා ම ආත්ම ඝාතනයේ වනාන්තරය දැඩි නිහඬතාවයක ගිලී පවතිනවා.

පනහ දශකයේ සිට අද දක්වා එහි දී වාර්තා වී ඇති පාලන අධිකාරීන් විසින් තහවුරු කරන ලද සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව 500 ඉක්ම වන අතර 2003 වර්ෂය තුළ දී පමණක් ‘අඕකිගහරා’ හි දී මළ සිරුරු 105 ක් සොයාගෙන තිබෙනවා. මිය යාම සඳහා කිසිදු අඩුපාඩුවක් නොමැති ස්ථානයක් ලෙස හඳුන්වන ජපානයේ ආත්ම ඝාතනයේ වනාන්තරය, සිය දිවි නසා ගැනීම සඳහා ඇති ලෝකයේ දෙවැනියට ජනප්‍රිය ම ස්ථානය ලෙස සැලකෙන අතර එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෝල්ඩන් ගේට් පාලම යි.

(en.wikipedia.org)

නවකතාවකින් බිහි වූ අඳුරු සාම්ප්‍රදාය

ජනප්‍රවාදයේ සඳහන් වන පරිදි සිය දිවි නසා ගැනීම සඳහා ‘අඕකිගහරා’ වනයට පැමිණීමේ සාම්ප්‍රදාය ඇරඹී ඇත්තේ 1960 වසරේ දී සෙයිචෝ මත්සුමොටෝ නම් ලේඛකයා ‘Kuroi Jukai’ හෙවත් ‘කළුවන් රුක්ලතා සයුර’ නම් ග්‍රන්ථය ලියා පළ කිරීමෙන් පසු ව යි. ‘අඕකිගහරා’ වනාන්තරයට පැමිණි දිවි තොර කර ගන්නා ප්‍රේමවන්තයින් යුවලක් ගැන ලියැවී ඇති එය ග්‍රන්ථය, මේ අඳුරු සාම්ප්‍රදාය බිහි වීමට හේතු වන්නට ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කළ ද ‘අඕකිගහරා’ වනාන්තරයේ දී සිය දිවි නසා ගත් පුද්ගලයින් ගැන මුල් කාලීන වාර්තා ඊට බොහෝ කාලයකට පෙර දක්වා ඇදී යනවා.

(en.wikipedia.org)

එසේ ම ‘අඕකිගහරා’ වනාන්තරයේ දී සිදු වූ දිවි නසා ගැනීම් පිළිබඳ විස්තර ඇතුලත් තවත් ග්‍රන්ථයක් 1993 වසරේ දී පළ වූ අතර එය අලෙවි වී ඇත්තේ වාර්තා පිට වාර්තා තබමින්. වටරු සුරුමුයි නම් ලේඛකයා විසින් රචිත එය ‘The Complete Suicide Manual’ හෙවත් ‘සිය දිවි නසා ගැනීම පිළිබඳ සම්පූර්ණ අත්පොත ලෙස නම් කර තිබෙනවා. එය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ආත්ම ඝාතනයේ වනාන්තරයට පැමිණ සිය දිවි නසා ගන්නන් ගණන සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර එසේ මිය ගිය අයගේ බඩුබාහිරාදිය අතර තිබී එහි පිටපතක් හමු වී අතිශය සාමාන්‍ය දෙයක් බව සැලකෙනවා.

සිය දිවි නසා ගැනීමේ ප්‍රචලිත ම ක්‍රමය

(aokigaharaforest.com)

සිය දිවි නසා ගැනීමේ අරමුණෙන් ‘අඕකිගහරා’ වනයට පැමිණෙන බොහෝ දෙනෙක් එය සිදු කරන්නේ ගෙල වැළලා ගැනීමෙන්. වනාන්තරය තුළ කඳවුරු බැඳීම සඳහා ඉඩ ලබා දී තිබුණ ද කූඩාරමක් රැගෙන එයට ඇතුළු වන සෑම අයෙක් ම සැලකෙන්නේ සිය දිවි නසා ගැනීම ගැන සිතා බලමින් සිටින එහෙත් ඒ ගැන අවසන් තීරණයකට නොපැමිණි අයෙක් ලෙස යි. මෙසේ පැමිණෙන බොහෝ දෙනෙක් දින කිහිපයක් වනාන්තරය තුළ කාලය ගත කිරීමෙන් පසු ව ගෙල වැළලාගෙන මිය යන අතර උස ගසක එල්ලී ඇති මළ සිරුරක් ආශ්‍රිත ව අත් හැර දමන ලද කූඩාරම් සහ පෞද්ගලික බඩුබාහිරාදිය හමු වීම නිරන්තරයෙන් ම සිදු වෙනවා.

(kenminhthien.wordpress.com)

ගෙල වැළලා ගැනීම හැරුණු විට වස පානය කිරීම මෙන් ම මාත්‍රාව ඉක්මවා ඖෂධ ලබා ගැනීම මගින් මරණය ළඟා කර ගැනීම ද සිය දිවි නසා ගන්නන් අතර ප්‍රචලිත යි. මේ සඳහා බොහෝ විට පමණ ඉක්මවා නිදි පෙති පානය කිරීම සිදු කරන බව කියැවෙනවා.

මරණයන් වළක්වන්න වැඩසටහනක්

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දක්වා ඇති දත්තවලට අනුව ඉහළ ආත්ම ඝාතන ප්‍රතිශතයක් සහිත රටවල් අතරින් 26 වැනි ස්ථානය හිමි කරගෙන සිටින්නේ ජපානය යි (ඉතාමත් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාව මෙහි ප්‍රථම ස්ථානය හිමි කරගෙන සිටිනවා). 2008 වර්ෂයේ දී මුහුණ දීමට සිදු වූ ලෝක ආර්ථික අර්බුදය සමග 2009 ජනවාරි මාසයේ දී පමණක් ජපානයෙන් වාර්තා වී ඇති සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව 2645 ක්.

(oynat.info)

මේ නිසා ම පාලන අධිකාරීන් විසින් සිය දිවි නසා ගැනීමෙන් සිදු වන මරණයන් අවම කර ගැනීම සඳහා සිය දිවි නසා ගැනීම වළක්වා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඔවුන්ගේ අරමුණ එළැඹෙන වසර 7 ක කාලය තුළ දී ජපානයේ සිය දිවි නසා ගැනීමේ ප්‍රතිශතය 20% කින් අඩු කිරීම යි. එම වැඩසටහන යටතේ ‘අඕකිගහරා’ වනයේ සැලකිය යුතු තරමේ කොටසක් ආවරණය වන ලෙස ආරක්ෂක කැමරා සවි කර ඇති අතර එහි තුළ සංචාරයේ යෙදීම සඳහා නිලධාරීන් ද යොදවා තිබෙනවා. එයට අමතර ව ‘ඔබේ දරුවන් සහ ඔබේ පවුල ගැන නැවතත් සිතා බලන්න’, ‘ඔබේ දෙමව්පියන්ගෙන් ඔබ ලද වටිනා ම තිළිණය ඔබේ ජීවිතය යි’ වැනි වැකි සඳහන් පුවරු ද එහි දී දැක ගැනීමට හැකි යි.

මූලාශ්‍ර:

  1. aokigaharaforest.com
  2. mentalfloss.com
  3. en.wikipedia.org
  4. atlasobscura.com
  5. ibtimes.com
  6. tofugu.com

Related Articles