Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ජන්ම භූමිය – බංගලාදේශය

ආසියාතික රටක් වන ශ්‍රී ලංකාවට නෑකම් කියන තවත් ආසියාතික රාජ්‍යයක් ලෙස බංගලාදේශය හඳුන්වන්න පුළුවන්. ලෝ ප්‍රකට සාහිත්‍යධරයෙකු, විශිෂ්ට කවියෙකු සහ චින්තකයෙකුද වූ රවින්ද්‍රනාත් තාගෝර්තුමාද බෙන්ගාලය හෙවත් බංගලාදේශ ජාතිකයෙක් වෙනවා. ඉතින් බෙංගාලය හා බැඳුණු තොරතුරු බිඳක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

videoblocks.com (බංගලාදේශයේ ජාතික ධජය දැක්වෙන පින්තුරයක්)

බංගලාදේශයේ පිහිටීම හා ඓතිහාසික තොරතුරු.

බංගලාදේශය පිලිබඳව සලකා බලන විට එය ආසියා මහාද්වීපයේ දකුණු දෙසට වන්නටත් ඉන්දියාවේ බටහිර දෙසට වන්නට පිහිටා ඇති රාජ්‍යයක් වෙනවා. එසේම එය නැගෙනහිරින් හා උතුරින් මියන්මාරයටද මායිම් වෙනවා. 16 වන සියවසේ පමණ සිටම බංග්ලාදේශය හඳුන්වා තිබෙන්නේ බෙංගාලය යන නමින්. මෙම රාජ්‍යය නිල වශයෙන් බංගලාදේශය ලෙසට බෙදී වෙන් වී තිබෙන්නේ 1947 දි බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීමෙන් පසුවයි. 1971 නිදහස් සටනින් එය සම්පූර්ණ වශයෙන් නිදහස් රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. එම නිදහස් අරගලයේදී ප්‍රතිපලයක් ලෙස බොහෝ මනුෂ්‍ය ජිවිත හා දේපල හානි සිදු වී තිබෙනවා.

commons.wikimedia.org (බංගලාදේශයේ පිහිටීම දැක්වෙන සිතියමක පින්තුරයක්)

බංගලාදේශය හා බැදුණු විශේෂ තොරතුරු.

බංගලාදේශය, ආසියාතික රටක් වශයෙන් සාක් කලාපයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය දදරනවා. බංගලාදේශයේ අගනුවර වන්නේ ධකා අගනුවරයි. මෙම රාජ්‍යයට අයත් භුමිය වර්ග කිලෝමීටර 130 168 පමණ වනවා. එසේම බංගලාදේශයේ ජනගහනය 163 654 860 පමණ වන අතර එය ලෝකයේ ජනගහණය අතින් බලන කල අටවෙනියට ඉහළම ජනගහණයක් පවතින රට ලෙස සලකන අතර එය ලොව වැඩිම ජන ඝනත්වයක් සහිත රට ලෙසද වාර්තා වෙනවා.

එරට රාජ්‍ය මුදල් ඒකකය ලෙස සැලකෙන්නේ බංගලාදේශ ටකා වේ. එසේම බංගලාදේශයේ ජාතික සත්වයා බෙන්ගාල ව්‍යාඝ්‍රයා වන අතර එරට ජාතික පක්ෂියා  ලෙස සැලකෙන්නේ පොල්කිච්චායි. මානෙල් මල බංගලාදේශයේ ජාතික පුෂ්පය යි. බංගලාදේශයේ ජාතික භාෂාව බෙන්ගාලි භාෂාව වන අතර එහි ඉංග්‍රීසි භාෂාවද භාවිතා වෙනු දකින්නට හැකියාව ලැබෙනවා. මෙහි වෙසෙන මිනිසුන් ආගම් කිහිපයක් අදහන අතර මුස්ලිම් හා හින්දු ආගම් ඒ අතරින් ප්‍රධාන වෙනවා. එසේම බංගලාදේශ ජනගහණයෙන් වැඩි පිරිසක් අදහන ආගම බවට හඳුනා ගැනීමට ලැබෙන්නේ මුස්ලිම් ආගමයි. මෙම රාජ්‍යය තුල කෘෂිකාර්මික ආර්ථිකයක් දැක ගැනීමට හැකි වන අතර වී හා හණ වගාව එහිදී ප්‍රධාන වශයෙන් සිදු කෙරෙනවා. එයට අමතරව තිරිඟු හා තේ වගාවද දැකගැනීමට හැකියාව ලැබෙනවා. එරට කාන්තාවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබෙන්නේ ඇඟලුම් කර්මාන්තය වුවද එම සේවකයන්ට අඩු පහසුකම් හා අඩු ආරක්ෂාවක් ලැබෙන බවට චෝදනා පවතිනවා. (https://www.worldatlas.com/articles/prime-ministers-of-bangladesh.html)

stories.flipkart.com  (රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ පින්තූරයක්)

දේශපාලන පසුබිම

බංගලාදේශ රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී රටක් වනවා මෙන්ම එය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුවකි. එසේම එරට දේශපාලන පක්ෂ කිහිපයක ක්‍රියාකාරිත්වයක්ද පවතිනවා. එරට පරිපාලනය හා සම්බන්ධ නීති සම්පාදනය එරට ආණ්ඩුව හා පාර්ලිමේන්තුව එක්ව සිදු කරනු ලැබෙනවා. එසේම රාජ්‍යයේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා වන අතර ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේ අගමැතිවරයායි. එරට වර්තමාන ජනාධිපති වරයා වන්නේ අබ්දුල් හමීඩ් ය. ඔහු 2013 වසරේ සිට එම තනතුරේ සිටින අතර එරට අගමැතිවරිය වන්නේ 2009 වසරේ සිට බලයේ සිටින ෂෙයික් හසීනා මහත්මියයි. ( http://www.nationsonline.org/oneworld/bangladesh.htm)

බෙංගාලයේ ජාතික සම්පත්.

බංගලාදේශය යනු ස්වභාවික සුන්දරත්වයෙන් අනූන රටක් වනවා මෙන්ම ජාතික සම්පත් වලින් පොහොසත් රටක් ලෙසද හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. බංගලාදේශයේදී හමුවන ස්වභාවික සම්පත් අතරින් ස්වභාවික ගෑස් හා පහළ මට්ටමේ ගල් අඟුරු මූලික ස්ථානයක් ගන්නවා. එසේම බෙංගාලයේ ඩෙල්ටාව හෙවත් සුන්දර්බාන්ස් ඩෙල්ටාව ජෛව විව්ධත්වයෙන් ඉහළ ප්‍රදේශයක් ලෙස සැලකෙනවා. එම ඩෙල්ටාව ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන්නේ මී වද කැඩිම හා සම්බන්ධයෙනි.

prithulmahmud.wordpress.com (සුන්ද්ර්බාන්ස් ඩෙල්ටාවේ පින්තුරයක්)

බංගලාදේශය මානව සම්පත අතින්ද පොහොසත්. එනම් ලෝ ප්‍රකට විශේෂ පුද්ගලයන් රැසකට මෙම භුමිය උපත ලබා දී තිබෙනවා. සුප්‍රසිද්ධ සාහිත්‍යධරයෙකු, විශිෂ්ට  කවියෙකු හා චින්තකයෙකු වූ රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ ජන්ම භුමිය වන්නේද මෙම බෙංගාලය වෙනවා. එසේම එතුමා යුරෝපයෙන් පිටත රටකින් නොබෙල් සම්මානය දිනූ පළමු පුද්ගලයා ලෙසද ඉතිහාසයේ ලියැවී තිබෙනවා. තවද බංගලාදේශයේ ජාතික ගීයේ නිර්මාතෘ වරයා වන්නේද තාගෝර්තුමායි.

එරටට තවත් නොබෙල් සම්මානයක් දිනා දුන් පුද්ගලයෙකු ලෙස මහාචාර්ය මොහොමඩ් යුසුෆ් මහතා හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා. එනම් බංගලාදේශය තුල ග්‍රාමීන් බැංකු සංකල්පය බිහි කළේ එතුමා වන අතර එතුමා නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ 2006 වසරේදී වෙනවා. මේ ආකාරයට එරටට පමණක් නොව ලොවටම වැදගත් වූ පුද්ගලයන් රැසක් බෙන්ගාලයෙන් ලොවට දායාද වී තිබෙනවා.

මේ ආකාරයට අපට නෑකම් කියන රටක් වන බංගලාදේශය හා බැඳුණු තොරතුරු හඳුනා ගත හැකියි. එය නිදහස් රාජ්‍යයක් වුවද නිරන්තරවම පාහේ රට අභ්‍යන්තරයේ සිදු වුණු හමුදා කුමන්ත්‍රණ හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් බංගලාදේශය වර්තමානය වන විටත් පවතින්නේ ලොව දුප්පත් රාජ්‍යයක් ලෙස යි.

bangladeshflag.facts.co (කවරයේ පින්තුරය)

මූලාශ්‍ර:

Related Articles