Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්තයේ මාඕරි ගෝත්‍රිකයින්

ලෝකය පුරා තවමත් විවිධ ගෝත්‍රික කණ්ඩායම් ජීවත් වේ. ඔවුන් තම ප්‍රාථමික අවශ්‍යතා කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කරන අතර තාක්ෂණය අතින් එතරම් දියුණු ජන කොට්ඨාශයන් නොවේ. මාඕරි යනු නවසීලන්තයේ වෙසෙන එවැනි දියුණු ගෝත්‍රික ජන කොට්ඨාශයකි. නමුත් මොවුන් වර්තමානය වන විට සියලුම අංශ වලින් බොහෝ සේ ඉදිරියට ගමන් කර ඇත. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ මාඕරි ගෝත්‍රිකයින්ගේ සංස්කෘතිය, ආර්ථිකය, විවාහය වැනි කරුණු පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමටයි.

ඉතිහාසය

google.com

මොවුන් 1769 වසර වන තෙක්ම බාහිර ලෝකය සමඟ කිසිදු සම්බන්ධතාවයක් පැවැත්වූයේ නැත. 1769 වර්ෂයේ ඉංග්‍රීසි යාත්‍රිකයෙකු වන James Cook නැමැත්තා විසින් නවසීලන්තයේ ස්ථිර යුරෝපීය ජනාවාසයක් පිහිටුවන ලදි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සියවසක් වැනි කාලයක් තුළ මාඕරි සංස්කෘතිය වෙනස් වීමට භාජනය විය. 1840 වසරේ දී මාඕරි නායකයින් 500ක් පමණ එකතු වී බ්‍රිතාන්‍යයන් සමඟ ගිවිසුමක් අත්සන් කළ අතර එම ගිවිසුම මඟින් මාඕරි ජනතාවගේ දේපල සහ ඉඩම් සඳහා බ්‍රිතාන්‍ය නීතිය යටතේ බ්‍රිතාන්‍යයන්ට මෙන් සමාන සැලකීමක් ලබා දෙන බවට බ්‍රිතාන්‍යයන් එකඟ වී ඇත.

කෙසේ හෝ පසුව බ්‍රිතාන්‍යයන් විසින් මාඕරි ජනයාගේ ඉඩම් අත්පත් කර ගනිමින් ඔවුන්ට වෙන් කළ භූමි සඳහා යාමට ඉඩ ලැබුණි. 1896 වන විට යුද්ධයේ හා ලෙඩ රෝග පැතිරීමේ ප්‍රතිපලයක් ලෙස මාඕරි ජනතාවගේ ප්‍රමාණය විශාල වශයෙන් අඩු විය. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පසු නවසීලන්ත රාජ්‍ය ප්‍රතිපත්ති මාඕරි ජනතාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වමින් නිර්මාණය කරන ලදි. 1996 වසරේදී නවසීලන්ත රජය ඇමරිකානු ඩොලර් මිලියන 117ක් වටිනා භූමි සම්බන්ධයෙන් මාඕරි ජනතාව සමඟ එකඟතාවයක් ඇති කරගන්නට ක්‍රියා කළේය. මෙහිදී මාඕරි ජනයාට ඔවුන්ගේ පැරණි මාළු ඇල්ලීමේ අයිතීන් කිපයක්ද නැවත ලබා දෙන ලදි. 1997 වසර වන විට නවසීලන්තයේ සිටින මාඕරි ජනගහනය 525 000ක් පමණ විය. මෙය සම්පූර්ණ නවසීලන්ත ජනගහනයෙන් 15%ක් පමණ විය.

වාසභූමි

teara.govt.nz

වර්තමානය වන විට මාඕරි ජාතිකයින් නගරබදව පවා ජීවත් වේ. මොවුන් වැඩි වශයෙන් ජීවත් වන්නේ නවසීලන්තයේ උතුරු කොටස තුළයි.  අතීතයේදී මොවුන්ගේ වාසභූමි වර්ග දෙකක් දැකිය හැකි විය. මින් “pa” නමැති ජනාවස වල ජීවත් වන ලද්දේ යුද කාලයේදී අවතැන් වූ සරණාගතයින් ය. මේවා පිහිටා තිබුණේ කඳු මුදුන් වල වන අතර ආරක්ෂා සහිත ජනාවාස කොට්ඨාශයක් ලෙස හැඳින්විය හැක. මෙම නිවාස බොහෝ විට ජනාකීර්ණ විය. Kainga නමැති ජනවාස එතරම් ආරක්ෂා සහිත වූයේ නැත. මේවා පිහිටා තිබුණේ  ගම්බද ප්‍රදේශ වලට වන්නටයි.

ආර්ථිකය

pinterest.ca

මාඕරි ජාතිකයින්ගේ ප්‍රධාන ජීවිකාව වුයේ මාළු ඇල්ලීම, ද්‍රව්‍ය එකතු කිරීම හා බතල සිටුවීමයි. මාළු ඇල්ලීම සඳහා විවිධ දැල් හා උගුල් භාවිතා කරන ලදී. මාළුන්ට අමතරව මොවුන් මීයන්ද ආහාරයට ගනී. මොවුන් එක්රැස් කළ ද්‍රව්‍ය අතර මුල් වර්ග, අල වර්ග, බෙරි ජාති පවතී.

මොවුන් තමන්ට අවශ්‍ය ආම්පන්න සකසා ගනු ලැබුවේ ගල් සහ ලී උපයෝගී කර ගනිමිනි. මොවුන්ගේ ආම්පන්න අතර කුඤ්ඤය, පොල්ල, පුලුක් යත්ත, ආදිය කැපී පෙනේ. ඔවුන්ගේ සියලුම ද්‍රව්‍යමය දේවල් අලංකාර ලෙස සරසා තිබෙනු දැකිය හැක. මාඕරි නිෂ්පාදනයන් අතර පැදුරු, මාළු ඇල්ලීමේ උපකරණ, තුවක්කු, පොළව හැරීමේ උපකරණ හා විසිතුරු ආභරණ ප්‍රධාන තැනක් ගනී. මාඕරි ජනයාට පවතින ලද්දේ භාණ්ඩ හුවමාරු කර ගැනීමේ වෙළඳාම් ක්‍රමයකි. ඒ නිසා ඔවුන් අතේ මුදල් ගැවසුනේ ඉතාමත් සුළු වශයෙනි.  භාණ්ඩ බොහෝ විට හුවමාරු කර ගන්නා ලද්දේ ආහාර, ආභරණ, ගල් ආදිය සඳහා වේ. මොවුන් කැලෑවෙන් ලබා ගන්නා දේවල් මෙන්ම සාගරයෙන් ලබා ගන්නා දේවල් සඳහාද හුවමාරු කරගනු ලැබීය.

භාෂාව

lifegate.com

මාඕරි ජාතිකයින්ට පැවතියේ ඔවුන්ටම ආවේණික වූ භාෂාවකි. වර්තමානය වන විට මෙම භාෂාව  නවසීලන්තය තුළ පැතිරවීම සඳහා අනුබල සැපයෙමින් පවතී. නවසීලන්තයේ දෙවන නිල භාෂාව වන්නේද මාඕරි භාෂාවයි. මෙම භාෂාවේ මුලික කොටස් බොහෝ නවසීලන්ත පාසල්වල ඉගැන්වීම කරනු ලැබේ.

පවුල් සම්බන්ධතා නිර්මාණය කර ගැනීම

වර්තමානය වන විට බොහෝ මාඕරි ජාතිකයින් නගරාසන්න කාර්මික ප්‍රදේශ වල ජීවත් වන නිසා සාමාන්‍ය නවසීලන්ත වැසියන්ට සමාන ජීවිකාවක් ඔවුන්ද ගෙන යනු ලැබේ. මාඕරි ජනතාව හා සුදු ජාතීන් අතර විවාහයන් නිරන්තරයෙන් සිදු වේ. බොහෝ මාඕරි ජනයාට සුදු ජාතික නෑදෑයින් හා ඥාති සහෝදර සහෝදරියන් සිටී. මොවුන්ගේ පවුල් ඉතා විශාල වන්නේ ඒ තුළ මව, පියා, දරුවන්, ආච්චි, සීයා, නැන්දා, මාමා වැනි සියල්ලම අන්තර්ගත වීම හේතුවෙනි. මාඕරි සමාජය තුළ මවගේ හා පියාගේ පාර්ශවයේ සිටින සියලුම “මස්සිනා” වරුන් හට කතා කරන්නේ “සහෝදරයා” ලෙසයි. මෙලෙසම සියලු “නෑනා” වරුන් සඳහා “සහෝදරිය” ලෙස කතා කරයි.

සංස්කෘතිය

intercontinentalcry.org

මාඕරිවරුන් සතුව ඉතා ඉහළ සංස්කෘතියක් ඇත. මොවුන් පිළිබඳ පුරාවෘත්ත පවා ගෙතී ඇත. ඒවා කතා කිවීමේ ආකාරයට පරම්පරාවෙන් පරම්පරාවට පැවත එමින් තිබේ. මේ තුළ නවසීලන්ත දිවයින නිර්මාණය වීම පිළිබඳ කතා ද අන්තර්ගත වේ. නර්තනය යනු මොවුන්ගේ සංස්කෘතිය තුළ අත්‍යවශ්‍ය අංගයකි. මොවුන්ගේ සෑම නර්තනයක් සඳහාම ඊට ආවේණික වූ තේරුමක් දැකිය හැක.

මාඕරි සංස්කෘතිය තුළ දැකිය හැකි ප්‍රධාන අංගයක් ලෙස විවධ සෞන්දර්ය කලාවන් දැක්විය හැක. ඉන් එකක් වන්නේ kapa haka කලාව යි. මේ සඳහා ගායනා, තාලානුරූපී නර්තනයන්, යුද නැටුම් අන්තර්ගත වේ. මේ සියල්ල නැරඹීම සඳහා සංචාරකයින් විශාල ප්‍රමාණයක් ඇදී ඒම සිදු වේ. මීට අමතරව කැටයම් කැපීම, විවීම, හා හමේ රූප කෙටීමේ කලාවන්ද මොවුන් සතු වේ. මොවුන් නිර්මාණය කරන ලද විසිතුරු අභරණ හා පැරණි ආයුධ බොහෝ නවසීලන්ත කෞතුකාගාර වල දැකිය හැක.

කවරයේ පින්තුරය – pinterest.co.uk

Related Articles