Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මේ ලන්ඩනයේ ජනප්‍රියම ලිපිනයේ කතාවයි

එදා මෙදාතුර ලොව බිහිවුණු වඩාත්ම ජනප්‍රිය රහස් පරීක්ෂකයා ෂර්ලොක් හෝම්ස් බවට සැකයක් නැහැ. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් අතින් නිර්මාණය වුණු මේ අපූරු චරිතය තවමත් බොහෝ දෙනෙකුගේ සිත්වල සැබෑ ලෙසටම ජිවත් වන්නේ හෝම්ස් ගේ දස්කම් ඒ තරම්ම කදිමට නිර්මාණය කිරීමට කතුවරයා දස්කම් පෑ නිසයි. වෙද්‍යවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹා එවකට ලොව සිටි ධනවත්ම නවකතා රචකයකු බවට පත්වුණු කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් චරිතය සඳහා පාදක කරගනු ලැබුවේ සිය ගුරුවරයා වන ජෝසප් බෙල් ගේ චරිතය බව ප්‍රකට කරුණක්.

assets2.bigthink.com

වැඩිම වාර ගණනක් ප්‍රතිනිර්මාණය කෙරුණු සිනමා චරිතය

තියුණු නිරීක්ෂණ ශක්තියක් සහ අපූරු නිර්මාණාත්මක උපකල්පන ශක්තියක් මෙන්ම, පුළුල් ප්‍රයෝගික දැනුමකින්ද හෙබි ෂර්ලොක් හෝම්ස් ගේ චරිතය ඇසුරෙන් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කළ පළමු කතාන්දරය පළ වූයේ 1887 වසරේදී යි.THE STRAND MAGAZINE නම් සඟරාවේ පළවුණු එම නවකතාව නම් කෙරුණේ ‘A STUDY IN SCARLET’ යන නමෙනුයි.

එතැන් පටන් 1926 දක්වා කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් නවකතා 4 සහ කෙටිකතා 56 ක් නිර්මාණය කළ අතර ඒ සියල්ල එක ලෙස පාඨකයන් විසින් වැළඳ ගනු ලැබුවේ රහස් පරීක්ෂක නවකතා ඉතිහාසයේ ස්වර්ණමය පිටුවක් පෙරලමින්. ඉන්පසු ෂර්ලොක් හෝම්ස් චරිතය පාදක කරගෙන සිනමා නිර්මාණ,රුපවාහිනී නාට්‍ය මෙන්ම වේදිකා නාට්‍යද නිර්මාණය කෙරුණා.

drinkinggamezone.co

ගිනස් වර්තපොතට අනුව වැඩිම වරක් ප්‍රතිනිර්මාණය කෙරුණු සිනමා චරිතය ලෙස ෂර්ලොක් හෝම්ස් ගේ නම කියවෙන්නේ ඒ ඇසුරෙන් සිනමා කෘති 200 වැඩි ගණනක් නිර්මාණය කෙරී ඇති බැවිනුයි.

අංක 221 B,බේකර් විදිය

මෙම කතා මාලාව ගලා යන්නේ ෂර්ලොක් හෝම්ස් සහ ඔහුගේ සහයකයා මෙන්ම මිතුරාද වන දොස්තර වොට්සන් දෙදෙනා විසින් සිදු කළ රසපරික්ෂණ වික්‍රම හරහායි. එම කාලයේදී ෂර්ලොක් නැවතී සිටින්නේ  අංක 221 B,බේකර් විදිය, ලන්ඩන් යන ලිපිනයේ ඇති හඩ්සන් මහත්මියගේ නිවසේ උඩු මහලේයි.

ලන්ඩනයේ පිහිටි ධනවතුන් පදිංචිව සිටින පෙදෙසක් වන බේකර් විදියේ අදාළ ලිපිනය එවකට නොපැවතුනු බව සඳහන් වන අතර අංක 221 දක්වා ලිපිනයන් එහි නොපැවතීම ඊට හේතුවයි. එහෙත් බොහෝ ෂර්ලොක් හෝම්ස් රසිකයන් ෂර්ලොක් යනු සත්‍ය චරිතයක් බවත් ඔහු අදාල ලිපිනයේ පදිංචිව සිටින බවත් එකල විශ්වාස කර තිබු අතර කොනන් ඩොයිල් විසින් කතා මාලාව අවසන් කල පසුද එම ලිපිනය වෙත ලිපි එවීම සිදු කර තිබෙනවා. වඩාත් පුදුමය වන්නේ වර්තමානයේදී පවා ෂර්ලොක් වෙතින් සිය ගැටළු වලට පිළිතුරු සොයමින් අංක 221 B, බේකර් විදිය ,ලන්ඩන් යන ලිපිනයට ලිපි එවීම මෙන්ම පුද්ගලයන්ද පැමිණීමයි.

https://upload.wikimedia.org

පසුකාලීනව 1932 වසරේ සිට එම ලිපිනයේ  Abbey National Building Society නම් ව්‍යාපාරික ස්ථානයක් ස්ථාපිත කෙරුණු අතර, එම සමාගම විසින්  ෂර්ලොක් හෝම්ස් වෙත ලොව වටෙන්ම පැමිණෙන ලිපි වලට පිළිතුරු දීම සඳහා පූර්ණ කාලින ලේකම් වරියක් සේවයේ යොදවා තිබෙනවා. ඇය හඳුන්වා ඇත්තේ ෂර්ලොක් හෝම්ස් ගේ ලේකම්වරිය යන විශේෂ නාමයෙනුයි. එවකට එම ලිපිනයේ ෂර්ලොක්ගේ නම සහ රූපයක් දැක්වෙන ඵලකයක්ද තිබූ බවද සඳහන්. පසු කලක එම සමාගම අදාළ ලිපිනයෙන් ඉවත්ව ගිය අතර ඒ ආසන්නයේ ස්ථාපනය කර තිබූ ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරයට එහි නියම ලිපිනය හිමි වුනා. කෙසේ වෙතත් ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරය තවමත් භෞතිකව පිහිටා ඇත්තේ අංක 237 දරන ස්ථානයෙයි.

ලන්ඩනයේ පිහිටි ජනප්‍රියතම ලිපිනය

කෙසේ වෙතත් බේකර් විදියේ අංක 221 B ලිපිනයේ පිහිටි නිවසේ හිමිකරු වන්නේ BVI නම් සමාගම බවත් එහි හිමිකරුවන් වන්නේ රඛත් අලියෙව් සහ නුරාලි අලියෙව් දෙදෙනා බවත්  පැවසෙනවා. බේකර් විදියේ පිහිටි අංක 215-237 දක්වා වන ලිපින අයත් ගොඩනැගිල්ල BVI සමාගමට හිමිව ඇති අතර මේ වන විට එහි වටිනාකම පවුම් මිලියන 137 පමණ වන බව ඇස්තමේන්තු ගත වී තිබෙනවා.මේ වන විට ලන්ඩනයේ පිහිටි ජනප්‍රියතම ලිපිනය එය නිසා එය මිලදී ගැනීමට සමාගම් ගණනක් උත්සහ කලත් BVI සමාගම එය විකිණීමට කිසිදු කැමැත්තක් නොමැති බව පැවසෙනවා.

වර්තමානයේදී බේකර් විදියේ අංක 221 B ලිපිනය  ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරයට හිමිව ඇති අතර අදාල ලිපිනයට ලැබෙන ලිපි සියල්ල කෞතුකාගාරයට යොමු කෙරෙනවා. ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරය තුල  එවකට විස්තර වූ ආකාරයට ෂර්ලොක් හෝම්ස් ගේ කාමරය සකසා තිබීමත් විශේෂත්වයක්. එහි පියගැට පෙලේ පියගැට 17 ක් ද සකසා ඇත්තේ නවකතාවන්ගේ විස්තර වන ආකාරයයි. වර්තමානයේදී එම කාමරයේ ෂර්ලොක් ගේ අඩුව පුරවනු ලබන්නේ ඉටි වලින් සාදන ලද ෂර්ලොක් ගේ පිළිරුවක් විසිනුයි. එසේම එයට ඇතුළු වන තැනම ‘විශේෂඥ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් ,1881-1904’ යනුවෙන් සඳහන් වූ පුවරුවක් ද තබා ඇත්තේ ලොව වටෙන්ම එන ෂර්ලොක් රසිකයන්ට පහසුවෙන් ඒ සුපිරි රහස් පරීක්ෂකවරයා ගේ නිවස හඳුනා ගැනීම සඳහායි.

ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරය ආශ්‍රිතව ෂර්ලොක් හෝම්ස්  තැබෑරුමක් ද ඇති අතර එය පිහිටා ඇත්තේ චාරින්ක්‍රොස් දුම්රිය ස්ථානයට යාබද නොතම්බර්ලන්ඩ් විදීයෙයි.

https://sherlock.ambient-mixer.com

අංක 221 B,බේකර් විදිය, ලන්ඩන් යන ලිපිනයේ ජනප්‍රියත්වය නිසාම එම ලිපිනය විවිධ සිනමා සහ රුපවාහිනී නිර්මාණ වලටද යොදා ගැනී තිබෙනවා.ෂර්ලොක් හෝම්ස් ආශ්‍රිත නිර්මාණ වලට අමතරව HOUSE,M.D ,JUSTICE LEAGUE,STAR TREK, ආදී ජනප්‍රිය නිර්මාණ වලටද එය පාදක වී ඇත්තේ ලොව ජනප්‍රියම ලිපිනයන් අතරින් එකක් බවට පත්වෙමිනුයි.

Cover photo-https://wallpapersite.com

පාදක සටහන්

www.timesof india.com

www.atlasobscura.com

Related Articles