Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉහළ සංස්කෘතියකට උරුමකම් කියන කාම්බෝජය

කාම්බෝජය යනු මිලියන හතක පමණ ජනතාවක් ජීවත් වන ස්වාධීන රාජ්‍යයකි. මෙය වරක් ප්‍රංශ කොලනියක් ලෙස පැවතුණි. විවධ වෙනස්කම් සහිත භූගෝලීය අනන්‍යතාවයකින් යුතු කාම්බෝජය උස් බිම් වලින් වටවූ සුන්දර භූමියක් ලෙස හැඳින්විය හැක. මෙහි භූමි පිහිටීම හේතුවෙන් වැඩි වශයෙන් දැකිය හැක්කේ වගා කටයුතු හා බැඳුණු ජීවන රටාවකි. දිගු කාලයක් පුරා පැවති යුද්ධයකින් පසු කාම්බෝජ වැසියන් තම රට සෑම අංශයකින්ම නැවත ගොඩනැගීම ආරම්භ කර ඇත. පළාත් 20 කට බෙදා ඇති කාම්බෝජයේ වනාන්තර, මැණික්, මත්ස්‍ය සම්පත්, රබර්, වැනි ස්වභාවික සම්පත් පිහිටා ඇත. මෙම ලිපිය තුළින් අපි බලාපොරොත්තු වන්නේ කාම්බෝජය පිළිබඳ කරුණු ඔබ වෙත ගෙන ඒමටයි.

පිහිටීම

peregrineadventures.com

කාම්බෝජය පිහිටා ඇත්තේ ඉන්දු-චීන (indochina) අර්ධද්වීපයේ නිරිත දිගට වන්නටයි. මෙහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 181,040ක් පමණ වේ. කාම්බෝජයේ ඊසාන සිට නිරිතට දුර කිලෝමීටර් 730ක් වන අතර ගිණිකොණ සිට වයඹ දක්වා දුර කිලෝමීටර් 512ක් වේ. කාම්බෝජයේ දේශ සීමා වන්නේ ලාඕසය, වියට්නාමය, හා තායිලන්තයයි. මෙහි දේශ සිමා මායිමේ දිග කිලෝමීටර් 2,572 ක් වේ.

කාලගුණය, ශාක හා සතුන්,

කාම්බෝජයේ කාලගුණය මෝසම් සුළඟින් පාලනය වේ. මැයි මාසයේ මැද සිට ඔක්තෝම්බර් මාසය දක්වා නිරිත දිග මෝසමින් විශාල වර්ෂාවක් ලැබේ. මෙම කාල පරිච්ඡේදයේ කාලගුණය තෙත් සහිත වේ. නොවැම්බර් මාසයේ මැද සිට මාර්තු මාසයේ මැද දක්වා වියළි සුළං සහිත කාලගුණයක් දක්නට ලැබේ. කාම්බෝජයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 82 – 83 ත් අතර පවතී. මෙහි කඳුකර බෑවුම් වල වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 5000ක් පමණ වන අතර මධ්‍යම පහත් බිම් වල වර්ෂාපතනය මිලිමීටර් 1270 ත් – 1400 ත් අතර වේ.

tucantravel.com

කාම්බෝජයේ වැඩි කොටසක් වනාන්තර වලින් වැසී පැවතුණත්, එහි මධ්‍යම පහත් බිම් කොටස වී, ඉරිඟු, දුම්කොළ, ආදී වගාවන්ගෙන් වැසී පවතී. අතරමැදි කලාප පිරී පවතින්නේ සැවානා තෘණ භුමි වලිනි. බොහෝවිට මෙම තණකොළ වල උස අඩි 5ක් පමණ වේ. නැගෙනහිර උස් බිම් ආවරණය වී ඇත්තේ වනාන්තර හා තෘණ බිම් වලිනි. කාම්බෝජයේ උතුරු ප්‍රදේශයේ ඇති වනාන්තර වල ගස් මීටර් 30ක් පමණ උසට වර්ධනය වේ. රටේ නිරිත දිග ප්‍රදේශයේ වනාන්තර වල පයින් ශාක බොහොමයක් දැකිය හැක.

රටේ ඊසාන ප්‍රදේශයේ විශාල වශයෙන් කැලෑ සතුන් දැකිය හැක. ඔවුන් අතර අලියා, රයිනෝසිරස්, මුවන් වර්ග සුලබව සිටි. නමුත් මෙම ප්‍රදේශ වල විශාල වශයෙන් සිදු කරන දඩයම් කටයුතු හේතුවෙන් මෙම සත්ව ජනගහනය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී. මීට අමතරව කොටියා, වලසා, දිවියා වැනි සතුන්ද මෙම වනාන්තර වල දැකගත හැකි වේ.  

භාෂා, ජනවර්ග හා ආගම්

kuoni.co.uk

කාම්බෝජයේ සිටින ජනවර්ග වල සංයුතිය පහත ලෙස දැක්විය හැක.

  • khmer – 97.6%
  • cham – 1.2%
  • චීන  – 0.1%
  • වියට්නාම් – 0.9%

මෙරට භාවිත වන ප්‍රධාන භාෂාව වන්නේ khmer භාෂාවයි. මෙය රටේ නිල භාෂාව වේ. මීට අමතරව වෙනත් සුළු භාෂාද 3.7% පමණ භාවිත වේ. මෙරට පවතින ආගම් වල සංයුතිය පහත ලෙස දැක්විය හැක.

  • බෞද්ධ – 96.9%
  • මුස්ලිම් – 1.9%
  • ක්‍රිස්තියානු 0.4%

මෙරට ජනගහන වර්ධන වේගය 1.52%ක් වන අතර 2017 වර්ෂයේ දත්ත වලට අනුව උපත් අනුපාතය වන්නේ මිනිසුන් 1000කට උපත් 23කි (23/1000). මරණ අනුපාතය ලෙස මිනිසුන් 1000 කට මරණ 7.5ක් ලෙස වාර්තා වේ.

ආහාර රටාවන්

tripsavvy.com

කාම්බෝජයේ ආහාර තායිලන්තයේ හා ලාඕසයේ ආහාර සඳහා බෙහෙවින් සමීප වේ. phnom penh හා siemreap යන ප්‍රදේශ වල අවන්හල් වලදී ඉතාමත් රසැති චීන හා වියට්නාම ආහාර ලබා ගත හැකි වේ. නමුත් බොහෝවිට මේ සියල්ලටම වඩා රසවත් ඇතැම් දේශීය ආහාර වට්ටෝරුද පවතී. බත් යනු මොවුන්ගේ ප්‍රධාන ආහාරයකි.

ආර්ථිකය

කාම්බෝජයේ ආර්ථිකය වී වගාවට ප්‍රධාන තැනක් හිමි වේ. ජනගහනයෙන් බොහෝ පිරිසක් එළවළු, පලතුරු හා වී වගාවේ නිරත වී සිටි. මීට අමතරව යටත් විජිත සමයේ ආරම්භ කරන ලද රජයට අයත් රබර් වගාවද ආර්ථිකයේ කොටසක් බවට පත් වී ඇත.

pacificworld.com

පසුගිය වසර කීපය තුළ කාම්බෝජය ශක්තිමත් ආර්ථික වර්ධනයක් කරා ළඟා වෙමින් පැවතුණි. මෙහි 2000 – 2010 අතර කාලයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 8%කි. මෙම වර්ධනය සඳහා දායකත්වය ලබා දී ඇති ප්‍රධාන අංශ ලෙස සංචාරක කර්මාන්තය, ඉදිකිරීම් කර්මාන්තය, නිමි ඇඳුම් කර්මාන්තය හා කෘෂි කර්මාන්තය දැක්විය හැක. නිමි ඇඳුම් කර්මාන්තය තුළ මිනිසුන් 700,000ක පමණ ප්‍රමාණයක් සේවය කරන අතර මින් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වේ. සංචාරක කර්මාන්තය තුළ මිනිසුන් 50,000ක් පමණ සේවයේ නිරත වී සිටී.

ආර්ථිකයේ විවිධ අංශ දළ දේශීය නිෂ්පාදිතය සඳහා දක්වන දායකත්වය

සංස්කෘතිය

කාම්බෝජය සඳහා සියවස් ගණනාවක සිට පැවත එන සම්ප්‍රදායන් පවතී. හින්දු හා බෞද්ධ යන චාරිත්‍ර දෙවර්ගයම එක් වී කාම්බෝජ වැසියන් සඳහා සුවිශේෂී වූ සිරිත් විරිත් නිර්මාණය කිරීම සිදු කරයි. අප්සරා නැටුම (apsara) යනු එලෙස පැවැත ආ රාජ මාළිගා වල රඟ දක්වන ලද නර්තනයකි. එරට වැසියන්ගේ මතය අනුව නර්තනය යනු වසර 1000ක පමණ සිට කාම්බෝජ සංස්කෘතිය හා බැඳී පැවති දෙයකි. අද වන විට කාම්බෝජය නැරඹීමට යන සංචාරකයින්ට ප්‍රධාන සංචාරක නගර වලදී අප්සරා නැටුම දැකගත හැක.

කවරයේ පින්තූරය –  d360.dondup.com

Related Articles