Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දුර්ගා දෙව්දුව මහීෂාසුර යක්ෂයා පැරදවීම සමරන: දශායින්

ලෝකයේ ආගමික හා සංස්කෘතික විශ්වාස හා ඇදහිලි ඔස්සේ විවිධ උත්සව සමරනු ලබනවා. මේ අතරින් ඉන්දියාව, නේපාලය වැනි රටවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. නේපාල වැසියන් මහත් හරසරින් යුක්තව හෝලි, ඉන්ද්‍රා, තිහාර්, ටීජ් වැනි උත්සව සමරනු ලබනවා. නමුත් මොවුන් සමරන උත්සව අතරින් දශායින් නමැති උත්සවයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

දශායින් යනු?

libertyholidays.com

දශායින් යනුවෙන් හඳුන්වනු ලබන්නේ, නේපාලයේ තිබෙන ප්‍රධානතම, දීර්ඝකාලීන ඉතිහාසයකට උරුමකම් කියන, ඉතාමත් ශුභ උත්සවයකි. මෙය ‘බිජය දශ්මි’ යනුවෙන්ද හඳුන්වනු ලබන අතර කාර්තික් මාසයේ එනම් සැප්තැම්බර් අවසානයේ සිට ඔක්තෝබර් ආරම්භයේ නේපාල වැසියන් මෙම උත්සවය සමරනු ලබනවා. දින පහළවක් පමණ සමරනු ලබන මෙම උත්සවය නේපාල වැසියන් සියලු දෙනාම පාහේ සමරනු ලබනවා.  නේපාල දින දසුනට අනුව දීර්ඝතම උත්සවය මෙන්ම ශුභම කාලය වන්නේ මෙම කාලයයි.

සැමරීමේ අරමුණු

inheadline.com(දුර්ගා දෙව්දුව මහීශසුර මරණයට පත් කරමින්)

මෙම දශායින් උත්සවය සමරනු ලබන්නේ දුර්ගා දෙව්දුවගේ ජයග්‍රහණය සැමරීම සඳහායි. දුර්ගා දෙව්දුව වන්දනාමාන කිරීමටයි. මේ හා බැඳී ඉතිහාස කතාව වනුයේ දින නවයක් හා රාත්‍රීන් හි සටන් කොට දුර්ගා දෙව්දුව මහීශසුර නමැති යක්ෂයා මරණයට පත් කොට රට ආරක්ෂා කර ගනු ලැබුවා. මෙම දෙව්දුවගේ ධෛර්ය සැමරීම සඳහා නේපාල රජු ඇයට ‘පූජනීය ආරක්ෂයා’ ලෙස ගෞරව කරනු ලැබුවා. එදින පටන් දෙව්දුවට සිදු කරන පූජාවන් ඉතාමත් ජනප්‍රිය උත්සව චාරිත්‍රයක් බවට පත් වුණා.

මීට අමතරව භූමි වල සරුසාර බවට සහ අවුරුද්දේ සරුසාර අස්වැන්නක් ලබා ගැනීම සඳහාත් නේපාල වැසියන් මෙම උත්සවය සමරනු ලබනවා. දශායින් උත්සවය මඟින් පවුලේ නැවත එක් වීමේ වැදගත්කම අවධාරණය කරනු ලබනවා. එනම් එමඟින් සමාජ විරෝධතා ඉවත් කිරීමට හැකි වනවා. මෙම උත්සවය පැවැත්වෙන වකවානුවේ සියලුම රාජ්‍ය ආයතන, අධ්‍යාපනික ආයතන සහ පෞද්ගලික අංශය ද වසා දැමීමක් සිදු කරනු ලබනවා.

සම්ප්‍රදායන් හා චාරිත්‍ර

libertyholidays.com(ටිකා ගල්වමින්)

දශායින් උත්සවයේ පළමු දින නවය නවරාත්‍රී යනුවෙන් හඳුන්වනු ලබන අතර මෙම දින වලදී දුර්ගා දෙව්දුව සමරනු ලබනවා. නේපාල වැසියන් නිවෙස් වල සිට දෙව්දුවගේ රූපයට වන්දනාමාන කටයුතු සිදු කරනු ලබනවා. එමෙන්ම දෙව් දේවතාවුන් හා දෙව්දූගේ පූජ්‍ය ස්ථාන වන්දනා මාන කිරීමද සිදු කරනවා. නවදුර්ගා දෙව් දූගේ රූපයට නේපාල භක්තිකයන් කුරුල්ලන් හා සතුන් පූජා කිරීමද සිදු කරනවා.

මෙම උත්සව සමයේ හත්වන දිනය ෆුල්පති යනුවෙන් හඳුන්වන අතර මෙය ඉතාමත් සුවිශේෂී ආකාරයේ සැමරීමක් වනවා. මෙහි දී පුජනීය මල් ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලබනවා. දහස් ගණන් රාජ්‍ය නිළධාරීන් එකට එකතු වන අතර ඔවුන් සම්ප්‍රදායික ඇඳුමින් සැරසී රජු ඉදිරියේ ෆුල්පති පෙළපාලිය පැවැත්වීම සිරිත වූ අතර​ වර්තමානයේ රජු වෙනුවට නේපාල ජනාධිපති තුමා ඉදිරියේ පවත්වනු ලබනවා.

අටවන දිනය මහා අස්තමි යනුවෙන් හැඳින්වෙන අතර මෙහි පශු සම්පත ඝාතනය කිරීමක් සිදු කරනු ලබනවා. මෙදින දෙව්දුව සතුටු කිරීමට නේපාලයේ පුජ්‍යස්ථාන වල සිටින පශු සම්පත ඝාතනය කිරීමක් සිදු කරනු ලබනවා. එදින රාත්‍රිය කළු රාත්‍රිය ලෙස හඳුන්වනවා. මධ්‍යම රාත්‍රිය එළඹී විට මී හරකුන් අටදෙනෙකුගේ හිස් සහ එළුවන් 108 දෙනෙකුගේ හිස්ද කපා දැමීමක් සිදු කරනවා. දෙව්දුවට පූජා කිරීමෙන් අනතුරුව මෙම මස් නිවෙස් වලට රැගෙන යන අතර මේවා ප්‍රසාද් යනුවෙන් හඳුන්වනවා. එමෙන්ම නේපාල වැසියන්ට අනුව ප්‍රසාද් අනුභවය වාසනාව උදා කරනු ලබනවා.

නවවැනි දිනය මහා නවමි යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙදින Taleju නමැති දේවස්ථාන වන්දනාමාන කරන  අතර, කත්මන්ඩු, පටාන් සහ භක්ටපුර් හි මෙම​ සිද්ධස්ථාන මහජනතාව සඳහා විවෘත වනවා. දෙව්දූගේ ආශීර්වාදය සඳහා අයදින අතර සෑම නිවසකම පාහේ මෙදින රාත්‍රියේ එළුමස් අනුභව කිරීමක් සිදු කරනු ලබනවා. එමෙන්ම චංචල යන්ත්‍රසුත්‍ර වන මෝටර්රථ, ට්‍රක් වැනි දේද පූජා කරනු ලබනවා. මෙහි අරමුණ වන්නේ, වාහන වල ආරක්ෂාව සහ හදිසි අනතුරු ආදියෙන් ආරක්ෂා වීම සඳහායි.

දසවැනි දිනය විජය දශ්මි යනුවෙන් හැඳින්වෙන අතර පවුල් නැවත එකතු වීම සඳහා මෙය ඉතාමත් විශිෂ්ට අවස්ථාවකි. මෙදින නෑදෑයින්, යහළුවන් ත්‍යාග ආදිය හුවමාරු කර ගනු ලබනවා. දෙමව්පියන් ටිකා යනුවෙන් රතු පැහැති සිනබාර් තිලකයක් දරුවන්ගේ නළලේ තබනු ලබනවා. අලුත් ඇඳුම් ඇඳ අසල්වැසියන් හා නෑදෑයින් බැලීම සඳහා යන බවත්, වැඩිහිටියන්ගෙන් ආශීර්වාද ලබා ගන්නා බවත් සඳහන්. මේ අවස්ථාවේදී වැඩිහිටියන් විසින් බාල අය හට ටිකා තැබීම සිදු කරනු ලබනවා. වැඩිහිටියන් ආශීර්වාද කරන අතරම රසවත් ආහාර වලින් පෝෂණය කිරීමද සිදු කරනු ලබනවා. මෙය දින පහක් පැවැත්වෙනවා.

පහළොස් වන දිනය Kojagrata Purnima යනුවෙන් හැඳින්වෙන අතර, පුර සඳ දිනයේ මෙම උත්සවය අවසන් වනවා.  

උත්සව සමයේ

xinhuanet.com

උත්සව සමයේ දැකගත හැකි සුවිශේෂී දෑ අතර නොයෙක් වර්ණයෙන් යුත් සරුංගල් වලින් පිරුණු අහස, නෑදෑයින්ගේ එක්වීම, සතුටින් සිටින ළමයින්, ජනයාගෙන් පිරුණු වෙළඳසැල්, සරුංගල් තරඟ, රසවත් ආහාර, බීම වර්ග සහ අලංකාර ඇඳුම් දැක්විය හැකියි.

සාප්පු යාම හා අලුත් ඇඳුම් මිළදී ගැනීම දශායින් උත්සවයේ ප්‍රධාන අංගයකි. බොහෝ පිරිසක් ග්‍රාමීයව වාසය කරන අතර නව ඇඳුම් හා භාණ්ඩ මිලදී ගනී ලබන්නේ මෙම දශායින් නිවාඩු කාලයේ දී පමණයි. මෙම වකවානු වල රටේ බොහෝමයක්ම පාහේ විශාල වෙළඳසැල් උත්සව වට්ටම් ලබා දීම ආදිය සිදු කරනවා. එමෙන්ම මෙම උත්සව සමයේ දැක ගත හැකි තවත් කටයුත්තක් ලෙස කාඩ් සෙල්ලම් කිරීමද දැක්විය හැකියි. මේ ආකාරයට නේපාලයේ දශායින් උත්සවය මහත් හරසරින් සමරනු ලබනවා.

කවරයේ පින්තූරය: theimaginativeconservative.org

Related Articles