Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුන්දර බහමාස්

ලෝකයේ විවධ රටවල් වලට ඊට ආවේණික සුන්දරත්වයෙන් යුතු ස්වභාව සෞන්දර්යයක් හිමි වී ඇත. බහමාස් යනු එවැනි අලංකාර රටකි. මුල් කාලීනව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවති බහමාස් 1973 වසරේදී නිදහස ලබා ගන්නා ලදි. ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ වර්තමානය වන විට බොහෝ සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇති බහමාස් පිළිබඳ තොරතුරු ඔබට ගෙන ඒමටයි.

පිහිටීම

booking.com

බහමාස් දූපත් සමූහයේ පිහිටීම කියුබාවට හා ඇමරිකාවට ආසන්න වේ. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 13,940ක් පමණ වේ. මෙම දූපත් සමුහය ගිණිකොණ සිට වයඹ දක්වා කිලෝමීටර් 950ක් පමණ දුරකට විහිදෙන අතර ඊසාන සිට නිරිත දක්වා කිලෝමීටර් 298ක් දුරට විහිදේ. සංසන්දනාත්මකව බැලූ විට බහමාස් රාජ්‍යයේ භුමි ප්‍රමාණය connecticut රාජ්‍යයේ භුමි ප්‍රමාණයට වඩා අඩු වේ. බහමාස් රාජ්‍ය සඳහා ආසන්න වශයෙන් දුපත් 700ක පමණ ප්‍රමාණයක් අයත් වන අතර එයින් දුපත් 30ක පමණ මිනිසුන් වාසය කරයි. New providence යනු මෙහි ජනාකීර්ණම දූපත වේ. මෙහි අග නගරය Nassau වන අතර එය පිහිටා ඇත්තේ New providence දූපත තුළයි.

ඉතිහාසය

booking.suegiuperilmondo.it

බහමාස් වල මුල් පදිංචිකරුවන් ලෙස සැලකෙන්නේ Lucayan ඉන්දියානුවන්ය. මොවුන් ක්‍රිස්තු වර්ෂ 900 හා 1500 අතර කාලයේදී බහමාස් වල ජිවත් වී ඇති බවට සැලකේ. මොවුන් සාගර ආහාර මත යැපුන පුද්ගලයින් පිරිසක් ලෙස සැලකෙන අතර සාමකාමී, දියුණු දේශපාලන, සමාජීය හා ආගමික පද්ධතියක් පැවති ජන කොට්ඨාශයක් ලෙස මොවුන් දැක්විය හැක.

1494 වසරේදී ක්‍රිස්ටෝපර් කොලොම්බස් නමැති දේශ ගවේශකයා බහමාස් දූපතක් වන san salvador සඳහා ගොඩ බැස්සේය. මොහු පැමිණෙන විට මෙහි Lucayan මිනිසුන් 40 000ක් පමණ ජීවත් වී ඇති අතර මොහුගේ පැමිණීමෙන් වසර 25 ක් වැනි කාලයක් ඇතුළත සියලුම Lucayan වරුන් විවිධ රෝග, අපහසුතා, හා වහල් සේවය හේතුවෙන් මරණයට පත් විය.

වර්ෂ 1600 හා 1700 මුල් කාලයේදී බොහෝ මුහුදු කොල්ලරුවන් හා ඔවුන්ගේ නැව් පැමිණි ප්‍රදේශයක් ලෙස බහමාස් දැක්විය හැක. ඔවුන් මෙම දූපත් යොදා ගන්නා ලද්දේ තමන් කොල්ලකන වස්තුව සැඟවීම සඳහායි. මෙම දුපත් ආශ්‍රිත ප්‍රදේශය බොහෝ මුහුදු ගමන් මාර්ග වලට ආසන්නව පැවති නිසා වෙළඳ නැව් පිටින් කොල්ලකෑමට මුහුදු කොල්ලකරුවන්ට හැකි විය.

ශාක හා සතුන්

vacationidea.com

කැරිබියානු පයින් ශාක වලින් සැදුණු අලංකාර වනාන්තර රාශියක් බහමාස් වල දැකිය හැක. මෙහි ඇති ඇතැම් දූපත් වල දැඩි දැව සහිත ශාකද දක්නට ලැබෙන නමුත් මෙහි ඇති අනෙක් දූපත් වල බොහෝ විට දක්නට ලැබෙන්නේ පඳුරු සහ කොට ගස් වර්ගයි. බහමාස් වල නිතරම දැකිය හැකි සතුන් ලෙස මැඩියන්, සර්පයින්, කටුස්සන්, හා වවුල් වර්ග දැක්විය හැක. මෙහි ජීවත් වන විශාල සතුන් ලෙස agouti, rodent, raccoon, iguana දැක්විය හැක. මෙහි දක්නට ලැබෙන අශ්වයින්, බැටළුවන් වැනි සතුන් යුරෝපියානුවන් නිසා මෙම දූපත් වලට පැමිණි සතුන් වේ.

බහමාස් වල නැරඹිය හැකි අලංකාර ස්ථාන ලෙස රෝස වැලි සහිත වෙරළ තීරය, cat දුපතේ පිහිටි mount alvernia, විනිවිද පෙනෙන ජලය සහිත සුන්දර වෙරළ තීරයන්, clarence town හි පිහිටි ලොව ගැඹුරුතම නිල් සිදුර, paradise දූපතේ ඇති versailles උද්‍යානය දැක්විය හැක. බහමාස් දූපත් වල පර්වත 2000ක් පමණ දැකිය හැක. මෙම දූපත් අවට ඇති මුහුදු ජලය දැඩි විනිවිද භාවයකින් යුතු වේ. මීට අමතරව ලෝකයේ තුන්වනුවට විශාලම බාධක පරයද මෙහිදී දැකගත හැක.

භාෂා ජනවර්ග හා ආගම්

charterworld.com

බහමාස් වල නිල භාෂාව වන්නේ ඉංග්‍රීසි භාෂාවයි. නමුත් Haitian සංක්‍රමණිකයන් ප්‍රංශ භාෂාව භාවිත කරයි. මෙහි ජීවත් වන මිනිසුන්ගේ 85%ක් පමණ අප්‍රිකාවේ සිට බටහිර රටවල වහල් සේවයට ගෙනෙන ලද වහලුන්ගෙන් පැවත එන්නන් වේ. මෙරට ජනගහනයෙන් 12%ක් පමණ සුදු ජාතිකයින් වන අතර ඔවුන් බොහොමයකට ඇත්තේ බ්‍රිතාන්‍ය සම්බවයකි. ජනගහනයෙන් 3%ක් පමණ ආසියානුවන් වේ. බහමාස් වල දක්නට ලැබෙන ආගම් ලෙස ක්‍රිස්තියානු, ප්‍රොතෙස්තන්ත්‍ර, මෙතෝඩිස්ට්, මුස්ලිම්, හින්දු ආදිය දැක්විය හැක.

ආර්ථිකය

deeperblue.com

යහපත් ආර්ථිකයක් පවතින බහමාස් රාජ්‍යයේ ඒක පුද්ගල අදායම ඉහළ අගයක් ගනී. මෙහි ආර්ථිකය බොහෝ සේ අන්තර්ජාතික බැංකුකරණය හා සංචාරක ව්‍යාපාරය මත රඳා පවතී. මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 75% – 80% ත් අතර ප්‍රමාණයක් ලැබෙන්නේ සංචාරක කර්මාන්තය තුළිනි. මීට අමතරව මෙරට රැකියා වලින් බොහොමයක් සංචාරක කර්මාන්තය සමඟ සෘජුව හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධ වී ඇත. දළ දේශීය නිෂ්පාදිතය සඳහා 15% ක පමණ දායකත්වයක් මූල්‍යමය සේවා මඟින් සැපයේ. නිෂ්පාදනය හා කෘෂිකර්මාන්තය යන අංශ දෙකම එක්ව ගත් විට දළ දේශීය නිෂ්පාදිතය සඳහා 7% පමණ දායකත්වයක් සපයයි. මීට හේතුව වන්නේ එම අංශ වල සංවර්ධනය සඳහා රාජ්‍ය අවධානය එතරම් යොමු නොවීමයි. බටහිර අර්ධ ගෝලයේ ඇති ලෝක වෙළඳ සංවිධානයේ සාමාජික රටක් නොවන එකම රට වන්නේ බහමියන් රාජ්‍යයයි.

cdn.aarp.net

දේශපාලන පද්ධතිය

බහමාස් යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රටකි. රාජ්‍යයේ ප්‍රධානියා වන්නේ දෙවන එළිසබත් රැජිනයි. ඇයව නියෝජනය කරන්නේ බහමාස් අග‍්‍රාණ්ඩුකාරතුමා විසිනි. අග‍්‍රාණ්ඩුකාරතුමා කටයුතු කරන්නේ එරට අගමැතිගේ හා කැබිනට් මණ්ඩලයේ උපදෙස් පරිදි වේ. ආණ්ඩුවේ ප්‍රධාන තැන උසුලන්නේ අගමැති විසිනි. බහමාස් වල ද්වි මණ්ඩල පාර්ලිමේන්තුවක් ඇති අතර මෙය නම් කරන ලද සෙනට් මණ්ඩලයකින් හා තෝරා ගත් මහජන මන්ත්‍රණ සභාවකින් සමන්විත වේ.

කවරයේ පින්තුරය – travelandleisure.com

Related Articles