Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගිනිකඳු දූපත් 68කින් යුත් වර්ජින් දූපත් සමූහය

අප ජීවත් වන පෘතුවියෙන් වැඩි කොටසක් ජලයෙන් වැසී පවතී. මේ නිසා දූපත් රාජ්‍යයන් බොහොමයක් දැකගත හැක. දූපතක් යනු මුහුදින් වට වූ ගොඩබිම් ප්‍රදේශයක් වන නිසා එහි පරිසර සුන්දරත්වය ඉතා ඉහළ වේ. මීට අමතරව සුන්දර වෙරළ තීරයන් රාශියක් එක් දූපතකට හිමි වේ. බොහෝ පුද්ගලයින් තම නිවාඩුව ගත කිරීම සඳහා සුදුසුම ස්ථානය ලෙස තෝරා ගන්නේ දූපතකි. ඇමරිකාවට අයත් වර්ජින් දූපත් සමූහයද මෙවන් අලංකාර පරිසරක් සහිත දූපත් පෙළකි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ වර්ජින් දූපත් සමුහය පිළබඳ කරුණු ඔබ වෙත ගෙන ඒමටයි.

පිහිටීම

travelandleisure.com

කැරිබියානු මුහුදේ පිහිටා ඇති වර්ජින් දූපත් 1917 වනතුරු හඳුන්වන ලද්දේ Danish West Indies ලෙසයි. මේවා Miami සිට සැතපුම් 1100ක් දකුණෙන් හා Puerto Rico සිට සැතපුම් 40ක් නැගෙනහිරින් පිහිටා ඇත. මෙහි සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 165කි. මෙම දූපත් වලට උතුරින් පිහිටා ඇත්තේ බහමාස් ය. Greater Antilles දාමයේ කොටසක් වන මෙම දූපත් සමූහය තුළ  ගිනිකඳු දූපත් 68ක් පිහිටා තිබේ. මෙම දූපත් බොහොමයක් කොරල් වලින් නිර්මාණය වී ඇත. මෙම දූපත් සමුහයේ ප්‍රධාන දූපත් තුන වන්නේ St තෝමස්, St ජෝන්ස් හා St Croix ය. මේ දූපත් තුනේම කඳු පිහිටා තිබේ.

ඉතිහාසය

npr.org

1493 වසරේ ක්‍රිස්ටෝපර් කොලම්බස් පැමිණීමට පෙර මෙහි ස්වදේශීය ජන කොට්ඨාස ජීවත් වී ඇත. ක්‍රිස්තු වර්ෂ 100 ත් 200 ත් අතර කාලයේ මෙහි Arawaks නමැති ජන කොට්ටාසය ජිවත් වී ඇත. පසුව ක්‍රිස්තු වර්ෂ 300 ත් 400 ත් අතර කාලයේ මෙහි වාසය කරන ලද්දේ Ciboneys නමැති ජන කොට්ඨාසයයි. Caribs නමැති ජන කොට්ඨාසය මෙහි පදිංචියට පැමිණෙන ලද්දේ කොලොම්බස් පැමිණීමට වසර 150 කට පමණ පෙරය. මෙම දූපත් වල ජීවත් වූ ජන කොට්ඨාස සියල්ලම පාහේ ගල් වල අකුරු කොටා ලේඛන සකස් කිරීම සිදු කළේය. ඔවුන් පරිසරයෙන් සොයාගත් ස්වභාවික දේවල් යොදා ගනිමින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය ආයුධ හා උපකරණ තනා ගන්නා ලදි.  Arawaks හා Caribs ජන කණ්ඩායම් කහ සහ රතු මැටි උපයෝගී කර ගනිමින් කුඹල් කර්මාන්තයේ නිරත ව ඇත. මීට අමතරව Caribs ජනයා තණකොළ වලින් පැදුරු නිර්මාණය කළ බවට සාක්ෂි හමු වී ඇත. මොවුන් සියල්ලන්ගේම ප්‍රධාන ආහාරය වී ඇත්තේ මුහුදෙන් අල්ලා ගන්නා ලද මසුන්ය.

1550 දී පමණ Danes නමැති ජන කොට්ඨාසය මෙහි ජනවාස පිහිටුවා ගනිමින් මෙම දූපත් තුළ වාණිජ කටයුතු ආරම්භ කරන ලදි. ඔවුන් කපු, කෝපි, උක් වැනි වාණිජ බෝග වගා කිරීම නිසා එම වතුවල සේවය කිරීමට අප්‍රිකානු ජාතිකයින් 100 000ක් පමණ ගෙන්වන ලදි. මේ හේතුවෙන් 1778 පමණ වන විට මෙම දූපත්වල වාසය කළ වහල් ජනතාවගේ ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා ලදි. එකල වර්ජින් දූපත්වල සමාජ පන්ති ගොඩනැගී තිබුණේ ශරීරයේ පැහැය, ධනය හා අධ්‍යාපනය පදනම් කර ගනිමිනි.

කාලගුණය

cnbc.com

වර්ජින් දූපත්වල සෞම්‍ය කාලගුණයක් දැකිය හැක.  දූපත් අනුව කාලගුණයේ සුළු සුළු වෙනස් වීම දැකිය හැකි වේ. St තෝමස් දූපතේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් පමණ වන අතර ජනවාරි මාසයේදී එය සෙල්සියස් අංශක 31 දක්වා වැඩිවිය හැක. රාත්‍රී කාලයේදී මෙහි අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 6ක් පමණ වේ. මෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1 100ක් පමණ වේ. වැඩියෙන් වර්ෂාපතනය ලැබෙන කාලය වන්නේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලයයි.

ජාතික නිදහස් දිනය

වර්ජින් දූපත් වල ජාතික දිනය හඳුන්වන්නේ “transfer day” ලෙසයි. එය යෙදී ඇත්තේ සෑම වසරකම මාර්තු මාසයේ 31 වන දිනටයි. මේ දිනයේදී ඔවුන් තම රාජ්‍ය ඩෙන්මාර්කයෙන් මිදී ඇමරිකාව යටතට පත්වීම සමරයි. මෙම දිනයේ පවත්වන උත්සව වලදී ඩෙන්මාර්ක කොඩිය පහත දමා ඇමරිකානු කොඩිය එසවීම සිදු කරයි.

භාෂා ජනවර්ග හා ආගම්

passporthealthusa.com

මෙහි ජීවත් වන ජන කොට්ඨාස වල සංයුතිය පහත ලෙස දැක්විය හැක

  • කළු ජාතිකයින් – 76%
  • සුදු ජාතිකයින් – 15.6%
  • ආසියානුවන් – 1.4%
  • අනෙකුත් ජාතීන් – 4,9%

මෙරට ජනගහනයෙන් 59%ක් ප්‍රොතෙස්තන්ත්‍ර වන අතර 34%ක් රෝමානු කතෝලිකයින් වේ. වර්ජින් දූපත් වල භාවිතා වන භාෂාවන් ලෙස ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ හා ස්වදේශීය භාෂාවන් දැක්විය හැක. මෙම දූපත් වල නිල භාෂාව වන්නේ ඩෙන්මාර්ක භාෂාවයි. මීට හේතුව වර්ෂ 1600සිට මේවා පාලනය කරන ලද්දේ ඩෙන්මාර්කය වීමයි. නමුත් රටේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාව කතා කරන නිසා ඩෙන්මාර්ක භාෂාව භාවිතා කරන්නේ සුළු පිරිසක් පමණි. 19 වන සියවසේදී ලන්දේසි භාෂාව පදනම් වූ Dutch Creole නම් භාෂාවක් මෙහි බහුලව භාවිතා වන ලදි. නමුත් 1830 ගණන් වලදී එම භාෂාව අභාවයට පත් විය.

ආර්ථිකය

theculturetrip.com

වර්ජින් දූපත් වල ප්‍රධාන ආර්ථික කටයුතු වන්නේ සංචාරක කර්මාන්තය හා වෙළඳාමයි. මෙම දූපත් නැරඹීම සඳහා වසරකට සංචාරකයින් මිලියන 3ක් පමණ පැමිණේ. මෙරට කෘෂිකර්මාන්තය දැකිය හැක්කේ සුළු වශයෙනි. මොවුන් බොහෝ ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සිදු කරයි. මෙරට දැකිය හැකි ප්‍රධාන නිෂ්පාදන කර්මාන්ත වන්නේ ඔරලෝසු නිර්මාණය, රම් පෙරීම, ඉදි කිරීම් කර්මාන්ත, ඉලෙක්ට්‍රොනික උපකරණ ආදියයි. වර්ජිනියාවේ ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන වන්නේ එළවළු, පළතුරු හා කරල් ඉරිඟු වේ. මෙරට දළ දේශීය නිෂ්පාදිතය සඳහා විවිධ අංශ වල දායකත්වය

කවරයේ පින්තුරය  – rei.com

Related Articles