Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිමාවක් නොමැති ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය

2001 වසරේ සැප්තැම්බර් 11 දා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල වූ දරුණු ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් එවකට එරට ජනාධිපතිවරයා වූ ජෝර්ජ් බුෂ් දැඩි ලෙස කම්පාවට හා කෝපයට පත්වෙනවා.

ඔහුගේ උපදෙස් මත ගෝලීය ත්‍රස්තවාදය නැතිකිරීම සඳහා එම වසරේ සිටම ඇමෙරිකාවේ ප්‍රමුඛත්වයෙන් ලෝකය පුරා හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වෙනවා. එය හදුන්වන්නේ “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” ලෙස යි . වසර ගණනාවක් ගත වුවත් මේ වන තුරු එම යුද්ධය අවසන් වී නෑ. එම මෙහෙයුම් වැඩිපුරම ක්‍රියාත්මක වූයේ ඇෆ්ගනිස්ථානයේ හා මැදපෙරදිග කලාපයේ යි. එයට හේතුව වන්නේ සැප්තැම්බර් 11 ප්‍රහාරය දියත් කළායැ යි පැවසෙන අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නිජ භූමිය ඇෆ්ගනිස්තානය හා මැදපෙරදිග වීමයි.

පළමුවෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරන අතර ඔවුන්ගේ මූලික අභිප්‍රාය වන්නේ අල්කයිඩා සංවිධානය විනාශ කර, එහි නායකයා වන ඔසාමා බින් ලාඩන්ව ඝාතනය කිරීම යි. පසුව ඔවුන් ඉරාකය ආක්‍රමණය කරන අතර අල්කයිඩා සංවිධානයට උදවු කළ බව පවසමින් ඉරාකයේ පාලකයා වූ සදාම් හුසේන්ව ඝාතනය කරනවා. ඉන් පසුව සිරියාව තුළ ඉස්ලාමිය රාජ්‍යයක් උදෙසා වන විමුක්තිකාමීන්ගේ සංවිධානය බිහි වූ අතර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වල හමුදා අද වන විටත් අවසන් නොවූ එම සටනේ යෙදී සිටිනවා.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් මෙය ත්‍රස්තවාදයට එරෙහිව මැදපෙරදිග දී සිදුකරන යුද්ධය ලෙස හැඳින්වූවත්, තවත් පිරිසක් පෙන්වා දෙන්නේ ඇමෙරිකානුවන් අනවසරයෙන් අනෙක් රටවල ස්වාධීනත්වයට ඇඟිලි ගසමින් සිටිනා බව යි.

සැප්තැම්බර් 11 ප්‍රහාරයත් සමග ඇමෙරිකන් හමුදාව ඇෆ්ගනිස්ථානයට  

ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයේ (Business Insider)

2001 වසරේ සැප්තැම්බර් මාසයේ 11 වන දා (9/11 ප්‍රහාරය) එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට හා පෙන්ටගනයට කඩා වදින පැහැරගත් ගුවන් යානා දෙකක් එම ගොඩනැගිලි පුපුරවා දමනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 3000ක් පමණ මරණයට පත් වූ බව සඳහන්.

ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ අල්කයිඩා ත්‍රස්ත සංවිධානය බවත්, ඊට නායකත්වය දෙනු ලැබුවේ ඔසාමා බින් ලාඩන් බවත් ඇමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කරනවා. 9/11 ප්‍රහාරයෙන් පසුව “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” නමින් මැදපෙරදිග රටවල ක්‍රියාත්මක වෙන, ත්‍රස්ත සංවිධාන විනාශ කිරීමේ අරමුණෙන් යුධ ව්‍යාපාරයක් ආරම්භ වෙනවා. එය ආරම්භ කරන්නේ එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ජෝර්ජ් බුෂ් විසින්.

අල්කයිඩා සංවිධානයට ආධාර ලබා දෙන බව පවසමින් ඇමෙරිකාව විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරනවා. එම යුධ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස 2011 වසරේ දී ඇමෙරිකානු සීල් බලකා සෙබළුන් කරන ලද රහසිගත මෙහෙයුමෙන් බින් ලාඩන් ඝාතනය වෙනවා. ඒ ඔහු  සැඟවී සිටි පකිස්ථානයේ ඇබොටබාද්හි නිවසේ දී යි.

ඉරාකය ආක්‍රමණය

ඇමෙරිකානු හමුදා ඉරාකයේ (Middle East Monitor)

ඉරාකයේ ඒකාධිපති පාලකයා ලෙස සදාම් හුසේන්ව නම් කරමින් ඔවුන් විශාල වශයෙන් අල්කයිඩා සංවිධානයට උපකාර කරන බව පවසමින් ඇමෙරිකානු හමුදා ඉරාකය ආක්‍රමණය කරනවා.

මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට, බ්‍රිතාන්‍යය හා තවත් යුරෝපා රටවල සහය හිමිවෙනවා. අවසන් කාලයේ දී ඇමෙරිකානු විරෝධතාවයක් දැඩිව පෙන්නුම් කළ සදාම් හුසේන්ව ජීවග්‍රහයෙන් අල්ලා එල්ලා මරා දැමීමට ඇමෙරිකාවට හිතවත් ඉරාක අධිකරණය ක්‍රියා කරනවා. ඒ 2006 වසරේ දෙසැම්බර් මාසයේ දී යි.

සදාම් හුසේන්ව එල්ලා මැරීමෙන් අනතුරුව යුද්ධය නිසා අරාජිකව තිබූ ඉරාකය නැවතත් නගා සිටුවීමට ඇමෙරිකානු රජයට නියමාකාරයේ සැළසුමක් තිබුණේ නැති බව සඳහන්. නමුත් ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඒ සඳහා ඇමෙරිකාවට අවශ්‍යතාවයක් නොතිබූ බවයි. මේ හේතුවෙන් එරට ත්‍රස්ත කණ්ඩායම් හිස එසවීමට පටන් ගන්නවා, අල්කයිඩා ත්‍රස්ත සංවිධානය මෙන්ම ISIS සටන්කාමීන් ද ඉරාකය තුළ ත්‍රස්ත ක්‍රියා දිගින් දිගටම සිදු කිරීම ආරම්භ කරනවා.

ISIS නැගිටීම

සදාම් හුසේන් අධිකරණයේ (The New York Times)

2011 වසරේ ලිබියාව තුළ ගඩාෆි පාලනය බිඳවැටෙන අතර නේටෝ හමුදාව ලිබියාව ආක්‍රමණය කරනවා. 2011 වසරේ දෙසැම්බර් මාසයේ දී ගඩාෆි මරා දමන අතර ගඩාෆිගේ මරණයෙන් පසු ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන එරට හිස ඔසවනවා. ISIS සංවිධානය ද මේ අතර වන තර වත්මන වනවිට ISIS සංවිධාන ලිබියාවෙන් පරාජය කරනු ලැබුවත් එරට සිවිල් යුධ තත්ත්වය තවමත් නිමා වෙලා නෑ.

ISIS ත්‍රස්ත සංවිධානය 2013 සිට සිරියාවේ ද 2014 සිට ඉරාකයේ ද විශාල ප්‍රදේශයක් පාලනය කිරීම ආරම්භ කරනවා. සිරියාවේ ත්‍රස්ත සංවිධාන හිස ඔසවන ලද්දේ බටහිර රටවල් විසින් සිරියානු ජනාධිපති බසාර් අල් අසාද්ගේ පාලනයට අකමැති වීම හේතුවෙන් බව ඇතැම් විචාරකයන්ගේ මතය යි.

මේ අතර මෙම ප්‍රදේශයේ යුධ තත්ත්වයන් හේතුවෙන් විශාල සරණාගතයන් පිරිසක් යුරෝපයට සංක්‍රමණය වෙනවා. මෑත කාලයේදී යුරෝපයේ ඇතැම් රටවල පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ නිසා මදපෙරදිගෙන් එම රටවලට සංක්‍රමණය වී සිටින්නේ සිවිල් වැසියන් පමණක් නොවන බවත් තේරුම් ගත හැකි යි.

ISIS සටන්කාමීන් (The Independent)

වර්ථමානයේ දී ඉරාකයෙන් මෙන්ම සිරියාවෙන් ද ISIS සටන්කාමීන් පරාජයට පත් වී තිබෙනවා. නමුත් සිරියාව තුළ බොහෝ ISIS භට පිරිස් සැඟවී සිතන අතර වරින් වර රජයේ හමුදාවලට ප්‍රහාර එල්ල කිරීම ද දකින්න පුළුවන්.

තමන් සිරියාවෙන් ඇමෙරිකානු යුධ භටයන් ඉවත්කරගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් පැවසුව ද ඇමෙරිකානු හමුදා මෙන්ම රුසියානු හමුදා දා සිරියානු යුද්ධයේ තවමත් රැඳී සිටිනු දකින්න පුළුවන්.

අවසානයේ ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව ඇමෙරිකාව ආරම්භ කළ යුද්ධයෙන් මැදපෙරදිග රටවල් දරුණු අරාජික තත්වයකට මුහුණ පා ඇති බව පැවසීම ද යුතු යි.

කවරයේ පින්තූරය -Foreign Policy

මූලාශ්‍රයයන් -

BBC .com

usnews.com

asiatimes.com

theguardian.com

Related Articles