Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කළමනාකරුටම කියා එංගලන්තයේ Securitasහි දොරටු විවෘත කර ගැනේ

ලන්ඩනයේ කෙන්ට්හි පිහිටි Securitas ආයතනයේ මුදල් ගබඩා කළමනාකරු 2006 පෙබරවාරි 21 දා සවස 6.30ට පමණ සුපුරුදු පරිදි රාජකාරි නිමවී නිවස බලා යමින් සිටියා. එහෙත් අතරමඟ දී ඔහුව නැවැත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කියා සිටියේ ඔහු අධික වේගයෙන් රිය පැදවූ බව යි.

පසුව ඔහුට පෙනී ගියේ මේ සැබෑ ‍පොලීසිය නොව, ‍පොලීසිය ලෙස වෙස් වළාගත් සොරුන් දෙපළක් බව යි. එහෙත් ඔවුන්ට එරෙහි වන්නට 51 හැවිරිදි කොලින් ඩික්සන් නමැති මේ කළමනාකරුට හැකියාවක් තිබුණේ නැහැ. මන්ද, තවත් පිරිසක් පොලිස් ඇඳුමින් සැරසී ගොස් ඩික්සන්ගේ බිරිඳ, සහ අට හැවිරිදි දරුවාව ඒ වන විටත් නිවස තුළම ප්‍රාණ ඇපයට ගෙන තිබුණා. ඔවුන් නිවසට ඇතුළු වීම සඳහා කියා තිබුණේ ඩික්සන් රිය අනතුරකට මුහුණපා ඇති බවයි. කළ හැකි කිසිවක් නොමැතිව අවනත වූ කළමනාකරුව ගැටගැසූ සොරුන් වාහනයකින් ඔහුව මාර්ගයේ තවත් දුරට ගෙන ගොස් වෙනත් සුදු පැහැති වෑන් රියකට නංවා ගත්තා.

කළමනාකරු සමග පැමිණෙයි (ytimg.com)

පෙබරවාරි 22 දා අලුයම 1.30ට ඔවුන් අධි ආරක්ෂිත මුදල් ගබඩා සංකීර්ණය වෙත පැමිණියා. පොලීසියත් සමග තම කළමනාකරු පැමිණ සිටි නිසා කිසිදු සැකයක් නොසිතූ එහි සිටි ආරක්ෂක භටයන් ඔහුව ගෞරවාදරයෙන් පිළිගෙන, සවිමත් වානේ දොරටුව ද හැර ඔවුන්ව ඇතුලට ගත්තා.

විවිධාකාරයේ ස්වයංක්‍රීය ගිනි අවිවලින් සන්නද්ධව සිටි සොරුන්, ගබඩාව ඇතුළත සිටි කාර්යාල සේවකයන් දහහතර දෙනා මරණ තර්ජන කොට බිය වද්දන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණා. සේවකයන් බිම දිගාකොට බැඳ දමනු ලැබුවා. ඉන්පසු ෆෝක්ලිෆ්ට් ට්‍රක් රථයක් (භාණ්ඩ ගබඩා තුළ බඩු පෙට්ටි එහා මෙහා ගෙනයෑමට භාවිතා කරන වාහනයක්) සහ සුපිරි වෙළඳසල්වල ඇති ෂොපිං ට්‍රොලියක් භාවිතා කරමින් ගබඩා සංකීර්ණයේ තිබූ මුදල් සේප්පු පිටත නවතා තිබූ ට්‍රක් රථයක් වෙත ගෙන ගියා.

අභ්‍යන්තර නිලධාරීන් තමා යටතට ගනිමින් (kentlive.news)

යූරෝ මිලියන 53ක් තමා සන්තක කරගන්නට ඔවුන්ට ගත වූයේ පැය 01කුත්, විනාඩි 06කුත් පමණ යි. තම ට්‍රක් රථයේ ඉඩ නොතිබූ නිසා ඔවුන්ට ඉතිරිව තිබුණු යූරෝ මිලියන 153 පටවා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. 

පිටත්ව යන්නට කලින් ඔවුන් කාර්යමණ්ඩලය, ඉහත කී කළමනාකරු, සහ ඔහුගේ බිරිඳ හා දරුවාව මුදල් රඳවා තිබූ කූඩුවලට දමා අගුළු ලෑවා. වාසනාවකට එතැන සිටි එක් කාන්තාවක් සතුව යතුරක් තිබී තම අගුළ හැරගෙන පිටතට පැමිණ, අන් අය සිටි මැදිරිවල අගුළුත් හැර සියල්ලන්වම නිදහස් කරගන්නටත් සමත් වුණා. ගැටගසා සිටි මේ පිරිසට අනතුරු හැඟවීමේ සංඥා ක්‍රියාත්මක කරන්නට පැය බාගයක් පමණ ගත වුණා. පොලීසිය එතැනට එද්දී දකින්නට ලැබුණේ සියල්ලන්ම කිසිදු ජීවිත හානියකින් තොරව එහි සිටින ආකාරය යි.

ඇතැම් සොරුන් පොලීසිය මෙන් හැඳ සිටි ආකාරය (kentlive.news)

2008 ජනවාරි මාසය වන විට ඔවුන් පැළඳ සිටි මුහුණු ආවරණවල තිබුණු DNA යොදා ගනිමින් අපරාධකරුවන් හඳුනාගන්නට පොලීසියට හැකි වුණා. ඒ අතර කාලය තුළ තිස්හය දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නට සිදුවුණා. අවසානයේ ජාවාරමට සම්බන්ධ බවට හඳුනාගත්, අවුරුදු 28-49ත් අතර වූ මෙම පිරිසෙහි වාහන වෙළඳසල් හිමියෙක්, තැපැල් නිලධාරියෙක්, ගරාජ් හිමිකරුවෙක් මෙන්ම රැකියාවක් නොකරන අයෙකු ද වූවා. සිව් දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරයට නියම වුණා. තවත් දෙදෙනෙකුට අවුරුදු 20, සහ 25ක් දක්වා සිර දඬුවම් පැනවුණා.

ලී ම’රේ නමැති සටන්කරුවෙක් මෙය පසුපස සිටි මහ මොළකරුවා ලෙස හඳුනා ගැනුනා. වෘත්තීමය අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය අලෙවිකරුවකුව සිටි ඔහු, සොරකම සිදුකර දින හතරකින් මොරොක්කෝවට පැන ගොස් සිටියා. 2010 ජුනි 01 වැනිදා දක්වා නිදැල්ලේ සිටි ඔහුව අල්වා ගෙනැවිත් අවුරුදු 10 සිට 25 දක්වා දීර්ඝ කළ සිරදඬුවමකට යටත් කරනු ලැබුවා.

මේ අතරේ Securitas ආයතනයට නැවත ලබා ගන්නට හැකිව තිබුණේ යූරෝ මිලියන 21ක් පමණයි.

Related Articles