Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ පළමු මෝටර් රථය මිල දී ගන්නට පෙර සැලකිලිමත් විය යුතු දේ

ඔබේ පළමු මෝටර් රථය මිල දී ගැනීම ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානයක් වන්නේ, යමක් වැරදී ගියහොත් මානසික සහ ආර්ථික වශයෙන් ද අපහසුතාවන් රැසකට මුහුණ දෙන්නට සිදුවන බැවිනි. මෙරට වාහනයක් මිල දී ගැනීමේ දී අපේ රටටම අනන්‍ය වූ සාධකයන් රැසක් පිළිබඳව ඔබේ අවධානය යොමු විය යුතු වේ.

පාවිච්චි කළ වාහනයක් ගන්න

කල්ගතවත්ම ක්ෂය වේ (autoindustriya.com)

සාමාන්‍යයෙන්, අලුතින් මෝටර් රථයක් මිල දී ගත් මොහොතේම එහි වටිනාකමෙන් කොටසක් අහිමි වේ. ඊළඟ වසර 5 තුළ සෑම වසරකම මෝටර් රථය තව තවත් ක්ෂය වේ. අවුරුදු පහකට පසු, මෝටර් රථයක වටිනාකම මුලින් ගෙවූ මුදලට වඩා සැලකිය යුතු ලෙස මිල පහත වැටීමකට පත්වේ.

පාවිච්චි කරන ලද මෝටර් රථයක් යනු, ආර්ථිකමය ක්ෂයවීම්වලට භාජනය වී ඇති මෝටර් රථයකි. ඉන් අදහස් වන්නේ, ඔබ හුදෙක් “අලුත්” යන වචනය සඳහා ඉහළ මිලක් නොගෙවන බව යි. කාර්මික ගැටළු අවම රථයක් වෙත යොමු වීමෙන් ඉන් වැඩි වාසියක් ලද හැකි වේ.

ඔබ භාවිතා කරන්නේ කුමට ද, කුමන ප්‍රදේශයක ද යන වග

පෙදෙසට ගැලපෙන රථයක් තෝරාගන්න (imgur.com)

ගන්නා වාහනයේ ස්වභාවය එය පදවන ප්‍රදේශයට අනුකූල ද යන්න සැලකිල්ලට ගැනීම උචිත වේ. කඳුකර ප්‍රදේශයක් නම් ඊට ගැලපෙන බව, මාර්ගයේ ඇති කඩතොළුවලට ඔරොත්තු දීම (Suspension) සහ වාහනයේ පොළොවේ සිට ඇති උස (Ground clearence), ඔබේ එදිනෙදා ක්‍රියාකාරකම්වලට එය ඔරොත්තු දෙන්නේ ද යන්න සැලකිය යුතු වේ.

එසේම, පාවිච්චි කළ වාහනයක් මිල දී ගන්නේ නම් මුල් අයිතිකරු ප්‍රදේශයට ගැලපෙන සේ එය භාවිතා කර ඇති ද යන බව සොයා බැලිය යුතු වේ. උදාහරණයක් ලෙස, කඳු ඇදීමට අපහසු වාහනයක් එවන් පෙදෙසක නිරන්තරයෙන් ධාවනය කර තිබුණහොත් එන්ජිම, බ්‍රේක් ආදිය බෙහෙවින් ක්ෂය වී තිබිය හැක.

ඔබේ මාසික අයවැය සැලකිල්ලට ගන්න

Modify කිරීමට අදහස් කරනවා නම්, ඒවටත් අමතර වියදම් යනවා (wikimedia.org)

මෙතෙක් ඔබට ඇති ණය, වියදම්වලට එරෙහිව මාසිකව ලබන ආදායම ගැන සටහනක් හදාගන්න. එයට නිවසේ වියදම් (ආහාර, අලුත්වැඩියාවන් ආදිය), දරුවන්ගේ හෝ ඔබෙන් රැකෙන්නන් වෙත යන අමතර වියදම්, බිල්පත් ගෙවීම්, ඔෆිස් පාටි හා උත්සව කාලවල දී ඇතිවන විශේෂ වියදම් යන දේවල් ඒ ලැයිස්තුවට එක් කරන්නට අමතක නොකරන්න.

වාහනයක් මිල දී ගැනීමත් සමගම, මුද්දර ගාස්තු, රක්ෂණ වියදම්, බලපත්‍ර අලුත්කිරීම් වැනි වියදම් එක් වේ. අනතුරුව වාරිකයට අමතරව නඩත්තු, ඉන්ධන ආදී තවත් වියදම් එක් වේ. මේ සියල්ලට ඔරොත්තු දිය හැකි බවට විශ්වාසය ඇති කරගත් පසු වාහනය මිලදී ගැනීමෙන් පසුකාලීන ආර්ථික අපහසුතාවන් මඟ හරවා ගත හැකි වනු ඇත.

ගන්නට පෙර, පදවා බලන්න

ඔබ විසින්ම පදවා බැලීම වටී (kijiji.ca)

වාහනය අලුත් හෝ පාවිච්චි කරන ලද එකක් වුවත් මිල දී ගන්නට පෙර, ඔබ විසින්ම පැද බැලීම වටී. එහි ගියර් ක්‍රියාකාරීත්වය, සෙන්සර් ආදී වෙනත් පහසුකම් ඔබට ගැලපෙන පරිදි තිබේ ද යන්න ඉන් වටහා ගත හැකිය. එන්ජිම සහ අනෙකුත් පරීක්ෂාවන් සඳහා කාර්මික ශිල්පියෙකුගේ සහාය ලබා ගත හැක.

කාන්තාවක් විසින් පදවන ලද බව, සේල් එකක නොව නිවසකම තිබූ එකක් ය යන බව දැන් පොදුවේ සෑම වාහනයකටම කියනු ලැබේ. එබැවින් නිසි පරීක්ෂාවකින් පසුව මිල දී ගැනීම කරන්නේ නම් පසුකාලීන රස්තියාදු වීම්, නඩත්තු වෙනුවෙන් ආර්ථික ගැටළු ඇතිවීම් වළක්වා ගත හැකි වේ.

ලීසිං ආයතනයක් ‍තෝරා ගැනීමේ දී..

ලීසිං සේවා සපයන ආයතන කෙතරම් තිබුණ ද නම්‍යශීලීව පාරිභෝගික සේවා සපයන ආයතන සහ විශ්වසනීයත්වය, කාර්යක්ෂම සේවාව, ආකර්ෂණීය පොළී අනුපාතයන් සහිත ආයතනයක් තෝරා ගැනීම වැදගත් වේ.

නම්‍යශීලී ලීසිං වාරික සුලසුම්, දිවයින පුරා පිහිටි ශාඛා ජාලය හරහා සේවා ප්‍රවේශය, ඇපකාර අවශ්‍යතාවන් සම්බන්ධ නම්‍යශීලී බව, උචිතම විසඳුම තෝරා දීම සඳහා ලීසිං පිළිබඳ විශේෂඥ දැනුම, කරදරයකින් තොර වේගවත් හා ආචාරශීලී සේවාව, වාහනය ඇති ස්ථානයේ දීම (On-Site) ලීසිං ලබාගත හැකිවීම යනාදිය මෙහි ලා සැලකිල්ලට ගත යුතු වේ.

මේ සියල්ල නිසි පරිදි සපයා ගත් විට ඔබට ඉතාම පහසුවෙන්, කිසිදු පසුකාලීන ගැටළුවකින් තොරව ඔබේ සිහින රථය ඔබේම කරගන්නට හැකියාව ලැබේවි. ඔබේ ලීසිං අවශ්‍යතා සඳහා On-Site ලීසිං සේවාවක් පවා හඳුන්වා දුන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඔබේ කටයුතු තවත් පහසු කරාවි.

කවරය: economy.rs

Related Articles