Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකය අල්ලේ නටවන සුපිරි ධනවතුන් මෙන්න

බහුතරයක් මිනිස්සු දුවන්නේ සල්ලි පස්සෙ කියන ඒක තමයි ඇත්ත කතාව. ඒත් එයින් කීයෙන් කී දෙනාටද සැබෑ ධනවතෙක් වෙන්න පුළුවන් වෙන්නෙ. ඔබට මේ කියන්න යන්නේ සල්ලි මුහුදේ පිහිනන ලෝකේ ඉහළම ධනවතුන් ගැන විස්තරයයි. මේ විස්තරය සඳහා පාදක වෙන්නේ සුප්‍රකට මුල්‍ය සහ ව්‍යාපාරික විශ්ලේෂණ සඟරාවක් සහ සුප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන forbes විසින් සිදුකළ  අනාවරණයයි.

fossbytes.com

ලොව බිලියනපතියන්

forbes විසින් වාර්ෂිකව ගණනය කරන ලෝක බිලියනපතියන්ගේ ලැයිස්තුව පසුගියදා එළි දැක්වුණා. ඊට අනුව මේ වනවිට ලෝකයේ සිටින බිලියනපතියන් ගණන 2,208ක්. මේ ගණනයට අයත් වෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියනයට වඩා වත්කම් සහිත තැනැත්තන් බවත් ඔබ මතක තබා ගත යුතුයි. පසුගිය වසරේදී ලොව බිලියනපතියන් ගණන දැක්වුණේ 2043 ක් ලෙසිනුයි.

මේ බිලියනපතියන් 2,208 දෙනාගේ පමණක් වත්කම ඩොලර් ට්‍රිලියන 9.1 ක්. එය පසුගිය වසරට වඩා 18%ක වැඩිවීමක් ලෙසටද සැලකෙනවා. එසේම එම ලැයිස්තුවේ පළමු 20 දෙනාගේ පමණක් වත්කම ඩොලර් ට්‍රිලියන 1.2ක්. පසුගිය වසරේ එම එකතුව ට්‍රිලියන 7.7 ක් ලෙස වාර්තා වුණා.

මෙම ලැයිස්තුවෙන් 67% හෙවත් 1490ක් දෙනා ස්ව උත්සාහයෙන් ධනවත් වූවන් වන අතර, මෙවර ලැයිස්තුවේ සිටින කාන්තාවන් ගණන 255ක්. ඔවුන් අතුරෙන් 72 දෙනෙක් දුගී පවුල්වල උපත ලබා ධනවත් වූවන් ලෙස සැලකෙනවා. එසේම බිලියනපති කාන්තාවන්ගේ වත්කම ඩොලර් ට්‍රිලියනයක් වීමත් විශේෂත්වයක්.

poetsandquants.co

ඇමෙරිකාවේ ධනවතුන් හඹා යන චීනයේ නව බිලියනපතියන්

එසේම ගෙවුණු වසරේදී බිහි වූ නව බිලියනපතියන් ගණන 259ක් වන අතර ඉන් 89ක් ම බිහිව ඇත්තේ චීනයෙනුයි. ලොව බිලියනපතියන් වැඩිම ගණනක් සිටින රට ඇමරිකා එක්සත් ජනපදය වන අතර ඒ ගණන 585ක්. චීනයද ඉතා වේගයෙන් ඔහුන් හඹා යන බවක් පෙනෙන්නේ ඔවුන්ගේ බිලියනපතියන් ගණන 476ක් වීම හේතුවෙන්.

ලොව අංක එකේ ධනවතා

මේ ලැයිස්තුවේ පළමු තැන හිමි කරගනිමින් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටින්නේ සුප්‍රකට amazon සමාගමේ හිමිකරු වන ජෙෆ් බෙසොස්. ඩොලර් බිලියන සියය ඉක්ම වූ ලොව පළමු තැනැත්තා බවටද පත්ව සිටින ඔහුගේ වත්කම ඩොලර් බිලියන 112ක් බවයි පැවසෙන්නේ. ඔහුගේ වත්කම පසුගිය වසරට වඩා ඩොලර් බිලියන 39.2ක වැඩිවීමක් ලෙසටද සැලකෙනවා. එසේම පසුගිය වසර තුළ amazon සමාගමේ අදායම 59% ඉහළ ගොස් තිබෙනවා.

www.ehandel.se

බිල් ගේට්ස් පසුපසට

ජෙෆ් බෙසොස්ට වඩා ඩොලර් බිලියන 22ක් පසුපසින් සිටින්නේ මීට පෙර වාර ගණනාවකදී ලොව අංක එකේ ධනවතා වූ මයික්‍රොසොෆ්ට් හිමිකරු බිල් ගේට්ස්. ඔහුගේ වත්කමද පසුගිය වසරට වඩා වැඩි වී ඇති නමුත් එම වැඩිවීම බෙසොස් පරාජය කිරීමට තරම් ප්‍රමාණවත් නැහැ.

මෙවර ලයිස්තුවේ තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ මීට පෙර ලොව අංක එකේ ධනවතා බවටද පත්වූ ඇමරිකානු ජාතික වොරන් බෆට් වෙතටයි. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 84ක්. වොරන් ලෝක ප්‍රකට ආයෝජකයකු වන අතර ඔහුට හිමි ජාත්‍යන්තර සමාගම් ගණන හැට ඉක්මවන බව පැවසෙනවා.

69 හැවිරිදි වියේ පසුවන ප්‍රංශ ව්‍යාපාරික බර්නාඩ් ආර්නොල්ට් මෙවර ලයිස්තුවේ සිව්වැන්නා බවට පත්ව සිටින්නේ ඩොලර් බිලියන 72ක ආදායමක් හිමි කරගනිමින්. ඔහු පසුගිය වසරේ පමණක් ඩොලර් බිලියන 30.5ක් උපයා තියෙනවා. ලොව විශාලතම සුඛෝපභෝගී භාණ්ඩ විකිණුම්කරුවකු වන ඔහු LVMH නම් සමාගමේ හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසටද කටයුතු කරනවා.

fsmedia.imgix.net

මාර්ක් සකර්බර්ග් පළමු ධනවතුන් විසිදෙනා අතර ලාබලතමයායි

ඩොලර් බිලියන 71ක් හිමි 33 හැවිරිදි ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් මෙම ලැයිස්තුවේ පස් වැනියා වන අතර පළමු විසිදෙනා අතර සිටින ලාබාලතමයා ලෙසටද වාර්තා පොතට එක්ව සිටිනවා. 2004 වසරේදී 19 හැවිරිදි තරුණයකු ලෙස ෆේස්බුක් වෙබ් අඩවිය ඇරඹු ඔහු එය ලොව ජනප්‍රියතම සමාජ වෙබ් අඩවිය බවට පරිවර්තනය කළේ සිය උසස් අධ්‍යාපනයද එයට කැප කරමිනුයි.

ඔවුන්ට අමතරව අමනිකෝ ඔටෙගා(බිලියන 70), කාලෝස් සලීම් (බිලියන 67.1), චාර්ල්ස් කොච් සහ ඩේවිඩ් කොච් (බිලියන 60), මයිකල් බ්ලුම්බර්ග් (බිලියන 50), ලැරී පේජ් (බිලියන 48.8), ජිම් වෝල්ටන් (බිලියන 46.4) යන ජනප්‍රිය ධනවතුන්ද Forbes ලයිස්තුවේ පළමු විසි දෙනා අතරට එක්ව සිටිනවා.

aib.edu.a

ආසියාවේ ධනවතා චීනයෙන්

මෙම  විශ්ලේෂණයට අනුව ආසියාවේ සිටින ධනවත්ම තැනැත්තා වන්නේ චීන ජාතික මා හුවටෙන්ග්. ආසියාවේ ධනවත්ම සහ විශාලතම සමගම වන Tencent  හි හිමිකරුවා වන ඔහු තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙකු ලෙසට සැලකෙනවා. විනෝදාස්වාදන මාධ්‍ය මෙන්ම ජංගම දුරකථන සම්බන්ධයෙන් කටයුතු කරන ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 45.3ක් ලෙස සැලකෙනවා. ඔහුට මෙම ලැයිස්තුවේ හිමිව ඇත්තේ 17 වැනි ස්ථානයයි.

newindianexpress.com

මුකේෂ් අම්බානි දකුණු ආසියාවේ පළමු තැනට

දකුණු ආසියාවේ ධනවත්ම තැනැත්තා මෙන්ම ඉන්දියාවේ ධනවත්ම තැනැත්තා ද වන මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයන් අතර 19  වැනියා බවට පත්ව සිටින්නේ ඔහුගේ වත්කම ඩොලර් බිලියන 40.1ක් වීම හේතුවෙන්. රිලයන්ස් සහ Fortune යන සමාගම් වල හිමිකරු වන ඔහු මේ වන විට පසු වන්නේ 60 වැනි වියේයි.

සුප්‍රකට අලිබබා web අඩවියේ නිර්මාතෘ වන ජැක් මා මෙම ලැයිස්තුවේ 20 වැනියා බවට පත්ව සිටිනවා. චීනයේ දෙවැනි ධනවතා වන ඔහුගේ වත්කම ඩොලර් බිලියන 39ක්. අලිබබා web අඩවියට පිවිසුණු පරිභෝගිකයන් ගණන පසුගිය වසරට වඩා 79%කින් ඉහළට යාමත් විශේෂත්වයක්.

businessinsider.com

ලොව ධනවත්ම කාන්තාවන්

මෙම ලැයිස්තුවට අනුව ලොව ධනවත්ම කාන්තාව බවට පත්ව සිටින්නේ ඩොලර් බිලියන 46 ක වත්කමක් හිමි ඇමරිකානු ජාතික ඇලිස් වෝල්ටන්. සුප්‍රකට වෝල්මාර්ට් සමාගමේ නිර්මාතෘ වරයාගේ දියණිය වන ඇය මේ වන විට පසු වන්නේ 69 වැනි වියේයි. ඇගේ සොයුරන් දෙදෙනා වන ජිම් වෝල්ටන්(බිලියන 46) සහ රොබ්සන් වෝල්ටන්(බිලියන 46.2) ද  ලොව බිලියනපතියන් අතර 14 වන සහ 15 වන ස්ථාන වලට හිමිකම් කියන්නේ වෝල්ටන් පවුල ලොව ධනවත්ම පවුල බවටද පත් කරමින්.

මීට පෙර ලොව ධනවත්ම කාන්තාව වූ සුප්‍රකට L’Oreal හිමිකාරිනිය වූ ලිලියන් බෙටන්කොර්ට් පසුගිය වසරේදී මිය ගිය අතර ඇගේ උරුමකාරිය ෆ්‍රන්කයිස් බෙටන්කොර්ට්ගේ වත්කම ඩොලර් බිලියන 42.2ක් ලෙස සැලකෙනවා.

worldbulletin.net

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්කම පහළට

පසුගිය වසරේ බිලියනපතියන් අතරින් ගණනාවකගේ වත්කම් පහත වැටීමද 2018 වසරේ විශේෂත්වයක්. ඒ අතුරින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැපී පෙනෙන්නේ ඔහුගේ වත්කම ඩොලර් මිලියන 400 කින් පහත වැටීම හේතුවෙනුයි. මේ වන විට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 3.1ක් වන අතර ඔහුට මෙම ලැයිස්තුවේ හිමිව ඇත්තේ 766 වැනි ස්ථානයයි. එය පසුගිය වසරට වඩා 544 දෙනෙකුගෙන් පසුපසට යාමක් වීමත් විශේෂයි.

COVER- m.iprofesional.com

මූලාශ්‍ර

www.forbes.com

time.com

Related Articles