Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ නිවස හරිත නිවසක් බවට පත් කරගන්නේ කෙසේද?

හරිත නිවසක් යනු ආර්ථිකමය වශයෙන් හා පාරිසරික වශයෙන් හිතකාමී නිවසක්ය. හරිත නිවාස සංකල්පය පාරිසරික වශයෙන් සිදුවන විනාශයන් හේතුවෙන් ඇතිකරනු ලැබූ එක් සංකල්පයක් වේ. මෙහිදී පවතින මූලාශ්‍ර භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. නමුත් මෙවැනි නිවසක් සකසා ගැනීම එක දවසකින් හෝ එක මාසයකින් සිදු කිරීම අපහසු අතර හරිත නිවසක් ඇතිකිරීම ක්‍රමක්‍රමයෙන් සකසාගත යුතු සංකල්පයකි. සියලු නිවසකම මේ අයුරින් හැඩගස්වා ගැනීමට උත්සුක වන්නේ නම් වර්තමානයේ පවතින පාරිසරික ගැටළු අවම කරගැනීමට සහ අනාගතයේ ඇතිවන පාරිසරික විනාශයන් වළකා ගැනීමට හැකිය.ර ගන්න ඔබත් කැමතිද? මෙන්න ඒ සඳහා උපදෙස්..

හරිත නිවසක් ඇතිකරගැනීමට ක්‍රම රාශියක් ඇති නමුත් මූලික වශයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මගින් එදිනෙදා නිවසේ භාවිත කරන සම්පත් සහ බලශක්තීන් අරපිරිමැස්මෙන් සහ පාරිසරික වශයෙන් හිතකාමී ලෙස යොදාගත හැකිය.

ඔබට පවතින නිවස හරිත නිවසක් බවට පත් කරගන්නේ කෙසේද?

හරිත නිවසක් ඇති කිරීම සඳහා මුලික වශයෙන් අප එදිනෙදා භාවිත කරනු ලබන බලශක්තීන් හා සම්පත් භාවිතය පිළිබඳව සැළකිලිමත් විය යුතුය. මෙහිදී විදුලිය, ජලය සහ ගෑස් අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුය. මෙම අංගයන් ත්‍රිත්වය අරපිරිමැස්මෙන් භාවිත කිරීම තුළින් දීර්ගකාලීන ආයෝජනයක්, ඉතිරියක් සිදු කෙරෙන අතර, එය අනාගත පරපුරටද ලැබෙන ආයෝජනයකි. වැදගත්ම කරුණ වන්නේ මෙමගින් පරිසරය ආරක්ෂා වීමයි.

නිවසේදී විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නේ කෙසේද ?

alexnld.com විදුලිය වැයවීම ආරක්ෂා කරන උපකරණයක්

මේ වන විට නිවසේ තිබෙන විදුලි උපකරණ පිළිබඳව අවධානය යොමු කළහොත් එම උපකරණ මිලදී ගැනීමට පෙර එම උපකරණ සඳහා වැයවන විදුලිය කොපමණද, වැයවන විදුලිය අවමකර ගැනීමට, එම උපකරණ තුළ බලශක්තිය ඉතිරි කරගැනීමේ ක්‍රමයක් තිබෙනවාද යන්න පරික්ෂා නොකරන්නට  ඇත. නමුත් ඉදිරියේදී යම් විදුලි උපකරණයක් මිලදී ගැනීමට යාමේදී එම උපකරණයට වැයවන විදුලි ප්‍රමාණය පරීක්ෂා කර බැලීම සහ එහි බලශක්තිය ආරක්ෂා කිරීමට හෝ අවම වශයෙන් භාවිත කිරීමට සැකසුමක් තිබේද යන්න පරික්ෂා කර බැලිය යුතුය. අවම විදුලි ප්‍රමාණයක් භාවිත කළ හැකි උපකරණ වෙළදපොළේ පවතින අතර ඒ පිළිබද විමසීම් කර මිලදී ගැනීමට උත්සහ කිරීම තවත් එක පියවරකි.

ජලය අවම වශයෙන් භාවිත කරන්නේ කෙසේද ?

(http://www.goingevergreen.org) ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ හැකි ක්‍රම කිහිපයක්

ජලය මූලික වශයෙන් භාවිත කරන්නේ සේදීම් සහ පානය කිරීම සඳහාය. විශේෂයෙන් ජලය, සේදීම් සඳහා අවම වශයෙන් භාවිතකළ යුතුය. මෙහිදී සේදීමට භාවිත කරනු ලබන භාජනයන්හි ප්‍රමාණය  වෙනස් කරන්න. සියළු ජල කරාමවලින් වතුර ලබා ගැනීමේදී එහි වේගය අවම කර ජලය ලබා ගැනීම සහ නෑමට භාවිත කිරිමට යොදා ගන්න වතුර මල්, කරාම අවම වේගයකින් ජලය ගලා එන ආකාරයට සකසාගෙන භාවිත කිරීම මගින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ හැකිය. එමෙන්ම ජල නල ආශ්‍රිතව ජල කාන්දුවීම් පැවතිය හැකි අතර එම කාන්දුවීම් නැවතත් සිදු නොවන පරිදි සකස් කිරීම වැදගත් වන අතර එය හරිත නිවසක් සකසා ගැනීම සඳහා වැදගත් වේ. වර්ෂා කාලය තුළ ජලය එකතු කිරීම සඳහා යම් ක්‍රමවේදයක් යොදාගන්න. එම ජලය සේදීම් කටයුතු වැනි අවශ්‍යතාවලට යොදා ගන්න.

නිවසේ භාවිත කරනු ලබන ගෑස් ප්‍රමාණය අවමකර ගැනීම

ආහාර පිසින විටදී, ආහාරය පිසීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් පිසීමට සැළකිලිමත් විය යුතුය. එමගින් ආහාරයේ පවතින ගුණාත්මකභාවය මෙන්ම මුදල් සහ භාවිත වන ගෑස් ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාවක් ලැබේ.

ඇඳුම් පැළදුම් භාවිතය සහ මිලදී ගැනීම

ඉහත මූලික කරුණු ත්‍රිත්වයට අමතරව ඇඳුම් පැළදුම් භාවිතයේදී සැළකිලිමත් වීම වැදගත් වේ. මෙහිදී ඇඳුම් පැළදුම් අලුතින් මිලදී ගැනීමේදී අවශ්‍ය ඇඳුම් පැළදුම් පමණක් මිලදී ගැනීම වැදගත් වේ. අනවශ්‍ය ලෙස ඇඳුම් පැළදුම් මිලදී ගැනීම මගින් මුදල් වැයවීම සහ පරිසර හිතකාමී බවින් ඈත්වීමක්  සිදු වේ. මිලදීගත් ඇඳුම් පැළදුම් අරපිරිමැස්මෙන් භාවිත කිරීම වැදගත් වේ.

ආහාර ද්‍රව්‍ය නාස්ති නොකිරීම

(asiaone.com) ආහාර ඉවත දැමීම අවම කළ යුතුය

ආහාරපාන පිළිබඳව සාකච්ජා කිරීමේදී ඔබ නිවසේ ආහාර පිළියෙල කරන විට කොපමණ ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් ඉවත් දමනවාද යන්න පිළිබඳව අඩු සැළකිල්ලක් දක්වන්නට ඇති. නමුත් එය පරිසරයට හානිකර සහ ආහාර විනාශකර දැමීමක් වේ.නිවසින් පිටතදී ඔබ ආහාර ලබාගන්නා විට ඔබට අවශ්‍ය ආහාර ප්‍රමාණය පමණක් ආහාරයට එකතු කරගැනීම සහ ඉවතලන ආහාර ප්‍රමාණය අවම කර ගැනීම සිදු කළ යුත්තකි.

ශාක රෝපණය

නිවස තුළ කුඩා ප්‍රමාණයේ පෝච්චිවල සිටවිය හැකි ශාක කිහිපයක් රෝපණය කිරීම වැදගත් ඒ හරහා නිවස අභ්‍යන්තරයේ වාතය පිරිසිදු වීමක් සිදු වේ.ගෙවත්තක් තිබේ නම් එහි පළතුරු,එළවළු සහ අලංකාරය සඳහා වවන ශාක වර්ග සිටවීම තුළින් හරිත නිවසකට අවශ්‍ය තවත් එක් ලක්ෂණයක් සම්පූර්ණ වේ.

ඉහතින් සදහන් කළ කරුණු සියල්ලම බොහෝ දෙනා දැන සිටින කරුණු වන අතර නමුත් එම කරුණු හරිත නිවාස සංකල්පය මගින් පරිසරය ආරක්ෂා කිරීම සඳහා ප්‍රයෝගිකව යොදා නොගනී. මෙවැනි ක්‍රියාමාර්ග මගින් පරිසරය ආරක්ෂා කර ගැනීමට සහ අනාගතයේ ඇතිවීමට ඉඩ ඇති පාරිසරික ගැටළු වළක්වා ගැනීමට උපකාරී වනු ඇති අතර මෙවැනි පහසු ක්‍රියාමාර්ග අනුගමනයෙන් ආරක්ෂා වන්නේ අනාගත පරපුරට දායාද කළ යුතු පරිසරයයි.

කවරයේ පින්තුරය: enviromental-watch.com

මුලාශ්‍ර

01.pollutionpollution.com

  1. www.edenproject.com
  2. eartheasy.com

Related Articles