Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විස්මයජනක ක්‍රමවලින් හිරෙන් පැන ගිය සිරකරුවෝ

බන්ධනාගාරයක් කියන්නේ දැඩි ආරක්‍ෂිත මුරකාවල් සහිත ස්ථානයක් බව කවුරුත් දන්නවා. ඒත් ඒ මුරකාවල් බිඳගෙන පලා ගියපු අපරාධකාරයෝ ගැන ලෝකෙ හතරවටෙන් වගේම ලංකාවෙනුත් වාර්තා වෙලා තියෙනවා. මේ කියන්න යන්නේ ඉතාම ආරක්‍ෂිත බන්ධනාගාර වලින් පලා යාමට සමත් වුණු මොළකාර අපරාධකරුවන් කිහිප දෙනෙක් පිළිබඳවයි.

ප්‍රංශයේ පෙම් කුරුල්ලන් දෙදෙනා

nld.com.vn

මේ පලා යාම සම්පුර්ණයෙන්ම සැලසුම් කරන්නේ මේ කතාවේ පෙම් කිරිල්ලිය වන නදින් වවුජෝර් විසිනුයි. පැරිසියේ බන්ධනාගාරයේ සිරගතව සිටි ඇගේ ස්වාමියා වූ මයිකල් වවුජෝර් බේරා ගන්න ඇය යොදා ගන්නේ අපූරු උපායක්. මයිකල් ඒ වනවිට දිග සිර දඬුවමකට ලක්ව සිටින්නේ මිනීමැරුම් සහ මංකොල්ල කෑමේ චෝදනාවකට වරදකරු වෙමින්. නදින් විසින් මයිකල් බේරගන්න යොදා ගන්නේ හෙලිකොප්ටර් පුහුණු වීමක් කිවොත් ඔබ පුදුම වෙයි. කලින් සියල්ල සැලසුම් කළ  පරිදි සිදු වන්නේ හෙලිකොප්ටරයකින් පැමිණෙන නදින් විසින් ඒ වනවිට බන්ධනාගාරයේ වහලය මත සැඟවී සිටින මයිකල් රැගෙන පලා යාමෙන්.

අසල ඇති පාපන්දු ක්‍රීඩාංගනයකට හෙලිකොප්ටරය බස්සවා දෙදෙනා පලා ගියත් ඔවුන් දෙදෙනා නැවත ඉක්මණින්ම පොලිසියට කොටු වෙන්නේ බැංකු මංකොල්ලයක් අතරතුරේදියි. මොවුන්ගේ කතාවද සිනමාවට නැගී තිබීමත් විශේෂත්වයක්.

හැම්බර්ග් තුල සැඟවී පැමිණි කියත

edition.cnn.com

වසර 170 ක ඇමරිකන් බන්ධනාගාර ඉතිහාසයේ විශ්වාස කළ නොහැකිම පලා යාම සිදු කළේ ඩේවිඩ් ස්වීට් සහ රිචඩ් මැට් යන මිනීමරුවන් දෙදෙනා විසිනුයි. නිව්යෝර්ක් හි වඩාත්ම ආරක්‍ෂිත සහ විශාලතම සිරගෙදර වන ක්ලින්ටන් සිරගෙදරින් ඔහුන් පලා ගියේ 2015 වසරේදීයි. හැම්බර්ග් තුළ සඟවා සිරගෙදරට රැගෙන ආ කුඩා කියත් කෑලි දෙකකින් ඔවුන් දෙදෙනා එම වික්‍රමය කළේ බන්ධනාගාරයේ යකඩ දොරවල් කිහිපයක් මෙන්ම විශාල අපද්‍රව්‍ය නල ද කපා දමමින්. ඔවුන් එම නල මාර්ග හරහා සිරගෙදරින් පලා ගිය අතර එය අධි ආරක්‍ෂිත සිරගෙදර ආරක්ෂාවට දැඩි කැළලක් බවටද පත් වුණා.

කෙසේ වෙතත් සතියකට පමණ පසු ඔවුන් දෙදෙනා පොලිසියට කොටු වූ අතර එතැනදී සිදු වූ වෙඩි හුවමාරුවක් හේතුවෙන් රිචර් මැට් මරණයට පත් වුණා. දැඩි ලෙස තුවාල ලැබූ ඔහුගේ සගයා වූ ඩේවිඩ් නැවත බන්ධනාගාර ගත කෙරුණේ සිරෙන් පලා යාමේ චෝදනාවද සමගින්.

කෑම සිදුරෙන් රිංගා ගිය රබර් චෝයි

worldation.com

චෝයි ගැබ්-බොක් 2012 වසරේ දකුණු කොරියාවේ ඩයිගු බන්ධනාගාරයේ සිර මැදිරියෙන් පලා ගියේ අඟල් 18ක් පළල සහ අඟල් 6ක් උසැති ,ඔහුගේ සිර මැදිරියට කම ලබාදෙන සිදුරෙන් රිංගා පිටතට පැමිණෙමින්. ඒ වන විට අවුරුදු 23ක සිර දඬුවමක් විඳිමින් සිටි ඔහු ඉතා නම්‍යශීලි සිරුරකට හිමිකම් කී අයකු වූ අතර ඊට හේතුව ඔහු යෝග ව්‍යායාම් වල දිගුකලක් නිරත වීම බවත් පැවසෙනවා.

අඩි 5 අඟල් 5 උසැති චෝයි රාත්තල් 115 බරින් යුතු වූ අතර යම් ආලේපන වර්ගයක් ද සිරුරේ තවරා ගනිමින් පලා ගොස් ඇත්තේ මුරකරුවන් නින්දට යන තුරු බලා සිටිමින්.

දින හයකට පසු චෝයි නැවත අල්ලා ගනු  ලැබූ අතර මේ වන විට වඩාත් කුඩා කෑම සිදුරක් සහිත සිර මැදිරියක කල් ගෙවන බව පැවසෙනවා.

තනා ගත් ගුවන් යානයකින් උඩින් ගිය බිල් සහ බෙස්ට්

listverse.com

ජර්මනියේ සුප්‍රකට කොලිඩ්ස් හමුදා සිරගෙදර දෙවන ලෝක යුද සමයේ සුප්‍රකට සිරගෙයක් ලෙස  සැලකුණා. දැඩි ආරක්ෂාවක් පැවතුණු එම සිරගෙදරින් රැඳවියන් දෙදෙනකු ගුවන්යානයක් තනා ගෙන පලා ගිය බව ඇසුවොත් ඔබ විස්මයට පත්වේවි. එහෙත් එය සත්‍යයක්. එම අසාමාන්‍ය පලා යාමට මුල් වුණේ ජැක් බෙස්ට් සහ බිල් ගෝල්ඩ්ෆින්ච් දෙදෙනායි.

බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන් වූ ඔවුන් දෙදෙනා දෙදෙනකුට පමණක් යාමට හැකි ගුවන් යානයක් කලක් තිස්සේ  නිර්මාණය කර තිබුණේ සිය මිතුරු සිරකරුවන්ටද සොරෙන්. ඔවුන් එහි නැගී පලාගිය පසු සිදු කෙරුණු පරීක්ෂණ වලින් අනාවරණය වුනේ සිරගෙදර නිලධාරීන් කිහිප දෙනෙක්ද ඔවුන්ගේ ගුවන් යානය සඟවා තැබීමට උදවු කර ඇති බවයි.

 

ටෙක්සාස් හත් දෙනාගේ කල්ලිය

vizfact.com

ටෙක්සාස්  බන්ධනාගාර ඉතිහාසයේ ලොකුම පලා යාම සිදු කළේ සුප්‍රකට හත්දෙනාගේ කල්ලිය විසිනුයි. ටෙක්සාස් ප්‍රාන්තයේ අධි ආරක්‍ෂිත ජෝන් කොනලි  සිරගෙදරින් ඔවුන් පලා ගියේ බන්ධනාගාර නිලධාරීන්ට පහර දී ඔවුන් යටත් කරගැනීමෙන් පසුවයි. ජෝර්ජ් රිවාස් ගේ නායකත්වයෙන් යුතුව සංවිධානය වුණු ඔවුන් දවල් කෑම වෙලාවේදී සිය සැලසුම ක්‍රියාත්මක කළේ ආරක්ෂක නිලධාරීන් ගේ ආයුධ, ඇඳුම් මෙන්ම බැංකු කාඩ් පත්ද සොරකම් කරමිනුයි. සිරගෙදර තිබූ වෑන් රථයකින්ම පලා ගිය ඔවුන් එසේ පලා යන අතරද මංකොල්ලකෑම් වල නිරත වී තිබෙනවා. 2000  වසරේදී පලා ගිය ඔවුන් ඊට වසරක් යාමටත් ප්‍රථම නැවත අත්අඩංගුවට පත් වුණේ එම පලා යාම සම්බන්ධයෙන් ලැබූ පුළුල් ප්‍රචාරයම ඔවුන්ට අවාසියක් වීම නිසයි.

මොවුන්ට අමතරව, විලි සුටන්,ජෝන් ඩිලින්ජර් ,බ්‍රයන් බෝ, ජැක් ෂෙපර්ඩ් ආදීන් ද විස්මයජනක ලෙස සිරෙන් පලා ගියවුන්ට ඇතුළත් වනවා.

Cover- oilersnation.com

මූලාශ්‍ර

www.worldation.com

edition.cnn.com/

www.pakistantoday.com.pk

listverse.com/

edition.cnn.com/

www.pakistantoday.com.pk

Related Articles