Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවාසනාවන්ත ඉලක්කම් – මේ මොනවාද?

ලොව වටා විශ්වාසයන් විවිධාකාරය. එය රටින් රටට මහද්වීපයෙන් මහද්වීපයට වෙනස් වනවා සේම ඔවුනගේ සමාජ සංස්කෘතික ජීවිතය හා බද්ධව පවතී. තාක්ෂණය හා සැබැදි සංවර්ධන ගමන කෙතරම් වේගවත් වුවත් මෙකී විශ්වාසයන් අභාවයට යෑමේ වේගය ඊට සමාන වන්නේ නැත. එබැවින් තවමත් මිනිසා නොයෙකුත් විශ්වාසයන් හමුවේ සසල වෙයි.

ඉලක්කමක් එහෙම නැත්නම් කිසියම් සංඛ්‍යාවක් ලෝකයේ බොහෝ රට වල මිනිසුන්ගේ ජීවිතයේ වැදගත් තීන්දු තීරණ ගැනීම කෙරේ බලපාන ඔබ දැන සිටියාද? ඉතින් ලෝකයේ විවිධ රටවල් අවාසනාවන්ත ලෙස සලකන ඉලක්කම් කීපයක වගතුග ඔබේ දැනුම පිණිස සටහන් කරන්නට අපි හිතුවා.

13 නපුරුද?

අවසන් භෝජන සංග්‍රහය (wikipedia.org)

ලෝකයේ බටහිරට වන්නට වෙසෙන ජාතීන්ට අනුව අංක 13 යන්න නපුරේ සංකේතයකි. මේ විශ්වාසය බටහිර සමාජ තුළ තදින් එල්බ ගන්නට බලපෑ සුවිශේෂි කාරණාවකි.  ජේසුස් වහන්සේගේ සමග අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී ගෝලයන් සංඛ්‍යාව 12 ක් වූ අතර ජේසුස් වහන්සේ සමග එම සංඛ්‍යාව 13 කි.   මෙහිදී එක් ගෝලයකු වූ  ජුදාස් විසින් ජේසුස් වහන්සේ පාවා දීමෙන් අනතුරුව උන්වහන්සේ කුරුසයේ තබා ඇණ ගැසීමට තීරණය කෙරිණි. මේ සිදුවීම යුරෝපීය සමාජය තුළ 13 අවාසනාවන්ත අංකයක් බව තහවුරු කිරීමට හේතුවිය.

අංක 13 සම්බන්ධයෙන් ඇති භීතිකාව වෛද්‍ය විද්‍යාවේ දී Triskaidekaphobia ලෙස හඳුන්වයි.  ප්‍රංශයේ දී අංක 13 සඳහන් කළ නිවසක් සොයා ගැනීමට අසීරුය.  ප්‍රංශයේ වැසියන් සිය භෝජන සංග්‍රහයන් සඳහා 13 ට වැඩිපිරිසකට ආරාධනා කිරීමට සෑම විටම පාහේ  වග බලා ගනිති. එමෙන්ම බොහෝ යුරෝපීය රටවල අංක 13 සඳහන් කළ හෝටල් කාමර නම් කෙරෙන්නේ නැත. එමෙන්ම තට්ටු ගොඩනැගිලිවල 13 වැනි තට්ටුවක් ලෙස නම් කරන්නේ නැත. අනෙක් අතට යුරෝපයේ දෙමාපියන් සිය  දරුවන්ට නම් තැබීමේ දී නම් වල අකුරු එකතුව 13 නොවන ලෙස නම් තැබීමට කටයුතු කරති. නගර වල 13 වැනි පටුමගක් සොයා ගැනීම අසීරුය. ඒ දහතුන අවාසනාවන්ත ඉලක්කමක් සේ ඔවුහු සලකන බැවිනි.

යුරෝපයේ අංක 13 මඟ හැර නම්කර ඇති නිවසක්. ( triskaidekaphobia.info)

නාසා ආයතන විසින් නිර්මිත ඇපලෝ 13 යානයට නම් තැබීමේ දී 13 මග හැර නමක් තබන ලෙසද ඉල්ලීම් කර තිබුණි. එහෙත් නාසා ආයතනය ඇපලෝ 13 යානය එනමින් ම අභ්‍යවකාශගත කළ අතර යානය හා ගගනගාමීන් යළි කිසි දිනක පෘථුවිය වෙත පැමිණියේ නැත. 13 නපුරු යැයි සමාජය තුළ වූ විශ්වාසය ඉන් වඩාත් තහවුරු විය.

ඇපලෝ 13. (www.nasa.gov)

බටහිර ලෝකයේ අංක 13 ඉලක්කම අවාසනාවන්ත ලෙස සැලකීමට 13 දිනය සෘජුවම බලපා ඇත. යම් කිසි මාසයක 13 වැනි දිනය සිකුරාදාවක් නම් එම දිනයේ අවාසනාවන්ත බව ඉහළය. කිසියම් වර්ෂයක නොවැම්බර් මස 13 දින සිකුරාදාවක් නම් අවාසනාවන්ත බව ඊට වඩා කිහිප ගුණයකින් ඉහළ බවටද යුරෝපයේ වැසියන්ගේ පිළිගැනීමක් ඇත. 13 අංකය, සිකුරාදා දිනය හා නොවැම්බර් මාසය අසුභ බව යුරෝපීව වැසියන්ගේ විශ්වාසයයි. මෙවැනි දිනවල කිසිදු සුභ කටයුත්තක් සිදු නොකිරීමට යුරෝපීයන් වගබලා ගනිති. විශේෂයෙන් 13 වැනි දින සිදු වූ අවාසනාවන්ත සිදුවීම් ලෝකයේ මෙවැනි විශ්වාසයන් ජනතාව තුළ ප්‍රත්‍යක්ෂ කරලීමට හේතු වී ඇත.

වාණිජ රැප් රජු ලෙස ලෝකයේ නම දිනූ ගායක ටුපක් ෂකුර් වෙඩි තබා මරා දමන ලද්දේ 1996 සැප්තැම්බර් 13 වැනිදාය. (huffpost.com)

මරණයේ ඉලක්කම

චීනයේ අංක 4 ඉවත් කොට ඇති විදුලි සෝපානයක්. මෙහි අංක කීයක් අතුරුදහන් කොට තිබේද? (todayifoundout.com)

චීනයේ දී  අංක හතර  යනු  මරණයට සමාන වදනකි. චීන වැසියෝ අංක 4 ට දැඩි බියක් දක්වති. එහි විදුලි සෝපානයන් හී බොහෝ විට අංක 4 සඳහන් වන්නේ නැත. ඔවුන්ගේ රථවාහන කළමණාකරන කාර්යංශය විසින් අංක 4 සඳහන් කාර් සදහා බලපත්‍ර නිකුත් නෙකාරයි. යුරෝපීයන් සේම ඔවුන් ද සිය නිවාස හා ගොඩනැගිලි වල අංක 4 සදහන් කරන්නෙ නැත. එහෙත් ඔව්හු 54 ලෙස ගොඩනැගිලි තට්ටු නම් කිරීමට බිය නොවන්නේ අංක 5 චීනය තුළ වාසනාවන්ත ඉලක්කමක් සේ සලකන බැවිනි.  මෙම විශ්වාසය ජපානය, තායිවානය, කොරියාව ආදී නැගෙනහිර ආසියාවේ රටවල ද පැතිරී තිබේ.

Tetraphobia යනු අංක හතර සම්බන්ධයෙන් ඇති භීතිකාවයි. මෙම භිතිකාව කොතෙක්ද යන්න nokia ආයතනය නව  දුරකථන වර්ග හදුන්වාදීමේ සිව්වැනි වර්ගයක් හඳුන්වා දෙන්නෙ නැත. ඔබට වෙළඳපලේ  nokia four series දුරකථන හමුනොවන්නේ එබැවිනි.

ඉලක්කමකට කළ හැක්කෙ කුමක්දැයි ඔබ සිතනවා විය හැකිය. එහෙත් ඉලක්කමකට බොහෝ දේ කළ හැකිය. ඉතාලියේ දී අංක 17 මග හැර සිය කටයුතු කර ගැනීමට එහි වැසියෝ උත්සුක වෙති. අංක 17 රෝම අංක  xvii ලෙස ලිවීමේ දී ලතින් භාෂාවේ  vixi යන පදය නිර්මාණය කර ගත හැකිය. එය ඉතාලි බසින් පර්වර්තනය කර ගැනීමේ දී එහි අදහස වන්නේ “ මගේ ජීවිතය අවසානයි“ යන්නය.

මාරක දුරකථන අංකය හිමිව සිටි බල්ගේරියා මාෆියා කල්ලියක ප්‍රධානියා වූ කොන්ස්තන්තීන් දිමිත්‍රි නෝර්වේ හීදී වෙඩි තබා මරා දමා තිබිණි
(dailymail.co.uk)

බල්ගේරියාවේ කිසිදු පුද්ගලයෙක් 0888 888 888 යන අංකය කිසිදු කටයුත්තකට භාවිතා කරන්නේ නැත. එයට මුල් වූ කතාව මෑත භාගයේ දී සිදුවූවකි.  මෙම අංකය හිමිව සිටි දුරකථන සමාගමක හිමිකරුවෙකු හදිසියේ පිළිකාවක් සෑදී මිය ගියේය. ඉන් අනතුරුව එම අංකය හිමි වූ මාෆියා කල්ලියක ප්‍රධානියෙකු හදිසියේ ඝාතනය වෙයි. ඉන් පසු මෙම දුරකථන අංකය හිමිවූ ව්‍යාපාරිකයෙක් වෙඩි තැබීමකින් මරුමුවට පත්විය. එබැවින් බල්ගේරියාවේ දී මෙය සාපලත් අංකයක් සේ සැලකේ.

1979 මැහි 25 දින ඇමරිකාවේ ඹහාරේ ගුවන් තොටුපලින් ඉහළ නැගුණ අංක 191 ගුවන් යානය ක්ෂණයකින් පුපුරා ගියේ මගීන් 273 දෙනෙකුගේ ජීවිත අහිමි කරමිනි. (chicagotribune.com)

ඇමරිකාවේ දී  191 සැලකෙන්නේ ගුවන් ගමන් සම්බන්ධයෙන් අවාසනාවන්ත අංකයක් ලෙසිනි.  ඇමරිකා ගුවන් ගමන් ඉතිහාසයේ 191 අංකය යෙදු ගුවන් යානා 5 ක් මගීන් හා කාර්යමණ්ඩලය සමග විනාශ වීමත් සමග මෙම අංකය අවාසනාවන්ත අංකයක් යැයි ඇමරිකානු ජනතාව විශ්වාස කරති.

2001 ජනවාරි මස 26 දින ඉන්දියාවේ ගුජරාටි ප්‍රදේශයේ හටගත් භූමිකම්පාව මනුෂ්‍ය ජීවිත 20.000 ක් පමණ අහිමි කළේය. (publishyourarticles.net)

අංක 666 කිතුදහමේ සැලකෙන්නේ යක්ෂයාගේ අංකය ලෙසිනි. ඇෆ්ගනිස්ථානයේ දී අංක 39 අසුභ යැයි සලකති. රථ වාහන මිලදී  ගැනීමේදී  අංක 39 යෙදූ වාහන මිලට නොගැනීමට තරම් ඔව්හු පරිසම්වෙති. ඉන්දියාවේ අංක 26 සැලකෙන්නෙ අවාසනාවන්ත සිදුවීම් උදාකරනා සංකේතයක් ලෙසිනි. ත්‍රස්තවාදී ප්‍රහාර, භූමිකම්පා, සුනාමි ආදී  සැලකිය යුතු ව්‍යසනයන් ප්‍රමාණයක් 26 වන දිනයේ දී සිදු වී තිබීම ඊට හේතුවයි. ඕස්ට්‍රේලියාවේ අංක 87 ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයේ අසුභ යැයි සැලකේ. ඔවුන් මෙම අංකය යක්ෂාගේ නොම්බරය ලෙස හඳුන්වන්නේ ලකුණු 87 දී බොහෝ  ක්‍රීඩකයන් දැවි ගොස් ඇති බැවිනි.

අංකයක් සඳහා ජනසමාජයන් තුළ මෙතරම් අගයක් හිමි  වීම ඔබ මවිත කළද ලෝකයේ එවැනි විශ්වාසයන් තවමත් නොනැසී තිබේ.

මේ ගැන ඔබේ සිතුවිලි මොනවාද? comment වලින් අපිට ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා.

මූලාශ්‍ර – www.smosh.com

           nationalgeographic.com

todayifoundout.com

schoolworkhelper.net

Related Articles