Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලෙවිකරණයේ දී විවිධ වර්ණ යොදා ගන්නා ආකාරය

වර්ණ වෙත පවතින රුචිකත්වය පුද්ගල බද්ධ කරුණක් වුවද විවිධ සේවා සහ භාණ්ඩ සපයන්නන් ඔවුන්ගේ සේවා සහ භාණ්ඩ වෙත පවතින ඉල්ලුම වැඩි කරගැනීම සඳහා වර්ණ උපයෝගී කරගනු ලබයි. ඒ අතර වෙළඳ සලකුණු, භාණ්ඩයන්හි වර්ණ, උපක්‍රමික වශයෙන් ප්‍රචාරණය සඳහා යොදාගනු ලබන විවිධ වර්ණ මගින් පාරිභෝගිකයන් ආකර්ශණය වන අතර වර්ණයන් එම ව්‍යාපාරයට සහ මිනිස් වර්ගයාගේ හැඟීම් දැනීම් වෙත දක්වන සමීපතාවය එයට හේතූ වේ.

රක්ත වර්ණය

www.nuffoodsspectrum.in

රක්ත වර්ණය ආහාර රුචිකත්වය වැඩි කරනු ලබන වර්ණයකි. බොහෝ ක්ෂණික ආහාර වෙළඳාම් කරන ව්‍යාපාරයන් මෙම වර්ණය භාවිතයට යොමු වන්නේ ඒ හේතුවෙනි. එමෙන්ම රක්ත වර්ණය හරහා ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයා යොමු කරවයි. පාරිභෝගිකයන්ගේ විශේෂ අවධානය ලබාගත යුතු කරුණු සඳහා රක්ත වර්ණය යොදා ගැනීමෙන් වැඩි අවධානයක් ලබා ගැනීමේ හැකියාව පවතී. ප්‍රේමය, රාගය වැනි හැඟීම උද්දීපනය කරන වර්ණයක් වීම නිසා ඒ හා බැඳුණු නිෂ්පාදනවලදී රක්ත වර්ණය බෙහෙවින් යොදා ගනු ලබයි.

නිල් වර්ණය

upload.wikimedia.org

නිල් පැහැය යනු ලොව වැඩිම දෙනෙක් රුචිකත්වයක් දක්වන වර්ණයක් වන අතර එය සාමය, ජලය, විශ්වාසවන්තබව වැනි දේ සමඟ එකිනෙකට බැඳුණු වර්ණයකි. නිල් පැහැය මගින් ආරක්ෂාව, සුරක්ෂිතතාව ඉස්මතු කරනු ලබයි. බොහෝ සංරක්ෂණ කටයුතු හා බැඳුණු ව්‍යාපාරවලදී නිල් පැහැය යොදාගනු ලබන අතර ඒ මගින් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වේ. සන්නිවේදනය ආශ්‍රිත ව්‍යාපාර සඳහා මෙම වර්ණය භාවිත කෙරේ. ලොව ප්‍රචලිත ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවියේ වර්ණය ලෙස නිල් පැහැය යොදාගෙන ඇත්තේ ඒ හේතුවෙනි.

දම් වර්ණය

දම් පැහැය යනු රාජකීයත්වය හා බැදුණු වර්ණයක් වන අතර, නිදහස සහ ගෞරවය මෙම වර්ණ මගින් පෙන්නුම් කරනු ලබයි. මෙම වර්ණය මගින් ගැටළු විසඳීමේ හැකියාව සහ නිර්මාණශීලිත්වය පෙන්නුම් කරනු ලබයි. බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන සදහා මෙම වර්ණය යොදාගනු ලබන අතර වියපත් වීම වළක්වන ආලේපන වර්ග ඒ අතර විශේෂ වේ.

කහ වර්ණය

i2.wp.com

කහ වර්ණය සතුට දනවන වර්ණයකි. කහ පැහැය කුඩා දරුවන් බිය ගැන්වීමට සමත් නිසා ළදරු නිෂ්පාදන සඳහා මෙම වර්ණය යොදා නොගනී. කහ වර්ණයට අනෙකුත් වර්ණයන්ට ප්‍රථමව අවධානය ලබා ගැනීමේ හැකියාවක් පවතින අතර බස් රථ, කුලී රථ සහ එම රථයන්හි පුවරු සඳහා කහ වර්ණය යොදාගනු ලබන්නේ අවධානය ලබා ගැනීම සඳහාය. තරුණ බව ද මෙම වර්ණය මගින් නිරූපණය කරනු ලබන අතර අනතුරු ඇඟවීම සඳහාද යොදා ගනී. අලෙවිකරණයේදී මෙවැනි වර්ණයන් නිසි ලෙස යොදා නොගතහොත් ඒ හරහා  සෘණාත්මක බලපෑමක් ඇති කිරීමේ හැකියාව ඇත.

තැඹිලි වර්ණය

යම් නිෂ්පාදනයක රසවත් බව සහ විනෝදාත්මක බව පෙන්නුම් කිරීමට මෙම වර්ණය යොදාගනු ලබයි. එමෙන්ම අධ්‍යාපනයට සම්බන්ධ උපකරණ සහ වෙබ්අඩවි මෙම වර්ණය යොදාගනු ලබන්නේ ඒ හරහා යම් උත්තේජනයක් සපයන බැවිනි.

කළු වර්ණය  

කළු පැහැය අධිකාරිත්වය හඟවන වර්ණයක් වන අතර බලය, ස්ථාවරත්වය, ශක්තිය සහ ඇතැම් අවස්ථාවලදී බුද්ධිමත් බව හඟවනු ලබයි. බොහෝ සාංගමික ව්‍යාපාර මෙම වර්ණය භාවිතා කරනු ලබන්නේ ස්ථාවරත්වය පෙන්නුම් කිරීමටය.

සුදු වර්ණය

සුදු පැහැය යනු පවිත්‍රත්වය සම්බන්ධ වර්ණයක් වන අතර එමගින් පාරිශුද්ධත්වය සහ ආරක්ෂාව ඉස්මතු කරනු ලබයි. සුදු පැහැය බොහෝ වෙබ් අඩවි නිර්මාණයේදී භාවිතා කරයි. තනි වර්ණයක් ලෙස යොදා ගැනීම මගින් තනිකම සහ හිස්බව පෙන්නුම් කරන අතර ඒ නිසාම බොහෝ විට ඇසුදු පැහැය අනෙක් වර්ණ සමඟ සමබරව යොදාගනු ලැබේ.

අළු වර්ණය

අළු පැහැය මගින් ප්‍රායෝගිකත්වය වයෝවෘද්ධභාවය ඒකමතිකභාවය වැනි දේ අඟවන නමුත් වැඩි වශයෙන් අළු පැහැය භාවිත කිරීම මගින් හිස්බව සහ මානසික ව්‍යාකූලත්වය නිරූපණය කරනු ලබයි. .

වර්ණයන්හි දීප්තිමත් සහ අඳු රු බව ව්‍යාපාරිකයන් යොදා ගන්නා අයුරු

වර්ණවල දීප්තිමත් බව සහ අඳුරු බව ද බොහෝ නිෂ්පාදකයන් සහ සේවා සපයන්නන් පරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට යොදාගනු ලබයි. වර්ණ දීප්තිමත් ලෙස භාවිත කිරීම මගින්  පරිභෝගිකයන්ගේ මිලදී ගැනීම සඳහා උද්යෝගිමත් බව වැඩි කිරීමට සමත් වේ. උදාහරණ වශයෙන්  වෙබ් පිටු පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් සහ පුද්ගල කණ්ඩායම් අඳුරුභාවයට වඩා වර්ණයන්ගේ දීප්තිමත්භාවය යොදා ගනී.

රක්ත සහ කහ වර්ණ සංකලනය  මගින් ඇති කරනු ලබන බලපෑම

i.ytimg.com

මැග්ඩොනල්ඩ් වැනි ව්‍යාපාරයන්හි ශක්තිය පෙන්නුම් කරන වර්ණ ලෙස රක්ත සහ කහ වර්ණ යොදාගනු ලබයි. රක්ත සහ කහ වර්ණ දරුවන් පොළඹවා ගැනීමට සමත් වන වර්ණ වන අතර ආහාර රුචිය ඇති කිරීමට මෙම වර්ණ සංයෝගය සමත්. දරුවන් පමණක් නොව වැඩිහිටියන්ද වර්ණ මගින් ආකර්ෂණය කර ගත හැකිය. වර්ණ සම්බන්ධයෙන් තම ව්‍යාපාරයට අදාළව නිෂ්පාදකයන් ඉතාමත් සැළකිලිමත්ය. මෙම වර්ණ සංයෝජනය ඉතාම උපක්‍රමශීලි අතර මැග්ඩොනල්ඩ් නිෂ්පාදකයන් මෙම වර්ණ ද්විත්වය වෙනුවට හරිත පැහැය යොදා ගත්තේ නම් මෙතරම් ප්‍රසිද්ධියක් සහ ලොව පුරාම ලාභ ලබන සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට නොහැකි වේවි.

ස්ටාර් බක් වැනි ව්‍යාපාරයන් හරිත පැහැය යනු ස්වභාවික පරිසරය පිලිබඳ හැඟීම් ජනනය කරන, උණුසුම් ආරාධනාවක් ඇඟවෙන වර්ණයකි. හරිත වර්ණය එසේ යොදාගෙන ඇත්තේ පාරිභෝගිකයන් දවස අවසානයේ යම් නිදහස් සහ නිස්කලංක බවක් අපේක්ෂා කරන බැවිනි. ඒ සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම ඔවුන්ගේ අරමුණයි.

විවිධ ව්‍යාපාරිකයන් අලෙවිකරණයේදී තම ව්‍යාපාරයේ ස්වභාවය අනුව විවිධ වර්ණ යොදාගනු ලබන අතර, වර්ණ සංකලනයන් සහ ඒවායේ අඳුරු හෝ දීප්තිමත් බව සූක්ෂම අන්දමින් යොදා ගනී.

කවරයේ පින්තූරය –  i2.wp.com

මූලාශ්‍ර

  1.     www.fatrabbitcreative.com
  2.     www.surveycrest.com
  3.       smallbiztrends.com

Related Articles