Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රචණ්ඩකාරී වූ වාසුළි හෙවත් සුළි සුළන්

පෘතුවියේ සෑම තැනම වායු පීඩන තත්වයන් එක සමාන නොවේ. ඒවා විවිධ ස්ථාන වලට අනුව වෙනස් වන අතර මෙය දේශගුණික තත්ත්වයන් කෙරෙහිද බලපෑම් ඇති කරයි. මෙම වායු පීඩන තත්වයන් විවිධ වීම නිසා සුළි සුළන් ඇතිවේ. සුළි සුළඟකින් විශාල ප්‍රමාණයක ජිවිත හා දේපල හානි සිදු විය හැක. සුළි සුළන් හට ගන්නා ආකාරය, ඉන් ඇති වන බලපෑම සුළි සුළන් වර්ග පිළිබඳව සාකච්ඡා  කිරීමටයි මෙම ලිපිය තුළින් බලාපොරොත්තු වෙන්නේ.

සුළි සුළන් යනු මොනවාද?

newsweek.com

අඩු පීඩන මධ්‍යස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් ඇති වන දැඩි සුළඟ සුළි සුළන් ලෙස හැඳින්වේ. මෙහිදී කුණාටුවේ මධ්‍යයේ අඩු පීඩන කලාපයක් දක්නට ලැබේ. මෙය හඳුන්වන්නේ කුණාටුවේ ඇස ලෙසයි. කුණාටුවේ ඇස ප්‍රදේශය එතරම් ප්‍රචණ්ඩකාරී නොවන අතර එය තරමක සන්සුන් ස්වභාවයක් ගනී. දැඩි ප්‍රචණ්ඩ සුළන් ඇති වන්නේ කුණාටුවේ බාහු වලදීය.

විවිධ රටවල සුළි කුණාටු

සුළි කුණාටු ලෝකය පුරා විවධ නම් වලින් හැඳින්වේ. චීන මුහුදේ හා පැසිෆික් සාගරයේ කුණාටු  හැඳින්වෙන්නේ ටයිෆුන් (typhoon) ලෙසයි. කැරිබියානු මුහුදේ ඇති බටහිර ඉන්දීය දූපත් හා අත්ලාන්තික් සාගරය අවට සුළි සුළන් හරිකේන් (hurricane) නමින් හැඳින්වේ. බටහිර අප්‍රිකානු guinea භූමිවල හා ඇමරිකාවේ දකුණු කොටස් වල මේවා ටොනාඩෝ (tornados) යන නමින් හඳුන්වයි. වයඹ දිග ඕස්ට්‍රේලියාවේ මේවා හඳුන්වන්නේ විලි විලීස් (willy-willies) යනුවෙන් වන අතර ඉන්දියානු සාගරයේ මේවා නිවර්තන සුළි කුණාටු (tropical cyclones)ලෙස හැඳින්වේ.

සුළි සුළන් ඇති වන ආකාරය

skymetweather.com

සුළි සුළඟක් ඇති වන්නේ අව පීඩන කලාප වලට වාත ධාරා ඇදී ඒමෙනි. මෙම වාත ධාරා අඩු පීඩන කලාප වලදී ඉහළ නැගීම සිදු වේ. මේ හේතුවෙන් වලාකුළු නිර්මාණය වේ. වාතය ඉහළ නැගීම නිසා පීඩනය අඩු වන විට තව තවත් වාත ධාරා ඉහලට ඇදීම සිදු වේ. මෙලෙස ඉහළ නගින වාතයෙන් වැසි වලාකුළු නිර්මාණය වී වැසි ඇද වැටීම ආරම්භ වේ. වැස්සත් සමඟ සිසිල් වාතය නැවත පහලට පැමිණීම නිසා කුණාටුව තවත් වර්ධනය වේ. මේවා නිවර්තන සුළි කුණාටු ලෙස හැඳින්වේ. සුළි කුණාටුවක් ඇති වීමේදී කුණාටුවේ ඇස ප්‍රධාන ස්වරූප තුනකින් හඳුනා ගත හැක. ඒවා

  • කවාකාර (circular)
  • ඒක කේන්ද්‍රීය (concentric)
  • ඉල්ලිප්සාකාර (elliptical) ලෙස දැක්විය හැක

සුළි කුණාටුව දුර්වල වීම

නිවර්තන කලාපිය සුළි කුණාටුවක් දුර්වල වීමට පටන් ගන්නේ මධ්‍යයේ අඩු උෂ්ණත්වයකදීය. කුණාටුව අභ්‍යන්තරයේ උෂ්ණත්වය වැදඩි විට මෙහි වේගය අධික වන අතර මෙහි උෂ්ණත්වය අඩු වන විට සුළි කුණාටුවේ සැර බාල වීමට පටන් ගනී. මෙය බොහෝ විට සිදු වන්නේ සුළි කුණාටුව ශිත ජලය පසු කර යාමේදීය. නමුත් සුළි කුණාටුවක සැර බාල වූ පමණින් එයින් සිදු වන දේපල හා ජිවිත හානි වීම සම්පූර්ණයෙන් නතර නොවේ.

සුළි සුළන් වර්ග

ready.gov

සුළි සුළන් ගොඩබිම හා ජලයේ යන ඕනෑම ස්ථානයක ඇති වේ. නමුත් මේ සියල්ලේම ඇති පොදු ලක්ෂණය වන්නේ සියල්ලක්ම අඩු පීඩන කේන්ද්‍රයක් වටා නිර්මාණය වීමයි. සුළි කුණාටු ප්‍රධාන වශයෙන් වර්ග 3කට බෙදා දැක්විය හැක.

  • නිවර්තන සුළි සුළන් (tropical cyclones)
  • ධ්‍රැවීය සුළි සුළන් (polar cyclones)
  • මධ්‍ය සුළි සුළන් (meso cyclones)

බොහෝ පුද්ගලයන්ට හුරු පුරුදු සුළි කුණාටු වර්ගය වන්නේ නිවර්තන කලාපිය සුළි කුණාටුය. මීට හේතුව මේවා නිවර්තන කලාපිය සාගර ආශ්‍රිතව ඇති වීමයි. හරිකේන් හා ටයිෆුන් සුළි කුණාටුද නිවර්තන කලාපිය සුළි කුණාටු වර්ග ලෙස දැක්විය හැක. නිවර්තන කලාපිය සුළි කුණාටු ඒවාගේ සුළගේ වේගය අනුවද විවිධාකාරයෙන් හඳුනා ගත හැක. ඒවා 1,2,3,4, හා 5 ලෙස වර්ග කර ඇත. අංක 1 ලෙස දැක්වෙන්නේ දුර්වලම නිවර්තන කලාපිය සුළි සුළන් වන අතර මේවාගේ වේගය 74–95 mph අතර පවතී. අංක 5 ලෙස දැක්වෙන්නේ ප්‍රබලතම සුළි කුණාටු වන අතර එහි වේගය 155 mph පමණ වේ. මේවා ඉතා භයානක වන අතර විශාල හානියක් සිදු වීමට ඉඩ ඇත.

youtube.com

ධ්‍රැවීය සුළි සුළන් ඇති වන්නේ ග්‍රීන්ලන්තය, සයිබීරියා හා ඇන්ටාක්ටිකාව වැනි ධ්‍රැවීය ප්‍රදේශ වලයි. මේවා ශීත කාලයේදී ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගනී. ධ්‍රැවීය සුළි සුළන් සාමාන්‍යයෙන් ඇති වන්නේ මිනිසුන් අඩු ශීත ප්‍රදේශ වල නිසා මේවාගෙන් වන හානිය අවම මට්ටමක පවතී.

ගිගුරුම් සහිත කුණාටුවක වලාකුළු කොටසක් කැරකැවීමට පටන් ගත් විට එය මධ්‍ය සුළි සුළන් ලෙස හැඳින්වේ. බොහෝ විට පසුව මෙය ටොනාඩෝවක් බවට පරිවර්තනය වේ. මෙය භයානක වන්නේ සුළි කුණාටුවේ ප්‍රබලත්වය අනුව විශාල විනාශයක් සිදු කිරීමට ඉඩ ඇති නිසාවෙනි.

දැනට ඇති වී ඇති ප්‍රධාන නිවර්තන සුළි කුණාටු කීපයක්

aljazeera.com

  • 2005 වසරේ කත්‍රිනා (katrina) සුළි කුණාටුව – මරණ 1500ක් හා ඇමරිකානු ඩොලර් බිලියන 108 ක හානියක් සිදු කරන ලදි.
  • 2012 වසරේ sandy සුළි කුණාටුව – ඇමරිකානු ඩොලර් බිලියන 71 ක පාඩුවක් සිදු කරන ලදි.
  • 1992 වසරේ andrew සුළි කුණාටුව – ඇමරිකානු ඩොලර් බිලියන 26.5 ක පාඩුවක් සිදු කරන ලදි.
  • 1970 වසරේ බංගලාදේශයේ ඇති වූ සුළි කුණාටුවෙන් මිනිසුන් 300 000ක පමණ ප්‍රමාණයක් මරණයට පත් විය.
  • 2013 වසරේ ඇති වූ haiyan සුළි කුණාටුව ධරුනුම ගණයේ කුණාටුවක් ලෙස දැක්වේ.
  • 2015 වසරේ ඇති වූ patricia සුළි කුණාටුව දැනට බටහිර අර්ධ ගෝලයේ ඇති වූ දරුණුතම නිවර්තන සුළි සුළඟ ලෙස දැක්වේ.

කවරයේ පින්තුරය – wikipedia.org

Related Articles