“ආදායම අඩු නීතිඥයෝ සතුටින් දිවි ගෙවන්නෝය” – නවතම සමීක්ෂණයකින් හෙළි වේ

නීතිඥවරයෙකු වීමේ වාසිනම් බොහෝය. ධනය, බලය, ජනප්‍රියත්වය යනාදියෙන් නිතිඥවරයෙකුට අඩුවක් වන්නේ නැති තරම්ය. නමුත් නීතිඥවරයෙකු ලබනා වරප්‍රසාද ලයිස්තුවේ එදිනෙදා ජිවිතයේ සතුට දැක ගත හැකි වන්නේ කලාතුරකින් බව සමීක්ෂණ මගින් සොයාගෙන ඇත. මීට හේතුව නිර්ණය කර ගැනීමට මෑතකදී සිදු කරන ලද පරීක්ෂණයකින් මග පෑදී ඇත- නීතිඥවරු සහ සිසු සිසුවියන් බොහෝ විට තමා අත්පත් කරගත යුතු ත්‍යාගය හෙවත් තම සැබෑ තෘප්තිය ඇත්තේ කොතැනක දැයි තේරුම් නොගැනීම මිට හේතුවයි.

ඇමරිකා එකසත් ජනපදයේ නිතිඥ වෘත්තිකයන් ඇසුරෙන් මෙම පරීක්ෂණය සිදු කරන ලදී. මෙහිදී නීතිඥවරුන් 6200 ක් සමීක්ෂණයට යොදා ගෙන ඇති අතර එහිදී සොයාගෙන ඇත්තේ නීති ක්ෂේත්‍රයේ තම සාර්ථකත්වය, ඉහල අදායම්, ප්‍රසිද්ධ ආයතනවල ඉහල නිලතල දැරීම ආදී වශයෙන් නීතිඥයන් නිරතුරු අපේක්ෂා කරනා සාධක කිසිවක් ඔවුන්ගේ සතුට සහ යහපැවැත්මට කිසිදු සහසම්බන්ධයක් ඍජුව නොදක්වන බවයි.

(huffingtonpost.com)

(huffingtonpost.com)

සමීක්ෂණයට සහභාගී වූ නීතිඥයින්ගේ වෘත්තීය කටයුතු සහ සෞඛ්‍ය තත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත.කෙසේ වෙතත් නීති ආධාර සැපයීමෙහි නිරත වන සහ මහජන සුභ සාධනය පිණිස වෘත්තියෙහි යෙදෙන (බොහෝ විට රජයේ සේවයේ නියුතු) නීතිඥයන් නම් වාර්තාගත පරිදි සාපේක්ෂව ඉතා සතුටින් දිවි ගෙවන බව මෙම සමීක්ෂණය හෙළිදරව් කර ඇත.

රාජ්‍ය සේවයේ නියුතු නීතිඥයන් තම වයස් වල පසුවන පෞද්ගලික අංශයේ සේවය කරන නීතිඥයන්ට වඩා අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කරන බවද මේ සමීක්ෂණයෙන් හෙළි කොට ඇත. මොවුන් අත්පත් කරගෙන ඇති භෞතික සමෘද්ධියේ පැහැදිලි වෙනසක් දක්නට ලැබුනද මෙම කණ්ඩායම් දෙකම සමස්තයන් දෙකක් ලෙස ගෙන බැලීමේදී වාර්තා කොට ඇත්තේ එක හා සමාන මට්ටමක ජිවන තෘප්ති මට්ටමකි.

ජනප්‍රිය නීති ආයතනයක (Law Firm එකක) කොටස් කරුවෙකු වීම බොහෝ ඇමරිකානු නීතිඥයින්ගේ සිහිනයකි. නමුත් එම අරමුණට ලගාවූ විට පවා ඇතිවෙන තෘප්තියක්ද නැති බව එම නීතිඥයන් ප්‍රකාශ කොට ඇත. නීති ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් එහි කනිෂ්ඨ සාමාජිකයන්ට වඩා 62% ක වත්කමක් ඉපැයුවද ඔවුන් දෙපාර්ශවයේම යහපැවැත්ම එක එක මට්ටමක පවතින බවද සොයාගෙන ඇති අතර ඒ පිළිබද පසුගිය දිනෙක ඇමරිකාවේ ජෝර්ජ් වොෂින්ටන් නිති සමාලෝචනයේ ද  (Law Reveiw) තතු පළකොට ඇත.

(deanofstudents.umich.edu)

(deanofstudents.umich.edu)

ඇමරිකාවේ ශාන්ත ෆ්ලොරිඩා ප්‍රාන්ත සරසවියේ නිතිය පිළිබද මහාචාර්ය එස්. ක්‍රිගර් පවසන්නේ නීති සිසු සිසුවියන් ඉහල සමර්ථ ලබා ගැනීමේ අදහසින් තම සෞඛ්‍ය සහ අත්‍යවශ්‍ය මානව සබදතා දෙවැනි කොට සැලකීමට පෙළඹී ඇති බවයි. “තමාට පසු කාලීනව සතුටින් ජීවිතය ගත කල හැකිවේවි යන සිහිනය ඔවුන් නිතර දකිනවා” මහාචාර්යවරයා පැවසුවා.

නීතිඥ වෘත්තීය ආදී වඩා කීර්තිමත් වෘත්තීන් මානසික සැහැල්ලුව ලගා කර නොදෙන බව මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසිය. ස්වයංනිර්ණවාදී විග්‍රහයට අනුව යම් පුද්ගලයෙකුට ස්වකිය මානසික තෘප්තිය ලගා කර ගැනීම සදහා දක්ෂතාව, ස්වයංපාලනය සහ අනෝන්‍ය බැදියාව යන ත්‍රිත්වය අත්‍යවශ්‍ය වේ. කීර්තිමත් නමුත් වැඩ අධික වෘත්තියක නිරත වන පුද්ගලයෙකුට මෙම වටිනාකම් තුන තමා තුල නිපදවාගත නොහැකි බව මහාචාර්ය ක්‍රිගර්ගේ මතයයි. නමුත් රාජ්‍ය සේවයේ නීතිඥයන් එසේ නොවන බවද ඔහු පවසා සිටි.

(plus.google.com/+CompuvateCorporationNewYork)

(plus.google.com/+CompuvateCorporationNewYork)

මානසික ව්‍යාකුලතවන්ද ඉතා දිගු කලක පටන්ම නීති වෘත්තීය සහ බැදී පවතින්නකි. අනෙක් පුද්ගලයන්ට සාපේක්ෂව නීතිඥයන් තුන් ගුණයකින් මානසික පිඩනයකින් පෙලෙන බව මෙන්ම නීතිඥයන් අනෙක් වෘත්තීන්ට වඩා විශාල අවධානමක් දරන බවද සමීක්ෂණ වාර්තා හෙළි කරයි. ඇමරිකාවේ සුප්‍රසිද්ධ යේල් සරසවියේ නීති සිසුන් ඇසුරෙන් කරන ලද සමීක්ෂණයකින් හෙළි වුයේ එම සමීක්ෂණයට සහභාගී වූ සිසුන් 70% ක්ම මානසික ගැටළු වලින් පිඩා විදින බවයි.

අනෙකුත් සමීක්ෂණයන් මගින් හෙළිවී ඇති කරුණක් නම් නීතිඥ වෘත්තීය සමග විවිධ ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමද ඉතා සමීපව බැදී ඇති බවයි. පසුගිය මාස 6 ක කාලය ඇතුලත ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවන් තිදෙනෙකුට ඇබ්බැහි කාරක ද්‍රව්‍යයන්හි බලපෑම පවතිද්දී වාහන ධාවනය කිරීමේ වරදට හසුව ඇත. 1990 – 2007 කාලය තුල අනෙකුත් වෘත්තිකයන්ට සාපේක්ෂව නීතිඥයන් සියදිවි හානි කර ගැනීමේ ප්‍රතිශතය 54%ක් වන බවද අනාවරණය වී ඇත.

මෙවැනි හානිදායක තත්වයන්ට නීතිඥයන් මෙපමණ ගොදුරු වන්නේ ඇයිද යන්න විවාදයට බදුන් කල යුතු මාතෘකාවකි. දිගු කාලින නෛතික ක්‍රියාදාමයක් නිසා ඇතිවන අධික නොඉවසිල්ල සහ නොසන්සුන් බව මිට මුලික හේතුවක් විය හැකිය. ඉතා උසස් සිහින සහ බලාපොරොත්තු ඇතිව අතිශය සිනාමුනුරූපී නඩු විභාග ජවනිකාවක් රැගීමේ බලාපොරොත්තුවෙන් නීති විද්‍යාලයට අහුලත් වන සිසුන් මෙවැනි ඉරණම වලට ගොදුරු වන ප්‍රතිශතය ඉතා ඉහල වීම සංවේගජනක කරුණකි.

“නීති විද්‍යාලය තුල අපට එල්ල වන්නේ විශාල පීඩනයක්”, ජෝර්ජ් වොෂින්ටන් සරසවියේ නීති ශිෂ්‍යාවක වන හෙලන් ක්ලෙමන්ස් පවසා සිටි. එය අපට විවිධාකාරයෙන් එල්ල වෙනවා. නමුත් වඩා ඉහල පීඩනයක් එල්ල වන්නේ අප වටා සිටින අයගෙන්මයි. අපි නීති විද්‍යාලයෙන් ඉගෙන ගෙන දැනට ඉතා ඉහල තනතුරු දරණ ජනප්‍රිය පුද්ගලයන් පිලිබදව හැම කෙනෙක්ම කතා කරන විට ඉබේම වගේ හැම කෙන්ක්ම සිතන දෙයක් වන්නේ අපිත් කෙසේ හෝ ඒ හා සමාන තැනකට යා යුතු බවයි’.

නීතිඥ වෘත්තීය හෝ වෙනයම් කිසිදු වෘත්තියක් හුදෙක් භෞතික ධන ලාභ ලැබීමේ අරමුණින් පමණක් නියුතු වීම නොකළ යුතු දෙයකි. සැපවත් ජිවිතයක් ගත කිරීමට මුදල් යහමින් අවශ්‍ය බව සත්‍යයක් වුවද එවැනි සිහිනයක් හඹා ගොස් අවසානයේ ඉතිරි වන්නේ අතෘප්තියක් පමණක් නම් එවැනි දිවියකින් කිසිදු පලක් නොමැත. කල යුත්තේ අන් කිසිවක් නොව තමා සැබවින්ම ප්‍රිය කරනා විෂය ක්ෂේත්‍රයම තම අනාගත වෘත්තීය ලෙස තෝරා ගෙන තෘප්තිමත් සහ සැහැල්ලු දිවියක් ගත කිරීමයි.

කවරයේ ඡායාරූපය – plus.google.com/+CompuvateCorporationNewYork

 

Related Articles