Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජලය මතුපිට පිහිටි දිගම පාලම – කිංඩෝ හයිවාන්

ජලය මතුපිට පිහිටා තිබෙන ලොව දිගම පාලම ගැන වාර්තා වන්නේ චීනයෙන්. මෙය නම් කරලා තියෙන්නේ කිංඩෝ හයිවාන් (Qingdao Haiwan ) කියලයි. මෙම පාලම ඉදි වීමට පෙරාතුව ලොව දිගම පාලම ලෙස හැඳින්වූවේ ඇමරිකාවේ ලුසියානාවේ Lake Pontchartrain Causeway යි. නමුත් චීනය විසින් ඉදි කර තිබෙන පාලම එයට  වඩා සැතපුම් තුනක් පමණ දිග බවයි දැක්වෙන්නේ. ඒ අනුව මෙම ලිපියෙන් වර්තමානයේ ලොව දිගම පාලමේ පිහිටීම ගැනත්, එය ඉදි කිරීම ගැනත්, එහි තිබෙන විශේෂතා ගැනත් වගේම මේ සඳහා එල්ල වී තිබෙන විවේචන ගැනත් දැන කියා ගැනීමේ හැකියාවක් ලැබෙනවා.

කිංඩෝ හයිවාන් හි පිහිටීම

කිංඩෝ හයිවාන් (Qingdao Haiwan )  නැතිනම් චීනයේ ඉදි කර තිබෙන ලොව දිගම පාලම සැතපුම් 26.4 පමණ දිග බව වාර්තා වනවා. මේ සඳහා ගත වූ වියදම රන් පවුම් බිලියන 5.5 වනවා. ඒ වගේම මෙම පාලම ඉදි කිරීම සඳහා වසර හතරක් පමණ ගත වී තිබෙනවා. පාලමේ ඉතාමත් විශාල ලෝහමය සැකිල්ල නැගෙනහිර චීනයේ කිංඩාබ් හි වරාය පිහිටි නගරයේ මැද කොටසට සම්බන්ධ බවත් එහි හුවැංඩෝ නගරයේ සිට ජියෑෂවූ මුහුදු බොක්‌කේ නිල් සාගර දක්‌වා විහිදී තිබෙන බවත් සඳහන් වනවා.ඇතැම් ලිපි වල මෙම පාලම නම් කර තිබෙන්නේ Jiaozhou Bay bridge කියලයි.

කිංඩෝ හයිවාන් පාලමේ ඉදිකිරීම් කටයුතු

locksmithnyc.info (ඉදි කිරීම් අතරතුර)

පාලම පටු මාර්ග හයකින් පමණ යුක්ත වන බව දක්වනවා. ඒ වගේම මේ ආකාරයට පාලමේ රඳා පැවතීම උදෙසා ශක්තිය ලබා ගෙන තිබෙන්නේ ආධාරක කුළුණු 5200ක් මඟිනි. පාලම සැලසුම් කිරීමේ ගෞරවය හිමි වන්නේ ශැන්ඩොං ගවුසු ගෘප් නමැති ආයතනයටයි.

පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා කම්කරුවන් 10,000 ක පමණ පිරිසක් යොදා ගෙන තිබෙනවා. ඒ වගේම මෙම පිරිස කණ්ඩායම් දෙකකට බෙදා පැය 24ම සේවය කර තිබෙනවා. ඒ වගේම පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ දෙපැත්තේ සිටයි. දෙපැත්තේ සිට ඉදි කර ගෙන ඒමෙන් අනතුරුව අවසානයේ දී හරි මැද සිට එය සම්බන්ධ කළ බව සඳහන් වනවා.

මෙම පාලම ඉදි කිරිම සඳහා වානේ ටොන් හාර ලක්‍ෂ පනස්‌ දාහක්‌ පමණ යොදා ගෙන තිබෙන බව දැක්වෙනවා. එම වානේ ප්‍රමාණය ගැන පැහැදිලි කිරීමක් සිදු කරන්නේ නම් එම වානේ යොදා ගනිමින් අයිෆල් කුළුණු 65ක් පමණ තැනිය හැකි බව දැක්වෙනවා. ඒ වගේම මේ සඳහා භාවිතා කරන ලද කොන්ක්‍රීට් ප්‍රමාණය කොන්ක්‍රීට්‌ මිශ්‍රණ කියුබික්‌ මීටර මිලියන 2.3 ක් පමණ වන බව දක්වනවා. එය ගැන ද යම් පැහැදිලි කිරීමක් කරන්නේ නම් ඔලිම්පික්‌ මට්‌ටමේ පිහිනුම් තටාක තුන්දහස්‌ අටසියයක්‌ (3800) පිරවිය හැකි තරම් බව ද දක්වනවා.

කිංඩෝ හයිවාන් පාලමේ දක්නට ලැබෙන සුවිශේෂිතා

dailymail.co.uk (ප්‍රවාහන පහසුව ඉක්මන් වන අයුරු)

රථ වාහන වලට පාලමේ ගමන් කිරීමට අවස්ථාව ලබා දීමෙන් අනතුරුව දිනකට ධාවනය වන මෝටර් රථ සංඛ්‍යාව 30,000 ක් පමණ වන බව වාර්තා වනවා.ඒ වගේම මෙම පාලම විවෘත කිරීම හේතුවෙන් ලැබුණ වාසිදායක තත්වයක් වන්නේ කිංඩාවු නගරයේ සිට හුවැන්ඩවූ නගරය වෙත විනාඩි 20 – 30 කාලයක් ඇතුළත යාමට හැකි වීමයි.

රිච්ටර් මාපක 8.0 ක පමණ ප්‍රභල භූමි කම්පාවකට පවා ඔරොත්තු දීමේ හැකියාවක් මෙම පාලමට තිබෙන බව දැක්වෙනවා. එමඟින් චීන නිළධාරීන් අදහස් කළේ පාලමේ තිබෙන විශාලත්වයයි. ඒ වගේම සුළි සුලගකට පවා නොසැලෙන බවද දක්වනවා. ටොන් 300,000 ක වාහනයක් සමඟ ගැටීමේ ශක්තියත් මෙයට තිබෙනවා. ඒ වගේම මෙම පාලම හේතුවේ 16% වාර්ෂික ආර්ථික ප්‍රගතියක් කිංඩාවු නගරයට ලැබෙනවා. මේ හේතුවෙන් එය ඉතාමත් ඉක්මණින් දියුණු වන නගරයක් බවට ද පත්ව තිබෙනවා.

පාලම හා බැඳී තිබෙන විවේචන

feel-planet.com(පටු මාර්ග වලින් යුක්ත පාලම)

කිංඩාඕ සහ හුවැන්ඩාඕ අතර මාර්ගය ඉතා ජනාකීර්ණ මාර්ගයක්. මේ හේතුවෙන් පාලම ඉදි කිරීම නිසා ගමන් පහසුකම් ලැබීම ඉතාමත් වටිනා දෙයක් බව එරටින් ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් මෙම පාලම සම්බන්ධයෙන් යම් යම් චෝදනාත් එල්ල වී තිබෙනවා. පාලම ඉදි කිරීමට විශාල මුදලක් වැය වී තිබෙනවා. ඒ හේතුවෙන් මෙවැනි මුදලක් පාලම සඳහා වැය කිරීම අනුමත නොකරන බව ඇතැම් ජනතාව ප්‍රකාශ කර තිබෙන බව සඳහන් වනවා. ඒ වගේම එයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ පාලම ඉදි කිරීම මඟින් ඇති වූ එකම වෙනස් කම කිංඩාඕ සහ හුවැංඩෝ නගර අතර දුර ප්‍රමාණය සැතපුම් 19 කින් අඩු වීම පමණක්‌ බවයි.

ජීලිං නමැති ප්‍රදේශයේ පුද්ගලයෙක් ප්‍රකාශ කර තිබෙන්නේ වාහනයක් ගමන් කිරීමේ වෙලාව විනාඩි 20කින් පමණ අඩු කිරීමේ පරමාර්ථය උදෙසා මුදල් බිලියන ගණනක් වැය කිරීම බදු ගෙවන තැනැත්තන්ගේ බදු මුදල් නාස්ති කිරීමක් බවයි. ඒ වගේම මෙහි තවත් අරමුණක් වන්නේ ශැන්ඩොං නමැති ප්‍රදේශයේ ආණ්‌ඩුකාරවරයා වැඩ කරන පුද්ගලයෙකු ලෙස පෙන්වීම බවත් වන බවයි.

කොතරම් විවේචන එල්ල වුණත් කිංඩෝ හයිවාන් (Qingdao Haiwan ) චීනයේ තාක්ෂණය හා ආර්ථිකය පෙන්නුම් කරපු තවත් එක් අවස්ථාවක් විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම චීන ජාතික ඉංජිනේරුවන්ගේ උසස් තාක්ෂණික හැකියාවන් ද මෙමඟින් පෙන්නුම් කෙරෙනවා.

මෙමඟින් නොනැවතුණු චීනය පසු කාලීනව එනම් 2009 වසරේ දී පමණ දකුණු චීනයේ Guangdong පළාතට සම්බන්ධ කරන ලද පාලමක වැඩකටයුතු අරඹනු ලැබුවා. එමෙන්ම ලොව දිගම පාලමේ ලෙස නම් දරන්නට සිටින මෙම නව පාලමේ වැඩ කටයුතු බොහොමයක් සිදු කර අවසන් බවත් මෙම වසර අවසානයේ  විවර්ත කළ හැකි බවට ප්‍රකාශ කර තිබෙනවා.

කවරයේ පින්තූරය: Theatlantic.com

Related Articles