Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්තර්ජාල කාන්තා අගතියට විසඳුම් සොයන United Creatives වැඩසටහන

බොහෝ රටවල් මෙන් ශ්‍රී ලංකාව ද අන්තර්ජාලය හරහා සිදුවන වෛරී ප්‍රකාශ, වෙනස් කොට සැලකීම් සහ අසත්‍ය තොරතුරු පැතිර යාමෙන් පීඩා විඳියි. කෙසේ වෙතත්, මෑතකදී, මෙම ගැටලු කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇත. ඒ, කොවිඩ්-19 වසංගතය නිසා, වැඩි පිරිසක් අන්තර්ජාලය සමඟ කාලය ගත කිරීම නිසා ය. අන්තර්ජාලය නිරන්තරයෙන් පුළුල් වන අවකාශයක් නිසා, සෑම දිනකම නව ජනතාවක් වෙත මෙම අභියෝග ළඟා වේ.

කොවිඩ්-19 වසංගතය සමයේ කාන්තා අගතිය වැඩිවෙයි

කොවිඩ්-19 ආගමනයත් සමඟ, විශේෂයෙන් දකුණු ආසියානු රටවල් තුළ කාන්තාවන්ට එරෙහි අන්තර්ජාල හිංසනය විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ඉන්දියාවේ, මැලේසියාවේ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාන්තාවන් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ මුල් කොවිඩ්-19 හුදෙකලා කිරීම් පැවති මාසවලදී (2020 මාර්තු සිට 2020 ජුනි දක්වා), මෙම රටවල වැරදි අර්ථකථන සහිත ෆේස්බුක් පෝස්ට් සහ ට්වීට් පෝස්ට්වල පරිමාව 2019 ට සාපේක්ෂව 168% කින් ඉහළ ගොස් ඇති බවය.

මෙම අධ්‍යයනයට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල Google Trends විශ්ලේෂණ ඇතුළත් වන අතර ඉන් පෙනී ගියේ කාන්තාවන්ට එරෙහි අපවාදාත්මක වචන ඇතුළු අසභ්‍ය වචන සෙවීමේ පරිමාව සෑම රටකම 25% හෝ ඊට වැඩි ගණනකින් ඉහළ ගොස් ඇති බවයි.

අන්තර්ජාල විෂමාචාරය හා කාන්තාවන්ට එරෙහි  වෙනත් ආකාරයේ වෛරී, ප්‍රචණ්ඩකාරී සහ අසත්‍ය තොරතුරුවල හානිකර බලපෑම් සහ ප්‍රභවයන්ට වැට බැඳීමට කටයුතු කරන ශ්‍රී ලාංකික සමාජ ක්‍රියාකාරීන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දක්ෂතාවයෙන් පිරි තරුණ පරම්පරාව වන අතර, ඔවුන් ඒ සඳහා ඩිජිටල් මාධ්‍යවල බලය උපයෝගී කර ගනී.

තරුණ නායකත්වය සහ ක්‍රියාකාරිත්වය වෙත UNDP සහාය

යුනයිටඩ් ක්‍රියේටිව්ස් (United Creatives) යනු එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ යුරෝපා සංගමය එක්ව මෙහෙයවන මාර්ගගත (Online) වැඩසටහනක් වන අතර එය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ තරුණ නායකයන්ට වෛරී ප්‍රකාශ මැඬ පැවැත්වීමට, ධනාත්මක ආකල්ප පුළුල් කිරීමට සහ සැබෑ සමාජ වෙනසක් ඇති කරන නිර්මාණාත්මක ඩිජිටල් ව්‍යාපාර බිහි කිරීමට උපකාරී වේ.

Image Credit: Shanuki de Alwis

මෙය සමාජ භේදවලට දායක වන, අන්තවාදයට තුඩු දිය හැකි අන්තර්ජාල වෛරී ප්‍රකාශ, විවිධත්වයට ගරු නොකිරීම මෙන්ම සැබෑ ලෝකයේ වෛරය ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සිදු කරන පුළුල් අරමුණක කොටසක් විය.

පුළුල් තේරීමේ ක්‍රියාවලියකින් අනතුරුව, තරුණ ඩිජිටල් නිර්මාණකරුවන් 29 දෙනකු තෝරා ගැනුණු අතර, ඔවුන්ට දින 15 ක සුවිශේෂී මාර්ගගත (Online)  පුහුණුවක්, උපදේශනයක් සහ ඩිජිටල් වෙනසක් ඇති කිරීම සඳහා යොදා ගත හැකි මෙවලම් මෙන්ම ෆේස්බුක්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තවත් පාර්ශවකරුවන්ගෙන් ද දැනුම ලබා දිණි. මෙම අදියර අවසන් වන විට, කණ්ඩායම් හතක් නිර්මාණය කරන ලද අතර, පහත ප්‍රධාන තේමා තුනෙන් එකක් යටතේ ඔවුන් ලවා පුරවැසි ව්‍යාපාරයක්  නිර්මාණය කිරීම සහ ඇරඹීම සිදු කෙරිණි.

  • ධනාත්මක අන්තර්ජාල අවකාශයක් ගොඩ නැගීම
  • තරුණයන්ගේ හඬ සහ අයිතීන් පුළුල් කිරීම
  • මහජන මාධ්‍ය කලාව

මෙම තරුණ නායකයන් කණ්ඩායම් වශයෙන් ධනාත්මක සමාජ පණිවිඩ ගොඩනැගීම සඳහා කාටූන්, වීඩියෝ, සජීවිකරණ සහ තොරතුරු චිත්‍රක (Infographics) වැනි විවිධ නිර්මාණාත්මක ක්‍රම අත්හදා බැලීමට පටන් ගති.

ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය ලැබූයේ #NotCoolBro වැඩසටහන වන අතර එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටින ලෙස විවිධ වයස්වල පිරිමි පාර්ශවයෙන් ඉල්ලා සිටි අතර අන්තර්ජාලය හරහා කාන්තාවන්ට එරෙහිව කරන අගතීන්ට විරුද්ධ වීමට ඔවුන් දිරිමත් කෙරිණි. හාස්‍යය මුවාවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ස්ත්‍රී දූෂණ සංස්කෘතිය සහ වෛරී ප්‍රකාශ පතුරුවන ෆේස්බුක් Meme Pages සහ Groups ඇතුළුව බොහෝ දුරට පිරිමින්ගේ අවධානය ලබන ඩිජිටල් අවකාශ මෙමඟින් ඉලක්ක කෙරිණි. 

‘The Cool Bro’ හෙවත් හොඳ සහෘදයා යන මැය පෙරමුණු කරගනිමින් එම නිර්මාණකරුවන් බලාපොරොත්තු වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෛරී ප්‍රකාශවල රටාවන් බිඳලීම ය. TikTok හරහා වීඩියෝ පළ කරමින් තවත් අයට යහපත් ආකල්ප පතුරුවමින් කතිකාවත් ඇරඹීමටත්, Infographics සැකසීමටත්, අපගාමී Meme පිටුවල Comment කිරීමටත් මෙම වැඩසටහන හරහා ඇරියුම් කෙරිණි.

Image Credit: Cool Bro

මෙම තෝරාගත් කණ්ඩායම්වලට Facebook සහ TikTok වැනි සමාජ ජාල දැවැන්තයන්ගේ සැසි, සහ YouTube ප්‍රවීණයන්ගේත් දේශන ඇතුළත් විය. එස‍ේම,  එක්සත් ජාතීන් (UN) සහ රාජ්‍ය නොවන සංවිධාන සාමය පතුරුවාලීම පිළිබඳවත් යුනයිටඩ් ක්‍රියේටිව්ස් (United Creatives) හි පාර්ශවකරුවන් තවත් වැදගත් අංශ රැසක් අරභයාත් තම දැනුම බෙදා දෙනු ලැබීය.

  • සාමය හා සංවර්ධනය
  • ඩිජිටල් ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගැනීම සඳහා උපක්‍රම
  • වෛරය මැඩපැවැත්වීම සඳහා කාරුණික වචනවල බලය
  • අසත්‍ය තොරතුරු සමඟ කටයුතු කරන්නේ කෙසේද?
  • විවිධත්වය, සැමට අවස්ථාව ලබාදීම, සහ ගරු කිරීම ප්‍රවර්ධනය කරන ක්‍රම

යුනයිටඩ් ක්‍රියේටිව්ස් තිරසාර සමාජ බලපෑමක් ඇති කිරීම සඳහා වූ තම දිගුකාලීන ඉලක්කයට දැනටමත් ළඟා වෙමින් සිටියි. වැඩසටහනට පෙර සහ පසුව සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ, අන්තර්ජාලයෙන් පලදායී ලෙස සමාජ බලපෑමක් කිරීමට ඇති හැකි බවට සහභාගීවූවන්ගෙන් 89% කට විශ්වාසයක් ඇති බවයි. එසේම, තරුණ නායකයන්ගෙන් 96% ක් කියා සිටියේ නුදුරු අනාගතයේ දී සැමට අවස්ථාව ලබාදීම, විවිධත්වය සහ ඉවසීම ප්‍රවර්ධනය කරන නිර්මාණ දිගටම කිරීමට අපේක්ෂා කරන බවයි.

සමාජයීය වශයෙන් ධනාත්මක ප්‍රවණතා බිහි කිරීම සඳහා තරුණ නායකයන් සහ නිර්මාණකරුවන් බල ගැන්වීම, ඔවුන්ට උපදේශකයන් බවට පත් වීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ සම්පත් ලබා ගත හැකි පරිසරයක් ඇති කිරීම යනාදිය සඳහා යුනයිටඩ් ක්‍රියේටිව්ස් වැනි වැඩසටහන් බෙහෙවින් වැදගත් වේ. එමඟින් නැගී එන ගැටලු වන අන්තර්ජාලය තුළ වෛරී ප්‍රකාශ සිදු කිරීම, වෙනස් කොට සැලකීම, සහ අසත්‍ය තොරතුරු සැපයීම වැනි දෑට විසඳුම් ලැබේ.

Related Articles