Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෝලීය උණුසුම ඉහළ ගියොත් මොකද වෙන්නේ?

මේ වන විට පෘථිවිවාසීන් විදිහට එහෙම නැත්නම් මුළු මහත් මිනිස් සංහතිය ලෙස  අප මුහුණ දෙන ප්‍රධාන ගැටලුව කුමක්ද කියා ඔබ දන්නවාද? එය දරිද්‍රතාව, කුසගින්න, ත්‍රස්තවාදය එහෙම නැත්නම් බලශක්ති ප්‍රභව අවසන් වීම වැනි අර්බුද යැයි ඔබට සිතෙන්නට පුළුවන්.

සත්‍ය වශයෙන් ම වත්මන් මිනිසා මුහුණ දෙන ප්‍රධාන ම ප්‍රශ්නය වෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම යි. මිනිසා මේ අර්බුදය යහපත් ආකාරයෙන් කළමනාකරණය නොකළහොත් නුදුරු දිනෙක ගෝලීය උණුසුම, මිනිසා ඇතුළු පෘථිවිවාසීන් මේ ලෝකයෙන් ඉවත් කරන බව ඉතාමත් පැහැදිලිව පෙනෙන්නට තියෙනවා.

හරිතාගාර ආචරණය – mit.edu

 

ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතුවන හරිතාගාර ආචරණය 

සූර්යයාගෙන් පෘථිවියට ලැබෙන විකිරණ ප්‍රධාන ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා. ඒ පාරජම්බුල හා දෘෂ්‍ය කිරණ ලෙස. මෙයින් පාරජම්බුල කිරණ වැඩි ප්‍රමාණයක් වායුගෝලයේ දී උරාගන්නවා. පෘථිවි පෘෂ්ඨයට පැමිණෙන ශක්තිය අඩු පාරජම්බුල කිරණ පස මඟින් උරාගෙන ශක්තිය අඩු දෘෂ්‍ය කිරණ හා අධෝරක්ත කිරණ විමෝචනය කරනවා. මෙසේ පිටවන  අධෝරක්ත කිරණ වායුගෝලයේ ඇති සමහර වායුන් මඟින් උරාගන්නවා. එම වායුන් හරිතාගාර වායුන් ලෙස හැඳින්විය හැකි යි. ඒ හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ක පමණ ප්‍රශස්ත උෂ්ණත්වයක පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙන අතර පෘථිවිය තුළ ජීවයේ පැවැත්මට එය උපකාරී වෙනවා. 

ප්‍රධාන හරිතාගාර වායුන් ලෙස කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් හා ජල වාෂ්ප නම් කළ හැකි යි. යුරෝපයෙන් ආරම්භ වූ කාර්මික විප්ලවයෙන් පසුව හරිතාගාර වායු වර්ග මුදා හැරිම ශීඝ්‍ර ලෙස ඉහළ යනවා. ඒ හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් පෘථිවි පෘෂ්ඨයේ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක රඳවාගත නොහැකි වෙනවා. ඒ නිසා හරිතාගාර වායුන් වැඩිපුර අධෝරක්ත කිරණ උරාගෙන වැඩිපුර තාපය නිපදවා, එම තාපය වැඩි කාලයක් පෘථිවිය තුළ සංසරණය වෙනවා.

පොසිල ඉන්ධන අධි පරිභෝජනය හරිතාගාර වායු ඉහළ නැංවීමට සමත්වේ  – theearthproject.com

 

හරිතාගාර වායු ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන්නේ ඇයි? 

වායුගෝලය තුළ හරිතාගාර වායුන් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් ම බලපාන්නේ මිනිස් ක්‍රියාකාරම්. ගල් අගුරු, ඛනිජ තෙල් හා ස්භාවික වායුන් අධික ලෙස පරිභෝජනය කිරීමෙන්, වන විනාශය කිරීමෙන් වැනි කරුණු හේතුවෙන් ප්‍රධාන හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ්, වායුගෝලයෙන් අත් කර ගන්නා ප්‍රතිශතය ඉහළ නැංවීමට සමත්ව තිබෙනවා.

අක්‍රමවත් කසළ බැහැර කිරීම, වගුරු හෝ ජලය ආශ්‍රිත ව කෙරෙන කෘෂිකර්මාන්තය , මහා පරිමාණ සත්ත්ව ගොවිපොළ හා ඛනිජ තෙල් කැනීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් තවත් ප්‍රධාන හරිතාගාර වායුවක් වන මීතේන් වායුගෝලයට එකතු වීම සිදුවෙනවා. කෘෂිකර්මාන්තයේ දී පසට එකතු කෙරෙන නයිට්‍රජන් සංයෝග මත බැක්ටීරියා ක්‍රියාකිරීමෙන් තවත් එක් ප්‍රධාන හරිතාගාර වායුවක් වන නයිට්‍රස් ඔක්සයිඩ් නිපදෙවනවා. ඉහත දැක්වූ ක්‍රියාකාරකම් හේතුවෙන් හරිතාගාර වායු ප්‍රමාණය ඉහළ ගොස් ඒ හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යනවා. 

සාගර ජල මට්ටම ඉහළ යාම නිරූපණය කෙරෙමින් මාලදිවයින්, සාගරය තුළ කැබිනට් රැස්වීමක් පවත්වන අවස්ථාවක් – thgim.com

 

ගෝලීය උණුසුම ඉහළ ගියොත් මොකද වෙන්නේ 

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ඇතිවෙන ප්‍රධාන ම ගැටලුව වන්නේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල ඇති අයිස් තට්ටු හා ග්ලැසියර දිය වී සාගරයේ ජල මට්ටම ඉහළ ගොස් වෙරළාසන්න පහත බිම් ජලයෙන් යට වීම යි. මේ ආකාරයට දිගින් දිගට ම ගෝලීය උණුසුම ඉහළ ගියහොත් අනාගතයේ දී මාලදිවයින වැනි රටවල් ලෝක සිතියමෙන් ඉවත් ව යනු ඇති බවට විද්‍යාඥයන් අනතුරු අඟවනවා. සාගර ජල මට්ටම ඉහළ ගොස් පහත් බිම් යටවීමෙන් ඇතිවන තවත් අර්බුද රැසක් තිබෙනවා. 

ලවණ සහිත ජලය ගොඩබිමට පැමිණීම හේතුවෙන් වගා හානි වීම හා පස නිසරු වීම, කඩොලාන වැනි වෙරළ ආශ්‍රිත පද්ධති විනාශ වීම හා හිතකර ජීවින් විනාශ වීම එවැනි අර්බුද ලෙස හදුන්වා දෙන්නට පුළුවන්. ගෝලීය උණුසුම ඉහළ යාමෙන් සාගර ජල මට්ටම ඉහළ යාමට අමතර ව තවත් විනාශකාරී ප්‍රතිඵල රැසක් ඇතිවෙනවා. ඒ තෙත් බිම්, වියළි බිම් බවටත්, වියළි බිම් කාන්තාර බවටත් පත්වීම, සමහර ප්‍රදේශවලට වර්ෂාව නොමැතිවීම හා තවත් ප්‍රදේශවලට අධික ව වර්ෂාව ලැබීම, සුළි සුළං හා ටොනෑඩෝ තත්ත්ව ඇතිවීම හා වසංගත රෝග බහුල ලෙස වේගයෙන් පැතිර යාම වැනි අර්බුද යි.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි අවධානය යොමු කිරීම කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචනය අවම කිරීම සඳහා ගත හැකි ප්‍රධාන ම පියවරකි – irena.org

 

හරිතාගාර වායු විමෝචනය අඩු කරන්නේ කොහොමද?

පොසිල ඉන්ධන දහනය අවම කර පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි අවධානය යොමු කිරීම කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචනය අවම කිරීම සඳහා ගත හැකි ප්‍රධාන ම පියවර වෙනවා. පුනර්ජනනීය බලශක්තිය හරහා කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායුන් විමෝචනය වීම සිදුවන්නේ නෑ.

වන විනාශය අවම කිරීම සඳහා ඒ ඒ රටවල රජයයන් කටයුතු කිරීම, හරකුන් එළුවන් වැනි සතුන් ඇතිකිරීම අවම කිරීම, අධික බලශක්ති ඉල්ලුම කළමනාකරණය කිරීම හා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය සඳහා උත්සාහ කිරීම වැනි පියවර ඔස්සේ හරිතාගාර වායු විමෝචනය අවම කළ හැකි වෙනවා. 

2015 පැරිස් සම්මුතිය – nrdc.org

 

ලෝකයක් විදිහට මේ ප්‍රශ්නෙට ගෙන ඇති විසඳුම් 

අතීතයේ දී හරිතාගාර ආචරණය හා ගෝලීය උණුසුම පිළිබඳ මිනිස් ප්‍රජාව දැඩි උනන්දුවක් දක්වන්නේ නෑ. ඊට හේතුව වන්නේ හරිතාගාර වායුන් මඟින් පෘථිවියේ ජීවයට බලපෑමක් එල්ල නොකිරීම යි. ඒ පිළිබඳ ව පළමුවෙන් ම ලෝකයේ රටවල අවධානය යොමු වන්නේ 90 දශකයේ දී යි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කර ගනිමින් සංවර්ධිත රාජ්‍ය හා අනෙකුත් පාර්ශව සිය හරිතාගාර වායු විමෝචනය 1990 වසරේ පැවති මට්ටමේ සිට 5%කින් 2008 – 2012 අතර කාලය තුළ දී අඩුකර ගැනීමට අරමුණු කර ගනිමින් 1997 වසරේ දී ජපානයේ කියෝතෝ හි කියතෝ සන්ධානය පිහිටුවනවා. ගෝලීය උණුසුම, හරිතාගාර වායුන් පිළිබඳ ව කතාබහට ලක් වූ ප්‍රථම සම්මුතිය ලෙස මෙය හඳුන්වනවා.

ගෝලීය උණුසුම සම්බන්ධ දෙවන සම්මුතිය වන්නේ පැරිස් සම්මුතිය යි. දේශගුණික විපර්යාස අවම කොට ඒවායේ බලපෑම්වලට මුහුණ දීම සඳහා කටයුතු කිරීම 2015 වසරේ ඇති කර ගත් පැරිස් සම්මුතියේ ප්‍රධාන අරමුණ වෙනවා. ඒ අනුව ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෙල්සියස් අංශක 2ට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමට ඇමෙරිකාව ඇතුළු රටවල් 187ක් එකඟ වෙනවා. 

කවරයේ ඡායාරූපය - scitechdaily.com

මූලාශ්‍ර: 

unenvironment.org

learnsteer.sasnaka.org

Related Articles