චාකෝ වනාන්තරයේ වෙසෙන අයාරියෝ ගෝත්‍රිකයන්

ලොව තාක්ෂණය අතින් කොතරම් ඉහළ ස්ථානයක සිටියද අද වන විටත් අතීතයේ සිට පවත්වාගෙන එන ලද චාරිත්‍ර හා සම්ප්‍රදායන් වලට ගරු කරමින් ඒ තුළම ජීවත් වන ගෝත්‍රිකයන් බොහොමයක් සිටිනවා. එවැනි ගෝත්‍රිකයන් පිරිසක් ලෙස අයාරියෝ හැඳින්විය හැකියි. ඒ අනුව මෙම ලිපියෙන් මෙම අයාරියෝ ගෝත්‍රිකයන්ගේ වාසස්ථාන, ඔවුන්ගේ සුවිශේෂී ජීවන රටා, ආහාරපාන ආදිය සපයා ගන්නා අයුරු මෙන්ම ඔවුන් විසින් අනුගමනය කරනු ලබන චාරිත්‍ර සම්ප්‍රදායන් සම්බන්ධයෙනුත් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.

අයාරියෝ ගෝත්‍රිකයන්ගේ වාසස්ථාන

pinterest.com( අයෝරියෝ ගැහැණු දරුවෙකු)

අයාරියෝ යන්නෙහි අර්ථය වන්නේ සැබෑ මිනිසුන් යන්නයි. ඒ අනුව මෙම සැබෑ මිනිසුන්ගෙන් වැඩි දෙනෙක්ගේ වාසස්ථානය වන්නේ චාකෝ නමැති වනාන්තරයයි. චාකෝ යනු ඇමේසන් වනාන්තරය මධ්‍යයේ පිහිටා තිබෙන වනාන්තරයකි. පැරගුවේ මෙන්ම බොලිවියාවට මෙම චාකෝ වනාන්තරය අයත් වන අතරම, මෙහි තිබෙන සුවිශේෂීතාවයක් වනුයේ අවුරුද්දක එක්තරා කාලසීමාවක ඉතාමත් අධික වියළි බවකින් යුක්ත වීමයි. මෙම ගෝත්‍රිකයන් වැඩි පිරිසක් මෙම වනාන්තරයේ වාසය කිරීමට හේතුව වන්නේ මෙම කාරණය හේතුවෙන් යැයි දැක්විය හැකි  වනවා.

එමෙන්ම අයාරියෝලා සතුව ජනපද විස්සක් පමණ තිබෙනවා. අයාරියෝ ගෝත්‍රිකයන් තුන්දහසක් පමණ බොලීවියාවට හිමි වන අතරම දෙදහස් හයසියයක් පමණ පැරගුවේ රාජ්‍යට අයත් වනවා. සමස්ථයක් ලෙස ගත් කල මුළු අයාරියෝ ගෝත්‍රිකයන් සංඛ්‍යාව  පන්දහස් හයසියයකට වඩා වැඩි වන්නේ නැහැ. 1950 වර්ෂය දක්වාම චාකෝ වනාන්තරයේ අයාරියෝ 5,000 පමණ ජීවත්ව තිබෙන බව සඳහන් වනවා.

2009 වර්ෂයේදී පමණ බ්‍රසීල ගව ගොවිපළ සමාගමක් වූ Yaguarete Porá නීති විරෝධීව වන විනාශය සම්බන්ධයෙන් චෝදනා ලැබුවා. එසේ සිදු කරන ලද්දේ අයෝරියන්ට අයත්ව තිබූ ඉඩම් සම්බන්ධයෙනුයි. මේ නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් චෝදනා ලැබීමෙන් අනතුරුව සමාගම ප්‍රකශ කළේ ඉඩම ස්වභාවික රක්ෂිතයක් නිර්මාණය කිරීමට යොදා ගන්නා බවයි.

සුවිශේෂී ජීවන රටා

කුමන ගෝත්‍රිකයන් ගැන කතා කළ ද ඔවුන්ගේ ඇඳුමට හිමි වන්නේ විශේෂත්වයක්. මක්නිසාද ඇතැම් ගෝත්‍රිකයන් සම්පුර්ණයෙන් නිරුවත් වන අතර, තවත් ඇතැම් ගෝත්‍රිකයන් ඉතාමත් කෙටි ඇඳුමක් අඳිනු ලබනවා. විටෙක ඔවුන් විසින් එම කෙටි ඇඳුම අලංකාර කර ගැනීම සඳහා විවිධ ක්‍රම සහ විධි භාවිතා කරනවා.

ඒ අනුව අයාරියෝ ගෝත්‍රිකයන් අනෙකුත් නිරුවත් ගෝත්‍ර වලට තරමක් ශිෂ්ට සම්පන්න බවක් නිරූපණය කරනු ලබනවා. අමුඩයක් වැනි කුඩා රෙදි කඩක් පැරගුවේ රාජ්‍යයේ චාකෝ වනයේ ජීවත්ව සිටින ගෝත්‍රිකයන් විසින් අඳිනු ලබනවා.

අයාරියෝ ගෝත්‍රිකයන්ගේ නිවෙස් වන්නේ ඉතාමත් කුඩා පැල්පතකි. සෑම පවුලක් සතුවම පිටතට වන්නට පිහිටා තිබෙන උඳුනක් තිබෙනවා. එමෙන්ම වැසි කාලයට පමණක් මෙම ගෝත්‍රිකයන් ඇතුළත නිදා ගැනීම සිදු කරනවා.

මොවුන් විසින් වැසි කාලයට අනුගමනය කරන පුරුදු වලට තරමක් වෙනස් ආකාරයේ ඒවා වියළි කාලගුණ තත්ත්වයේදී අනුගමනය කිරීම ද විශේෂත්වයකි.

ආහාර පාන ආදිය සපයා ගන්නා අයුරු

tradecroaste.wordpress.com

අයාරියෝ ගෝත්‍රිකයන්ගේ ආහාර රටාවද කාලගුණයත් සමඟ වෙනස් වනවා. එනම් වියළි කාලගුණ තත්ත්ව යටතේ මී පැණි, පළතුරු හා දඩයමෙන් ඔවුන්ගේ ආහාර සපයා ගනු ලබනවා. පිකාරියෝ නමැති ඌරු විශේෂයද, කුරුළු වර්ග හා වඳුරන් ආදියද මොවුන්ගේ දඩයම් අතර ප්‍රධාන වනවා. අයෝරි ගෝත්‍රිකයන් එකට එකතු වී දඩයමේ යාම ඔවුන්ගේ දින චර්යාවේ කොටසක් බවට පත්ව තිබෙනවා.

නමුත් වර්ෂාව තිබෙන වකවානුවලදී මොවුන් සිය ආහාර ලෙස ගනු ලබන්නේ මාළුන්ය. එනම් ගංගාවල මාළු අල්ලමින් එම කාල වලදී ආහාර සපයා ගනු ලබනවා. මෙසේ ආහාරයට ගන්නා මාළුන් අතර, ඇරපයිමා, පිරන්හා, රෝස ඩොල්පින් වැනි මත්ස්‍ය විශේෂ ප්‍රධාන වනවා.

චාරිත්‍ර හා සම්ප්‍රදායන්

අයෝරි ගෝත්‍රිකයන් යනුවෙන් හඳුන්වනුයේ නිරන්තරයෙන්ම ගීත ගායනා කරමින් සිටින විනෝදයට බර සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන මිනිසුන් කොට්ඨාශයකි. එමෙන්ම ඔවුනට ප්‍රමාණවත් පරිදි ආහාර ලැබෙන්නේ නම් එදින රාත්‍රියේ ඔවුන් විනෝද වීම සිදු කරනවා.

මෙම ගෝත්‍රිකයන් අතර විවාහ චාරිත්‍ර වාරිත්‍ර ද පවතිනවා. විවාහ සිදු වනුයේ ගෝත්‍රයේ පුද්ගලයන් අතරයි. එමෙන්ම විවාහ වන පුද්ගලයා සමඟ පමණක් අඹු සැමි සම්බන්ධතා පැවැත්වීම මොවුන් අතර තිබෙන සුවිශේෂී ලක්ෂණයකි. නමුත් යම් කිසි කාන්තාවක විසින් විවාහයකින් තොරව දරුවෙකු බිහි කරනු ලබන්නේ නම් එම කුඩා දරුවා පණ පිටින් වළ දැමීම සිදු කරනවා. මොවුන්ගේ සංස්කෘතියද  නිවාස කිහිපයකින් සැදුම්ලත් ගම හා කේන්ද්‍ර වී තිබෙනවා.

වර්තමාන තත්ත්වය

survivalinternational.org(අත්හැර දමන ලද නිවසක්)

වර්තමානය වන විට මොවුන් හට සුදු මිනිසුන්ගේ ලෙඩ යනුවෙන් නොයෙක් ආකාරයේ ලෙඩ රෝග සෑදෙනවා. එනම් ගවේෂකයන් මෙම ගෝත්‍ර කෙරෙහි පර්යේෂණ පැවැත්වීමට යාමත් සමඟම මොවුන් හට විවිධ ලෙඩ රෝග වැළඳීම සිදු වුණා. ඒ හේතුවෙනුයි සුදු මිනිසුන්ගේ ලෙඩ යනුවෙන් හෙම්බිරිස්සාව, උණ, වසූරිය, කහ උණ, කැස්ස, මැලේරියාව ආදී රෝග නම් කෙරුණේ. මේ අතරින් වඩාත්ම ප්‍රචලිත තත්ත්වයේ පසු වන්නේ හෙම්බිරිස්සාව හා උණයි. මෙවැනි රෝග වැළඳීම හේතුවෙන් අයෝරි ගෝත්‍රිකයන්ගේ ජිවිත වලට තර්ජනයක් එල්ල වී තිබෙන අතරම, වසරකට සියයකට කිට්ටු ප්‍රමාණයක් මිය යනු ලබනවා.

එමෙන්ම අද වන විට මොවුන්ගේ ඉඩම් අහිමි වීමට වඩා බියකින් පසු වනවා. ඔවුනට අනුව බාහිර ලෝකය සමඟ සම්බන්ධ වීම රෝග හා මරණය විය හැකියි. එනම් “මිනිසුන් නිතරම වනාන්තරයේ වෙසෙන සුදු මිනිසුන්ගේ ලෙඩ රෝග වලින් මිය යනවා” යනුවෙන් දක්වනවා. බුල්ඩෝසර් වලින් පැමිණ මොවුන් ජීවත් වූ වනාන්තර සුද්ධ කිරීම හේතුවෙන් මෙම මිනිසුන් පලා යනු ලැබුවා.

අයෝරියෝ සතුව පැරගුවේ තිබුණ ඉඩම් වලින් 90% පමණ පෞද්ගලික ගොවිපළ කරුවන් හා ආයෝජනයකින් විසින් අයිති කර ගෙන තිබෙනවා. ඒ රත්තරන්, තෙල් හා quebracho නමැති දැව ලබා දෙන පොරොන්දුව මතයි. එමෙන්ම අද වන විට බොහොමයක් අයෝරියෝ ගෝත්‍රිකයන් කම්කරුවන් වශයෙන් සේවය කරන අතර දුප්පත් කම ප්‍රධාන ගැටළුවක් බවට පත්ව තිබෙනවා. නමුත් තවමත් මොවුන් ගෝත්‍රික භාෂාව භාවිතා කරනු ලබනවා.

කවරයේ පින්තූරය: wri.org

Related Articles