Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවදානමට පෙර සූදානම.. මඟහැරුණු පුංචි තැන්..

ඊයේ වෙනකන් බර දාලා එකදිගට ස්කූල් හෙල්ත් කරපු PHI මහත්තුරුන්ට අද වෙද්දී වෙනම අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා.

ඊයේ දවස පුරාවට දුවලා පැනලා කරපු පාසල් සෞඛ්‍ය දින වැඩසටහනට සහභාගී වුණු ගුරුතුමෙක් මට මුණගැසුනේ අද උදේ බස් එකේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයට යද්දීයි. ඊයේ වගේම මුහුණ පුරාවට තිබුණු හිනාවකුත් එක්ක ඒ ගුරුතුමා මට එහා පැත්තේ අසුනේ වාඩි වුණේ ලොකු බෑග් එකක් ඔලුවට ඉහළින් ඇති රාක්කයට දැම්මට පස්සේයි.

“Good morning PHI මහත්තයා”

“Good morning! මොකද අද උදේ පාන්දරම බෑග් එකකුත් උස්සගෙන?” මම ඇහුවා.

“ඇයි, ඊයේ අපට නිවාඩුවක් කලින් හම්බ වුණානේ.”

“ආ ඔව් නේ නේද.. මට එකපාරට අමතක වුණා.”

“PHI මහත්තුරුන්ට නම් වැඩ වැඩි වේවි.”

“ඔව්. දැනටත් අපේ සමහරක් අය එයාපෝර්ට් එකේ ඩියුටි යනවා. රට ඉදන් ආපු අයගේ චෙකප් කරන්න යි මෙඩිකල් කරන්න යි යනවා… සමහර විට අපටත් යන්න වේවි.”

“දැන්නම් ටිකක් බය යි නේද PHI මහත්තයා… මගේ නෝනා එන ගමන් සති දෙකකට විතර හරියන්න හාල් පොල් අරන් එන්න කියලා මට කිව්වා..”

“ඒකෙ වරදක් නෑ… සූදානම කොහොමත් හොඳයි නේ..”

මේ සිදුවීම නිසා මට තේරුම් ගිය එක දෙයක් තිබුණා. වසංගතවේදයේ දී කියනවා වසංගතය ඇතිවීම නිසා කරදරයට පත්වන අයට වඩා වැඩි පිරිසක් අනවශ්‍ය ලෙස කලබල වීම නිසා කරදරයට පත්වෙනවා කියලා. ඒක ඇත්ත.

 නිතර අත් සේදීම කරන්න.
අත් සේදීමට විෂබීජ නාශක සබන් දියර පාවිච්චි කරන්න. සබන් කැටවලට වඩා සබන් දියර (hand wash) යෝග්‍ යයි. කිවිසුම් යන්නේ නම් එක වරක් භාවිතා කර ඉවත දැමිය හැකි නැප්කින්, ලේන්සුවලට වඩා යෝග්‍ යයි. හැබැයි ඒ නැප්කින් නිවැරදි ලෙස ඉවතලීම කරන්න ඕනි.

 විශේෂිත තත්ත්ව.
ඔබ HIV රෝගියෙක් හෝ පිළිකා රෝගියෙක් නම් වෛද්‍ය උපදෙස් පතන්න. ඔබට ඒ රෝගී තත්ත්වයන් තියනවා නම් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දැනටත් දුර්වල මට්ටමේ පවතින්නේ. ඒ නිසා අමතර උපදෙස් පිළිපැදීම වැදගත්. ගර්භණී මවක් නම් ඔබත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. 

 ඉදිරි පියවරක් ලෙස ආහාර ද්‍රව්‍ය ගබඩා කරලා තියාගන්න එක වැරදි නෑ.
ඒක හොඳ දෙයක්. එත් අවශ්‍ය දේ මොනවාද, නැති දේ මොනවාද කියලා තීරණය කර ගන්න බැරිව ඉන්න බව පේනවා. ණය වෙලා හරි ගෙදර පුරවා ගන්න හදනවා. ඒත් ඒක එහෙම අවශ්‍ය නෑ.
මුලින්ම අපි අවශ්‍ය දේ ලෙස තෝරා ගනිද්දි ටින් කරන ලද ආහාර සහ නිවැරදි ලෙස පැකට් කරන ලද ආහාර ද්‍රව්‍යයන් මිලට ගැනීම වැදගත්. එම ආහාර ද්‍රව්‍ය වැඩි කාලයක් නැවුම්ව තබා ගන්න පුළුවන්. ඒ වගේම එම ආහාර ද්‍රව්‍යයන්වල කාලය ඉකුත් වීමේ දිනය ටික කාලයක් ඉදිරියට තියනවා නම් වඩාත් හොඳ යි. නිෂ්පාදිත දිනය එතරම් දිගු කාලයක් ගත නොවුණු දිනයක් වනවා නම් හොඳ යි.
හුගක් සුපිරි වෙළඳසැල්වල FIFO ක්‍රමයට භාණ්ඩ ඇසුරුම් කරලා තියනවා. කල් ඉකුත් වීමේ දිනයට කාලයක් වැඩිපුර තියන, එහෙමත් නැත්තම් අලුතෙන් ආපු ස්ටොක් එක රාක්කයේ පිටිපස්සට වෙන්න තමයි අසුරලා තියෙන්නේ. ඒ නිසා රාක්කයේ පිටිපස්සෙන් භාණ්ඩ තෝරලා ගන්න.

 නැවුම් එළවළු සහ පළතුරු ආහාරයට එකතු කර ගන්න.
මේ මඟින් විටමින් සහ පෝෂක ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අපට ලබා ගන්න පුළුවන්. තමන්ගේ ගෙවත්තේ තියන පළතුරු සහ එළවළු වැඩිපුර යොදා ගන්න එක වාසියක් වගේම පොළ වගේ සෙනග ගැවසෙන ස්ථානවලට යන එකත් අවම වෙනවා. පොළට යනවා නම් එක්කෙනෙක් යන්න. පවුල් පිටින් යන්න එපා.

 නිසි නින්දක් ලබා ගන්න.
සාමාන්‍ය වැඩිහිටියෙක් අවම පැය 6ක් වත් එක දිගට නින්දක් ගන්න ඕනි. හරිහැටි නිදා නොගැනීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් බව අඩු වෙනවා. එක මේ වගේ අවස්තාවක අපට අවාසියක් නිසි ලෙස ක්‍රියා කරන ප්‍රතිශක්තිකරණ පද්ධතියක් මේ වෙලාවේ ඕනිම යි.

 මත්වතුර සහ මත්ද්‍රවය භාවිතයෙන් වැළකෙන්න.
මත්ද්‍රව්‍ය භාවිතය නිසාත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය තාවකාලිකව දුර්වල වෙනවා. ඒ නිසා මේ දිනවලවත් ඒ වගේ ක්‍රියාවන්ගේ නිරත වීමෙන් වලකින්න.

 බුලත් විට කෑම නතර කරන්න.
කොරෝනා වෛරසය ශ්වසන මාර්ගය අවට ඇතිවන බිඳිති නිසා බෝ වෙන වෛරසයක්. බුලත් කෑමෙන් පස්සේ හැම තැනම කෙළ ගහන එක ලංකාවේ මිනිස්සුන්ගේ පුරුද්දක්. ඒ නිසා කෙළ ගහන්න ඕනි නැති වෙන්න බුලත් විට නොකා ඉන්න.

 ඔබේ ජංගම දුරකථනය ඔබේම මාරයා විය හැක.
ජංගම දුරකථනයකින් කතා කරන කොට එහි ස්ක්‍රීන් එකට සහ කී පෑඩ් එකට කෙළ විසිවීම සාමාන්‍ය දෙයක්. එහෙම විසිවන ආසාදනය වෙලා තියන කෙළ බිඳිති තව කෙනෙක් ඒ දුරකථනයම භාවිතා කරද්දී ශ්වසන මාර්ගය හරහා ශරීර ගත වීම නිසා මේ ලෙඩේ බෝ වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ජංගම දුරකථනය තමන් විතරක් පාවිච්චි කරන්න. වෙන අයෙක්ට දුන්නොත් එය අඩුම තරමේ පිහිදාලාවත් පාවිච්චි කරන්න.

 අසත්‍ය ප්‍රචාර නිසා නොමඟ යන්න එපා.
විශේෂයෙන් ෆේස්බුක් වීරයන්ගේ පොස්ට්වලට රැවටෙන්න එපා. විශ්වාසදායක දේ පමණක් තෝරා ගන්න. 

එසේම, ඔබට නිරවද්‍ය සහ තහවුරු කළ පුවත් දැනගැනීමට අවශ්‍ය නම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුවෙන් පමණක් ඒවා ලබාගන්න. 

 

නිර්මාල් තේනබදු (මහජන සෞඛ්‍ය පරීක්ෂක)

Related Articles