Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිර්මාණශීලීව භාවිතා කළ හැකි මනබඳවනසුළු ජනෙල් තිර වර්ග

නිවාස අලංකරණයේ දී ජනෙල් තිර යෙදීම ආවාට ගියාට කළ යුත්තක් නොවෙයි. වෙළඳපොළ ලබා ගත හැකි විවිධ ආකාර පිළිබඳව දැනුවත්ව සිටින විට ඔබේ ගෘහ අලංකරණ රටාවට වඩාත් උචිත ජනෙල් තිරයක් තෝරාගන්නට හැකි වෙනවා. දැනට බහුලව යොදා ගැනෙන තිර වර්ග පහත දැක්වෙනවා.

රෝලර් තිර

alicdn.com

හකුලන විට රෝලක් මෙන් ඉහළට ඇදෙන තනි පැනලයකට මේ නම යොදනවා. ඝන රෙදි, රටා සහිත හෝ සිදුරු සහිත රෙදි, තුනී රෙදි යොදා මේවා සකසනු ලබනවා. මේවායේ ආලෝක ප්‍රමාණය බෙහෙවින්ම තීරණය වන්නේ එම සැකැස්ම අනුව යි.

 

මෙම ඒකාකාරී හැකිලුම් ස්වභාවය නිසාම මේවාට චිත්‍ර වෙනුවට රටා සහිත මෝස්තර හෝ තනි වර්ණ යොදා ගැනීම වඩාත් උචිතයි. එවිට අර්ධ වශයෙන් හකුලන ලද විටත් සමාන පෙනුමක් ඉන් නිරූ‍පණය වෙනවා.

සීබ්‍රා තිර

ytimg.com

මෙම තිර වර්ගය සකසා තිබෙන්නේ අඳුරු කළ සහ විනිවිද පෙනෙන පටි යොදා ගැනීමෙනුයි. මෙය රෝලක් ලෙස එකිනෙක මතින් යද්දී ඉදිරිපස තිරයේ අඳුරු පටි සහ යටින් යන තිරයේ අඳුරු කළ සහ විනිවිද පෙනෙන පටි එකිනෙක සමපාත වෙනවා. එමඟින් අපිට අවශ්‍ය ප්‍රමාණයට අලෝකය පාලනය කරන්නට හැකි වෙනවා.

මෙහි අඳුරු කළ තීර දෙකක් එකිනෙක මත තැබීමෙන් පූර්ණ අඳුරත්, අඳුරු පටියක් සහ විනිවිද පෙනෙන පටියක් අර්ධ වශයෙන් තැබීමෙන් ආලෝකය අවශ්‍ය ප්‍රමාණයට ලබා ගැනීමත් කළ හැකියි. නමුත් අඳුරු පටි නිසා පූර්ණ ආලෝකයක් එන සේ සකසාගන්නට නොහැකියි.

ශැංග්‍රිලා තිර

sinocredible.com

ජනෙල් තිරය කුඩා පටි රැසකින් සකසන ලද ‍ඒවාට මේ නම කියනවා. එම පටි අපට අවශ්‍ය ලෙස ආනත කරමින් ආලෝක පාලනය කරන්නට හැකියි. එනම්, අංශක 180ට සියලුම පටි ආනත කළ විට සම්පූර්ණයෙන්ම ආලෝකය ලැබෙනවා. මෙම ආනත තල ආකාරයට මේ තිර වර්ගය පාලනය කළ හැකි නිසාම විවිධ තිර වර්ග අතරින් සුවිශේෂී ස්ථානයක් මෙයට ලැබී තිබෙනවා.

තිරයේ පටි සම්පූර්ණයෙන්ම වසා මුළු තිරයම ඉහළ පහළ ගෙන යාමට හැකි නිසා සම්පූර්ණයෙන්ම ආලෝකය ලැබෙන සේ විවෘත කරගන්නටත් හැකි වෙනවා. නැතහොත් අවශ්‍ය මට්ටමක මුළු තිරයම තබා, පටි ආනත කරමින් එම කොටසේ ආලෝක පාලනය කරන්නට ද අවස්ථාව ලැබෙනවා.

රෝමන් තිර

pinimg.com

රෝමන් තිර විවිධ ආකාරවලින් දැකිය හැකියි. ඇතැම්වා ඝන අමුද්‍රව්‍යයකින් සැකසූ තනි පැනලයක් වන අතර, තවත් ඒවා රැලි තබන ලද ඝන රෙදි යොදන ලද ඒවා යි. මෙම රැලි තබන ලද ඒවා හකුලන විට රැල්ල බැගින් ඉහළට එසවීම සිදු වෙනවා. ඝන රෙදි සහ නැවත එය ද එක මත එක නැවී ඇති නිසා මේවායෙන් දැඩි අඳුරක් ලබා ගත හැකියි.

මෙහි ආලෝක මට්ටම විශාල වශයෙන් ඊට යොදාගත් අමුද්‍රව්‍යය අනුව තීරණය වෙනවා. එසේම රැලි ස්වභාවය හා රටා ගැලපීමෙන් නිවස අභ්‍යන්තරයේ ඇති අනෙකුත් අලංකරණ (දිය ඇලි නිර්මාණ, Wallpapers) ආදිය සමග ගලපන්නට ද හැකි වෙනවා.

බට පැළලි

ytimg.com

නිව‍ස අභ්‍යන්තරයේ සිසිලස රඳවා ගන්නට වඩාත්ම උචිත ක්‍රමය වන බට පැළලි ස්වභාවික අමුද්‍රව්‍යයක් වශයෙන් නිවස අභ්‍යන්තර අලංකරණයට යොදාගත් ලී රටා, වේවැල් ගෘහ භාණ්ඩ ආදිය සමග ද පහසුවෙන්ම ගැලපිය හැකි වෙනවා. බඩ දඬු අතර ස්වල්ප ඉඩක් පවතින නිසා පූර්ණ ආවරණයක් වෙනුවට මඳ ආලෝකයක් ද සමග ජනේලය ආවරණය කර ගත හැකියි.

හකුලද්දී තනි ඵලයක් ලෙස ඉහළට යන ඒවාත්, යට කොටස රෝල් වී ඉහළට යන ඒවාත් දැකගත හැකියි. අවස්ථානුකූලව සහ නිවසේ යොදන ලද අනෙකුත් සැරසීම්වලට උචිත සේ ඒ තෝරාගැනීම ඔබට කළ හැකි වේවි.

මේ සියල්ල ඔබට අවශ්‍යම ආකාරයට සකසා දෙන්නට The Concept Store කටයුතු කරනවා. ඔබ විසින්ම අලංකරණය කරන ලද නිවහනක එයට වඩාත්ම උචිත ආකාරයෙන් ඔබට ජනෙල් තිර නිර්මාණය කරගන්නට www.agc.lk වෙත පිවිසෙන්න.

කවරය: sunblinds.ca 

Related Articles