Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දවසේ විනාඩි 1440න් පුංචි විනාඩි 22ක් සෞඛ්‍යමත්ව ගත කරමු ද?

ජීවිතය කාර්යයබහුල වීමත් සමග අපට සපුරන්නට ඇති වගකීම් ප්‍රමාණය වැඩි වී තිබෙනවා. වෙළඳපොළ සහ විවිධ ක්ෂේත්‍රයන්ගේ මෙන්ම අධ්‍යාපනයේ ද ඇති තරගකාරී බව නිසා වැඩි වැඩ කොටසක් කරන්නට සිදුවී තිබෙනවා. නමුත් මේ මුදල් පසුපස හඹායාම නිසාම අපේ මානසික ආතතිය වැඩිවී තිබෙන අතර, ශරීර සෞඛ්‍යයට ද ඉන් ලැබුණු කිසිම සුවයක් නැහැ. දිනපතා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් වැඩිවුණු බඩ දිහා බලාගෙන ලැබූ 2019 දී වත් මේක අඩු කරගන්නට ඕන කියලා හිතනවා. ඒත්, ඒ වෙනුවෙන් ව්‍යායාම කරන්නට අපිට වෙලාවක් නැහැ.

දවසකට විනාඩි 1440ක් තිබෙනවා. අපි එය හරියට ගෙවනවා ද?

නිදාගන්න – විනාඩි 390

නින්ද සිරුරට අත්‍යාවශ්‍ය යි (medprosoncall.com)

විවිධ අයට නිදාගැනීමේ පුරුදු විවිධ ආකාරයට තිබෙනවා. සමහර අය රෑ 10ට නිදාගෙන උදේ පාන්දරින් ඇහැරෙනවා. එළාම් එක වැදුණාම ඒක off කරලා තවත් ටිකක් නිදාගන්නවා. සමහරු රෑ එළි වෙනකම් ඇහැරගෙන ඉඳලා උදේ 10ට විතර නැගිටිනවා. තවත් අය දවස පුරාම බස් එකේ, කෝච්චියේ යන එන ගමන්, ඔෆිස් එකේ දි ටික ටික නිදාගන්නවා. පුරුද්ද කොහොම නමුත්, සාමාන්‍ය පුද්ගලයෙක් දවසකට පැය හය හමාරකටත් වඩා නිදාගන්නවා. ඒ කියන්නේ විනාඩි 390ක් නිදාගැනීම වෙනුවෙන් අපි වැය කරනවා.

දවසේ විනාඩි 1440න් විනාඩි 390ක් නිදාගත්තාම අපිට ඉතිරි වෙන්නේ තවත් විනාඩි 1050 යි.

ලෑස්තිවෙලා වැඩට යන්න – විනාඩි 60

ලෑස්ති වෙද්දි වැඩිපුරම කාලය වැය කරන්නේ කුමකටද? (essence.com)

උදේ ඇහැරුණාට පස්සේ ලෝකෙ ප්‍රබලතම කාන්දම වන ඇඳෙන් නැගිටින්න, මූණ සෝදගෙන ලෑස්තිවෙලා ගෙදරින් එළියට බහින්න විනාඩි 30ක් විතර වෙන් කරන්න පුළුවන්. ඒ, මේක්අප් කරන්න, ඇඳුම් මදින්න, සපත්තු පොලිෂ් කරන්න යන වේලාවන් අතහැරීමෙන්. ගෙදරින් බස් එකට, කෝච්චියට නැගලා තවත් විනාඩි 30ක් විතර සාමාන්‍ය පුද්ගලයෙක් ගත කරනවා. ඔබ දුර බැහැර කෙනෙක් නම් මේ කාලය තවත් වැඩියි.

ඔෆිස් එකේ වැඩ – විනාඩි 480

ඔෆිස් ගිහින් අපි ගොඩක් වැඩ කරනවා (medium.com)

පැය 8ක් වැඩ කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතයෙන් දවසකට විනාඩි 480ක්ම කාර්යයාලයට කැප කරන්න සිදු වෙනවා. මේ ගැන කතා කරද්දි “කන්තෝරුව” සින්දුව මතක් වෙනවා. “පඩි දින හැර අනිත් දවස් බල බලා – මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා – තේ බී එනකොට වැඩපොල බලා – දහවල් කෑමට යන්නට සිදු වෙලා”

දවස් කෑමට පස්සේ අපි කලින් කියපු ආකාරයේ අයට විතරක් නෙවෙයි හැම කෙනෙක්ටම වගේ දවල් 12 – හවස 3 අතර කාලයේ පුදුම නිදිමතක් තමයි එන්නේ. “ඇහැරෙනකොට හවස් වෙලා තියෙනවා – එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා – නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා”

මේ වෙද්දි අපේ දවසේ ඉතිරි විනාඩි ප්‍රමාණය 510 යි.

කෑම කන්න – විනාඩි 52

අපි අාසම සමබල පෝෂ්‍යදායී ආහාර වලට (ytimg.com)

සාමාන්‍ය පුද්ගලයෙක් කෑම කන්න විනාඩි 52ක් දවස පුරාවට ගත කරනවා. හැබැයි අපිට කෑම කන්න ඊටත් වඩා වෙලාවක් අවශ්‍ය යි. යාළුවෙක් හිටියොත් කතා කරමින් කන්න ගියාම වෙලාව යනවා දැනෙන්නේ නැහැ. අනෙක, කන්න කලින් Instagram දාන්න හොඳම ෆොටෝ එක ගන්න විනාඩි 10ක් විතර වැය වෙනවා. සමහරු කෑවාට පස්සේ හිස් පිඟානේ ෆොටෝ එකකුත් දානවා. වතුර, බීම බොන අතරේදීත් ලස්සනට චුට්ට චුට්ට බොන්න වෙන නිසා ඒවාටත් කාලය ගත වෙනවා.

ෆෝන් එකට ගත කරන කාලය – විනාඩි 174

ඔබ කොතරම් කාලයක් දුරකතනයට වෙන් කරනවා ද? (curtisshelburne.wordpress.com)

ෆෝන් එකට, එහෙමත් නැත්නම් විශේෂයෙන්ම ෆේස්බුක් එකට අපි කොච්චර ඇබ්බැහි වෙලා ද කියනවා නම් ෆෝන් එක අතට එන්නේ ඉබේටම යි. ජීවිතෙන් මොහොතකට හිත නිදහස් වෙන්න කියලා හිතාගෙන ෆේස්බුක් ගිහින් ස්ක්‍රෝල් කරගෙන – කරගෙන ගිහින් back කරලා Instagramවලත් හැම ෆොටෝ එකටම like දාලා ආයෙත් ෆේස්බුක් එකම open කරනවා. ඒ වගේම විවිධ Mobile Gamesවලටත් අපි කාලය වැය කරනවා. Statista වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට 2017 වසරේ දී පුද්ගලයන් 29%ක්ම දුරකතන සමග ගත කරන කාලය පැය 3ත් 5ත් අතර කාලයක්. 26% දෙනෙක් පැය 7ක් පමණ දුරකතනයට වෙන් කරනවා. එහි සාමාන්‍යය ලෙස අපිට විනාඩි 144ක් සලකන්නට පුළුවන්.

දුරකතනයේ මූලික ක්‍රියාව වන ඇමතුම් සඳහා තවත් කාලයක් එකතු වෙනවා. අවම වශයෙන් කෙනෙක් දවසකට විනාඩි 30ක් පමණ දුරකතන ඇමතුම් ගන්නවා. නිවසේ දී කාර්යයාල කටයුතුවලට, දුර සිටින පවුලේ අයගේ හෝ ඥාතීන්ගේ තොරතුරු විමසීමට, ප්‍රේම සබඳතා ආදිය හරහා එම කාලය තවත් වැඩිවිය හැකියි.

හවස ගෙදර ඇවිත් ගත කරන කාලය – විනාඩි 284

ගෙදර ඇවිත් මොනවාද කරන්නේ? (internapcdn.net)

ගෙදර ආවට පස්සේත්, අපිට ඇඟ හෝදගෙන නිදහස් ඇඳුමකට මාරු වෙන්නත් විනාඩි 15ක් විතර ගත වෙනවා. හවස 6 වෙද්දි ගෙදරට එන කෙනෙක්ට පැය 6ක් පමණ ගෙදර ගත කරන කාලයක් තිබුණත් කෑමට, ෆෝන් එකට සහ නිදාගැනීමට ආදී දේවල් වලට ඉවත් වුණාට පස්සේ ඉතිරි වෙන්නේ පැය 4ක් පමණ කාලයක්. TV බලන්න, එහෙමත් නැත්නම් පරිගණකයෙන් TV series එකක්, චිත්‍රපටයක් බලන්න අපි ඒ වෙලාව වෙන් කරනවා. මේ අතරේ ඇඳුම් සෝදන්න, හෙට දවසට ඇඳුම් මදින්න, අනෙකුත් දේවල් සූදානම් කිරීම, ගෙදර අස් කරන දේවල්, උයන කටයුතු ආදී දේවල් වලට වේලාව වෙන් කළාම ඒ ඉතිරි විනාඩි 284ත් ගෙවී යනවා.

මෙහෙම දවස ගත කරලා අපි පහුවෙනිදා උදේ ආයෙත් කණ්ණාඩියෙන් අපේ මහත ඇඟ දිහා, මාස 6ක විතර බඩ දිහා බලාගෙන කොහොමහරි බර සහ බඩ අඩු කරගන්න ඕනේ කියලා අපිටම කියාගන්නවා. මොකද අපිට ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තේම නැහැනේ.

විනාඩි 22ක් විතරක් වෙන් කරමු

පුංචිම පුංචි විනාඩි 22ක් (atlantablackstar.com)

හැබැයි හැමදාම මෙහෙම දවස ගෙවන්නේ නැතිව, ඒ වෙලාවෙන් විනාඩි 22ක් අපිට වෙන් කරගන්න පුළුවන් නම් ශරීර සුවතාව වෙනුවෙන් විනෝදකාමීව කාලය ගත කරන්න පුළුවන්. විශේෂයෙන් ෆෝන් එක සමග ගත කරන කාලය අඩු කරගන්නට පුළුවන් නම් දවසේ කොතරම් කාලයක් අපිට අපි ගැන හිතන්න වෙන් කරන්න පුළුවන් ද!

ඇයි විනාඩි 22ක්? ඇමරිකානු හෘද සංගමය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන අන්දමට පුද්ගලයෙක් තම දේහ සෞඛ්‍යය නිසි ආකාරව පවත්වා ගන්නට නම් සතියකට විනාඩි 150ක් ව්‍යායාම කළ යුතු වෙනවා. මේ 150 දවස් 7න් බෙදුවාම එය 22ක් ලෙස සලකන්නට පුළුවන්.

බැඩ්මින්ටන් සෙල්ලම් කිරීම, බයිසිකල් පැදීම මෙන්ම තවත් කෙනෙක් එක්ක සුහදතාව හෝ ගෙදර අය එක්ක වැඩි කාලයක් ගත කරන්නට පුළුවන් ෆ්‍රිස්බී සෙල්ලමක් වැනි දෙයක් තමන්ගේ දෛනික ජීවන රටාවට එකතු කරගත හැකියි. උදේට-හවසට ඇවිදින්න යන එක, ඔබ නර්තනයට කැමති කෙනෙක් නම් ඒ සඳහා වැනි භෞතික ක්‍රියාකාරකම් වෙනුවෙන් විනාඩි 22ක් වැය කරන්නට පුළුවන් නම්, සිතට විනෝදයත් සමග ව්‍යායාමයකුත් ලබාගන්නට පුළුවන්.

ඊට පස්සේ ඒ විනාඩි 22 තුළ කරපු ක්‍රියාකාරකම් අපේ ශරීරයට බලපාන විදිය දැන් අපිටම බලා ගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ ලංකාවේ අපිටම ගැලපෙන, අපේම විදියට හදපු GOYO Mobile App එක ඔයාගේ ෆෝන් එකටත් දාගන්න එක විතර යි. එය ඔබට තෑගි දිනා ගන්නත් අවස්ථාවන් ගෙන එනවා. GOYO නිෂ්පාදනය පිළිබඳව තවත් තොරතුරු goyo.lk වෙබ් අඩවියෙන් දැනගන්න පුළුවන්. ඔබේ ක්‍රියාශීලී බව පහසුවෙන්, පැහැදිලිව සටහන් කරන්නත්, ඔබේ විවිධ සෞඛ්‍යමය ඉලක්කයන් සපුරාලීම වෙනුවෙන් ඇගයුම් ලබන්නටත් GOYO වෙතින් අවස්ථාව හිමි වෙනවා.

කවරය: videoblocks.com

Related Articles