Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අතහැර දැමුණු දුම්රිය මඟක හරිතවත් උපත: හයි ලයින්

කාර්යබහුල නගර මැද ඇති උද්‍යාන මිනිසුන්ගේ සිත නිවන හරිත පැහැ කෙම්බිම් ලෙස හැඳින්වීමේ වරදක් නෑ. ලොව වටා ඇති මෙවන් උද්‍යාන අතුරින් එක්සත් ජනපදයේ මැන්හැටන් හි චෙල්සී පෙදෙසේ පිහිටා ඇති හයි ලයින් උද්‍යානයේ ඇති විශේෂත්වය වන්නේ, එය ඉදිකර ඇත්තේ අත්හැර දැමූ පැරණි දුම්රිය මාර්ගයක් මත වීම යි. අතීතයේ කර්මාන්තශාලා සඳහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදාගත් මෙම දුම්රිය මාර්ගය නගර මධ්‍යයක පවතින පුරාවස්තුවක් සිහි කැඳවන්නක්. කළු යකඩ ආධාරක භාවිතයෙන් පොළව මට්ටමෙන් ඉහළට ඔසවා නිමවූ, හයි ලයින් උද්‍යානය මැන්හැටන් හි බටහිර පැත්තේ වීදිවලට ඉහළින් පිහිටි උයනක්. අසල්වැසි නිවැසියන් සහ නිව්යෝර්ක් නගරය මැදිහත් ව කඩා බිඳ දැමූ හයිලයින් 2009 දී දෙමුහුන් පොදු අවකාශයක් ලෙස යළි විවෘත කෙරුණා.

හයි ලයින් උද්‍යානය – pinterest.co.uk

කඩා බිඳ දැමීමේ යෝජනා

මෑත කාලයක් වනතුරු ම හයි ලයින් දුම්රිය මාර්ගය නගර මධ්‍යයේ ඇති අනවශ්‍ය පෞරාණික ස්ථානයක් ලෙස අතැර දමා තිබුණක්.  නිව්යෝක්හි නගරාධිපතිවරයා මෙම මාර්ගය කඩා ඉවත් කිරීමට ද වරක් යෝජනා කර තිබුණා. ඒ, එය පිහිටි චෙල්සී ප්‍රදේශය චිත්‍රාගාර, නෘත්‍යාගාර, අවන්හල් වැනි සෞන්දර්යාත්මක ස්ථානවලින් සපිරි ප්‍රදේශයක් බවට පත්කිරීමට ඇති අවශ්‍යතාව නිසා යි. සැලසුම් කර තිබූ ඒ සෞන්දර්යයට මෙම පැරණි දුම්රිය මාර්ගය අවලස්සනක් ගෙන දෙනු ඇතැ යි සලකා එම යෝජනාව ඉදිරිපත් වූවා.

කැමරා ඇසට හසුවුණු සුන්දරත්වය

ඡායාරූප ශිල්පී ජොයෙල් ස්ට්‍රෙන්ෆෙල්ඩ් ලබාගත් හයිලයින්හි ඡායාරූප ආශ්‍රයෙන් ඔහු නිර්මාණය කළ හයිලයින් දුම්රිය මඟෙහි කල්පිත ඡායාරූපවල එය හරිත පැහැ පටියක් ලෙස කර්මාන්ත ශාලා අතරින් දිවෙන අයුරු දැක්වුණා. මෙම ඡායාරූප හයි ලයින් දුම්රිය මාර්ගය උද්‍යානයක් ලෙස දියුණු කිරීමේ හැකියාව පිළිබඳ ඉඟියක් නගර වාසීන්ට ලබා දුන්නා.

ජොයෙල් ස්ට්‍රෙන්ෆෙල්ඩ්  ලබාගත් හයිලයින්හි ඡායාරූප – thehighline.org

උද්‍යානයක් ලෙස දියුණු කිරීම

 හයි ලයින් දුම්රිය මාර්ගය උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැබෑ පුරෝගාමීන් වන්නේ නිදහස් රචකයෙකු වූ ජෝෂුවා ඩේවිඩ් සහ චිත්‍ර ශිල්පියෙකු වූ රොබට් හැමන්ඩ්. හැමන්ඩ්ට අනුව, ඔහු දුටු නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක මෙම හයි ලයින් දුම්රිය මාර්ගය කඩා බිඳ දැමීමට නියමිත බව සඳහන් වූ අතර, යකඩින් සෑදුණු මෙම පෞරාණික වස්තුව පිළිබඳ මහත් ඇල්මකින් සිටි ඔහුට මෙම ආරංචිය මහත් ශෝකයක් ගෙන දුන්නක් වුණා.  එවර එම සමාජයේ රැස්වීම් සැසියේ දී කතිකා කිරීමට නියමිත මාතෘකා අතර හයි ලයින් දුම්රිය මාර්ගය කඩා බිඳ දැමීම ද ඇති බව දුටු ඔහු එම සැසියට සහභාගී වූවා. එහිදී ඔහුට තමන් මෙන් ම හයි ලයින් දුම්රිය මාර්ගය සුරැකීමේ අභිප්‍රායෙන් පමිණ සිටි ජෝෂුවා ඩේවිඩ් මුණ ගැසුණා. පසුව ඔවුන් දෙදෙනාගේ මූලිකත්වයෙන් “හයි ලයින්හි මිතුරෝ” නම් සංවිධානය ගොඩනැගුණු අතර එහි අරමුණ වූයේ දුම්රිය මාර්ගය විනාශ කිරීම වැලැක්වීම සහ එය මත නව සංකල්පයකට අනුව පොදු ස්ථානයක් ගොඩ නැංවීම යි.

“හයි ලයින්හි මිතුරෝ” සංවිධානය

හයි ලයින් දුම්රිය මාර්ගය නව සංකල්පයකට අනුව නිර්මාණය කිරීම සඳහා “හයි ලයින්හි මිතුරෝ” සංවිධානය මගින් 2004 වසරේ පැවැත්වූ නිර්මාණ තරගාවලියක් හරහා යෝජනා ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ යෝජනා අතරින් ජයග්‍රහණය අත් පත් කර ගත්තේ භූමි නිර්මාණවේ දී ජේම්ස් කෝනර් ගේ ආයතනය, සහ ඩිලර් ස්කොෆිඩියෝ සහ රෙන්ෆ්‍රෝ වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය යි. 

නව සැලසුමට අනුව 2004 වසරේ දී හයි ලයින් දුම්රිය මාර්ගය ආකර්ශණීය සුන්දර නාගරික උද්‍යානයක් බවට හැරවුණා. මෙහි ඇති විශේෂත්වය වන්නේ සක්මන් මළුවක්, නාගරික චතුරස්‍රයක්, උද්භිද උද්‍යානයක් වැනි අංග කිහිපයකින් ම එය සමන්විත වීම යි. තවමත් මෙම උද්‍යානයට නව කොටස් එකතු කරමින් ඉදිකිරීම් සිදු කරන අතර බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ පැරණි දුම්රිය මාර්ගයේ දැනට ඉතිරි වී ඇති සම්පූර්ණ කොටස මත ම මෙම උද්‍යානය පැතිරෙනු ඇති බවට යි.

ඉතිරි කර ඇති පැරණි රේල් පීලි – pinterest.com

උද්‍යානයේ ඇති විශේෂතා

භූමි නිර්මාණවේදී ජේම්ස් කෝනර්ට අනුව, ඔවුන් බලාපොරොත්තු වන්නේ මෙම උද්‍යානය කොටස් කිහිපයකින් සමන්විත දිගු පීත්ත පටියක් ලෙස නිර්මාණය කිරීමට යි. ඒ අනුව මෙය විවිධ අත්දැකීම් රැසකින් සමන්විත එක් උද්‍යානයක් ලෙස සංවර්ධනය කරනවා. මෙහි ඇති බංකු පොළොවට අතුරා ඇති ලෑල්ල එසවීමෙන් සෑදී ඇති බවක් පෙනෙන අයුරින් තනා ඇති අතර පැරණි රේල් පීලි ඇතැම් ස්ථානවලදී පිහිටි අයුරින් ම පවතින පරිදියි මෙය නිර්මාණය කර ඇත්තේ. මෙහි ඇති ශාඛ දැඩි අධ්‍යයනයකින් පසුව රෝපණය කළ ඒවා වන අතර, පන් වර්ග සහ දිගු තෘණ වර්ග රෝපණය කර ඇත්තේ දුම්රිය මාර්ගය අත්හැර දමා තිබූ යුගයේ එහි පැළ වී තිබූ කැළෑ මල් සහ තෘණ වර්ග සිහිවීමට යි.

පොළොවට අතුරා ඇති ලෑල්ලක් එසවීමෙන් සෑදී ඇති බවක් පෙනෙන අයුරින් නිර්මාණය කර ඇති බංකු- jharchitecture.ie

හයි ලයින් උද්‍යානය පොළව මට්ටමට අඩි 25ක් පමණ ඉහළින් පිහිටා තිබීම හේතුවෙන් එහි සක්මන් කිරීම විශේෂ අත්දැකීමක් ලබා දෙන්නක්. මහාමාර්ගය අවට සිදුවන ක්‍රියාකාරකම් මාර්ගයෙන් දුර සිට නැරඹීමට මෙහිදී හැකියාව ලැබෙනවා. සුන්දර තුරු ගොමුවක් අතර වාඩිවී හඩ්සන් නදියට ඉහළින් පෙනෙන හිරුගේ දර්ශනය නැරඹීමත්, පැරැණි සහ අලුත් ගොඩනැගිලි අතරින් දිවෙන උද්‍යානයේ ඇවිදීමත් බොහෝ ආකර්ශණීය අත්දැකීමක් ලබ දෙන බව නගරවාසීන්ගේ අදහස යි.

COVID ආශ්‍රිත පියවරයන් සහිත ව හයි ලයින් උද්‍යානය නරඹන්නන්ට දිනපතා විවෘතයි. නරඹන්නන් ධාරිතාව අඩු කිරීම සහ මුහුණු ආවරණයක් පැළඳීමට අමුත්තන්ගෙන් ඉල්ලා සිටීම වැනි ක්‍රියාමාර්ග වැඩිදියුණු කළ සහ ආරක්ෂිත අත්දැකීමක් සහතික කිරීමටයි උපකාරී වන්නේ. 

හයිලයින් අත්දැකීම ලබා ගත හැකි හොඳම ක්‍රමය නම් සරලව ඉබාගාතේ යාමයි.

පවුලේ ප්‍රියත ම ගිමන්හලක්

උණුසුම් මාසවලදී, වැල් මෙහි වැටවල් මතට කඩා වැටී, මඟීන්ට පෙනෙන සශ්‍රීක තිරයක් සාදන අයුරු මනස්කාන්තයි. පහත වීදියේ මීට්පැකින් දිස්ත්‍රික්කයේ අවසන් වරට ක්‍රියාත්මක වූ මස් ඇසුරුම් කම්හලේ රතු ගඩොල් ගොඩනැගිල්ල තවමත් එහි සිට ඔබට දැකිය හැකියි.   වීදුරු හෝටලය වන ස්ටෑන්ඩර්ඩ් ආකර්ශණීය දසුනක්. සෑම සන්ධ්‍යාවකම ඔබට එළිමහන් වීඩියෝ වැඩසටහනක් ද නැරඹිය හැකියි.

හයි ලයින් දුම්රිය මාර්ගය තුළ ස්වභාවිකව ජලය එකතු වීම නිසාම එය උණුසුම් මාසවලදී පවුලේ ප්‍රියත ම ගිමන්හලක් වන අතර, ළමයින්ට  ද ප්‍රියමනාපතැනක්. හයි ලයින් දුම්ධාරිය ධාවනය වූ කාලය තුළ දුම්රිය මගින් ලබා දුන් පිටි භාවිත කරමින් ඔරියෝ කුකීස් සැදුවේ මෙහිදීයි. දැන් එය මෙහි එන්නන්ගේ එළිමහන් ආහාර මළුවයි.

කවරයේ ඡායාරූපය: හයි ලයින් උද්‍යානය ඉහළට දිස් වන හැටි -  thehighline.org

මූලාශ්‍ර:

nationalgeographic.com

nycgovparks.org

thehighline.org

Related Articles