Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක සිනමා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම ආදයම් ඉපැයූ සිනමා කෘති – 2

මෙය ගිය වර අප විසින් ගෙන ආ ‘ලෝක සිනමා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම ආදයම් ඉපැයූ සිනමා කෘති“ ලිපියෙහි දෙවන කොටසයි. පසුගිය ලිපිය පරිශීලනය කිරීමට නොහැකි වූවන් හට වුව ද මෙම ලිපිය කියවීමෙහි බාධාවක් නොනගින අයුරින් මෙම ලිපිය ලිවීමට අදහස් කළෙමු.

සිනමා කෘතියක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට නුතන වාණිකරණය හමුවේ බොහෝ දෙනාගේ වැඩි අවධානය යොමු වන්නේ ‘ආදායම් වාර්තා‘ දෙසට ය. නමුත් පහත විස්තර තුළින් පැහැදිලි වන්නේ එකී සිනමා කෘති හුදෙක් ආර්ථික ලාභය මත පදනම්ව තැනූ චිත්‍රපට නොවන බවත්, සාර්ථක චිත්‍රපටයක් නිර්මාණය කිරීමට එම සෑම අධ්‍යක්ෂකවරයකු ම – තාක්ෂණික ශිල්පියකු ම – සෑම නළුවෙකු ම – නිළියක ම තමන්ගේ උපරිම උත්සාහය – කැපවීම ඒ සදහා යොදවා ඇති බව යි. එම කලා කෘති ආදායම් වාර්තා බිද හෙළූ ප්‍රමාණයට ම සම්මානවලට බදුන් වීමෙන් ම ඒ බව වඩ වඩාත් තහවුරු වේ.

5 – The Avengers

(impawards.com)

මෙය ද මාර්වල් සමාගමේ නිෂ්පාදනයක් වන අතර 2012 වසරේ දී ලොව පුරා තිරගත විය. ඇමෙරිකන් ඩොලර් මිලියන 220 ක් මෙම චිත්‍රපටය නිෂ්පාදනය සදහා වැය වී ඇති අතර ලොව පුරා තිරගත වීමෙන් අනතුරුව ඇමෙරිකන් ඩොලර් බිලියන 1.52 ක ආදායමක් උපයන්නට සමත් විය. රොබර්ට් ඩවුනි, ක්‍රිස් හෙම්ස්වර්ත්, ක්‍රිස් එවන්ස්, මාර්ක් හුෆාලෝ, ජෙරමි රෙනර් සහ ස්කාර්ලට් ජොහැන්සන් වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රගපා තියෙනවා.

2012 Teen Choice Awards හි දී සම්මාන 9කට නිර්දේශ වූ අතර එහි දී  හොදම ක්‍රියාදාම චිත්‍රපටය සහ හොදම සිනමා තරුව (ක්‍රිස් හෙම්ස්වර්ත්) යන සම්මාන දිනා ගන්නා ලදී. 2012 Hollywood Awards හි හොදම දෘශ්‍ය ප්‍රයෝග සදහා වන සම්මානයත්, 2013 People’s Choice Awards හි දී ද සම්මාන 9කට නිර්දේශ වූ අතර ඉන් ජනප්‍රියම චිත්‍රපට නළුවා (රොබර්ට් ඩවුනි), ජනප්‍රියම ක්‍රියාදාම චිත්‍රපට නළුවා (ක්‍රිස් හෙම්ස්වර්ත්) සහ ජනප්‍රිය වීර චරිතය (රොබර්ට් ඩවුනි – අයන් මෑන්) යන සම්මාන ත්‍රිත්වය දිනා ගන්නා ලදී.

2013 MTV Movie Awards හි දී සම්මාන 5 කට නිර්දේශ වූ අතර ඉන් සම්මාන තුනක් දිනා ගනු ලැබීය. ඒ අතරින් වසරේ චිත්‍රපටය සහ හොදම ප්‍රතිවීරයා උදෙසා පිරිනැමෙන සම්මාන කැපී පෙන‍ේ. 2013 Saturn Awards හි දී සම්මාන හයක් සදහා නිර්දේශ වී ඉන් 4 ක් දිනා ගති. හොදම අධ්‍යක්ෂණය, හොදම සහාය රංගනය, හොදම ප්‍රබන්ධ කතා චිත්‍රපටය සහ හොදම විශේෂ ප්‍රයෝග යන සම්මාන ඊට අයත් වේ.

4 – Jurassic World

(newdvdreleasedates.com)

ලොකු කුඩා සෑම දෙනකු අතර ම ජනප්‍රිය සිනමා කෘති පෙළකින් ම සමන්විත පුරාසික් පාර්ක් චිත්‍රපටයේ නවතම චිත්‍රපටය වන මෙය 2015 දී ලොව පුරා තිරගත වීම ඇරඹිණ. මෙය නිපදවීම සදහා ඇමෙරිකන් ඩොලර් මිලියන 150 ක් වැය කොට ඇති අතර උපයා ඇති සමස්ත ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 1670 ක් බවට වාර්තා වේ.

2015 World Soundtrack Academy හි හොදම සංගීත සංයෝජනයට හිමි සම්මානයත්, 2015 Hollywood Film Awards හි හොදම දෘෂ්‍ය සංකලනයට හිමි සම්මානයත්, 2016 MTV Movie Awards හි හොදම ක්‍රියාදාම රංගනයට හිමි සම්මානයත් (ක්‍රිස් ප්‍රැට්), Saturn Award හි දී හොදම ළමා රංගනයට හිමි සම්මානයත් (ටයි සිම්ප්තින්ස්) දිනා ගන්නා ලදී

මීට අමතරව.  2015 teen Choice Awards හි දී සම්මාන 5කට නිර්දේශ වූ අතර 2016 People’s Choice Awards හි දී සම්මාන 4කට ද නිර්දේශ විය. 2016 Critics’ Choice Movie Awards, 2017 Screen Actors Guild Awards, 2016 Art Directors Guild, 2016 Visual Effects Society, 2016 Annie Awards, 2016 Satellite Awards, 2016 Kids’ Choice Awards, 2016 MTV Movie Awards, 2016 Empire Awards සහ 2016 Saturn Award යන සම්මාන උළෙලවල දී සම්මාන 30 කට පමණ නිර්දේශ විය.

3 – Star Wars Ep. vii : The Force Awakens

(baldmove.com)

80 දශකයේ පටන් අද දක්වා ම එක සේ ජනප්‍රියත්වයක් රදවාගෙන සිටින සිනමා කෘති පෙළක් වන ස්ටාර් වෝ්ර්ස් හි නවතම සිනමා කෘතිය වන මෙය 2015 දී තිරගත වීම ආරම්භ විය. ඇමෙරිකන් ඩොලර් මිලියන 306 ක් පමණ වැය කොට නිර්මාණය කර ඇති මෙය ලොව පුරා තිරගත වීමෙන් අනතුරුව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.068 ක් ඉපැයීමට සමත් වී ඇත.

2015 American Film Institute Awards හි දී මෙය වසරේ හොදම චිත්‍රපට දහයෙන් එකක් ලෙස නම් කරන ලදී. 88 වැනි Academy Awards හි දී හොදම නාද රටා, හොදම සංගීත සංයෝජනය, හොදම චිත්‍රපට සංස්කරණය යන සම්මාන සදහා නිර්දේශ විය.

2016 Saturn Award හි දී සම්මාන 13 ක් සදහා නිර්දේශ වූ අතර එයින් හොදම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය, හොදම තිරපිටපත, හොදම නළුවා (හැරිසන් ෆෝඩ්), හොදම සහාය නළුවා, හොදම සංගීතය, හොදම විශේෂ ප්‍රයෝග, හොදම සංස්කරණය සහ හොදම වේශ නිරූපණය යන සම්මාන දිනා ගන්නා ලදී.

2016 Empire Awards හි දී වැඩිම නිර්දේශ ප්‍රමාණයකට හිමිකම් කියූ මෙම සිනමා කෘතිය එහි දී හොදම චිත්‍රපටය, හොදම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය, හොදම අධ්‍යක්ෂණය, හොදම නැගී එන නළුවා සහ නිළිය යන සම්මාන දිනා ගැනීමට සමත් විය.

2 – Titanic

(yotube.com)

ටයිටැනික් ගැන විශේෂයෙන් කියන්න දෙයක් නැති තරමට ප්‍රසිද්ධයි. 1997 වසරේ දී තිරගත වූ, ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමා කෘතිය ලෝක සිනමා කර්මාන්තය ම වෙනස් මගක් වෙත යොමු කරවන ලද කෘතියක් ලෙස හැදින්වීම නිවැරදි ය.

ලියනාඩෝ ඩිකැප්‍රිෙයා් සහ කේට් වින්ස්ලට් විසින් මවන ලද ජැක් සහ රෝස් චරිත ද්විත්වය ලෝක පූජිත ප්‍රේම වෘත්තාන්තයක් ගොඩ නැගීමට සමත් විය. මෙම නිර්මාණය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් වැය කොට තිබූ අතර ඉන් ලද ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 2.187 ක් තරම් විය.

1997 සිට 2009 දක්වා පුරා වසර 12 ක් යන තෙක් ම ලෝක සිනමාවේ වැඩි ම ආදායම් ඉපැයූ කෘතිය වශයෙන් මෙය වාර්තා අතර පැවතුණි. එසේ ම 2012 වසරේ දී ටයිටැනික් චිත්‍රපටය 3D තාක්සණය උපයෝගී කර ගනිමින් කරන ලද සංස්කරණය ලොව පුරා තිරගත වූ අතර එමගින් ද ඇමෙරිකානු ඩොලර් මිලියන 343.6 ක් ඉැපැයීමට සමත් විය.

එම වර්ෂයේ Academy Awards හි සම්මාන 14 ක් සදහා නිර්දේශ වූ අතර ඉන් 11 ක් දිනා ගැනීමට සමත් විය (හොදම දෘශ්‍ය රූප – හොදම අධ්‍යක්ෂණය, හොදම කලා අධ්‍යක්ෂණය, හොදම දෘශ්‍ය ප්‍රයෝග, හොදම සංස්කරණය, හොදම ඇදුම් නිර්මාණය, හොදම චිත්‍රපට සංගීතය සහ හොදම නාද රටා වැනි සම්මාන රැසක් එය දිනා ගැනීමට සමත් විය.)

ලෝක සිනමා ඉතිහාසය තුළ ඇකඩමි සම්මාන 11 ක් දිනා ගැනීමට මින් පෙර සමත්ව ඇත්තේ තවත් චිත්‍රපට දෙකක් පමණි. ඒ Ben Hur (1959) සහ The Lord of the Rings – Return of the Kings (2003) ය   

මෙම චිත්‍රපටයේ My heart will go on යන තේමා ගීතය ද සිනමා කෘතිය සේ ම සම්මානය බදුන් වූ අතර 1997 Academy Awards හි දී හොදම චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනාගත් අතර 1998 Grammy Awards හි දී වසරේ ගීතය, වසරේ හොදම රෙකෝඩනය සහ චිත්‍රපටයක් වෙනුවෙන් රචනා කරන ලද හොද ගීතය යන සම්මාන ත්‍රිත්වය ම දිනා ගන්නා ලදී.

1 – Avatar

(pcwallart.com)

2009 වසරේ දී තිරගත වූ මෙම සිනමා කෘතිය ද අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ජේම්ස් කැමරන් (ටයිටැනික් අධ්‍යක්ෂක) විසින් ම ය. මේ සදහා ඇමෙරිකන් ඩොලර් මිලියන 240 කට ආසන්න මුදලක් වැය කොට ඇති අතර මෙහි ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.788 ක් බවට වාර්තා වේ.

ත්‍රිමාන සජීවීකරණ ප්‍රයෝගයන් ප්‍රශස්ත ලෙස උපයෝගී කර ගනිමින් නිර්මාණය කරන ලද මෙම සිනමා කෘතිය 82 වැනි ඇකඩමි සම්මාන උළෙලෙහි දී අවස්ථා 9 ක දී නිර්දේශ වූ අතර හොදම කලා අධ්‍යක්ෂණය, හොදම දෘශ්‍ය ප්‍රයෝග සහ හොදම සිනමාකරණය යන සම්මාන දිනාගැනීමට සමත් විය.

36 වැනි Saturn Awards හි දී මෙම සිනමාපටය නිර්දේශ වූ සම්මාන දහයෙන් දහය ම දිනා ගැනීමට සමත් විය. හොදම විද්‍යා පුබන්ධ චිත්‍රපටය, හොදම නළුවා සහ නිළිය, හොදම සහාය නළුවා සහ නිළිය, හොදම අධ්‍යක්ෂණය, හොදම පිටපත, හොදම දෘශ්‍ය ප්‍රයෝග සහ හොදම සංගීතය යන සම්මාන ඒ අතර විය.

මෙම සිනමා කෘතියෙහි තවත් කතා පෙළක් ම පවතින බවත්, ඒවා 2018, 2020, 2022 සහ 2023 යන වසරවල දී තිරගත වනු ඇති බවට ජේම්ස් කැමරන් විසින් ප්‍රකාශ කොට තිබුණි. ()

පසුවදන

ලෝක සිනමා කර්මාන්තය තුළ ඉහළ ම ආදායම් ඉපැයූ සිනමා කෘති සම්බන්ධයෙන් ඉතිහාසය සොයා යෑමේ දී මෙවැනි අපූර්ව තොරතුරු දැනගැනීමට හැකි බව  පැහැදිලිව පෙනී යන කරුණක්. තවමත් ඇමෙරිකාවේ හොලිවුඩ් සිනමාව ලෝක සිනමාව තුළ ඉදිරියෙන් ම පවතින බවට පෙනී යන අතර  ඉන්දීය සිනමාව පවා ඒ ආසන්නය හෝ පැමිණ ඇති බවක් පෙනී යන්නේ නැත.

කෙසේ වෙතත් මෙම ආදායම් වර්තා අධ්‍යයනයේ දී මුල් ස්ථාන ත්‍රිත්වය නිරන්තරයෙන් වෙනස් වන බවක් නොපෙණුන ද අනෙකුත් ස්ථාන ඉක්මනින් වෙනස් වන බවක් ද පෙනී යයි. එයින් පෙනී යන්නේ සිනමා ක්ෂේත්‍රය ‘කර්මාන්තයක්‘ වශයෙන් දිගින් දිගට ම ප්‍රසාරණය වන බව නොවේ ද?

Related Articles