Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැවුම් බවින් මුව සරසන අපේ ආහාර අමුද්‍රව්‍ය

ශ්‍රී ලංකාවේ අපිට විවිධාංගීකෘත සංස්කෘතියක් උරුම වී තිබෙන බව හොඳින්ම පිළිඹිබු වෙන ස්ථානයක් තමයි කෑම මේසය කියන්නේ. ඒ වගේම කෑම සැකසීමට ගන්නා දකුණු ආසියාවටම සුවිශේෂී වූ කුළුබඩු, එහි රසයෙන් පමණක් නොව මුළු දේහයම සන්තර්පණය කරමින් ආහාර ජීර්ණ ක්‍රියාවලියේ සිට ප්‍රතිශක්තිය දක්වාම පුනර්ජීවයක් ගෙන එනවා. අලුත් අවුරුද්දට රසකැවිලි හදද්දී කොකිස්වලට කරපිංචා ටිකක්, රාමසාන් වටලප්පමට එනසාල්, කරාබු නැටි ටිකක් එක් කරන්නේ අපේ කුළුබඩුවල ඇති මේ අද්විතීය බව නිසාම යි.

ළූණු

immediate.co.uk

කටට රසට ‍මොනවත් නැති වුණාම ලුණු, මිරිස්, ළූණු එකට දාලා හදාගන්නා සම්‍බලේ පාළුව දැනෙන්න නම්‍ වෙනත් රටකටම යන්න ඕනෑ. වම්බටු මෝජු, ළූණු බැදුම්, සීනි සම්බල්, සිංහල අච්චාරු වැනි අපේ කෑමවේල රස කරන රතු ළූණු සහ ලොකු ළූණු කුස්සියට නැතිවම බැරි මිත්‍රයෙක්.

දේහයේ ඇතිවන බැක්ටීරියා, දිලීරමය, ප්‍රතිදාහ තත්ත්වයන් අවම කරන්නටත්, ප්‍රතිශක්තිය වඩවන්නටත් රතුළූණුවල ඇති ක්වෙරසිටින්වලට හැකියාව තිබෙනවා. ඒ වගේම සමේ වියපත් වීම අඩු කරමින් පැහැපත් බවක් ලබා දෙන්නටත්, අස්ථි ශක්තිමත් කරමින් ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව අවම කරන්නටත්, පිළිකා අවදානම අවම කරන්නටත් ළූණුවලට ඇත්තේ අපූරු හැකියාවක්.

කරාබු නැටි

herzindagi.info

කරාබු නැටි අතීතයේ සිටම කුළුබඩුවක් වශයෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම, අපනයන බෝගයක් ලෙස යුරෝපීය රටවලට පවා සංක්‍රමණය වෙමින් කුස්සියේ රස මවන්නා බවට පත්වුණා. ව්‍යංජන සහ වටලප්පන් වැනි ආහාර පමණක් නොව, තේ, කිරිකෝපි පවා රස ගන්වද්දී කරාබු නැටි කුඩු නැතිවම බැරි දෙයක්. වගා කරන රටවල් අතුරින් මෙරට කරාබු නැටිවලට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ එහි ඖෂධීය ගුණ සහිත තෙල් වැඩි ප්‍රතිශතයක් තිබෙන නිසායි. 

19වන සියවසේ සිට දත්මුල් චිකිත්සාවන්ට මෙන්ම මුඛයේ ඇතිවන සැරව ගෙඩිවලට ද ඖෂධයක් වශයෙන් කරාබු නැටි තෙල්වල 80-90% පමණ ඇති ඉයුජිනෝල් භාවිතා කරනවා. විෂබීජ නාශකයක් මෙන්ම වේදනා නාශකයක් ද වන ඉයුජිනෝල් මඟින් දත් කැක්කුම, මුඛයේ ඇතිවන තුවාල සමනය කිරීමත්, දත් කුහර මර්දනයටත් කටයුතු කරනවා.

ස්වාභාවික විෂබීජ නාශකයක්, නිර්වින්දකයක්, වේදනා නාශකයක්, සහ ප්‍රතිජීවකයක් වන කරාබුනැටි මුඛ දුර්ගන්ධය නැති කරමින්, හෘදයාබාධ සඳහා හේතුවන මුඛ බැක්ටීරියාවන් ද ඇතුළු අහිතකර බැක්ටිරීයාවන් මර්දනය කරමින්, හිතකර බැක්ටීරියා පාලනය කරමින් සමබර ජෛවී පරිසරයක් නිර්මාණය කරනවා.

සුදුළූණු

toiimg.com

හවසට පාරේ යද්දි කෑම කඩවල් තිබෙන බව දැනගන්නේ කොත්තු සද්දෙන් විතරක්ම නොවෙයි, එයාලා සුදුළූණු පුච්චලා අපේ ආහාර රුචිය වැඩි කරවන සුවඳක් දසත පතුරුවන නිසා යි. සමහරු අකමැති නමුත්, රස සුවඳ වඩවන සුදුළූණු සතුව කැල්සියම්, පොස්පරස්, සෙලිනියම්, මැංගනීස්, විටමින් B6 සහ විටමින් C වැනි පෝෂක තිබෙනවා.

සුදුළූණුවලින් රුධිරයේ දුස්ස්‍රාවීතාව වැඩි වෙනවා. අධි රුධිර පීඩනය අවම කිරීමට, කොලෙස්ටරෝල්, හෘද රෝග, හෘදයාබාධ වැනි රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග රැසකට සුවය සපයන්නට මෙන්ම, ප්‍රතිශක්තීකරණය වැඩි කරමින් උණ සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීමටත් ඊට හැකියාව තිබෙනවා.

ඇලිසින් යනු සුදුළූණු සතු ප්‍රධාන සංඝටකයක්. මුඛයේ pH අගය යාමනය කරමින් දන්ත රෝග සඳහා දායක වන බැක්ටීරියා වළක්වා ගැනීමට එය දායක වෙනවා. සුදුළූණුවල දිලීර හා වෛරස්වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ඇති අතර එමඟින් ශක්තිමත් හා සෞඛ්‍ය සම්පන්න විදුරුමස් හා දත් දෙපෙළක් පවත්වා ගන්නට උපකාරී වෙනවා.

මිරිස්

doortodoorbazaar.com

පොල් මැල්ලුමේ සිට කොත්තුව දක්වාම කොච්චි, මිරිස්, සහ නයි මිරිස් කෑම රස කරන්නේ දෑස් කඳුළින් තෙත් කරන ගමන්ම යි. ළපටි මිරිස් කරල්වල සැරට අමතරව විටමින් A, E, C සහ K යහමින් තිබෙනවා. විටමින් E සහ C නිසා මිරිස් කරල් වගේම සුන්දර සමකට හිමිකම් කියන්නට අවස්ථාව ලැබෙනවා. එසේම, දිනපතා මිරිස් ආහාරයට ගත්තාම ඉන්සියුලින් යාමනය වන නිසා රුධිර සීනි මට්ටම පාලනය වෙනවා. 

කොළ පැහැති මිරිස් සතු බීටා කැරොටීන් නිසා රුධිර සංසරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමත්, ප්‍රතිශක්තිකරණය වර්ධනයත් සිදු කරනවා. තන්තු සහිත බව නිසා ආහාර ජීර්ණයට උපකාරී වෙනවා වගේම, මිරිස්වලින් දේහ පරිවෘත්තිය ඉහළ යන නිසා කැලරි දහනය වෙමින් බර අඩු කරගන්නටත් දායක වෙනවා.

ලුණු

theconversation.com

කිසිම ව්‍යංජනයක් ලුණු බිඳක් නැතිව සම්පූර්ණ වෙන්නේ නැහැ. රසයෙන් පමණක් නොව, ගුණයෙන් ද අනූන ලුණු අවිධිමත් හෘද ස්පන්දනයන් යාමනය කිරීම, රුධිර පීඩනය නිසි මට්ටමේ පවත්වා ගැනීම, දේහයේ සහ මොළයේ සෛලවල ආම්ලිකතාව දුරැලීම, රුධිර සීනි මට්ටම් පාලනය කරමින් දියවැඩියා අවදානම අඩු කිරීම, පෙනහළුවලින් සෙම ඉවත් කිරීම සිදු කරනවා. මේ සියල්ල සිදු වන්නේ කෑමට දමන මේ ඉතාම සුළු ලුණු ප්‍රමාණයෙන්. එපමණක් ද නොව දත්මුල් දියවීම වළක්වන්නටත් ලුණු වලට තිබෙන්නේ අපූරු හැකියාවක්.

විදුරුමස් දියවීම වැනි දත්මුල් රෝගවලට ප්‍රධාන හේතුව වන්නේ ඒවායේ සිදුවන අහිතකර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය යි. ආහාර රැඳීමෙන් දත්වල ඇතිවන මැලියම් යනු මේ බැක්ටීරියාවන්ට ඉතාම හිතකර පරිසරයක්. මේ බැක්ටීරියා‍වන් ඇති වීම වළක්වන්නට ස්වභාවික ලුණු උපකාර වෙනවා. ලුණු සතු විෂබීජහරණ ගතිගුණ නිසා බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වළකමින් ආසාදන තත්ත්වයන් අවම කිරීමට ඊට ඇති හැකියාව යි. එය මුඛයේ pH අගය සමතුලිත කරමින් බැක්ටීරියා වර්ධනය වීම අවම කරනවා. 

මෙතරම් සුවිශේෂී ආහාර රටාවක් ඇති අපිට මුඛ සෞඛ්‍යය රැක ගනිද්දී වෙනත් රටවලට සැකසූ කෘත්‍රීම දන්තාලේප ගැලපෙන්නේ නැහැ. දේශීය කුළුබඩු යොදාගෙන සැකසූ දන්තාලේප වර්ග සතු කරාබු නැටි, ලුණු වැනි අමුද්‍රව්‍ය අපේ හෙළ කෑමවේල තරම්ම අපේ මුව නැවුම් බවින් සරසනවා.

කවරයේ ඡායාරූපය: hddes.com

Related Articles