Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විවිධ රටවල් නව වසර සමරන විවිධ ආකාර

2016 වර්ෂය නිමාවී 2017 වර්ෂයත් උදාවෙලා ඉවරයි. උදාවුනු නව වසර ලොව පුරා සෑම රටක්ම සමරන දෙයක්, ඒ වගේම ලොව සියළුම රටවල් පාහේ නව අවුරුද්ද පිළිගන්නේ උත්සවශ්‍රීයෙන්. ඉතින් මේ ලිපිය තුළින් ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ නව වසරක් පිළිගැනීම සඳහා විවිධ රටවල් විසින් කරන විවධ දේවල් පිළිබඳව විස්තර ටිකක්.

ශ්‍රී ලාංකිකයන් ලෙස අප නව වසර සමරන්නේ කිරිබතට මුල්තැන දෙමින්. එමෙන්ම නොයෙකුත් ගිනිකෙළි සංදර්ශන හා එකිනෙකාට සුභ පැතීමත් අපට හුරු දෙයක්. මේ ආකාරයටම අනෙක් රටවල් ප්‍රණීත ආහාර රස විදිමින් නොයෙකුත් ගීත, නැටුම් ගැයුම් හා සංදර්ශන පවත්වමින් දෙසැම්බර් 31 සිට ජනවාරි පළමුවනදා මධ්‍යම රාත්‍රිය වන තුරු නව වසර සමරනු ලබනවා.

වසරේ මුල් දිනය ජනවාරි පළමුවෙනිදා වුනේ කොහොමද?

හිස් දෙකක් සහිත ජානුස් දෙවියන්ගේ පිළිරුවක් (Pinterest)

හිස් දෙකක් සහිත ජානුස් දෙවියන්ගේ පිළිරුවක් (Pinterest)

මුල්ම දින දසුන හදුන්වා දුන්නේ රෝමයේ, එයටත් මුල් වුයේ රෝමයේ ප්‍රාරම්භකයා ලෙස සැළකෙන රොමියුලස් රජුයි. නමුත් මේ දින දසුනේ තිබුනේ මාස 10ක් පමණයි. පසු කාලයේ රෝමය පාලනය කළ නුමා පොම්පිලියස් රජු විසින් එයට Januari හා Februari මාස ඇතුළත් කරනු ලබනවා.

නමුත් වර්තමානයේ භාවිතා වන ග්‍රෙගරියන් දින දර්ශනයට සමානකම් ඇති ජූලියන් දින දර්ශනය එලි දක්වන ලද්දේ ක්‍රි:පු 46 වන සියවසේ රෝමය පාලනය කළ ජූලියස් සීසර් අධිරාජයාගේ කාලයේදීයි. මෙහිදී වසරේ මුල්ම මාසය ජනවාරි ලෙස නම් කරන්නේ රෝමයේ මුල්පෙළේ දෙවියෙකු වන ජානුස් (Janus) දෙවියන්ට කරන ගෞරවයක් ලෙසයි. අනතුරුව සීසර් විසින් වසරේ මුල් දිනය ලෙස ජනවාරි පළමුවෙනිදා නම් කරනවා.

එම ආඥාවත් සමඟම රෝමන්වරුන් සෑම වර්ෂයකම ජනවාරි පළමු දින තම නිවෙස් අලංකාරව සරසා කමින් බොමින්, ගීත ගයමින් හා එකිනෙකාට සුභ පතමින් නව වසර සමරනවා. පසු කාලයේදී නැවතත් ග්‍රෙගරි පාප් වහන්සේ විසින් දෙසැම්බර් 25 වනදා ජේසුස් වහන්සේගේ උපත සැමරීමේ දිනය බවත් ජනවාරි පළමුදා වසරේ ආරම්භක දිනය ලෙසත් ස්ථිර ලෙසම ප්‍රකාශ කර සිටිනවා.

ඉටිපන්දම් ජලයේ පා කර හරින බ්‍රසීල ජාතිකයෝ

බ්‍රසීල වැසියන්ගේ නව අවුරුදු සැමරීම (The Darkroom )

බ්‍රසීල වැසියන්ගේ නව අවුරුදු සැමරීම (The Darkroom )

නව වසරේ තම නිවසට එන අමුත්තන්ට ධාන්‍ය වලින් සකස් කළ විශේෂ කැවිලි වර්ග පිරිනැමීම බ්‍රසීල ජාතිකයන්ගේ සිරිතක්. මෙම  දිනයේ එළවළු වලින් සකස් කළ සුප් වර්ග පිරිනැමීම විශේෂ සංග්‍රහ කිරීමක් ලෙසයි ඔවුන් සිතන්නේ. “යේමන්ජා” නම් ජලයට අධිපති දෙවියන් පිදීම පළමු වෙනිදා උදෑසන වරුවේ උත්සවාකාරයෙන් සිදු කරනවා. එමෙන්ම ඉටිපන්දම්, මල් හා විවධ ආභරණ වලින් සැරසූ කුඩා බෝට්ටු ජලයේ පා කර හැරීම බ්‍රසීල ජාතිකයන්ගේ චාරිත්‍රයක්.

දින 11ක් පුරා නව වසර සමරන බැබිලෝනියානුවන්

වර්තමානයේ අකිටු උළෙල පැවැත්වෙන අන්දම ( Assyrian Voice)

වර්තමානයේ අකිටු උළෙල පැවැත්වෙන අන්දම ( Assyrian Voice)

නව වසර සැමරීම පිළිබඳව බබිලොනියනුවන්ට (ඉරාකයේ එක් ප්‍රදේශයක්) වසර 4000ක පමණ දිගු ඉතිහාසයක් තිබෙනවා. ප්‍රදේශයේ දැවැන්තම ආගමික උළෙල වන අකිටු (Akitu) නම් උත්සවය ජනවාරි මාසයේ මුල් දින 11 පුරාවටම උත්සවශ්‍රීයෙන් පවත්වනු ලබනවා. එයින් සමරන්නේ ජනප්‍රවාද වල එන අහසට අධිපති මර්ඩක් (Murdek) දෙවියන් හා සාගරයට අධිපති ටියමැට් (Tiamat) දෙවඟන සමඟ සිදුකළ යුද්ධයේ ජයග්‍රහණයයි.

පිරිමින් නිවසට පැමිණීම සුභ යැයි සිතන එංගලන්ත ජාතිකයන්

බිග් බෙන් ඔරලෝසුවේ 12 සටහන් වෙනවාත් සමඟ නව වසර උදා වීම (www.bbc.co.uk)

බිග් බෙන් ඔරලෝසුවේ 12 සටහන් වෙනවාත් සමඟ නව වසර උදා වීම (www.bbc.co.uk)

දෙසැම්බර් 31 දා මධ්‍යම රාත්‍රියෙන් පසුව තම නිවසට පැමිණෙන අමුත්තන් අනුව උදා වූ වර්ෂයේ සුභ-අසුභ බව තීරණය කිරීමට එංගලන්ත වැසියන් පුරුදු වී සිටිනවා. නව වසර උදා වීමත් සමඟ නිවසට පැමිණෙන අමුත්තන්ට උපරිම ආකාරයෙන් සංග්‍රහ කරන මොවුන් අමුත්තන් රැගෙන එන දේ පිළිබඳව විමසිලිමත් වෙනවා. අඟුරු පහන් රැගෙන නිවසට අමුත්තන් පැමිණීම ඉතාමත් සුභ දෙයක් ලෙසයි සලකන්නේ.

කාන්තාවන්ට වඩා පිරිමින් පැමිණීම නව වසර සුභදායක වීමට බලපාන බවද ඔවුන් විශ්වාස කරනවා. පැමිණෙන අමුත්තන්ගේ හිසකෙස් රතු හෝ දුඹුරු පැහැ නොවී කළු පැහැ වීම සුබ ලකුණක්.

ඌරා සෞභාග්‍යයේ සංකේතය ලෙස සලකන කියුබානුවන්

කියුබානුවන්ගේ ඌරු මස් සමඟ පාන්  (Recipes Squared)

කියුබානුවන්ගේ ඌරු මස් සමඟ පාන්  (Recipes Squared)

ඌරා අභිවෘදියේ සංකේතය ලෙස සලකන්නට පුරුදු වී සිටින කියුබානු වැසියන්ගේ වසරේ මුල් දිනයේ කෑම මේසය පුරා දකින්නට ලැබෙන්න විවිධ රසයට මෙන්ම විවධ හැඩයන්ගෙන් පිසූ ඌරු මස් ව්‍යංජනයි. මුළු දවස තිස්සේ පාන් සමඟ ඒවා රස බැලීමට ඔවුන් මහත් ආශාවක් දක්වනවා. හංගේරියාව මෙන්ම ඔස්ට්‍රියාවද නව වසර පිළිගන්නේ මේ ආකාරයෙන්.

Times චතුරශ්‍රයෙන් ගෝලයක් පහළට හෙළන ඇමරිකානුවන්

ඉහළ සිට පහළට හෙළන ගෝලය (Getty Images)

ඉහළ සිට පහළට හෙළන ගෝලය (Getty Images)

ඇමරිකානුවන් නව වසර සැමරීම ආරම්භ කරන්නේ දෙසැම්බර් 21 වනදා මධ්‍යම රාත්‍රිය එළඹීමත් සමඟයි. නිව්යෝර්ක් නගරයේ පිහිටි Times චතුරශ්‍රයේ මුදුනේ සිට අඩි 12ක විශ්කම්භයකින් යුත් යකඩ ගෝලයක් පහතට හෙළීම සිදු කරන්නේ 1907 වර්ෂයේ සිටයි. මෙම අවස්ථාව නැරඹීම සඳහා ලොව නන් දෙසින් නිව්යෝර්ක් නගරයට එකතු වෙන පිරිස මිලියනයකටත් වැඩිය.

නව වසර උදා වීමත් සමඟ සුදු ගෝවා හා කළු මෑ ඇට ආහාරයට ගැනීම ඇමරිකානුවන්ගේ විශේෂ චාරිත්‍රයක් වෙනවා. මෙම ආහාර සශ්‍රීකත්වයේ සංකේත ලෙස ඔවුන් විශ්වාස කරනවා.

කුඩා දරුවන් මලින් සරසන ග්‍රීක ජාතිකයන්

ග්‍රීසියේ නව වසර උදාව කුඩා දරුවන්ට සුවිශේෂී වෙනවා. එදින උදෑසනම දිය නා පිරිසිදු වන ග්‍රීක ජාතිකයන් තම කුඩා දරුවන්ව අළුත් ඇඳුමින් අන්දවා මලින් සරසා ඔවුන් සමඟ පෙරහැරක් පවත්වනවා. අනතුරුව මුළු දවස පුරාම දරුවන්ට කෙළිදෙලන් ගත කරන්නට අවස්ථාව ලබා දෙනවා.

මිදි ආහාරයට ගන්නා ස්පාඥ්ඥ ජාතිකයෝ

ආහාරයට ගැනීමට සුදානම් කර ඇති මිදි (Hispanic Culture)

ආහාරයට ගැනීමට සුදානම් කර ඇති මිදි (Hispanic Culture)

දෙසැම්බර් 31 වනදා මධ්‍යම රාත්‍රිය උදා වන්නට මොහොතකට පෙර මිදි ගෙඩි 12ක් ආහාරයට ගැනීම ස්පාඥ්ඥ වැසියන්ගේ සිරිතක්. මේ මඟින් උදාවන වසරේ මාස 12 ඉතා සතුටින් ගත කළ හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ සඳහා ඔවුන් භාවිතා කරන්නේ තද  කළු පැහැති මිදි ගෙඩියි.

පුඩිම් වලට මුල් තැන දෙන නොර්වේ වැසියන්

තරමක් වෙනස් ලෙස නව වසර පිළිගන්නා මොවුන් තමන්ටම ආවේණික ආමන්ඩ් මුසු කළ බත් හා පුඩිම් ජනවාරි පළමුදා නිවසේ සකසා ගන්නවා. අනතුරුව විවිධ ධාන්‍ය බීජ මෙම පුඩිම තුළ සගවනවා. පසුව නිවසේ සාමාජිකයන් සියළු දෙනා තමන්ගේ ආහාර කොටස බෙදා ගන්නවා. පුඩිම් ආහාරයට ගන්නා විට ඔවුන්ට හමුවන ධාන්‍ය බීජ වර්ගය අනුව උදා වූ නව වසරේ ඉදිරි කාලය පුරෝකථනය කරනවා.

විශ්වාසයන් කෙතරම් දුරට සත්‍යද යන්න නොසොයා සම්ප්‍රදායට මුල් තැන දෙමින් ලොව සියළුම ජාතීන් විවිධ අයුරින් නව වසර සමරනු ලබනවා. ඒ අනුව ශ්‍රී ලාංකිකයන් ලෙස අපත් නොයෙකුත් සංස්කෘතික අංගයන්ට අනුව නව වසර පිළිගන්නවා. ඉතින් මේ උදා වූ නව වසර යහපත් ආකාරයෙන් කටයුතු කිරීමට හැකි වන අවුරුද්දක් වේවායි අපි ඔබට ප්‍රාර්ථනා කරනවා.

මුලාශ්‍ර- wikipedia

කවරයේ පින්තුරය: 4.bp.blogspot.com

 

Related Articles