Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිනමාවේ මුල්ම අඩිය – ෂෝර්ට් ෆිල්ම්

ලෝකය පුරාම මේ වෙනකොට ෆිල්ම් එහෙම නැත්නම් සිනමාව ලෝකේ විවිධාකාර විදියට දකින්න හැකි වෙනවා. අද අපි කියන්න යන්නේ සාමාන්‍යයෙන් ඕනෑම චිත්‍රපටිකරුවෙක්ගේ  මුල්ම ආඩිතාලම වෙන කෙටි චිත්‍රපට එහෙම නැත්නම් Short film ගෙනයි.

ෂෝර්ට් ෆිල්ම් එකක් කියන්නේ මොකක්ද?

සාමන්‍යයෙන් කෙටි චිත්‍රපටයක් කියන්නේ වෘතාන්ත චිත්‍රපටයක් තරම් කාලයක් ධාවනය නොවෙන චිත්‍රපටයකටයි. සියලුම නම්, ගම් සහිතව විනාඩි 40ක් හෝ ඊට අඩු කාලයක් ධාවනය වන චිත්‍රපට මේ කෙටි චිත්‍රපටයක් ලෙස ගණන් ගනු ලබනවා. නමුත් මෙම චිත්‍රපට වලදී බොහෝ විට සිදුවන්නේ වෘතාන්ත චිත්‍රපට වල ධාවන වන දිගු කතාන්දර කෙටි කාලයකට ලඝු කිරීමයි.  මේවා බොහෝවිට නිර්මාණය වන්නේ ස්වාධීන නිර්මාණකරුවන් අතින් වන අතර අඩු පිරිවැයකින් යුතුව මේවා නිර්මාණය වෙනවා.

රූගත කරන අතර තුර – www.filmoxford.org

ඉතිහාසය

කෙටි චිත්‍රපට ඇරඹුනායි සලකණු ලබන්නේ වර්ෂ 1910 එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගෙනයි. ඒවා බොහෝ විට සජීවීකරණ හෝ සජීවීව රඟ දැක්වුණා.මෙම සිනමා නිර්මාණ අතරින් බොහොමයක් ඒවා නිර්මාණය වී තිබුණේ සිනහා උපදවන එහෙම නැත්නම් කොමඩි ඒවා විදියටයි. 1933 වෙන විට කෙටි චිත්‍රපට පසු බෑමකට ලක්ව තිබෙනවා. නමුත් වර්ෂ 1955 වනවිට නැවතත් කෙටි චිත්‍රපට නැගී ඒම ආරම්භ වී තිබෙනවා . එයට විශාල ලෙස චාලි චැප්ලින්ගේ බලපෑමක් සිදුව තිබෙනවා.

බජට් එක

කෙටි චිත්‍රපටයක් කරන කොට නම් අදාලම නැති කාරනාවක් විදියට බජට් එක එහෙම නැත්නම් වියදම් සලකන්න පුළුවන්. මොකද අද වෙන කොට ජංගම දුරකතනයෙන් පවා මෙම චිත්‍රපට නිපදවන්න හැකියාවක් තියෙන නිසා. නමුත් තරමක් මුදල් වියදම් කිරීමට හැකියාවක් තියෙනවා නම් හොද උපකරණ භාවිතයෙන් කෙටි චිත්‍රපටයක් නිපදවන්න පුළුවන්. බජට් එකට වඩා වැදගත් කාරණාව වෙන්නේ සංකල්පයයි. විනාඩි හතරක කෙටි චිත්‍රපටයක් වුණු ‘සෙබස්තියන්ගේ වුඩෝ’ බලන්න, ඔබට කොච්චර කතාවක් කියනවා ද කියලා.

ෆෝන් එකෙන් රූ ගත කරන්න පුළුවන් – www.filmoxford.org

ෂෝර්ට් ෆිල්ම් එකක් ලියන කොට මේ ටිකත් ඔලුවට ගන්න

කෙටි චිත්‍රපටයක් ලස්සනට ගොඩනගන්නෙ කොහොමද ? ඒකට වැදගත් ඉඟි ටිකක් මෙන්න මෙහෙම ඉදිරිපත් කරන්නපුළුවන්. 

කෙටි වෙන තරමට ලස්සනයි

කෙටි චිත්‍රපටයක් සාමාන්‍යයෙන් තත්පර 15 – සිට විනාඩි 40ක විතර කාලයක් ඇතුලේ ධාවනය වෙනවා. ඔබගේ නිර්මාණය කෙටි වෙන තරමට ඒකේ රසය වැඩි වෙනවා.ඒ වගේම ෆිල්ම් එකේ වියදම් ගැන​ හිතන කෙනෙක් නම් මේක ගොඩාක් වැදගත්කාරණාවක් වෙනවා. එත් එහෙමයි කියලා කරන්නම් වාලේ මේකේ වැඩ ඉක්මනට ඉවර කරන්න හිතාගෙන ඒ වැඩේ කරන්න යන්න එපා.එකෙන් ෆිල්ම් එකට ආධුනික බවක් එන්න හැකියාවක් තියෙනවා.  ඔබ චිත්‍රපටය කරන්නේ සිනමා උළෙලක් වෙනුවෙන් හෝ එහෙම දෙයක් වෙනුවෙන් ඉදිරිපත් කරන්න නම් සාමාන්‍යයෙන් ඒ ෆිල්ම් එක විනාඩි 7-8 ක කාල පරාසයක් ඇතුලේ තියාගන්න එක වටිනවා.

සරලව හිතන්න

කෙටි චිත්‍රපටයක් ලියන කොට ගොඩාක් වෙලාවට සංකීරණ සිද්ධි දාමයන් ගැන​ හිත යොමු කරන්න යන්න එපා. උදාහරණ විදියට රිය අනතුරු, විශාල ක්‍රියාදාම ජවනිකා වගේ ඒවා ගන්න පුළුවන්. මොකද ඒ හැම එකක් වෙනුවෙන් ම විශාල කාලයක් හා මුදලක් යට වෙන නිසා. හැකිතාක් දුරකට නිර්මාණකරුවා උත්සහ ගන්න ඕන සරල සිද්ධි වලට ආදාලව කතාව ගොඩ නංවන්න. නමුත් ඔබට නවීන තාක්ෂණික ප්‍රයෝග හෝ එවැනි වැඩ කල හැකි මිතුරන් සිටිනවා නම් ඔවුන්ව ඔබේ නිර්මාණයට භාවිතා කරන්න අමතක එපා.

නමුත් සරලව හිතන්න. එය ඔබේ නිර්මාණය නරඹන අයව විශ්මයට පත් කරාවී. උදාහරණයක් බලන්න මෙතැනින්.

පෙන්නන්න තියෙන දේ පෙන්නන්න

චිත්‍රපටයක් කියන්නේ දෘශ්‍ය දෙයක්. ‘පෙන්නන්න, නො කියන්න’.මේවා නිර්මාණකරනයේ ස්වර්ණමය නීති එහෙම නැත්නම් golden rules විදියට ගනු ලබනවා. සිනමා පටයකින් වෙන්නේ පින්තුර මගින් කතන්දර ගොඩ නැගීම. එය කතන්දරයක් කිව හැකි හොදම ආකාරයක් විදියට සලකණු ලබනවා. ඔබේ සෑම චරිතයකටම එයට අදාළ වූ පසුබිමක් ගොඩ නැඟීම තුලින් එම චරිතය සිනමා නිර්මාණය ඇතුලේ ගොඩ නගන්න හැකියාවක් ලැබෙනවා. මතක තියා ගත යුතු අනෙක් කාරණය තමා තිර රචනයක් ඇතුලේ දෙබස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ නෑ කියන කාරනාව. දෙබස් නැති ඇකඩමි සම්මාන පවා ජයග්‍රහණය කරපු චිත්‍රපටයක් වන ‘Lunch Date” මෙතැනින් නරඹන්න.

කතාවක් කියන්න

හැම වෙලාවේ ම කෙටි චිත්‍රපටයක මුලීක කතාවක් කියන්න උත්සහ දරන්න. කෙටි චිත්‍රපට සාමාන්‍යයෙන් සලකණු ලබන්නේ සිනමාරූපී කතාන්දර ගොඩනගන්න  යොදා ගත හැකි හොදම ක්‍රමය විදියටයි.  ඒ වගේම මේ වෙනකොට සැඟවුණු අර්ථයන් සහිත චිත්‍රපටත් නිර්මාණය වෙමින් පවතිනවා. ඔබ තරමක් දුරට හෝ සිනමාව හා ගැටුණු අයෙක් නම් එවැනි නිර්මාණයන් තැනීම ඔබට එතරම් අපහසුවක් වෙන එකක් නෑ.

discovertalent.com

ලංකාවේත් ලෝකය එක්ක කරට කර තරඟ කරපු කෙටි චිත්‍රපට බොහොමයක් නිර්මාණය වෙලා තියෙනවා. එවැනි චිත්‍රපටි කිහිපයක් ගෙන අපි ඔබට පසුගිය ලිපියකින් තොරතුරු ගෙන ආවා. සිනමා ක්ෂේස්ත්‍රය කියන්නේ මෙහෙම කෙටි ලිපියකින් කියලා ඉවර කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. නමුත් අපි ලිපිය හරහා බලාපොරොත්තු වෙන්නේ මේක කියවලා එක්කෙනෙක් හෝ මෙවැනි කෙටි චිත්‍රපටයක් හදන්න යොමු වෙයි කියලා. එහෙම නිර්මාණයක් කරන කොට ඔබට එන ගැටළු අපෙන් අහන්න. අපිත් ඒ වෙනුවෙන් පුළුවන් ආකාරයට ඔබට අනිවාර්යයෙන්ම උදව් කරන්න පොරොන්දු වෙනවා.

කවරය – bifilmogren.com

Related Articles