Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැමරාව මොකක් වුනත් ලස්සන පින්තූර ගන්න ඉඟි 10 ක්

වර්තමානයේ කැමරාව කියලා කියන්නේ හැමෝගෙම අතේ දකින්න ලැබෙන බොහොම සුලබ උපකරණයක්. තාක්ෂණය සහ ස්වභාවය අතින් ‘කැමරාව’ කියන උපකරණය අති විශාල පරාසයක විහිදුනත්, එදිනෙදා ජීවිතයේ සිදුවන ඕනෑම වැදගත් මොහොතක මතක සටහනක් හැමදාටම ළඟ තියාගන්න පුළුවන් මට්ටමේ කැමරාවක් අද කොයි කාටත් හිමියි. DSLR, නැතිනම් Digital Single-Lens Reflex මාදිලියේ, Mirrorless හෝ Compact Digital ආදී විවිධ කැමරා උපකරණ ආදියේ පටන් ජංගම දුරකතනයට කැටිකල කුඩා ප්‍රමාණයේ කැමරා දක්වාම අපි අතේ තියෙන කැමරාවේ පරාසය දිව යනවා.

සෝමපාල + DSLR = සෝමපාල පොටෝග්‍රැපි?

අද කාලයේ DSLR කැමරාවක් ගත්ත පලියට ඕනෙම කෙනෙක් ‘photographer’ලා වෙනවා කියන කතාවේ ඇත්තම ඇත්තක් තියෙන බව පෙනෙන තරමට අද ‘හොඳ කැමරා’ සුලබ වෙලා වගේම, ඡායාරූප කළාව ඉගෙන ගත්/නොගත් හැමෝගෙම මෝස්තරයක් බවට පත් වෙලා. මේ කාරණය සමහර සමාජ ජාල විකට පිටු දැකලා තිබුනේ මෙන්න මෙහෙමයි.

www.fb.com/dudeimstoned

www.fb.com/dudeimstoned

www.facebook.com/photographymeme

www.facebook.com/photographymeme

ඉතින් ෆොටෝ ගන්නත් නීති තියෙනවා ද?

අද අපි Roar වෙතින් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ අතේ තිබෙන කැමරාව කුමන මාදිලියක කුමන තාක්ෂණයක් උපයෝගී කරගන්නා එකක් වුනත්, වැදගත්කමක් ඇති ලස්සන පින්තූරයක් ගන්න ඉඟි, නැතිනම් නීති දහයක්.

මුලින්ම සඳහන් කළා වගේම ඡායාරූපශිල්පය කියන්නේ කළාවක්, කළාවකට නීති තියෙනවා ද නැතිද කියන කාරණය සංවාදශීලී මාතෘකාවක් වුණත්, මේ ශිල්පයේ ‘නීති’ ටික ඉගෙන ගන්න එකෙන් අපේ ඇස ප්‍රිය කරන විධියේ පින්තූර ගන්න අපට පුලුවන් වනවා. ලස්සන පින්තූරයක් කියන්නේ නීතියටම ගත්ත පින්තූරයක් නෙවෙයි, නමුත් නිර්මාණශීලී ලෙස නීති බිඳ හෙලීම තුලිනුත් අපූරු නිර්මාණ කරන්න පුළුවන්! නීතියට අනුකූල ඡායාරූප ගැනීම හෝ නීතියට එපිටින් හොඳ ඡායාරූප ගැනීම පිණිස වේවා, මේ නීති ඉගනගැනීම සහ ප්‍රගුණ කිරීම වැදගත්.

ඡායාරූපකරණයේ මූලික නීති අතරින්, කුමන මාදිලියක කැමරාවකට වුනත් ගැලපෙන නීති කිහිපයක් ඔබට මේ අයුරින් අපි ඉදිරිපත් කරනවා.

1 Rule of Thirds

මෙහි අරමුණ වන ප්‍රදීපාගාරය ස්ථානගත කර ඇති අයුරු බලන්න. (Trey Ratcliff)

මෙහි අරමුණ වන ප්‍රදීපාගාරය ස්ථානගත කර ඇති අයුරු බලන්න. (Trey Ratcliff)

ඔබේ ඡායාරූපය තිරස් රේඛා දෙකක් සහ සිරස් රේඛා දෙකක් මගින් සමාන කොටස් නමයකට බෙදාගත් පසු, ඔබේ පින්තූරයේ වැදගත්ම දේ, නැතිනම් අරමුණ මේ රේඛා ඔස්සේ හෝ මේ රේඛා කැපෙන තැන්වලට ස්ථානගත කිරීම පිලිබඳ මේ නීතිය මගින් කියවෙනවා.

මේ තුලින් ඔබේ ඇසට ප්‍රියජනක සහ සමබරතාවයක් දැනෙන විදියේ පින්තූරයක් ගන්න හැකි වේවි. බොහොමයක් දෙනා වගේ ඔබත් හැමදාම අරමුණ ඔබේ ඡායාරූපයේ මැදට ස්ථානගත කරන්න පුරුදු වෙලා  උන්නා  නම්, මේ ගැන ටිකක් උනන්දු වෙන එක යහපත්. මීට අමතරව, ඔබ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ගන්නවා නම්, එම පුද්ගලයා ඉහත සඳහන් කල ආකාරයෙන් ස්ථානගත කරනවා වගෙම, පුද්ගලයා හැරී සිටින දිහාවට ඉඩ තබනවා නම් එය ඇසට ප්‍රියමනාප බවක් පෙන්වාවි.

දෙඇස් rule of thirds අනුගමනය කරමින් ස්ථානගත කර ඇති අයුරු (www.ulearn.photography)

දෙඇස් rule of thirds අනුගමනය කරමින් ස්ථානගත කර ඇති අයුරු (www.ulearn.photography)

මිනිසාගේ ශරීරය හැරී ඇති/ ඔහුගෙ අවධානය යොමු වී ඇති දෙසට අවකාශය ලබා දී ඇති අයුරු. (www.photosntravel.com)

මිනිසාගේ ශරීරය හැරී ඇති/ ඔහුගෙ අවධානය යොමු වී ඇති දෙසට අවකාශය ලබා දී ඇති අයුරු. (www.photosntravel.com)

2 කැමරාව හොඳින් අල්ලාගන්න

http://www.exposureguide.com/

http://www.exposureguide.com/

බොඳ වුන පින්තූරයකින් ඔබේ මතක සටහන සාර්ථකව ඉතිරි කරගත්තා කියන්නට බැහැ! ඒ නිසා, බොඳ නොවූ පැහැදිලි ඡායාරූපයක් ලබා ගැනීමට නම් ඔබේ කැමරාව ඉතා හොඳින් නොසෙල්වෙන සේ අල්ලා ගැනීම වැදගත්. මේ කාරණය වඩාත්ම වැදගත් වන්නේ ජංගම දුරකථන සහ කුඩා point and shoot මාදිලියේ කමරාවලට වූවත්, ඉතා අඩු ද්වාර වේගයක් (shutter speed) පවත්වාගැනීම හේතුවෙන් ඉතා හොඳ කැමරාවක පවා ඔබේ නොදැනුවත්කම නිසා මෙම වරද සිදුවිය හැකියි.

ඔබේ ජංගම දුරකතනයේ shutter speed සීරු මාරු කිරීමේ හැකියාවක් පවතී නම් පහසුවෙන් මෙම ගැටලුව මග හරවා ගැනීමට හැකියි.

ඔබ DSLR, Mirrorless හෝ Compact Digital මාදිලියේ කැමරාවක විවිධ lenses භාවිතයෙන් නොසෙල්වී චායාරූප ගන්නේ නම් මේ කාරණය වැදගත් වේවි. කාචයේ නාභි දුර වැඩි වීමේදී ඡායාරූපය බොඳ වීමට වැඩි ප්‍රවනතාවයක් පවතින බව බොහෝ විට ඔබ අත්දැක ඇතුවා විය හැකියි.

උදාහරණයක් ලෙස නාභි දුර x යැයි සලකන්න. සාමාන්‍ය තත්ත්ව යටතේ motion blur එකකින් තොර ඡායාරූපයක් ලබා ගැනීමට නම් ඔබ 1/x යන අවම ද්වාර වේගය පවත්වාගත යුතුයි. එනම් ඔබ 300mm නාභි දුර තෝරා ගත්තේ නම්  ඔබ අවම වශයෙන් 1/300 යන වේගයවත් පවත්වාගත යුතුයි. වර්තමානයේ මෙම සෙලවීම අවම කර ගැනීමට ඇති Image Stabilizer/ Vibration Reduction ආදී විවිධ සන්නාම ඔස්සේ එන උපක්‍රම මගින් මෙම අවම වේගය 2 ගුණාකාර ඔස්සේ තව දුරටත් අඩු කර ගැනීමට කටයුතු කර තිබෙනවා. එනම් 300mm හීදී  අවම වේගය 1/300 සිට 1/150 හෝ තව දුරටත් මන්දගාමී කල හැකි යි.

නාභිදුර වැඩිවන විට කැමරාව සෙලවීමෙන් ඇතිවන බලපෑම වැඩි වේ (photographylife.com)

නාභිදුර වැඩිවන විට කැමරාව සෙලවීමෙන් ඇතිවන බලපෑම වැඩි වේ (photographylife.com)

3 අංග සමබරතාවය/Balancing Elements

කුඩා OUT පුවරුව විශාල ගොඩනැගිල්ල මගින් සමබර කිරීමට පර්යාවලෝකනයේ සිද්ධාන්තය භාවිතාකර පුවරුව විශාලවත් ගොඩනැගිල්ල කුඩාවටත් ඡායාරූපයට ගෙන ඇත. (Shannon Kooksa)

කුඩා OUT පුවරුව විශාල ගොඩනැගිල්ල මගින් සමබර කිරීමට පර්යාවලෝකනයේ සිද්ධාන්තය භාවිතාකර පුවරුව විශාලවත් ගොඩනැගිල්ල කුඩාවටත් ඡායාරූපයට ගෙන ඇත. (Shannon Kooksa)

පලවෙනි කාරණය තුලින් ඔබට කිව්වා වගේම ඡායාරූපයේ ප්‍රධාන අරමුණ rule of thirds අනුගමනය කරමින් ස්ථානගත කරනවා වගේම ඡායාරූපයේ අනෙකුත් අංග සමබරතාවය රැකෙන අයුරින් ස්ථානගත කිරීම වැදගත්. සමබර කිරීම ආලෝකය අඳුර වශයෙන්, විවිධ වර්ණ අතර සමබරතා වශයෙන් හෝ ප්‍රමාණය මගින් සිදු කරන්න පුළුවන් විධිය ගැන පහත උදාහරණ ඇසුරෙන් ඔබට පැහැදිලි වේවි.

ආලෝකය (වම) සහ අඳුර (දකුණ) භාවිතයෙන්. (www.viewbug.com)

ආලෝකය (වම) සහ අඳුර (දකුණ) භාවිතයෙන්. (www.viewbug.com)

කළු සහ සුදු අතර සමබර කිරීම. (monastry.wordpress.com)

කළු සහ සුදු අතර සමබර කිරීම. (monastry.wordpress.com)

4 SYMMETRY AND PATTERNS / රටා සහ සමමිතික හැඩතල

(Fabio Montalto)

(Fabio Montalto)

අපේ පරිසරයේ තියෙන විවිධ රටා සහ සමමිතික හැඩතල කියන්නෙත් ඡායාරූපයට අලංකාරයක් එකතු වෙන දේවල්. සමහරවිට අපේ පියවි ඇසට පෙනෙන මෙවැනි රටා කැමරා ඇසටත් ඒ වගෙම අලංකාර නොවෙන්න පුළුවනි, ඒ වගේම පියවි ඇසට හසු නොවුණ සමමිතික රූප සහ රටා කැමරා ඇසට හසු වෙන්න පුළුවනි. මේ දේවල් කැමරා ඇසට අනුගත කර ගැනීම  ඔබ වඩාත් හොඳ ඡායාරූප ගන්න උත්සාහ කිරීම තුලින් වැඩි දියුනුකරගත හැකියි.

5 සැමදා දකින කෝණය වෙනස් කරන්න

සැමදා දකින වෙරල තීරයේ දසුන වෙනස් කෝණයකින් (Ronsho)

සැමදා දකින වෙරල තීරයේ දසුන වෙනස් කෝණයකින් (Ronsho)

අප හැමදාම දේවල් දකින්නේ අපේ ඇස් මට්ටමින්. නමුත් එදිනෙදා දකින දේවල් වෙනස් කෝණයකින් ඡායාරූපයට හසු කරගන්න නම්, ඇස් මට්ටමට උඩින්, ඒ වගෙම ඇස් මට්ටමට යටින් හසු කර ගැනීමට උත්සහ දැරීම තුලින් වෙනස් සේයා රූ හසු කරගැනීම තුලින් ඇසට රසඳුනක් මවන්නට පුළුවනි.

6 පසුබිම ගැන සැලකිලිමත් වන්න

පැහැදිලි පසුබිම ඡායාරූපයේ අරමුණ ඉස්මතු කරාවි. (Philipp Naderer)

පැහැදිලි පසුබිම ඡායාරූපයේ අරමුණ ඉස්මතු කරාවි. (Philipp Naderer)

සරල බව තුල විඳින්නට හැකි දේ බොහොමයි. ඔබේ ඡායාරූපයේ පසුබිම සරල කරගැනීමතුලින් ඡායාරූපයේ ප්‍රධාන අරමුණ වෙත ඇති අවධානය වැඩි කර ගැනීමට හැකියි. පැහැදිලි, කලබලකාරී බැවින් අඩු පසුබිමක් තෝරා ගැනීම තුලින් හෝ කැමරාවේ ලෙන්සය භාවිතයෙන් පසුබිම බොඳ කර හැරීමෙන් මෙම අරමුණ ඉටුකර ගත හැකියි.

නමුත් හොඳම අභ්‍යාසය වන්නේ පසුබිම පහසුවෙන් බොඳ කර හැරීමට වඩා පසුබිමේ පවතින සියලුම වස්තූන්ද සමබර කර ගනිමින් අරමුණ ඉස්මතු වන ආකාරයේ ඡායාරූප ගැනීමට උත්සහ කිරීමයි.

7 ද්වීමාන ෆොටෝ ඒකෙන් ත්‍රිමාණ දර්ශනයක්?

(Jule Berlin)

(Jule Berlin)

මුද්‍රිත ඡායාරූපයක් කියන්නේ ද්වීමාන තල වස්තුවක්! ඉතින් ත්රිමානයේ පවතින දර්ශනය තලයක සියලුම විස්තර ද්වීමාන ඡායාරූපයකින් ඉදිරිපත් කරන්න නම් ටිකක් කල්පනාකාරී වන්නට සිදු වනවා. ඔබේ නොදැනුවත්කම හෝ නොසැලකිල්ල නිසාම ත්‍රිමාණයේ ඉතා අලංකාර දර්ශනයක් ඡායාරූපය තුලිනුත් ඒ හා සමාන අලංකාරයකින් ඉදිරිපත් කිරීමට නොහැකි වන්නට පුළුවනි.

ඡායාරූපයේ තල තුනක වතු පිහිටුවීම තුලින්, එනම් අරමුණට ඉදිරියෙන් (foreground) සහ පසුතලයේ (background) විවිධ වස්තූන් සංයෝජනය කිරීම මගින් තල තුනක් නිරූපණය කළහොත්, සියල්ල ඡායාරූපයේ තනි තලයක මුද්‍රණය වී පැවතුනත් මිනිස් මොලය මගින් එය තල තුන වෙන් කොට ත්‍රිමාණ දර්ශනය හඳුනාගැනීමට සමත්. ද්වීමාන තලයේ ඡායාරූපයක් තුලින් ත්‍රිමාණ දර්ශනතලයක් මැවීමට සමත් වන්නේ මිනිස් මොලය සතු මෙම හැකියාවයි.

8 රාමුව සහ crop කිරීම

(fastgraspphoto.wordpress.com)

(fastgraspphoto.wordpress.com)

(Dannylind285.wordpress.com)

(Dannylind285.wordpress.com)

ඡායාරූපය ගැනීමේදී අපට අත්‍යවශ්‍යම දේ පමණක් හසු කරගනිමින් අනවශ්‍ය දේ බැහැර කිරීමට අප තෝරාගන්නා රාමුව ඉතාමත් වැදගත් වනවා. එසේම ඉහත සඳහන් කල හැම උපක්‍රමයක් වාගේම නිවැරදි රාමුව තෝරා ගැනීමේ දී ද සිදු වන්නේ ඡායාරූපයේ අරමුණ වෙත වඩා වැඩි වැදගත්කමක් සහ ආකර්ෂණයක් ආරෝපණය කිරීමයි.

පසුතලයෙන් සහ අනෙකුත් වස්තූන්ගෙන් අරමුණට බාධා වීම සහ ඇස නොමග යැවීමෙන් වලක්වා ගැනීමට නිවැරදි රාමුව තෝරා ගැනීම ඉතාමත් වැදගත් වනවා.  නිවැරදි රාමුව තෝරා ගැනීමට නිසි නීති රීති මාලාවක් නැතිමුත්, තැනේ හැටියට ඇණේ ගසන්නට ඔබේ අත්දැකීම් සහ ඔබ භාවිතා කරන උපකරණ වැදගත් වේවි.

ඡායාරූපයක් ලබා ගැනීමෙන් අනතුරුව crop කිරීමෙන් ද අපට අවශ්‍ය රාමුව ලබා ගැනීමේ හැකියාව පවතිනවා. කෙසේ නමුත් අවශ්‍ය නිවැරදි රාමුවක් තීරණය කිරීමෙන් අනතුරුව අදාළ ස්ථානයේදීම අවසාන රාමුව ඔස්සේ ඡායාරූපය සටහන් කර ගැනීම වැදගත් නමුත්, පසුව අත්හදා බැලීම්වල වරදක් නැහැ. මිනිස් රූප crop කිරීමේදී අත් පා වල සන්ධි (දණහිස හෝ වැලමිට) මතින්ම කැපී යන අයුරින් crop කිරීම මගින් ඇස්වලට අපහසුතාවයක් ඇති වනවා.

මිනිස් රුවක් crop නොකළ යුතු සීමා රතු පැහැයෙන් ලකුණු කර ඇත (www.techradar.com)

මිනිස් රුවක් crop නොකළ යුතු සීමා රතු පැහැයෙන් ලකුණු කර ඇත (www.techradar.com)

9 අත්හදා බැලීම සහ සංස්කරණය

මුලින්ම කිව්වා වගේ, උඩින් කියලා තියෙන එකක්වත් ‘නීති’ විදියට හඳුන්වන්න බැහැ! නමුත් මේ දේවල් අනුගමනය කිරීම තුලින් ඇසට ප්‍රියමනාප ඡායාරූපයක් හසු කර ගැනීමට ඔබට හැකියාව ලැබෙන බව නම් පැහැදිලි කාරණයක්. ඒ වගේම මේ ඉඟි අනුගමනය කිරීම තුලින් ඔබගේ කැමරාව කුමන මාදිලියක වූවත්, ඔබගේ කැමරාව ජංගම දුරකතනයක් වූවත් ඔබට හොඳ පින්තූර ලබා ගැනීමට උදව්වක් වේවි.  

සංස්කරණයේදී ඔබ සැලකිලිමත් විය යුතු මීළඟ වැදගත්ම කරුණක් වන්නේ ඔබ වර්ණවලට කරන වෙනස් කම් කීවොත් නිවැරදියි. ඔබේ වර්ණ පමණට වඩා තීව්‍ර කිරීමෙන් ඔබ ඡායාරූපයට සිදු කරන්නේ හානියක් බව අනිවාර්යයෙන් සඳහන් කලයුතු කාර්යයක්.

10 වැඩියෙන් හිතන්න-අඩුවෙන් click කරන්න

ඔබ සමහරවිට හුරුව ඇත්තේ හැකිතාක් ඡායාරූප ගෙන පසුව ‘හොඳ එකක්’ තෝරා ගැනීමට විය හැකියි. නමුත් ඔබ ඉහත ඉඟි සිතේ තබා ගනිමින් වඩා කල්පනාකාරී වන අතරතුර, ඡායාරූපයේ රාමුව සහ අනෙකුත් දේ එකින් එක සිතමින්, කල්පනාකාරීවමින් ‘වැඩියෙන් සිතා අඩුවෙන් ක්ලික් කිරීමෙන්’ වඩා හොඳ ඡායාරූප අස්වැන්නක් ලබා ගත හැකි බව තේරුම් ගතහොත් පුදුම වනවා නිසැක යි.

කොයි හැටි වේවා මෙහිදී අපි ගෙන එන්නට උත්සහ කලේ ඕනෑම මාදිලියක කැමරාවක් භාවිතා කරන ආධුනිකයෙකුට තමන්ගේ හැකියාව මීලග පියවර වෙත ඔසවා තැබීම වෙනුවෙන් අනුගමනය කල යුතු සරල ක්‍රම කිහිපයක් පමණයි. වඩාත් හොඳ නිර්මාණ බිහි කිරීමට නම්, වඩා හොඳ තාක්ෂණයේ භාවිතය වාගේම තමන්ගේ නිරන්තර පුහුණුව සහ  තව තවත් දැනුම සොයා යාමට කැපවීම තුලින් තමන්ගේ හැකියාව සහ නිර්මාණශීලී ඇස වැඩි දියුණු කර ගැනීම අත්‍යවශ්‍යයි කියන එකත් මතක් කරමින්ම අපි නවතිමු.

කවරයේ පින්තුරය: olankatravels.com

Related Articles